වසර 2කට ආසන්න කාලයක් සිරකර සිටි ඉන්දීය මාධ්‍යවේදී සිද්දික් කප්පන්ට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප නියම කිරීමත් සමග එරට මර්දන නීති පිළිබඳ නව සංවාදයක් මතු විය.
චෝදනාව
නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත (Unlawful Activities Prevention Act -UAPA) යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. වයස අවුරුදු 19ක තරුණියක සමූහ දූෂණය කොට ඝාතනය කිරීම පිළිබඳ වාර්තාවක් සකස් කිරීම සඳහා යන අතරතුර, උත්තර් ප්‍රදෙශ්හිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම ඔහුට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය
ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් ඉන්දීය අග විනිසුරු යූ.යූ. ලලිත් අවධාරණය කර තිබුණේ කප්පන් වසර දෙකක් තිස්සේ අත්අඩංගුවේ සිටීම දැඩි අවධානයට ලක් කළ යුතු කරුණක් බවයි.
UAPA ?
මෙම නිත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත යොදාගනිමින් ආණ්ඩුව විවේචනය කරන්නන් මර්දනය කරන බවට ඉන්දීය ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා එල්ල විය. මේ යටතේ පුද්ගලයෙකු දින 90ක් දක්වා රඳවා ගැනීමට බලය තිබෙන අතර, ඒ අතරතුර සැකකරුවන්ට සිදුකරන ලද බරපතළ වධහිංසා පිළිබඳව පොලිසියට චෝදනා එල්ල වී තිබේ. මෙම පනත අවභාවිත කිරීම වැලැක්වීමේ කඩිනම් අවශ්‍යතාව පිළිබඳව එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇත.
ඉර්ෆාන් !
මෙසේ අනීතික ලෙස දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි මොහොමඩ් ඉර්ෆාන් නම් සිවිල් ක්‍රියාකාරිකයාට ඇප ලබාදීමේ නියෝගය ප්‍රකාශයට පත්කරමින් පසුගිය ජුනි මාසයේදී ද එරට ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව සඳහන් කර තිබේ. ඇප ලැබීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඉර්ෆාන් පවසා තිබුණේ එම රඳවාගැනීම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමක් ලෙස හැඳින්විය හැකි බවයි.
විපක්ෂය සහ ආණ්ඩුව
2008 වසරේදී මෙම පනත හඳුන්වා දෙන ලද්දේ දැනට විපක්ෂයේ සිටින කොන්ග්‍රස් පක්ෂයයි. ඉන්පසු 2019 වසරේදී නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව විසින් එම පනත සංශෝධනය කරමින් තනි පුද්ගලයන්ට එරෙහිව දැඩි නීති පද්ධතියක් හඳුන්වා දෙන ලදි.
මර්දනයේ ඉලක්කම්
ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යංශයට අනුව 2019 වසරේදී පමණක් මෙම පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 1,948කි. එම කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ වාර්ෂිකව 1,000 ඉක්මවන පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්වන බවයි.
බරපතළ බව !
මෙසේ අත්අඩංගුවට ගන්නා ලද පිරිසෙන් චෝදනා තහවුරු කරගැනීමට සාක්ෂි ඉදිරිපත් කර ඇත්තේ සියයට 5කට අඩු පිරිසකගේ පමණි. සියයට 11කට අධික පිරිසක් කිසිදු සාක්ෂියක් නොමැති වීම නිසා නිදහස් කර තිබේ.
ඛේදවාචකයක්
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වන මදන් බී. ලෝකර් පවසන්නේ මෙය බරපතළ ඛේදවාචකයක් බවයි. ත්‍රස්ත ක්‍රියාකාරකම් වැලැක්වීමට නීතියක් පැවතිය යුතු වුවද, එමගින් ජනතාව පිඩාවට පත්වන්නේ නම් හෝ අත්තනෝමතික ලෙස පුරවැසියන් අත්අඩංගුවට ගන්නේ නම් හෝ එය දැඩි අවධානයට යොමු කළ යුතු කරුණක් බව ද ඔහු පෙන්වා දෙයි.
අත්‍යවශ්‍යයි
මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා පවසා තිබුණේ එරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම නීතිය අනිවාර්යෙන්ම පැවතිය යුතු බවයි.
අපේ PTA සහ ඉන්දියාවේ UAPA
ලංකාවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් ඇති සංවාදය ද මීට හැමඅතින් ම සමාන වේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සිරගත කිරීමට භාවිත කරන්නේ ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතයි. මෙම මර්දන නීතිය යටතේ දහස් ගණනක් කෲර, අමානුෂික වධහිංසාවලට ලක්කොට ඇත. මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මෙහි ඇති බරපතළ ගැටළු පිළිබඳ නඩු තීන්දුවලදී අවධාරණය කර තිබේ. එහෙත් තාවකාලික පනතක් ලෙස 1979 වසරේ දී හඳුන්වා දුන් එය තවමත් නිරුපද්‍රිත ය. ඊට හේතුව සෑම ආණ්ඩුවක් ම මර්දනයට හේත්තු වීමයි.
සබැඳි පුවත්
- වසන්ත සිර කර දින 126ක් : පපුවේ වේදනාවක් නිසා රෝහල්ගත කළා – බන්ධනාගාර කොමසාරිස්
- මර්දනය : නීතිපති උපදෙස් නෑ – වසන්ත යළි රිමාන්ඩ් !
- “මුදලිගේ සහ සිරිධම්ම හිමියන්ට බලපාපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කරුණා, පිල්ලෙයාන්, කේ.පී. ට තිබුනද?”
- වසන්ත – සිරිධම්ම හිමි රිමාන්ඩ් : නීතිපති උපදෙස් තවම නෑ !
- රැඳවුම් නියෝග දීර්ඝ නොකරයි : මුදලිගේ – සිරිධම්ම හිමි ත්‍රස්තවාදී චෝදනා දිගටම ?
- අරගල භූමියෙන් එලවූ චූදිතයාගේ කරේ ත්‍රස්ත විමර්ශනය එල්ලෙයි : මොකුත් කියන්න බෑ – බස් ගැමුණු
- ආණ්ඩුව පොලිසිය යොදවා සීමාවක් නැතුව අධිකරණයට අපහාස කරයි !
- ‘ඕක අතහැරලා දාන්න’ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උපදෙස් දෙයි : පොලිසියේ කාන්තා පහසුකම් කමිටුව ලත් තැන ලොප් !