Home Blog Page 190

රග්බි පරිපාලනයට එරෙහි නාමල්ගේ ගැසට් නිවේදනය ඉවතට..!

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (03)අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

එම ගැසට් නිවේදනය නීතියට පටහැනි ලෙස නිකුත් කර ඇති බවත් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ එහි සභාපති රිස්ලි ඉලියාස් විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.

අදාල රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා ඇමතිවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දන්වා සිටියේ එම ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට තීරණය කළ බව ක්‍රීඩා ඇමතිවරයා තමාට දැනුම් දුන් බවය.

ඒ සම්බන්ධයෙන් වන දිවුරුම් ප්‍රකාශය අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවා තිබුණි.

එහිදී අදාළ පෙත්සම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම්දීම සඳහා අදාළ පෙත්සම මේ මස 06 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.

එවකට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලනය අත්හිටුවා එහි බලය ක්‍රීඩා අමාත්‍යංශයට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළේ 2022 වසරේ අප්‍රේල් මස 01 වනදාය.

එලෙස පරිපාලනය අත්හිටුවීමට ඇමැතිවරයා විසින් කිසිඳු හේතුවක් සඳහන් කළේද නැත.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රග්බි සංගමය තහනම් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් පියවර පිළිබඳව කරුණු සොයා බැලීමට ආසියානු රග්බි සංගමය නියෝජනය කරමින් රග්බි සංවර්ධන උපදේශකවරයෙක් වන බෙන්ජමින් වෑන් රූයන් 2022 අප්‍රේල් 20 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ආණ්ඩුව අකමැති නම් ; සියල්ල ත්‍රස්තවාදී ක්‍රියා : කියවාගත යුතු මූලික විග්‍රහය මෙන්න !

හැදින්වීම

තවදුරටත් යුද්ධයක් නොපවතින රටක් වශයෙන් ශ්‍රි ලංකාව  විසින් එහි පුරවැසියන්ට පීඩාකාරි ලෙස ක්‍රියාත්මක කරන්නා වුද, කණ්ඩායම් හා ජන ප්‍රජාවන් සීමාකිරීමට හේතුවන්නා වුද හානිදායක නීතින් නැවත හකුලා ගැනීම කළ යුතු ව තිබුණි. පසුගිය වසර 40 පුරාවට ශ්‍රි ලාංකිකයන්ගේ, විශේෂයෙන්ම සුළු ජාතීන්ගේ ජීවිත වලට විනාශයක් කරලූ 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ට දේශියව හා අන්තර්ජාතික වශයෙන් ලැබුණු පීඩනයට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා රජයන් ගත් නවතම උත්සාහය 2023 මාර්තු 17 දිනැති යෝජිත ත්‍රස්ත විරෝධී පනතයි.

ත්‍රස්ත විරෝධී පනතෙහි පුළුල් බලතල සඳහා සාධාරණීකරණයක් නොමැත

ත්‍රස්ත විරෝධී පනත මඟින් සිවිල් සමාජයේ නීත්‍යානුකූල හා සාමකාමී ක්‍රියකාරකම්, මානව හිමිකම් ආරක්ෂකයන්, ජනමාධ්‍යවේදීන්, සුළුතර ජාතීන් සහ වෙනත් අය හෝ  දේශපාලන විසම්මුතිය යටපත් කිරීමට මෙම රජය විසින් ඉතා පුළුල් හා අධික ලෙස විධායක බලතල රදවා ගැනීමට කටයුතු කර තිබේ. යෝජිත ත්‍රස්ත විරෝධී පනතට විධිවිධාන සාධාරණීකරණය කරන, සන්දර්භය සකසන පත්‍රිකාවක් නොමැත.එසේ නොමැති වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍යය දෙයකි. ශ්‍රි ලංකාව ත්‍රස්වාදය අත්විඳ ඇති බවත් එහි ප්‍රතිඵලක් ලෙස අලාභ හානි වූ  බවත්, ත්‍රස්තවාදය  නිසා ජාතික සංවර්ධනය පසුගාමී වූ  බවත්, එම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට බැඳී සිටින අතර වෙනත් ස්වෛරී ජාතීන් ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත්, ත්‍රස්ත විරෝධී පනතේ පුර්විකාව මගින් අපිට මතක් කර සිටී. නමුත් මෙම අරමුණු කිසිවක්  පනතේ ප්‍රතිපාදන හරහා අර්ථවත් ලෙස ආමන්ත්‍රණය කරන බවක් නොපෙනේ.

ත්‍රස්ත විරෝධී පනතේ විස්තර කරන වැරදි සෑම එකක්ම සමඟ ගනුදෙනු කිරීම සඳහා පුළුල් පරාසයක අපරාධ නීති ඇති අතර ත්‍රස්ත විරෝධී පනත යනු ඇත්තටම විධායකය විසින් රජයේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන පුරවැසියන්ට බලය ප්‍රකාශ කිරීමකි.

මහජනයා උද්ඝෝෂණ කළ යුතු මොහොතේ ත්‍රස්ත විරෝධී පනත ක්‍රියාත්මක වීම.

ත්‍රස්ත විරෝධී පනත යෝජනා වන්නේ, රටක් වශයෙන් ශ්‍රි ලංකාව බරපතල ආර්ථික අර්බුදයකය මුහුණ දී සිටින මොහොතක හා ආණ්ඩුවේ ප්‍රතිපත්ති තුළින් දිගින් දිගටම ජනතාව අඳුරේ අතරමං වෙන වකවානුවකය. අද දක්වා රජයේ ප්‍රතිපත්ති තුළින් දුප්පත් හා මධ්‍යම පාන්තික ජනතාවගේ සැබෑ අවශ්‍යතා සපුරාලීමට අසමත් වී ඇත. එහිදී පුරවැසි විරෝධතා දෛනික සිදුවීමකි.,. මෙම ත්‍රස්තවිරෝධී පනත විරෝධතාකරුවන් සමඟ ගනුදෙනු කළ හැකි  ආකාරයෙන් සකස් කර ඇති බවට සලකුණු පෙන්වයි. ආර්ථික අර්බුදය තුළ දිගටම ප්‍රභූ පාලනය සහ ප්‍රභූ ප්‍රතිලාභ ස්ථාවර කිරීම සඳහා පුරවැසි විරෝධතාකරුවන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කර ඇත. ඉදිරිපත් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පනතකි.

මෙම ත්‍රස්ත විරෝධී පනත තුළින් නීති ක්‍රමයක් (නීතියේ යෝජනා ක්‍රමයක්) හදුන්වා දී තිබේ. එනම්,

  1. ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදිය හා සම්බන්ධ පුළුල් පරාසයක වැරදි නිර්මාණය කරයි.
  2. අසාමාන්‍ය (විශේෂ) අත්ඩංගුවට ගැනීමේ හා රදවා තබා ගැනීමේ බලතල පුළුල් කිරීම හා පවත්වාගෙන යාම.
  3. පොලීසීය සදහා පුළුල් විමර්ෂණ බලයක් නිර්මාණය කර දීම. (පොලිසියට විමර්ශන බලතල පරාසයක් සම්පාදනය කරයි)

4. වරද පිළිගැනීමට බලකිරීමේ බලය නීතිපතිවරයා වෙත පැවරීමට උත්සාහ කිරීම.

5.  තහනම් සංවිධාන ප්‍රකාශ කිරීම,සීමා නියෝග නිකුත් කිරීම, ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීම, ස්ථාන තහනම් ස්ථාන ලෙස ප්‍රකාශ කිරීම (ඉහළ ආරක්ෂක කලාප හා සමානයි), පුනරුත්ථාපන වැඩසටහන් හඳුන්වා දීම සඳහා ජනාධිපතිවරයාට පුළුල් බලතල යෝජනා ක්‍රමයක් ඇති කිරීම.

ඒ අනුව යෝජිත ත්‍රස්ත විරෝධීි පනත කෙරෙහි සැකෙවින් විමසා බැලීමේදී පෙනී යන්නේ ත්‍රස්වාදය වැලැක්වීමේ පනතට වඩා බොහෝ ආකාරවලින් ත්‍රස්ත විරෝධී පනත භයානක (නරක) බවයි. යෝජිත ත්‍රස්ත විරෝධී පනත තුළ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ තිබුණු වරද කියා පෑම (පාපොච්චාරණය) යන කොටස ඉවත් කර ඇත. එසේම සමහර අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් යම් අධිකරණ අධීක්ෂණයක් හඳුන්වා දී ඇත. කෙසේ වෙතත්, වන්දි ගෙවීමට අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අධිකරණ අධීක්‍ෂණයක් හඳුන්වා දීම රැඳවුම් නියෝග වල බලය විශාල ලෙස පුළුල් කර ඇත සහ හඳුන්වා දුන් අධිකරණ අධීක්‍ෂණය අතිමහත් ලෙස ප්‍රතික්ෂේප කරයි.

ත්‍රස්තවාදී වරදක් යනු කුමක්ද යන්න පිළිබඳ අර්ථ දැක්වීම පුළුල් කරයි.අධිකරණ පද්ධතිය තුළ ඇති සාමාන්‍ය ආරක්‍ෂාව ඉවත් කරන නීතියක් ගැන තත්වයන් නිශ්චිත විය යුතු අතර සහ එය යෙදිය හැකි වැරදි පිළිබඳවද නිශ්චිත විය යුතුය. එය අපයෝජනය කිරීම සහ අසාධාරණ ලෙස භාවිතා කිරීමට ඇති අවස්ථා මෙමඟින් අඩු කරයි . ඒ නිසයි ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අර්ථ නිරුපණය (නිර්වචනය) පැහැදිලි හා නිවැරදි විය යුත්තේ.  

යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ 3(2) වගන්තිය ත්‍රස්තවාදී ක්‍රියාවන් ලෙස, පොදු භාවිතයේ ඕනෑම ස්ථානයකට බරපතල හානි සිදු කිරීම, අත්‍යවශ්‍ය සේවා සඳහා බාධා කිරීම, පුද්ගලික දේපල සොරකම් කිරීම සහ වෙනත් පුළුල් ලෙස අර්ථ දක්වා ඇති ත්‍රස්තවාදී ක්‍රියා කොමිසම සඳහා නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම ඇතුළු  ක්‍රියා වර්ග 13ක් පුළුල් ලෙස නිර්වචනය කරයි.

ලබා දී ඇති අර්ථ දැක්වීම, පහත දැක්වෙන වැනි දෑ ද ත්‍රස්තවාදී අවස්ථා ලෙස සැලකීමට රාජ්‍යයට බලපත්‍රයක් ලබා දේ

රතුපස්වල සිද්ධිය සහ රජය ජල දූෂණයට සම්බන්ධ වීම,  රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන බෙදා හැරීමට බලපාන ලද රජයේ ක්‍රියාව, මීතොටමුල්ල ප්‍රදේශයට කසළ බැහැර කිරීමට රජය ගත් තීරණය, රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති ප්‍රතිවිපාක ලෙස නාගරික ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීම, වතු ඉඩම් වලින් ජනතාව ව බලහත්කාරයෙන් ඉවත් කිරීම සහ බලහත්කාරයෙන් භාවිතය , හම්බන්තොට කාර්මික සංවර්ධන කලාප වැනි ව්‍යාපෘති සහ හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා පුරවැසියන් විරෝධතාවයේ නිරත වීම වැනි අවස්ථාවන්ගේ පුරවැසියන් රාජ්‍යට විරුද්ධව විරෝධතා දැක්වීම.

