ඉන්දියාවෙන් ලංකාවට නව තෙල් පිරිපහදුවක් : උතුරු – නැගෙනහිර ඉන්ධන බෙදාහැරීම IOC යටතට !

Share post:

ත්‍රීකුණාමලයේ නව ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාකච්ඡා ආරම්භ කර තිබේ.

මේ මස අගදී සිදුකිරීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී මේ පිළිබඳව අවසන් තීරණය ගැනීමට සැලසුම් කර තිබේ. මීට අමතරව ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ සම්පූර්ණ පාලනය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවක් පිළිබඳව මේ වනවිටත් ඛනිජ තෙල් විෂය බාර බලශක්ති අමාත්‍යංශය මගින් වාර්තාවක් සකස් කර ඇත.

මීට පෙර මාධ්‍ය මගින් වාර්තා කරන ලද්දේ ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔවිල් සමාගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම ටැංකි සංකීර්ණය සංවර්ධනය කරන බවයි. එහිදී සංස්ථාවට වැඩි කොටස හිමිවන බව අවධාරණය කෙරිණි.

පසුගිය ජනවාරි මාසයේ මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර් සමග විශේෂ අවබෝධතා ගිවිසුම් 02කට ශ්‍රී ලංකා ආණ්ඩුව එළඹිණි. ඒ අතරින් එක් ගිවිසුමක් වූයේ බලශක්තිය සම්බන්ධයෙනි.

උතුරේ දූපත් 03ක විදුලි බලාගාර ඉදිකිරීමේ චීන ව්‍යාපෘතියක් ද අත්හිටුවීමට සිදු වූයේ ඊට ඉන්දියාව දැක්වූ විරෝධය නිසා ය. ඉන්පසු එම ව්‍යාපෘතිය ජපානයට ලබාදීමට නියමිත බව වාර්තා වුවද, නවතම වාර්තාවලට අනුව එය ඉන්දියාවේ මැදිහත්වීම මත පෞද්ගලික ආයෝජන මගින් සිදුකිරීමට නියමිත ය.

එසේ ම ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති පෙන්වාදෙන්නේ උතුරු පළාතේ ඉන්ධන බෙදාහැරීමේ සම්පූර්ණ බලය ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදීමට නියමිත බවයි.

මේ වන විට එම සමාගම මෙරට ඉන්ධන පිරවුම්හල් 140ක අයිතිය ලබාගෙන තිබේ. වෘත්තීය සමිති සඳහන් කරන්නේ උතුරු පළාතේ ඉන්ධන පිරවුම්හල් 35ක් ඔවුන්ට ලබාදීමට අදාළ සියලු කටයුතු මේ වන විට අවසන්ව ඇති බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...