  • වෘත්තිය සමිති වර්ජනයන්
  • බහුජන සිවිල් විරෝධතා  හා සිවිල් නීති කඩකිරීමේ ක්‍රියාකාරකම්( කුමන්ත්‍රණ විරෝධී විරෝධතාවය 2018 හා ගෝඨාගෝගම 2022 වැනි දෑ)
  • විවේචනයන් ජාතික අවශ්‍යතාවයන්ට හානිකර යැයි සැලකේ උදා -තිස්සනායගම් (අත්ඩංගුවට ගැනීම හා නඩු පැවරීම)( වාර්ගික වෛරය අවුස්සමින් ඔහුගේ ප්‍රකාශන වෙනුවෙන් මුදල් එකතු කිරීම)

,  අසාත් සාලි (බොදුබල සේනාව පිළිබඳ ඔහුගේ විවේචන වාර්ගික අසමගිය උසිගැන්වීම් යැයි කියනු ලැබේ)

  • මානව හිමිකම් ක්‍රියාකාරීන් ( රුකී ප්‍රනාන්දුව  හා ප්‍රවීන් පියතුමන්ව ඔවුන් අතුරුදහන් වුවන්ගේ පවුල් බැලීමට ගිය අවස්ථාවේ අත්ඩංගුවට ගෙන රදවා තබා ගැනීම වැනි දෑ))

ඒ අනුව මෙම යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ 3(2) හි දක්වා තිබෙන අර්ථ නිරුපණයන් (නිර්වචනය) අන්තර්ජාතින මානව හිමිකම් ප්‍රමීතින් සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කිරීමකි. එම නිර්වචනය දිගු වැරදි ලැයිස්තුවකින් සමන්විත වේ. මෙම වැරදි බොහොමයක් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ වැරදි විය යුතුය. රටට පුළුල් තර්ජනයක් පවතින බවට මූලික වශයෙන් අදහස් කරමින් ඒවා ‘ත්‍රස්තවාදී වැරදි’ ලෙස නැවත සකස් කළ නොහැක.

ත්‍රස්ත විරෝධී පනතේ අර්ථ නිරුපණයන් එක්සත් ජාතීන්ගේ මාර්ගෝපදේශ වලට අනුකූල නොවීම.

ත්‍රස්තවාදය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ත්‍රස්තවාදය නිර්වචනය කිරීමේ උත්සාහයන් පහත සඳහන් සංරචක වලින් සමන්විත විය යුතු බවට නිර්දේශ කර ඇත:

  1. නිර්වචනය කළ වැරදි (බලාත්මක දස වැදෑරුම් ත්‍රස්ත විරෝධී සම්මුති වල ප්‍රේරක වැරදි (අවුළුවන සුළු) (Trigger Offences) ලෙස විස්තර කෙරෙන වැරදි ) සහ
  2. පළමු ඛාණ්ඩ චේතනාව – මරණයට හේතු වන, බරපතල ශාරීරික හානි හෝ ප්‍රාණ ඇපකාරිත්වට ගැනීම හා
  3. දෙවන ඛාණ්ඩ චේතනාව -ත්‍රස්ත රාජ්‍යයක් කැඳවීමේ අරමුණ, ජනතාව තැති ගැන්වීම හා බිය ගැන්වීම, රජයට හෝ අන්තර්ජාතික ආයතනයකට යමක් කිරීමට හෝ නොකිරීමට බල කිරීමේ ක්‍රියා. ‍

ඒ අනුව ඉහත දක්වා ඇති චේතනානේ ඛාණ්ඩ (අදියරදෙකම සම්පුර්ණ කළ බවට තහවුරු කළ විට පමණක් වරදක් ත්‍රස්තවාදී ලෙස අර්ථ නිරුපණය කිරීමට හැකි වේ.

නමුත් ත්‍රස්ත විරෝධී පනතට අන්තර්ජාතික නියමයන් ලෙසින් පටු අර්ථ නිරුපණයක් යටතට වරදවල් ගොනු කිරීමට නොහැකි වී ඇත. දස වැදෑරුම් ත්‍රස්ත විරෝධී  සම්මුති ආශ්‍රය නොකොට දීර්ඝ වූ ක්‍රියාවලි ලැයිස්තුවක් වෙතට ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය ආකර්ෂණය කොටගෙන තිබේ. ත්‍රස්ත විරෝධී පනත පහත අංග ප්‍රකාශ කිරීමට (අවධාරණය කිරීමට) නොහැකි වී තිබේ.

  • මරණය, බරපතල ශාරීරික තුවාල හෝ ප්‍රාණ ඇපයට ගැනීම සිදුකිරීමේ අරමුණින් කරන ලද ක්‍රියා පමණක් සහ
  • ත්‍රස්ත රාජ්‍යයක් කැඳවීමේ අරමුණ හෝ ජනතාව තැති ගැන්වීම හා බිය ගැන්වීම හෝ රජයට බල කිරීම

තවත් අපැහැදිලි වරදවල් හා ප්‍රමාණයට වඩා පරාසයක් අයත් වන වරදවල් (පුළුල් වැරදි ) ඇතුළත් කර ඇත .

  • යෝජිත 10 වෙනි වගන්තියට අනුව වරදක් නම් “ජනතාවගෙන්

(අ) ජනතාවගෙන් ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට ඒ සදහා සුදනාම් වීමට හෝ පෙළඔවීමට ඔවුන් සෘජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොළඔවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පළ කරන්නා වු හෝ පළ කිරීමට කටයුතු සළස්වන්නා වු හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වු හෝ සංඥා හෝ දෘෂ්‍ය නිරුපණය සිදු කරන්නා වු  සහ(ආ) එමගින් ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට,  ඊට සුදානම් වීමට හෝ පෙළඔවීමට ජනතාව සෘජුව හෝ වක්‍රව දිරිගැන්වීමට හෝ පෙළඔවීමට අරමුණු කරන්නා වු හෝ  එම ප්‍රකාශයෙන් ජනතාව ත්‍රස්වාදය පිළිබද වරද සිදු කිරීමට, ඊට සුදානම් වීමට හෝ පෙළඔවීමට සෘජුව හෝ වක්‍රව දිරිගැන්වෙන්නේ ද නැතහොත් පෙළඔවන්නේ ද යන්න පිළිබද අනවධානීව සිටින්නා වු, යම් තැනැත්තෙක් මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන්නේ ය. ත්‍රස්තවාදී වරදක් පුළුල් හා සාමන්‍ය වැරදි ඇතුළත් කිරීම තුළින් එනම්  යම් කෙනෙකු සිදු කරන ප්‍රකාශනයක් ත්‍රස්තවාදී අනුබල දීමක් ලෙස, ක්‍රියාවක් සිදු කිරීමක්, සුදානම් වීමක්, පෙළඔවීමක් ලෙස අර්ථ නිරුපණය සිදු වෙනවා නම් ත්‍රස්තවාදය යන්නට ඕනම වරදක් ඇතුළත් වීමට හැකිව ලැබෙනවා.එය  අර්ථ නිරුපණය මත පදනම් වේ.

  • යෝජිත 11 වගන්තියට අනුව යම් තැනැත්තෙක් ත්‍රස්තවාදී ප්‍රකාශනයක් බෙදා හරිනු ලැබීම ,  සංසරණය කරනු ලැබීම , ලබා දෙනු ලැබීම, විකුණනු ලැබීම, තාවකාලික ව දෙනු ලැබීම, විකිණීමට ඉදිරිපත් කරයි නම්, අන් අයට ප්‍රවේශ වීමට සේවාවක් සපයයි නම්, ඉලෙක්ට්‍රොනිකව සම්ප්‍රේෂණය කිරීම, හෝ “ත්‍රස්තවාදී ප්‍රකාශන” සන්තකයේ තබා ගැනීම වරදකි.  ඒ අනුව නැවතත් මෙම වගන්තිය තුළ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පුළුල් අර්ථ නිරුපණයක් දීම තුළින් ත්‍රස්වාදී ප්‍රකාශනයක්ට පුළුල් අර්ථයක් ලැබී ඇත.
  • යෝජිත 12 වගන්තියට අනුව ත්‍රස්තවාදය සම්බන්ධ උපදෙස් ලබා දීම හෝ ලබා ගැනීම හෝ පුහුණු කිරීම වරදක් බවයි. ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණය කෙතරම් පුළුල් ද යත්, උද්ඝෝෂණය කරන්නේ කෙසේද, රැස්විය යුතු හා පෙළපාලි යන්නේ කොතැනද, කුමන සටන් පාඨ පෙන්විය යුතුද යන්න පිළිබඳව උපදෙස් ලබා දීම හෝ ලැබීම යන සියල්ල ත්‍රස්තවාදී ක්‍රියාවන් විය හැකිය.ඒ අනුව විරෝධතාවයක් කරන්නේ කෙසේද? කොතන ද සිදු වන්නේ හා පෙළපාලිය යන්නේ කෙහෙටද හා කූමන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරන්නේ ද යන්න සෑම කොටසක්ම මේ අනුව ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සලකයි. මෙම වරද සදහා යෝජිත දඩුවම වන්නේ,  උපරිම වසර 15ක් බරපතල වැඩ සහිතව සිරදඬුවමක්  හා මිලියන 01නොඉක්මවන දඩයකි.
  • 16 වගන්තියට අනුව ‌ මේ පනත ප්‍රකාරව කරන ලද විධානයකට අනුකූලව ක්‍රියා කිරීමට සිතාමතාම අපොහොසත් වීම හෝ නොසලකා හැරීම හෝ නීත්‍යානුකූල නියෝගයක් ක්‍රියාත්මක කිරීමට හිතාමතාම බාධා කිරීම හෝ නියෝගය හෝ මෙම පනතේ විධිවිධාන බලාත්මක කිරීමට බාධා කිරීමවරදකි. මෙම වගන්තිය කියවිය යුත්තේ, 61 වගන්තියේ දක්වා ඇති පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකුට පනත යටතේ නීතීන් බලාත්මක කිරීමට ලබා දී ඇති උපදෙස් ලැයිස්තුවට අවධානය යොමු කරමිනී..එහි පහත සඳහන් දේ ඇතුලත් වේ.(අ) යම් නිශ්චිත ප්‍රදේශයකට හෝ පරිශ්‍රයකට ඇතුළු නොවන ලෙස, (ආ) යම් නිශ්චිත ප්‍රදේශයකින් හෝ පරිශ්‍රයකින් පිටවන ලෙස, (ඇ)  යම් ප්‍රදේශයකින් හෝ පරිශ්‍රයකින් පිට නොවන ලෙස සහ එකී ප්‍රදේශය හෝ පරිශ්‍රය තුළ රැදී සිටින ලෙස, (ඈ) යම් මාර්ගයක ගමන් නොකරන ලෙස, (ඉ) කිසිවක් ප්‍රවාහනය නොකරන ලෙස හෝ කිසිවකු ප්‍රවාහනය නොකරන ලෙස, (ඊ) නිශ්චිත පොදු ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස, (උ) යම් ස්ථානයකින් යම් නිශ්චිත වස්තුවක්, වාහනයක්, යාත්‍රවාක් හෝ ගුවන් යානයක් ඉවත් කරන ලෙස, (ඌ)  වාහනයක්,යාත්‍රාවක්,නැවක් හෝ ගුවන් යානයක්  එහි වර්තමාන පිහිටීමෙහිම තබන ලෙස, (එ) වැඩිදුර දැනුම්දීමක් නිකුත් කරනු ලබන තෙක් යාත්‍රාවක් හෝ නැවක් යම් නිශ්චිත ප්‍රදේශයක් තුළට යාත්‍රා නොකරන ලෙස, (ඒ) ගුවන් යානයක්,නිශ්චිත ගුවන් අවකාශයක් තුළට හෝ ඉන් පිටතට පියාසර නොකරන ලෙස, (ඔ) යම් නිශ්චිත ස්ථානයක ඒකරාශි නොවන ලෙස,(ඕ) යම් නිශ්චික රැස්වීමක්, රැලියක් හෝ පෙළපාලියක් නොපත්වන ලෙස හෝ, (ක) යම් නිශ්චිත ක්‍රියාකාරකමක නිරත නොවන ලෙස දක්වයි.

එ අනුව ත්‍රස්ත විරෝධී පනත යටතේ දක්වා ඇති වරදවල් ඉතා පුළුල් හා සම්පුර්ණයෙන්ම සාධාරණ නොවන මෙන්ම හානි කිරීිමේ පරමාර්ථයෙන් නිර්මාණය කර ඇත. එය විශේෂයෙන්ම අන්තර්ජාතික ප්‍රමීතින්හි මුලික වශයෙන්ම හදුන්වා දී ඇති පදනම් වලට අනුකූල නොවන අතර ව්‍යුහාත්මකව ඉතා අවම ප්‍රමාණයේ ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය ලෙස හඳුනාගැනීම තුළින් සත්‍ය ත්‍රස්තවාදය කෙරෙහි අසීමිත බලය සීමා කිරීමට නොහැකි වී තිබේ. මෙහිදී වඩා භයානක ලෙස නීත්‍යානුකුල කථනයන්ට , මාධ්‍යකරණයට මෙන්ම ප්‍රජාතාන්තික දේශපාලන ක්‍රියාකරකම් තුළට ඉතා පුළුල් ලෙස ත්‍රස්තවාදය අර්ථ නිරුපණය කිරීමයයි. මෙහි සැබෑ ස්වභාවය අනුව එය ව්‍යර්ථයට (විනාශයට) ගොදුරු විය හැක. ඒ අනුව මෙම අර්ථ නිරුපණයන් මගින් දේශපාලනික විසංවාදි මත දැරීම හා සිවිල් ජනතාව අවනත නොවීම් ත්‍රස්තවාදය ලෙස සැලකෙන අතර රාජ්‍ය නිළධාරීන්ට සමානුපාතික නොවන ලෙස අධික බලයක් භාවිතා කිරීමට නීතියානුකූල ලෙස අවසරය ලබා දෙයි.

2)  අසාමාන්‍ය අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීමේ බලතල දිගටම ක්‍රියාත්මක වේ. 
“ත්‍රස්තවාදය” ලෙස සැලකෙන පුළුල් පරාසයක ක්‍රියා  සදහා ශ්‍රි ලංකා නීති පද්ධතිය තුළ හමුදා නිළධාරින්ට හා වෙරළ ආරක්ෂක නිළධාරීන්ට අත්ඩංගුවට ගැනීමට අවසර ලබා දෙන නීතින් නොතිබිය යුතුය.එලෙසම ශ්‍රි ලංකාව තවදුරටත්   “රැඳවුම් නියෝග” නාමයෙන් පූර්ණ අධිකරණ අධීක්ෂණයකින් තොරව පුද්ගලයකුගේ ශාරීරික නිදහස සීමා කිරීමේ කාල සීමාව වැඩි කිරීමට විධායකට  බලගැන්වීමක් නොකළ යුතුය.රඳවා ගැනීමේ නියෝග යනු අසමාන්‍ය බලයකි. සියලු ආරක්ෂාවන් සහිත සාමාන්‍ය අපරාධ නීති පද්ධතිය වරදක් සදහා ප්‍රතිචාර දැක්වීමට සාධනීය ම ක්‍රමවේදය වේ.විශේෂයෙන් පුළුල් පරාසයක ත්‍රස්තවාදය අර්ථකථනය කරන ත්‍රස්ත විරෝධී පනත වැනි පනතක් සඳහා.  අධිකරණ අධීක්ෂණයකින් තොරව සිදු කරන රඳවා තබා ගැනීම් කිසිදු විටක සාධාරණීකරණය කළ නොහැකිය. 

යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ 28 වනි වගන්තියට අනුව, සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන පැය 48ක් තුළ මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතු වේ. කෙසේවෙතත් එහිදී රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා දී ඇත් නම් මහේස්ත්‍රාත්වරයාට එය බලාත්මක කළ හැකි නියෝගයක් ලබා දීමට හැකියාව තිබේ. නමුත් 28 (2) (b) (iii) ප්‍රතිපාදනය යටතේ මහේස්ත්‍රාත්වරයාගේ සැකකරුවන් නිදහස් කිරීම පිළිබඳ අභිමතානුසාරී බලය කප්පාදු කොට තිබේ. ඒ අනුව දක්වන්නේ, සැකකරුවන් නිදහස් කිරීම සිදු කළ හැක්කේ අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති  විසින් කුමන හෝ පදනමක් මත මහේස්ත්‍රාත්වරයාට සිදු කරන ලද ඉල්ලීමක් මත හා ඒ පිළිබද මහේස්ත්‍රාත්වරයා සෑහීමකට පත් වන්නේ නම්  පමණි.

යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ 31 වගන්තියට අනුව, සැකකරුවකුව රඳවා තබා ගැනීමේ නියෝගයක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දිය හැකි අතර මීට පෙර පැවැති තත්ත්වය අනුව එවැනි නියෝගයක් ලබා දිය හැක්කේ ආරක්ෂක අමාත්‍යංශයට පමණි. මෙහි අර්ථය වන්නේ මෙම යෝජිත නීතිය මඟින් පැවති නීතියේ දුෂිත තත්ත්වය අවම කරනවා වෙනුවට එය තවත් වැඩි කිරීමට යෝජනා කර. ඇති බවයි. රැඳවුම් නියෝගයක් කළ හැක්කේ කවදාද යන්න සඳහා නීතියේ දක්වා ඇති හේතු අධිකරණ නිලධාරියෙකු විසින් ප්‍රනිශ්චය කළ හැකි (යෙදිය හැකි) හේතු වේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති විට එකම පුද්ගලයකුට පමණක් රඳවා තබා ගැනීමේ නියෝග ලබා දීමට හැකියාව ලබා දී තිබීයදීත් බොහෝ ජනයාගේ  මානව හිමිකම් උල්ලංඝනයන් සිදු කළ අවස්ථාවක මෙලෙස රඳවා තබා ගැනීමේ නියෝග ලබා දීමේ හැකියාව සහිත පුද්ගලයන් ප්‍රමාණය වැඩි කිරීමෙන් පෙනී යන්නේ, රාජ්‍ය විසින් ජනසාමුහික මානව හිමිකම් හඳුනාගැනීමට අපොහොසත්  වීමකි.

එසේම පනතේ 31(6) වගන්තිය තුළ දක්වා ඇති ‘අනුමත රඳවා තබා ගැනීමේ ස්ථාන’ පොලිසීයේ අධීක්ෂණය යටතේ මිස  අධිකරණය හෝ බන්ධනාගාර පද්ධති යටතේ අධීක්ෂණය නොවේ. ශ්‍රි ලංකාවට මෙලෙස රඳවා ගැනීමේ ස්ථානයන් හි සිදු වු වධ හිංසාවන්  සම්බන්ධයෙන් ඉතිහාසයක් ඇත. එය වධහිංසාව වැළකීම අරමුණු කරගත්  අපරාධ නීතියේ  මූලික මුලධර්ම වලට පටහැනිය - සැකකරුවකු විමර්ශකයන්ගේ සිරභාරයේ සිටීමේ හේතුව කුමක් ද? සැකකරුවකුව බන්ධනාගාර ගත කළ විට අධිකරණයට අධීක්ෂණ කිරීමේ බලය ලබා දී සැකකරුගේ පැවැත්මේ යහපත බෙදා වෙන් කරනුයේ න්‍යායාත්මකව සැකකරුගේ ආරක්ෂාව උදෙසාය. එලෙසෙම ඉන් දිර්ඝව සිදු කෙරෙන විමර්ශන වැළැක්වීමක් සිදු නොවේ.  යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ 38 වගන්තිය මඟින් දැක්වෙන්නේ උපරිම මාස 12ක් දක්වා පමණක් රඳවා තබා ගැනීමට හැකි බවයි. නමුත් 41 වගන්තියට අනුව  සැකකරුව බන්ධනාගාරයෙන් බැහැර කිරීමට නඩුවතක් ගොනු කිරීමට   මෙන්ම  නැවත රඳවා තබා ගැනීමට ද අවසර ලබා දී තිබෙනවා.

මෙම සමස්ථ කාර්යපටිපාටියම අසාමන්‍ය වන අතර එවන් කාර්ය පටිපාටියක අවශ්‍යතාවය සාධාරණීකරණය කළ හැකි කිසිවක් නොමැත.

3)  නීතිපති නඩු පැවරීමේදී වරද පිළිගැනීමට පුද්ගලයන්ට බල කිරීමට  හැකි අවස්ථා නිර්මාණ කිරීම .

යෝජිත පනතේ 71 වගන්තියට අනුව මේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි කියනු ලබන යම් තැනැත්තකුට එරෙහිව අපරාධ නඩු පැවරීම වසර විස්සක් නොඉක්මවන කාලසීිමාවක් සදහා අත්හිටුවීම සහ කල් තැබීම කරනු ලැබිය හැකිය. ඒ අනුව ඒ තැනැත්තාට විරුද්ධව අපරධ නඩු අත්හිටුවීමට හා කල් තැබීමට ප්‍රතිශ්ඨාවක් වශයෙන් පහත කොන්දේසි එකක් හෝ වැඩි සංඛ්‍යාවක් එම තැනැත්තාට පැනවීමට මහාධිකරණයෙන් අවසර ලබා ගැනීමක් සදහා ඉල්ලීමක් නීතිපතිවරයා විසින් මහාධිකරණයට වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය. එනම්, මහාධිකරණය ඉදිරියේ ප්‍රසිද්ධියේ පසුතැවිල්ල ප්‍රකාශ කිරීම හා සමාව ඉල්ලීම, වින්දිතයන්ට හානි පුර්ණය ලබා දීම, නිශ්චිත පුනරුත්ථාපන වැඩසටහනකට සහභාගී වීම, නැවත එම පනත යටතේ වරදක් සිදු නොකරන බවට ප්‍රසිද්ධියේ සහතික වීම, නිශ්චිත ප්‍රජා හෝ සමාජ සේවාවක නිරත වීම, යම් අධිචෝදනීය වරදක් හෝ සාමය කඩ කිරීමක් සිදු කිරීමෙන් වැළකී සිටිම. මෙවැනි වගන්තියේ ස්වරුපයෙන් පෙනීයන්නේ, එම තැනැත්තා දිර්ඝ කාලයක් රඳවා ගබා ගැනීමෙන් ගැලවීමට හා ත්‍රස්තවාදය යටතේ අධිකරණ ක්‍රියාවලියෙන් බැහැර වීම සදහා මෙලෙස වරදකාරිත්වය පිළිගැනීමට සිදු කරන පීඩවක් ලෙසයි. .

4) සංවිධාන ‘තහනම් සංවිධාන’ ලෙස ප්‍රකාශයට පත් කිරීම, ‘තහනම් නියෝග’, ‘ඇඳිරි නීති නියෝග’, ස්ථාන තහනම් කිරීම  සදහා විධායකයේ අඛන්ඩ බලය.  

යෝජිත පනතේ 82 වගන්තියට අනුව ජනාධිපතිවරයාට තහනම් නියම නිකුත් කිරීමේ හැකියාව ලැබී ඇති අතර ඒ අනුව,  මෙම පනත යටතේ යම් වරදකට හේතුවන ක්‍රියාවක යම් සංවිධානයක් නිරත වී සිටින බවට හෝ ශ්‍රි ලංකාවේ හෝ වෙනත් රටක ආරක්ෂාවට අගතිගාමී වෙන ආකාරයට නීතිවිරෝධී ලෙස ක්‍රියා කරමින් සිටින බවට විශ්වස කිරීමට ජනාධිපතිවරයාට සාධාරණ හේතු පවතින අවස්ථාවක, ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් ඒ සංවිධානය තහනම් කළ හැකි වේ. ඒ අනුව යම් තැනැත්තෙකු එම සංවිධානයේ සමාජිකයෙකු වීම තහනම් කිරීම, එකී සංවිධානයට සමාජිකයන් බදවා ගැනීම තහනම් කිරීම, යම් තැනැත්තෙක් එකී සංවිධානයේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ ක්‍රියාවක් කිරීම තහනම් කිරීම, එම සංවිධානය විසින් රැස්වීම,ක්‍රියාකාරකම් හා වැඩසහටන් පැවැත්වීම තහනම් කිරීම,එම සංවිධානයේ බැංකු ගිණුම් හා වෙනත් මුල්‍ය තැන්පතු භාවිතය හෝ යෙදවීම තහනම් කිරීම, ගිවිසුම් වලට එළඔීම තහනම් කිරීම,අරමුදල් රැස්කිරීම හා ප්‍රදාන හා රික්ථවරණ  තහනම් කිරීම, සංවිධනයේ අරමුදල් හා වත්කම් පැවරීම තහනම් කිරීම, එම සංවිධානය වෙත පොළඔවාගැනීම සහ එම සංවිධානය වෙනුවෙන් යාචනය කිරීම තහනම් කිරීම හෝ යම් තැනැත්තකු විසින් එම සංවිධානයේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට යම් දෙයක් පළ කිරීම තහනම් කිරීම, එම තහනම් නියෝග වල අඩංගු වේ.. 82(7) වගන්තියට අනුව මුලික වශයෙන් මෙම තහනම් නියෝග නිකුත් කරනුයේ වසරක් සදහා වුවත් සෑම වසරක් අවසානයේම මෙම කාලය දිර්ඝ කළ හැකි බවයි.

83 වගන්තියට අනුකූලව සීමාකිරීමේ නියම පැවරීම. මෙම වගන්තිය මගින් ජනාධිපතිවරයාට මහාධිකරයෙන් ඉල්ලීමක් කර සීමා කිරීමේ නියෝග ලබා ගැනීමට හැකියාව තිබේ. ඒ අනුව, පළවෙනි උපවගන්තිය යටතේ සකසන ලද සීමා කිරීමේ නියෝගයක පහත සීමා කිරීම් දැක්විය යුතුය. එනම්, (අ) පදිංචි ස්ථානයෙන් බැහැරව එහා මෙහා යෑම සීමා කිරීම, (ආ) විදේශ ගත වීම සීමා කිරීම, (ඇ) ශ්‍රී ලංකාව ඇතුලත ගමන් කිරීම සීමා කිරීම (ඈ) පදිංචි ස්ථානය සහ  සේවා ස්ථානය අතර සාමාන්‍ය ගමන් මාර්ගයෙන් බැහැරව ගමන් කිරීම සීමා කිරීම, (ඉ) නියමයෙහි නිශ්චිතව දැක්වෙන පුද්ගලයන් සමග සන්නිවේදනය කිරීම හෝ ආශ්‍රය කිරීම හෝ ඒ දෙකම සීමා කිරීම, (ඊ) මේ පනත යටතේ වරදක් සිදු කිරීමට පහසුකම් සැලසෙන ආකාරයේ ඇතැම් නිශ්චිත ක්‍රියාකරකම් වල නිරත වීම සීමා කිරීම.

ඉතාම නිශ්චිතව මෙයින් හදුනාගත යුත්තේ, මෙම වගන්තිය හරහා ජනාධිපතගේ බලතල වලින් අධිකරණයේ බලතල සදහා බලපෑමක් වන ආකාරයයි. විශේෂයෙන්ම මෙලෙස රට තුළ හෝ රටින් බැහැරව යෑමට සීමා කිරීමේ නියෝග ලබා දිය යුත්තේ පොලිසය මැදිහත් වී  විනිසුරුවරයෙක් විසින්ය.ඒ සදහා ජනාධිපතිවරයා විසින් බලතල භාවිතා කිරීම අවශ්‍ය නොවේ. එසේම සැලකිලිමත් විය යුත්තේ, මෙලෙස පුද්ගයන්ව මෙම නියෝග මගින් මැඩපැවැත්වීමට ගැනීම අභියෝග කළ හැක්කේ අභියාචනාධිකරණයේ පමණක් වන අතර එය බොහෝ මිනිසුන්ට භූගෝලීයව දුරස්ථ අධිකරණයකි. ඒ අනුව පෙනී යන්නේ, පුද්ගලයකුට මෙවැනි නීති තත්ත්වයක් තුළ යුක්තිය ලබා ගැනීම ඉතා අපහසු කරන කාර්යයක් බවට පත් කර ඇති බවයි.

ගැසට් පත්‍රයක් මගින් විධාන කිරීමෙන් ජනාධිපතිට ඇදිරී නීතිය දැමීමට නියෝග කිරීමේ බලය ලැබීම .

යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ 85(1) වගන්තිය ජනාධිපතිට තහනම් කරන ප්‍රදේශ නම් කිරීමට බලය පවරයි.ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාගේ හෝ පිළිවෙළින්, යුධ හමුදාපතිවරයාගේ, නාවික හමුදාපතිවරයාගේ හෝ ගුවන් හමුදාපතිවරයාගේ හෝ වෙරළ ආරක්ෂක අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ නිර්දේශ මත යම් පොදු ස්ථානයක් හෝ වෙනත් යම් ස්ථානයක් තහනම් ස්ථානයක් බවට ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයන් මගින් කළින් කළ නියම කරනු ලැබිය හැකිය.මෙහිදී තහනම් කිරීම් යන්නට මෙම තහනම් ස්ථාන වලට ඇතුළු වීම,  තහනම් ස්ථානය ජයාරුප ගත කිරීම, විඩීයෝ පටිගත කිරීම සහ දළ සටහන් සකස් කිරීම ඇතුලත් වේ. මෙවැනි තහනම් කිරීමක් කිසිදු කාල සීමාවකට සීමා නොවන  අතර එය තාවකාලික නොවන ස්ථිර වු තත්ත්වයක් බවයි. එසේම මෙම නියෝග ක්‍රමවේදය වර්තමනයේ දැනට ක්‍රියාත්මක වෙන, එනම් මහජන සාමයට බාධා කරනවා යැයි හැගෙන අවස්ථාවකදී එය අධිකරණ තුළ තහවුරු කළ විට පමණක් කිසියම් පුද්ගලයන්ට යම් ප්‍රදේශයකට හෝ ස්ථානයකට ඇතුළු වීමට වළක්වනු ලබන ක්‍රමවේදය මඟහැරීම සදහා නිර්මාණය කර ඇති බව පෙනී යයි. ඒ අනුව මෙහීදී ලබා දී තිබෙන බලය යුධ සමයකදී අධි ආරක්ෂිත කළාප නම් කිරීමේදී භාවිතා කළ ක්‍රමවේදයයි.

යෝජිත පනතේ 100(1) වගන්තියට අනුව71 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් අපරාධ නඩු කටයුතු අත්හිටුවීම සහ කල් තැබීම නිර්දේශ කරනු ලැබ ඇත්තේ හෝ 77 වන වගන්තිය යටතේ අධිචෝදනා ඉල්ලා අස්කර ගනු ලැබ ඇත්තේ යම් තැනැත්තන් සම්බන්ධයෙන් ද, එකී තැනැත්තන් සදහ පුනරුත්ථාපන වැඩසහටන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට විසින් නියෝග සාදනු ලැබිය හැකිය. මෙම වගන්තිය මඟින් උත්සහ දරන්නේ ආණ්ඩුව විසින් පූර්වයේ සිදු කරන ලද හැසීරම් නීත්‍යානුකූල කිරීමටත්, අනෙක් අතට දිගින් දිගටම පුනරුත්ථාපනය ඉලක්ක කර ගනිමින් ගෙන ඒමට උත්සාහ කළ නීතීන් නීත්‍යානුකුල කිරීම මඟින් රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයන්ව ඉතා ඉක්මනින් නිදහස් කිරීමේ ක්‍රමවේදයක් ලෙස පුනරුත්ථාපනය සිදු කිරීමට බලකිරීමටයි. මෙම ක්‍රමවේදය තුළින් නීතිපතිවරයා විසින් අපරාධ කාර්ය පටිපාටියක් සිදු නොකරන අවස්ථා වලදී තහනමක් හෝ දඩුවමක් ලබා දීම සදහා භාවිතයේ පවතී.. විශේෂයෙන්ම මෙලෙස ත්‍රස්තවාදී වරදවල් පුළුල් ලෙස අර්ථ නිරුපණය කිරීමෙන් හා  බැලු බැල්මට පෙනෙන සාධාරණ හේතුවක් නොමැතිව පුද්ගලයකුව අත්ඩංගුවට ගැනීමෙන් පසුව ඒ පුද්ගලයාගේ බලහත්කාරයෙන් ලබා ගත් කැමැත්තක් මත ඔවුන්ගේ නිදහස ආරක්ෂා කිරීමට පුනරුත්ථාපනය සිදු කිරීම තුළින් මෙම නීතිය අයුතු ලෙස භාවිතා කිරීමේ හැකියාව පිළිබද ඉහළ ප්‍රවණතාවයක්  ඇතිව තිබේ.

05) අත්නෝමතික අත්ඩංගුවට ගැනීමරඳවා තබා ගැනීම් සහ වෙනත් හානි සදහා හානිපුර්ණයන් හදුන්වාදීමට අපොහොසත් වීම.

නීත්‍යානුකූල වරදකරුවන් නොවු පුරවැසියන්ගේ ජීවිත වලට මෙම පනතට අනුව කරන ලද නියෝග, උපදෙස් බලපෑමක් සිදු විය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස පුරවැසියන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී පනත භාවිතා කිරීම දණ්ඩනයක් ලෙස භාවිතා වේ.

  • නීතිඥ අර්මිසා ටීගල් විසිනි.
  • ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කළේ : මනුෂිකා කුරේ / තරුෂි දිශාරා

මැතිවරණ කොමිසමේ අගමැති බලාපොරොත්තුවත් අතරමග : දිනේෂ් දිගටම සාකච්ඡාව මග හරී : කොමිසමේ අදහස කුමක්ද ?

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත්, ඒ සඳහා කඩිනමින් දිනයක් ලබාදෙන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ පාර්ශවයෙන් මාධ්‍ය වෙත සඳහන් කර තිබිණි.

මාර්තු 26දා සඳහන් වූයේ එම සාකච්ඡාව පසුගිය සතිය තුළ අනිවාර්යයෙන්ම සිදු වන බවයි. එහෙත් මේ වන තෙක් අදාළ සාකච්ඡාව සඳහා අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් කොමිසමට වේලාවක් ලබාදී නැති බව එම කොමිෂන් සභාවේ සාමාජිකයෙක් තහවුරු කළේය.

කෙසේ වෙතත් කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පවසන්නේ කුමන තත්ත්වයක් යටතේ හෝ මැතිවරණය පැවැත්වීමේ බලාපොරොත්තු මෙතෙක් අත්හැර නැති බවයි.

මැතිවරණය සඳහා මුදල් ලබාදීම ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ විසින් දිගින්-දිගටම වලක්වනු ලැබිණි. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණේ අදාළ මුදල් නිදහස් කිරීම සඳහා මුදල් ඇමතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර ඇත්තේ මැතිවරණය සඳහා අයවැයෙන් වෙන්කරන ලද මුදල් රඳවා නොගන්නා ලෙසයි.

තහනම් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව මගින් අයවැය හරහා සම්මත කොට, වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට සහ ජනාධිපතිවරයා හෙවත් මුදල් ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාට පසුගිය මාර්තු 03දා තහනම් නියෝගයක් නිකුත් කළේය.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ගොනු කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම නියෝගයට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම ද වලක්වමින් රජයේ මුද්‍රණාලයාධිපතිවරිය වෙත ශ්‍රේෂ්ඨාධිකරණය අද තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මගින් ගොනුකළ මෙම පෙත්සමේ පළමු වගඋත්තරකරු ලෙස භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ දෙවැනි වගඋත්තරකරු ලෙස මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ නම් කර තිබේ. අනෙකුත් වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා, එහි කොමසාරිස්වරුන් වන එස්.බී. දිවාරත්න, එම්.එම්. මොහොමඩ්, කේ.පී.පී. පතිරණ සහ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නම් කර ඇත.

අට වැනි වගඋත්තරකරු ලෙස රජයේ මුද්‍රණාලයාධිපති ජී. කේ. ඩි. ලියනගේ සහ නව වැනි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සමේ අරමුණ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා 3, 4, 5, 6, සහ 7 වගඋත්තරකරුවන්ට මුදල් ලබාදීම ප්‍රමාද කිරීම මගින් පළමු වගඋත්තරකරු වන භාණ්ඩාගාර ලේකම්වරයා සහ දෙවැනි වගඋත්තරකරු වන මුදල් ඇමතිවරයා විසින් පෙත්සම්කරු ඇතුළු සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත. වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකාරිත්වය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථා මගින් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීම වලක්වා ඇති බවත්, එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති 12(1) සහ 14(1)(අ) ව්‍යවස්ථාවල ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් ය.

12(1) ව්‍යවස්ථාව :

නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය.

14(1)(අ) ව්‍යවස්ථාව :

සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම ඇත්තේය.

2022 දෙසැම්බර් 21 සහ 29 !

1946 අංක 53 දරන සංශෝධිත පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ 4(1) අනුව නිකුත් කරන ලද  2022 දෙසැම්බර් 21 දිනැති අංක 2311/26 දරන ගැසට් නිවේදනය මගින් වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් පත්කිරීමට අදාළ කටයුතු ආරම්භ කළ බවත්, පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ 27, 28 සහ 29 වගන්ති අනුව නිකුත් කරන ලද 2022 දෙසැම්බර් 29 දිනැති අංක 2312/44 දරන ගැසට් නිවේදනය මගින් වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් මැතිවරණය සඳහා ඇප මුදල් ලබාගැනීමට අදාළ ක්‍රියාවලිය ආරම්භ කළ බවත් පෙත්සමේ සඳහන් ය.

2023 ජනවාරි 04 !

එසේ ම වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් 2023 ජනවාරි 04 දිනැති නිවේදනය මගින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් මගින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන 340ක් සඳහා තරග කරන අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා කැඳවීම ආරම්භ කළ බවත්, ඉන්පසු 2023 මාර්තු 09 මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කළ බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

2023 පෙබරවාරි 17 !

මේ අතර 2023 පෙබරවාරි 17දා පෙත්සමේ පළමු වගඋත්තරකරු වන භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදිය නොහැකි බව වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට දැනුම් දීමේ අනපේක්ෂිත පුවත ඇසීමෙන් පෙත්සම්කරු දැඩි කම්පනයට පත්වූ බවත්, ඊට හේතුව ලෙස දෙවැනි වගඋත්තරකරු හෙවත් ජනාධිපතිවරයා නිකුත් කළ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් ලබාදීමේ චක්‍රලේඛයක් උපුටා දක්වා ඇති බව වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය වෙත පැවසූ බවත් පෙත්සම මගින් අවධාරණය කර සිටී.

රුපියල් බිලියන 10ක්

භාණ්ඩාගාර ලේකම්වරයා සහ මුදල් ඇමතිවරයා මෙසේ කටයුතු කර ඇත්තේ 2023 අයවැය මගින් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කර තිබියදී බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

පාලනය කළ නොහැකි හේතු

එසේ ම පාලනය කළ නොහැකි හේතු නිසා බව සඳහන් කරමින් පෙත්සමේ වගඋත්තරකාර මැතිවරණ කොමිසම මගින් තැපැල් ඡන්ද කල්දැමූ බවත්, ඊට පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස සඳහන් රජයේ මුද්‍රණාලයාධිපති විසින් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් නොමැති බව දැනුම් දීම හේතු වූ බවත් එහි සඳහන් ය.

මේ ක්‍රියාවලිය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීම ගැටළුවක් වී ඇති ආකාරයත්, එමගින් පෙත්සම්කරු ඇතුළු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයත් පෙත්සම මගින් පැහැදිලි කර ඇත.

මුදලිගේට එරෙහි නීතිපති අභියාචනය : දෝෂයක් හදන්න විතරක් අද කැඳවයි !

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ජුනි 01දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් නෛතික දෝෂයක් නිවැරදි කිරීම සඳහා පමණක් එම පෙත්සම අද (03) කැඳවන ලෙස ඉල්ලා සිටි බව දන්වා සිටියේය. මේ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බව ත්‍රස්ත මර්දන කාර්යාංශය වෙනුවෙන් අභියාචනයක් ගොනුකරමින් නීතිපතිවරයා පෙන්වා දී තිබේ.

සකස් කරන ලද බවට සැක කළ හැකි සාක්ෂි 2ක් මත වසන්ත මුදලිගේ දින 160කට අධික කාලයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්තනෝමතික ලෙස රඳවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළේය. නීතිපති දෙපාර්තමේන්තුව දිගින් – දිගටම අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශන සිදුකරන නිසා තවදුරටත් ඔහු ව රඳවා ගත යුතු බවයි.

ඉන්පසු කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළේ විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එම නියෝගයෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව අත්තනෝමතික ලෙස මහේස්ත්‍රාත්වරියට බලපෑම් කරමින් නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ද ඉල්ලා සිටින ලදි.

සබැඳි පුවත්

වරදක් කර නැතත් හිරේ යන්න ලෑස්තිවෙන්න : නව ත්‍රස්ත විරෝධී පනතෙන් මහේස්ත්‍රාත්වරුන්ගේ තීරණාත්මක බලතල කපාදමයි !

නව ත්‍රස්ත විරෝධී පනතෙන් මහේස්ත්‍රාත්වරුන් සතු බලතල පවා අහිමි කෙරෙන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

මේ කෙටුම්පතේ සඳහන් ආකාරයට වරදක් නොකළ පුද්ගලයෙකු වුවද නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අනුමැතිය යටතේ රඳවාගැනීමට හැකියාව ලැබේ. මීට පෙර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සැකකරුවෙකු රඳවා තබා ගත හැක්කේ ජනාධිපතිවරයාගේ, ආරක්ෂක ඇමතිවරයාගේ අනුමැතියෙනි.

කෙටුම්පත මගින් මහේස්ත්‍රාත්වරුන්ගේ බලතල අහිමි කිරීම පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ සාරංග වාදසිංහ මෙසේ පවසයි.

‘1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රබලතම වගන්තිය ලෙස මා විශ්වාස කරන්නේ 115 වගන්තිය යි. මේ වගන්තියට අනුව සැකකරුවෙකු ඕනෑම අවස්ථාවක නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ලබා දී තිබුණා.

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ 44 වගන්තිය මගින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වගන්තියේ විධිවිධාන මෙම පනත් කෙටුම්පත යටතේ වන සැකකරුවෙකු සම්බන්ධයෙන් අදාළ කරගනු නොලැබිය යුතු බව දක්වා තියෙනවා.

ඒ වගේම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ 36 (5) (ඇ) වගන්තියේ දක්වා ඇත්තේ සැකකරු විසින් මේ පනත යටතේ වන වරදක් සිදු කර ඇති බවට විශ්වාස කිරීමට හේතු නොමැති අවස්ථාවක දී ඔහු ඇප මත මුදාහරිනු ලැබිය යුතු බවයි. නමුත් එවැනි අවස්ථාවක කළ යුතු වන්නේ සැකකරු නඩුවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම මිස තවදුරටත් නඩු කටයුතු පවත්වාගෙන යෑම නෙමෙයි. වරදක් කළ බවට සාක්ෂි නොමැති පුද්ගලයෙකුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යෑම විශ්වීයව පිළිගත් අපරාධ නඩු කාර්යපටිපාටි රීතීන්ට පටහැනියි.

මේ නිසා ඉහත වගන්ති එකට ගෙන කියවා බැලීමේදී පෙනීයන්නේ මහේස්ත්‍රාත්වරයෙකු සතු බලතල අහිමි කරමින් ත්‍රස්ත විරෝධී පනත යටතේ වරදක් නොකළ පුද්ගලයෙකු වුවද රඳවා තබාගත හැකි ආකාරයෙන් යෝජිත පනත් කෙටුම්පත හරහා ඉතා අයුක්තිසහගත ලෙස ප්‍රතිපාදන සලසා ඇති බවයි. සැබෑ ලෙස ම මෙවන් පනතක් ගෙන ඒමේ අරමුණ ත්‍රස්තවාදය වැලැක්වීම ද, නොඑසේ නම් පුරවැසියන් මර්දනය කිරීම ද යන්න පිළිබඳව මෙම වගන්ති කියවීමේදී සැකයක් මතුවීම වලක්වන්න බෑ.’

‘අක්කරෙයිපත්තු අක්ෂර’ යෙන් වසර 7කට පසු අවි මුවහත් කර ගත් ‘සමනල කවුළු තටු’

0

සංස්කෘතික සහ සාහිත්‍යයික මූලමණ්ඩල ඇසුරු කරමින් ද ඒ පරාමිතීන් බිඳහෙළා නව අදහස් මතුකරමින් ද යන මේ ආකාර දෙකෙහි ම එකතුවක් ලෙස කලා නිර්මාණවල අත්තිවාරම් තැනීම සාධනීය දෙයකි. ඉපැරණි සාහිත්‍ය කියැවීම හොඳ නැතැයි කියා හෝ ලෝක සාහිත්‍යයෙන් පලක් නැතැයි කියා හෝ අන්තගාමී වීමෙන් සිදුවන්නේ, නිර්මාණකරුවා ළිං මැඬියෙකු වීම මිස අනෙකක් නොවේ. මේ පැති දෙක ම කියවන්නෙකු මෙන් ම ලියන්නෙකුව ද අනවරතව පෝෂණය කරන්නකි. Classic Literature යළි යළි කියවීමේ වැදගත්කම ගැන කියන ඉතාලෝ කැල්විනෝගෙ සටහන් අප යළි කියැවිය යුතු වන්නේ එහෙයිනි. ඒවා අවශෝෂණය කරගෙන, නව අදහස් පද්ධති ගොඩගැනීම නිර්මාණකරුවෙකුගෙන් වියයුතු දෙයකි.

චලක පමුදිත ලුණුවිලගේ ‘අක්කරෙයිපත්තු අක්ෂර’ ලියන්නේ, මීට වසර 7කට පෙර දී ය. මෑතක දී ඔහු සිය දෙවන කවි පොත, ‘සමනල කවුළු තටු’ පළකරද්දී, මේ පොත් දෙක අතර ගත වූ වසර කිහිපය තම අවි මුවහත් කරගෙන ඇති සැටි අපට පෙනේ. මේ කවි පොත් දෙක ට ම පොදු සාධකයක් වෙයි. එනම්, චලකගේ කවි, අප ඉහත කී දෙජාතියේ ම මුහුවක් සහිතව ගොඩනැගෙන්නකි. ඔහුගේ මුදුන්මුල් දේශීය විශයෙහි ගොඩනැගෙන්නේ,

ඉතිහාස කතා – රජ කතා
බෞද්ධ කතා
කාන්තා චරිත විශයෙහි කතා ඇසුරිනි.
ලෝක සාහිත්‍යය ඇසුරින් ඔහුගේ මුදුන්මුල්,
සුරංගනා කතා
ග්‍රහවස්තූන් ගැන කතා
හයිකු වෙත දිවයයි.

චලකගේ මුල් කාව්‍ය සංග්‍රහය සමඟ නව කාව්‍ය සංග්‍රහය යළි කියවීමේ දී පැහැදිලිව පෙනෙන කරුණු කිහිපයකි. ඔහු ‘අක්කරෙයිපත්තුවේදී’ තරව අල්ලා වැළඳගත්, අත්තිවාරම් පද්ධතිය ‘සමනල කවුළුවේදී’ ද අත් නොහැර ඇති බව එකකි. රිද්ම ලක්ෂණ, ගායනීය බව, ශබ්ද රසය, විරාම තැබීම් ආදිය පිළිබඳව දෙවන කෘතියේ දී වැඩි අවධානයක් දී ඇති බව තවෙකකි. සිව් පද සහ දෙපද කවියට නැඹුරුවීම තවත් කරුණකි. අක්කරෙයිපත්තුවේදී සිතට එන සිතුවිලි කවියට සෘජුව ගෙන ඇති තැන් හමුවන අතර, සමනල කවුළුවේදී ඒවා යළි යළි සංස්කරණයට ලක්කර, සකසා, වඩා හොඳ නිමැවුමක් වෙනුවෙන් වෙහෙස වී ඇති බව පෙනෙයි. මේ කෘති දෙකෙහි ම පොහොසත් කවිකම් සහ පරිකල්පන හැකියාව කැපී පෙනෙන නිශ්චිතව කිව හැකි කාව්‍ය නිර්මාණ හමුවෙයි. විශේෂයෙන් නිර්ප්‍රභූ කෝණයකින් ප්‍රභූ පැලැන්තියේ ලුහුඬුතා නිරීක්ෂණය කරන කවි මෙහි වෙයි. චලකගේ සමාජ නිරීක්ෂණය, එකල මෙන් ම මෙකල ද පැහැදිලි නමුත්, තම අදහස කියන ස්වරූපය ගැන පෙරටත් වඩා දැන් ඔහුට වැටහීමක් ඇති සෙයකි. වසර හතක් දුෂ්කර ක්‍රියාවේ යෙදීමේ ප්‍රතිඵල අපට පෙනෙයි.

‘සමනල කවුළු තටු’ කාව්‍ය සංග්‍රහයේ ලෙහා බලා විමසිය යුතු, කොහොම මෙහෙම ලිව්වාද කියා හිතෙන කවි අතලොස්සක් කෙටි විමසුමට ලක්කරමු. අක්කරෙයිපත්තුවේ ඇතැම් කවි ද මෙහිදී අවශ්‍ය ලෙස උපුටා ගනිමු.

‘මණ්ඩුක මළගමක සංවාද’

සමස්ත කාව්‍ය සංග්‍රහයෙන් අප ප්‍රියකරන ම කාව්‍ය නිර්මාණය මෙයයි. Masterpiece එක මෙය යි. මේ නිමැවුම කියවාගෙන යද්දී, තැනින් තැන නතරවෙවී කවියා මෙය කොහොම පරිකල්පනය කළේදැයි සිතන්නට ම වෙලාවක් වෙන් වූ බව කිව යුතුය. ඊට හේතුව, මේ කවිය කොයි අතින් බැලුවත් ස්ථර ගැලවිය හැකි, පැදුරු එළා, ලිහා බැලිය හැකි එකක් බැවිනි. මේ කවියට චලක ආශ්‍රය කරගන්නා දෑ තුනකි. මේ කරුණු තුන හොඳින් අනා, කවිය ගොතන හැටි රසවත්.

අන්දරේගේ කතාව – අතීත කතා
පණ්ඩුකාභයගේ කතාව – ඉතිහාස රජ කතා
ගෙඹි කුමාරයාගෙ කතාව – ලෝක සාහිත්‍යයේ සුරංගනා කතා

රජ ගෙදර පොකුණේ හිටි ගෙම්බාව අන්දරේ ඇල්ලූ නිසා ඔහුට ගෞරව නාම දුන්නු පුවත ගැන පොකුණේ සිටින, කොකා, කක්කුට්ටා, දිය නයා, දිය කාවා කරන අදහස් දැක්වීමක්, ඕපාදූප කථනයක් හැටියටයි කවිය ගොඩනැගෙන්නේ. මේ, සමාජයේ ඉහළපෙළේ පිරිසක් ගැන, නිර්ප්‍රභූ, සාමාන්‍ය ජනතා ප්‍රවේශයක් ලෙසින් කරන කතාබහක් ය. මෙය ආස්වාදනීය ක්‍රමයකි. කෝණයකි. කවි පොත එළිදැක්වූ දා මහේෂ් හපුගොඩ (සුදු ඉර කවිය සම්බන්ධයෙන්) පැවසූ, ‘යට සිට උඩ දකින කෝණය, එනම් දෙවියන්ගේ කෝණයෙන් නොව අපායේ සිට බලන කෝණයෙන්’ ලියූ මෙවන් කවි පොත පුරා හමුවේ. ඔහුගේ මුල් කවි පොතේ එන, ‘අනෝමාවේ මත්ස්‍යයෝ මෙසේ කීහ’ කවියෙන්, බුද්ධ චරිතය සම්බන්ධයෙන් සුළු, අදාළ නොවන ම පිරිසක් වන අනෝමා ගඟේ මාලු කැළගේ ආත්ම කථනයක් පළවෙයි.

මේ කවියෙ, මණ්ඩුක(ගෙම්බා) අන් අයෙකු නොව ඉතිහාසයෙන් අපට හමුවුණු පණ්ඩුකාභය කුමාරයා බව මේ සතුන්ගෙ කතාබහේදි හෙළිවෙයි. ගෙම්බාගේ චරිත ලක්ෂණවල සිට පණ්ඩුකාභයගෙ ලක්ෂණ දක්වා සංවාද ස්වරූපයෙන් විස්තර වෙයි. මෙය කෙටිකතාවක් නොව කවියක් ය කියා ඔළුවට මතක් කරදීමට සිදුවූ බව කිව යුතු ය. මෙය කෙටිකතාවක් ලෙස හිතාගන්නට සැලැස්වීම ම චලකගේ පරිකල්පනයේ යහ ලකුණකි.

‘ඔහේ පැන පැන ආපු බව මිස
මණ්ඩුකගෙ අපි දන්නෙ මොනවද
කතන්දර නම් කිව්වෙ ගොත ගොත
අම්මා එක්ටැම්ගෙයක උන් වග
තාත්තලා දෙන්නෙකුගෙ විස්තර
කෙප්ප කියලයි මට හිතෙන්නෙ ම
එහෙම වෙන්නට හැකිද කෙනෙකුට’

චලක මේ කවියේදී, මෙරට අතීතයේ සිදුවූ මිනිස් ඝාතන ගැන වුව ඉඟි කරයි. නොකියා කියයි. අඟවයි.

‘පහුවදා උදේ සිට
මණ්ඩුකව නෑ දැක්කේ
මිනියවත් නැහැ තිබ්බේ
පණපිටින් කුදලන් යන්න ඇත්තේ’

මේ කවියේ රිද්ම ලක්ෂණ, භාෂා හැසිරවීම් විලාස(කටවහර කවියට ගන්නා සැටි) සිරිලාල් කොඩිකාරගේ ‘මානස විල සහ කණේරු මල්’ මට සිහිකළ බව කිවයුතු ය.

‘හොඳටම වැඩිය පුරපතියාටත් වෙරිය –
නෑ ඌ ටිකයි බිව්වේ අපි වැඩි හරිය…’ (මානස විල සහ කණෙරු මල්)

අනෙක් අතින්, මේ පොකුණේ සිටින හැම චරිතයක් වෙනුවෙන් කවියා ඉදිරිපත්ව අපට චරිත සහතිකයක් දෙයි. ‘කුසීත කොකා’ ‘උද්දච්ච කක්කුට්ටා’ ආදි වශයෙන්. මණ්ඩුක හෝ පණ්ඩුකාභය ගැන ඕපාදූප කියමින් සිටින අයගේ ස්වභාවයත් එවැනි ම බව, අනුන්ගේ වැරදි කතාකරන මේ අය තුළ ම දුර්වලතා ඇති බව ද පෙන්වා දෙන සෙයකි. මේ කවියේ අවසානයේදී, චලක අන්දරේව අස්වයාගෙ පිටින් බිමට වට්ටවා මරාදමයි. ගරු නම්බුනාම ලැබී ඒවා හිස තබාගෙන අස්ව රේස් යන කවරෙකුට වුව, අසු පිටින් වැටෙන්නට සිදුවේය යන්න කවියා නොකියා කියන්නාක් මෙනි.

‘බෝසත් තුරු’

චලක බෞද්ධ කතා සහ බෞද්ධ සාහිත්‍ය තමා සන්තකයේ තබාගෙන, නිරාමිස සුව දැනෙන, තෘෂ්ණාව ඉවත්කරන, ලොව දෙස දන්දෙන සිතින් බලන තැන්වලදී ඒ තුරුම්පු භාවිතයට ගනී,( ‘ප්‍රේම නිර්වාණය’ යනුවෙන් ම කවියක් මෙහි තිබෙයි). බය නැතිව පරිකල්පනය වවයි. බයිබලයෙන් වුව ඔහු ඵල නෙළයි. අක්කරෙයිපත්තුවේදී ඔහු ලියූ, ‘යශෝදරා අභිනිෂ්ක්‍රමණය’, ‘කොන්තය සහ දහම්සක’, ‘අම්බපාලිට’, ‘ඒවගේ ඒ පෙම’ ආදිය නිදසුන් කවි කිහිපයකි.
මේ කවියෙ අන්තිම පාදය,

‘අනුන් වෙනුවෙන් රැඳෙන තුරුමයි සදාකාලික බොසතුන්’.

‘හුළං එන සැරයක් ගානෙ තමන්ගෙ පත් දන් දෙන, තමන්ගෙන් මල් පැහැරගත්ත අය ගැනවත් කාටවත් ගතු නොකියන, හැමෝටම හුස්මගන්න දෙන, ගස් මිස, අට විසි බුදුවරු නෙමෙයි බෝසත්තු’ – චලක කියයි. මෙතැනදිත් සිහිකළ යුත්තේ ඔහුගේ බොහෝ කවිවල පෙනෙන ලකුණයි. එනම්, කවියට වහල් කරගන්නා මූලාශ්‍රයේ දී ප්‍රධාන දේ පසෙකට කර, පසෙක හිඳිනා අප්‍රධාන දෑ වෙනුවෙන් දෙන වැදගත්කමයි.

‘නුවරක හරි මැද’

අක්කරෙයිපත්තුවේදී අක්කරෙයිපත්තුව ගැනත් කිඹුල්වත ගැනත් ලියූ චලක, නව කවි එකතුවේදී, ඇඳන් ඉන්නා ඩෙනිම පිටින් ම පංචිකාවත්තට බසී. මේ කවියේ ගලායාමටත්, අවසානයටත් වැඩි රුචියක් නොවෙතත්, ආරම්භය සිත්ගනී.

‘පංච සෙල්ලම් නිතර නොවෙනා
පංච මහ බලවේගය නැවතුණ
පංචසිඛලා විටෙක හිනැහෙන
නගරයකි ගමකි වත්තකි
පංචිකාවත්ත යැයි නම් ලද’

සන්දේශ කාව්‍යවලදී නගරයේ නමට එළිවැට පිහිටුවන සේ කවි ලියූ ආකාරයෙන් ඔහු මෙහිදී ද එවැනි යමක් කරයි. නමුත්, මේ නගරයේ නම කියද්දී කියවන්නාට හැඟෙන දැනෙන සංඛේත, භාෂා පද්ධතිය ඊට අදාළව ගළපා කවියේ ඉතිරිය ගොඩනැගුවේ නම් වඩාත් සුදුසු බව අපගේ අදහස යි. ඇතැම් කවි දියවන්නට ඉඩදීම යුතු නොවෙයි.

තවත් කවි

ලිහෙන ගිලිහෙන, ක්ෂණික හමුවෙන, ළඟදි වෙන්වෙන, වෙන්ව හමුවෙන මිනිස් සබඳතා ගැන චලකගේ කවි ඇත්ත කියයි. එවැනි කවි මේ පොතේ ඇත. කවි ලියන්නට කියා නැති මනුස්සකම් මවන්නට ඔහු දඟ දමන්නේ නැත. පාරෙ හිටගෙන ඉද්දී, දුරකථනයෙන් අමතද්දී බොරුව නොකර, එක් එක් ජීවියා වෙත ඇවිත්, කිල්ලෝට ලිහා බලන්නා සේ ඔහු ලියයි. දැනමුතුකම් දෙන්නට වුවත් සැරසෙයි. එක්කෝ ඕනේ නෑ කියා සිතා, හිතින් මුමුණනමින් ඇණ තියා ගනී. අක්කරෙයිපත්තුවේදී සරස්වතියට, පාර්වතියට, විහාරමහාදේවියට කවි ලියූ ඔහු සමනල කවුළුවේ දී පොදුවේ පෙම්වතියන් විශයෙහි අදහස් කවි කර තිබේ.

‘සොඳුරිය,
මේ ගෙවෙන්නේ
අඳුර පැතිරෙන සමයයි
ඔබ – මා
ඇස් ඇරිය යුත්තේ
අඳුර දෙසට ම පමණයි’

අඳුර නොව ආලෝකය වෙත යායුතුය, යන්න පොදු මිනිස් අදහසයි. නමුත් මේ පෙම්වතා කියන්නේ, බැලිය යුත්තේ අඳුර දෙස බවයි. මේ අඳුර යනු ආලෝකය නැතිකම නොවේ. ‘රිදවීම්, බිදවීම්, අසාර්ථකවීම්, පරාජයන්’ ය. අපි දිනමු, අසවල් විදියේ ජීවිතයක් ගෙවමු, අසවල් අසවල් දේ අරගමු වැනි දෑ පෙම්වතා නොකියයි. සම්බන්ධතාවය ඉදිරියට පවතින්නේ ලුහුඬුතා දැනගෙන සිටියොත් පමණියි ඔහු විශ්වාස කරයි. ‘ඒ තැන් දෙස බලා, පන්නරය ලැබීම, දුබලතා අවබෝධ කරගැනීම යි අප දකින ආලෝකය’- චලක මේ කවියෙන් කියයි. මේ වෙනස් කියවීම, පෙම්වතියව පමණක් නොව අපව ද දාර්ශනික ප්‍රවේශයක් වෙත ගෙනයාමට සමත් වේ. හේගල් සහ රූමි කියන්නේත් මෙය නොවේද?

‘ඔබ වටා පෙනෙන්නට තිබෙන්නේ අන්ධකාරය පමණක් ම නම්, නැවත බලන්න! ආලෝකය ඔබ විය හැකියි…’ – රූමි
‘ආලෝකය ඇතුල් වෙන්නේ හදවත තුවාල වූ තැනිනි’ – රූමි
‘ප්‍රඥාව නමැති බස්සා උගේ තටු සලන්නේ කලුවරේ දී ය’

  • හේගල්

ඩිල්ශානි චතුරිකා දාබරේ

ඉන්දියාවෙන් ලංකාවට නව තෙල් පිරිපහදුවක් : උතුරු – නැගෙනහිර ඉන්ධන බෙදාහැරීම IOC යටතට !

ත්‍රීකුණාමලයේ නව ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාකච්ඡා ආරම්භ කර තිබේ.

මේ මස අගදී සිදුකිරීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී මේ පිළිබඳව අවසන් තීරණය ගැනීමට සැලසුම් කර තිබේ. මීට අමතරව ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ සම්පූර්ණ පාලනය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවක් පිළිබඳව මේ වනවිටත් ඛනිජ තෙල් විෂය බාර බලශක්ති අමාත්‍යංශය මගින් වාර්තාවක් සකස් කර ඇත.

මීට පෙර මාධ්‍ය මගින් වාර්තා කරන ලද්දේ ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔවිල් සමාගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම ටැංකි සංකීර්ණය සංවර්ධනය කරන බවයි. එහිදී සංස්ථාවට වැඩි කොටස හිමිවන බව අවධාරණය කෙරිණි.

පසුගිය ජනවාරි මාසයේ මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර් සමග විශේෂ අවබෝධතා ගිවිසුම් 02කට ශ්‍රී ලංකා ආණ්ඩුව එළඹිණි. ඒ අතරින් එක් ගිවිසුමක් වූයේ බලශක්තිය සම්බන්ධයෙනි.

උතුරේ දූපත් 03ක විදුලි බලාගාර ඉදිකිරීමේ චීන ව්‍යාපෘතියක් ද අත්හිටුවීමට සිදු වූයේ ඊට ඉන්දියාව දැක්වූ විරෝධය නිසා ය. ඉන්පසු එම ව්‍යාපෘතිය ජපානයට ලබාදීමට නියමිත බව වාර්තා වුවද, නවතම වාර්තාවලට අනුව එය ඉන්දියාවේ මැදිහත්වීම මත පෞද්ගලික ආයෝජන මගින් සිදුකිරීමට නියමිත ය.

එසේ ම ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති පෙන්වාදෙන්නේ උතුරු පළාතේ ඉන්ධන බෙදාහැරීමේ සම්පූර්ණ බලය ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදීමට නියමිත බවයි.

මේ වන විට එම සමාගම මෙරට ඉන්ධන පිරවුම්හල් 140ක අයිතිය ලබාගෙන තිබේ. වෘත්තීය සමිති සඳහන් කරන්නේ උතුරු පළාතේ ඉන්ධන පිරවුම්හල් 35ක් ඔවුන්ට ලබාදීමට අදාළ සියලු කටයුතු මේ වන විට අවසන්ව ඇති බවයි.

මාධ්‍යවේදීන්ට පහරදීම්වලට කඩිනම් විමර්ශන අත්‍යවශ්‍යයි : මාර්ගෝපදේශ මාලාවක් සකසන්න – මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිට ලියයි !

විරෝධතා සහ උද්ඝෝෂණවලදී මාධ්‍යවේදීන්ගේ රාජකාරි සිදුකිරීමට අදාළ ව පොලිස් නිලධාරීන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පති චන්දන වික්‍රමරත්නට අවධාරණය කර සිටී.

පසුගිය 31දා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පොලිස් නිලධාරීන් විසින් පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස ද එම එකමුතුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය සහ දකුණු ආසියානු නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව පොලිස්පතිවරයා වෙත අද (02) මීට අදාළ ලිපිය යොමුකර තිබේ.

එම එකමුතුව යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පහර දීම ඇතුළු මාධ්‍යවේදීන්ට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය පියවර ගැනීම.

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පොලිස් නිලධාරීන් විසින් මාර්තු 31දා මිරිහාන, ජුබිලි කණුව මංසන්ධිය අසල පැවති විරෝධතාවක් අතරතුර පහරදීමේ සිදුවීම මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපි තරයේ හෙළාදකිමු.

මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය කටයුතු කරගැනීම සඳහා සහාය වීම නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට බැඳීසිටින පොලිස් නිලධාරීන්ගේ අත්හළ නොහැකි වගකීමක් බව අපි විශ්වාස කරමු. මාධ්‍යවේදීන් ඉලක්ක කොට සිදුකරනු ලබන මෙවැනි ප්‍රහාර යනු ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.

චේතනාන්විතව මාධ්‍යවේදීන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීම 2022 මාර්තු 31දා සිට සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව අප නිරීක්ෂණය කර තිබේ. තර්ජනය කිරීම්, පහර දීම්, අත්අඩංගුවට ගැනීම් සහ මාධ්‍ය උපකරණවලට අලාබහානි කිරීමේ සිදුවීම් රැසක් මේ කාලය තුළ වාර්තා විය. එම සිදුවීම් පිළිබඳව ඉදිරිපත් කළ පොලිස් පැමිණිලි සම්බන්ධයෙන් වන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව ද සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් දැනට නොමැත. මෙවැනි පහරදීමක සම්පූර්ණ වගකීම අදාළ ස්ථානයේ අණදෙන නිලධාරියා විසින් දැරිය යුතු බව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට පහරදීමේ සිදුවීම පිළිබඳ විමර්ශනයේදී මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ද අවධාරණය කර ඇත.

මේ තත්ත්වය යටතේ බාධාවකින් තොරව මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු සිදුකරගෙන යෑමට අවස්ථාව සැලසීම මගින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඔබගේ නිශ්චිත වගකීමකි.

මේ නිසා මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පහරදුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, මෙවැනි අවස්ථාවලදී මාධ්‍යවේදීන් සිය රාජකාරි සිදුකිරීමට අදාළ ව පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසත් සමස්ත මාධ්‍ය සමාජය නියෝජනය කරන මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපි ඔබට අවධාරණය කර සිටිමු.       

මෙරට සිනමාවේ දෙවැනි පරපුරේ දඟකාර යෞවනයා අමරසිරි කලංසූරිය

0

මා දකින අමරසිරි කලංසූරිය කෙබඳුද ?

මෙරට සිනමාවේ තමාටම ආවේණික රංගන සම්ප්‍රදායේ දෙවැනි පරපුරේ අති-දක්ෂ චරිතාංග සිනමා නළුවකු ලෙස මම නැසීගිය අමරසිරි කලංසූරිය ( 1940 – 2023 ) මහතා දකිමි. එහි සුවිශේෂීත්වය වන්නේ ඔහුගේ රංගන අනන්‍යතාවය හෝ පෞරුෂය කලාත්මක හා වාණිජ යන මේ දෙවර්ගයේම චිත්‍රපටය තුළ අතිශයින්ම ප්‍රශස්ථ ආකාරයෙන් සනිටුහන් කිරීමට ඔහුට හැකියාව ලැබීමයි . ඊට ප්‍රබලතම උදාහරණ වශයෙන් මා මෙහිලා දක්වන්නේ “ඔඹරු ඇවිත්” – 1978 හා “අපේක්ෂා” – 1978 යන චිත්‍රපටය යුගලයි.

අමරසිරි කලංසූරියගේ සිනමා චාරීකාවේ ස්වර්ණ අවදිය වශයෙන් 1974 – 1985 යන කාලවකවානුව හැදින්වීම පුලුවනි. එහිලා අහස් ගව්ව – 1974 , බඹරු ඇවිත් – 1978 ,අනුපමා 1978, පරිත්‍යාගය – 1978 , අපේක්ෂා – 1978 , පාරදිගේ – 1980, වජිරා – 1981 , යස ඉසුරු – 1982 යනාදී චිත්‍රපට අතිශයින්ම ඔහුගේ තමාටම ආවේණික වූ ( සිනමා ) රංගන පෞරුෂ මැනවින් ප්‍රකට කරන්නේ ය.

මා ඔහුගේ විශිෂ්ටතම සිනමා රංගන පෞරුෂය චිත්‍රපට දෙකක් තුළින් දකිමි. එනම් ඒ පූජා – 1986 හා පොඩි විජේ – 1987 යන චිත්‍රපටය දෙකයි.
ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “අහස්ගව්ව” – 1974 චිත්‍රපටය මෙරට දෙවැනි කැරැල්ලේ ආරම්භය වන අතර ශ්‍රීලාංකේය නව සිනමාවේ සමාරම්භක චිත්‍රපටය වන්නේ ය. එහිලා ඔහුගේ රංගන දායකත්වය අතිශයින්ම වැදගත් බව මම පෞද්ගලික සිතමි. එපමණක්ද නොව මෙරට නව රැල්ලේ සිනමාවේ මුල්පෙලේ නළුවකු වශයෙන්ම ද නැසීගිය අමරසිරි කලංසූරිය මහතා යමෙකු විසින් හැදින්වුවහොත් එය යුක්ති-යුක්ත වන්නේ ය.

මෙරට රූපවාහිනී ටෙලි නාට්‍ය වංශකතාවේ සමාරම්භක ටෙලි නාට්‍ය වන ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතා විසින් නිර්මාණය කරන ලද “දිමුතු මුතු” – 1983 තුළින් මෙරට පළමු චරිතාංග ටෙලි නාට්‍ය නළුවා වශයෙන් බෞතීස්ම ලබන ඔහු එම රංගනය තුළින් ද තමාගේ රංගන අනන්‍යතාවය ටෙලිනාට්‍ය කලාව මත සදා නොමැකෙන ආකාරයෙන් සනිටුහන් කළේ ය.

මොහුගේ සිනමා රංගනයේ මා දකින සුවිශේෂී කාරණාව නම්, තමා උප්පත්තියෙන්ම තුරුළු කරගෙන පැමිණි රංග ප්‍රතිභාව තමාට ලැබෙන චරිතය තුළට මැනවින් මුසුකිරීමයි. එය Freestyle Acting යනුවෙන් හැදින්විය හැකිය.මා කියන මෙම රංගන ක්‍රමවේදයේ අසමසම ප්‍රතිරූපය වන්නේ ජෝ අබේවික්‍රමයන් ය. එනම් ඒ ඉතා නිදහස්ව තමාට ලැබෙන චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට සිද්ධ කිරීමයි. එහිලා ව්‍යාජ සිනමා පාණ්ඩිත්‍යයකින් ඔලුව පුරෝගෙන නොමැත. තම ජනප්‍රියත්වයෙන් ඔළුව ඉදුම්මාගෙන නොමැත.ඉතා නිදහස්ව හා නිවහල්ව තමාට ලැබෙන චරිතය අවබෝධ කරගෙන ඊට අනුගත වීමයි. මොහු කිසිවිටෙකත් ඕනෑම චරිතයක් මහා ලොකු බරක් යයි කියා සිතූ නළුවකු නොවේ යයි මම නොබියව කියමි. එය ඔහුගේ සෑම සිනමා රංගනයක් තුළින්ම මැනවින් ප්‍රකට වන්නේ ය. ඊට මා ඉතා කැමතියි. එහෙත් මෙම රංගන පෞරුෂය මෙරට වර්තමානයේ බොහෝ නළු- නිළියන් තුළ දකින්ට නැති තරම් ය. අන්න .. ඒ නිසයි වර්තමාන මෙරට ඔය මාධ්‍ය විසින් පුම්බන හෝ තමා විසින්ම පුම්බනගෙන ඉන්න ඇතැම් නළු නිළියන්ගේ රංගන බහුතරයක්ම කෘතීම වන්නේ … !!

මෙරට අදට වඩා උදාවන හෙට දින මොහුගේ සිනමා රංගන පෞරුෂය පිළිබඳව කතාබහ කරනු ඇත. පොතපත ලියනු ඇත. මොකද .. ඒ මෙරට සැබෑ කලාකාරයකුගේ අගය සමාජයට දැනෙන්නේ අද නොව උදාවන හෙට දින වන බැවිනි.
මෙරට සිනමාවේ දෙවැනි පරපුරේ දඟකාර යෞවනය ප්‍රේක්ෂකාගරය තුළ සදා-ජීවමාන කරන ලද එකම සිනමා නළුවාද වන්නේ ද අමසිරි කලංසූරිය බව මගේ පෞද්ගලික කියවීමයි .

එතුමා උතුම් නිවනින් සැනසෙත්වා . !!

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

මාධ්‍යවේදීන්ට තර්ජන රැසක් : ශාන්ත විජේසූරියට පොලිසියෙන් පහර දෙයි : පැමිණිලි එතැනමයි : මම දැනුවත් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පොලිස් නිලධාරීන් පිරිසක් බරපතළ ලෙස පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්විය යුතු බව නීතිඥවරු, මාධ්‍යවේදීහු සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෝ අවධාරණය කරති.

කැමරාව පෙන්වමින් තමන් වෘත්තීය කටයුතුවල නිරතව සිටින බව යළි-යළිත් පවසන විට නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇත. ඊයේ (31) මිරිහාන, ජුබිලි කණුව අසල පැවති සාමකාමී විරෝධතාව අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර ඇත.

මීට අමතරව සිවිල් ක්‍රියාකාරීන් පිරිසකට ද පොලිස් නිලධාරීන් විසින් පහර දී ඇති අතර, කැමරා රැගත් මාධ්‍යවේදීන්ට පොලිස් නිලධාරීන් විසින් තර්ජනය කිරීම ද කැපී පෙනිණි. මෙසේ තර්ජන එල්ල කෙරුණු මාධ්‍යවේදීන් අතර වින්දන ප්‍රසාද් කරුණාරත්න ද වේ.

‘රාජකාරිය වැලැක්වූවා’

මේ සම්බන්ධයෙන් thetime.lk වෙත අදහස් දක්වමින් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය පැවසුවේ තමන් ඔවුන්ගේ රාජකාරියට බාධා කරන බව පවසමින් දිගින්-දිගටම පහර දුන් බවයි. සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකරට පොලිස් නිලධාරීන් විසින් පහරදෙමින් සිටි බවත්, එය ආවරණය කිරීමට උත්සාහ කිරීමේදී මෙසේ පොලිස් නිලධාරීන් තමන්ට බරපතළ ලෙස පහර දුන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

An anti-government demonstrator shouts slogans against police officers giving notice to them to leave a seafront tent camp that became the focal point of months-long nationwide demonstrations, amid Sri Lanka’s economic crisis, in Colombo, Sri Lanka, August 4, 2022. REUTERS/Kim Kyung-Hoon

‘වාර්තා වෙලා නෑ’

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ මාධ්‍යවේදියෙකුට පහරදීමක් සම්බන්ධයෙන් තමන්ට වාර්තා වී නැති බවයි. කිසිදු මාධ්‍ය ආයතනයක් අද (01) දිනය තුළ මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් තමන්ගෙන් විමසීමක් නොකළ බව ද සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ පිළිබඳ සොයාබලන බව පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව

ඒකාබද්ධ සටනක් අවශ්‍යයි !

මාධ්‍යවේදීන්, නීතිඥයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් අවධාරණය කරන්නේ පසුගිය කාලය තුළ මාධ්‍යවේදීන් ඉලක්ක කර පහරදීමේ ප්‍රවණතාවක් පොලිසිය පාර්ශ්වයෙන් දැකිය හැකි බවයි. ජනතාව වෙත සත්‍ය තොරතුරු ගලා යෑම වැලැක්වීමේ අරමුණින් මෙසේ මාධ්‍යවේදීන් බියගැන්වීම සිදුකරන බවත්, සමස්ත ක්‍රියාකාරීන් එක්ව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඒකාබද්ධ සටනක් කළ යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.

අණදෙන නිලධාරියාගේ වගකීම කුමක්ද ?

පසුගිය ජූලි 09දා එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අසලදී මාධ්‍යවේදීන්ට පහරදීම වැලැක්වීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත එහි සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ලියනගේගේ වැඩ තහනම් කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න කටයුතු කළේය. එසේ ම මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කළේ අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වහාම කොළඹින් පිටතට ස්ථාන මාරු කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ සඳහන් කළේ අදාළ නිර්දේශය පිළිබඳව පොලිස්පත්වරයා දැනුවත් කර ඇති බවත්, සිදුවීමට අදාළ විමර්ශන අපක්ෂපාතී විය යුතු බවත් ය. මෙම ස්ථානයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර තිබුණේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ලියනගේ (වීඩියෝ දර්ශන ඇසුරින් සකස් කරගත් ඡායාරූපයකි./news1st)

චේතනාන්විත පහරදීම්

මාධ්‍යවේදීන්ගෙන් පොලිසියට කිසිදු තර්ජනයක් නොමැති බවට කිසිදු සැකයක් නොමැති මෙවැනි අවස්ථාවලදී චේතනාන්විතව පොලිසිය මගින් මාධ්‍යවේදීන්ට පහර දීම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි බව මෙසේ මාධ්‍යවේදීන්ට පහරදීම පිළිබඳ කළ විමර්ශන ගණනාවකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබිණි. ඒ පිළිබඳව පොලිස්පතිවරයා ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්වවලට ලිඛිතව දැනුම්දීමට ද කොමිසම වැඩිදුරටත් කටයුතු කර තිබිණි.

සමාජයට කරන බලපෑම

සාමකාමී විරෝධතාවකදී කිසිදු ආකාරයක පහරදීමක් සිදුනොවිය යුතු බවත්, විශේෂයෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කොට සිදුකරන ප්‍රහාර ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් මානව හිමිකම් කොමිසම මෙවැනි අවස්ථාවලදී අවධාරණය කර ඇත. නිදහස් මාධ්‍ය යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අභ්‍යන්තර කොටසක් බව ද ඔවුහු පෙන්වා දෙති. නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන්ගේ වගකීම් විරහිත හැසිරීම් සමාජයේ ආරක්ෂාවට දරුණු සහ බරපතළ බලපෑමක් බව ද එම කොමිසම වැඩිදුරටත් සඳහන් කර ඇත.

විමර්ශන නැති පැමිණිලි

මේ අතර 2022 අප්‍රේල් 01දා මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් කර නැත. මරණ තර්ජනය කිරීමක් සහ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් CIB/ii/283/300 අංකය යටතේ මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ආසන්නයේ 2022 මාර්තු 31 රාත්‍රියේ සිදු වූ සිදුවීමෙන් පසු, එහි තත්ත්වය සොයාබැලීම සඳහා පසුදින උදෑසන එහි ගිය මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට ජනාධිපති මාධ්‍ය අංශයේ යැයි හඳුන්වාගත් පිරිසක් විසින් තර්ජනය කර, ඔහුට වෘත්තීය කටයුතු සිදුකිරීම අවහිර කර තිබිණි. මේ සම්බන්ධයෙන් ඔහු විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කරන ලද පැමිණිල්ලට අදාළ ලදුපත

පිල්ලෙයාන්ගේ තර්ජනය

මේ අතර පෙරේදා (30) පැවති මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් මාධ්‍යවේදී පුන්‍යමූර්ති සෂිකරන්ට තර්ජනය කර තිබිණි. මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියා විසින් CIB/iii/249/192 අංකය යටතේ මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මාධ්‍යවේදී පුන්‍යමූර්ති සෂිකරන්ට පිල්ලෙයාන් තර්ජනය කිරීම (උපුටා ගැනීම : JDS)

විමර්ශනය සැඟවීම

එසේ ම මාධ්‍යවේදී රාමචන්ද්‍රන් සනත්ට ලබන 06දා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නුවරඑළිය කාර්යාලයේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබේ. පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් ඊයේ (31) මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ සිංහල භාෂාවෙන් ය. එය තමන් භාවිත කරන දෙමළ භාෂාවෙන් ලබාදෙන ලෙස මාධ්‍යවේදියා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම කැඳවීමට හේතුව ලෙස අදාළ දැනුම්දීමේ සඳහන්ව ඇත්තේ එම කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යනුවෙනි. මීට පෙර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයෙන් ඔහුට විවිධාකාර බලපෑම් සිදු කර තිබිණි.

ඔහු සුඩර්ඔලි පුවත්පතේ සහකාර ප්‍රවෘත්ති කර්තෘවරයා සහ පාර්ලිමේන්තු වාර්තාකරු ලෙස කටයුතු කළ අතර, මේ වන විට ඔහු නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ආයතන කිහිපයක් සමග සම්බන්ධ වී කටයුතු කරයි.