මුදලිගේට එරෙහි නීතිපති අභියාචනය : දෝෂයක් හදන්න විතරක් අද කැඳවයි !

Share post:

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ජුනි 01දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් නෛතික දෝෂයක් නිවැරදි කිරීම සඳහා පමණක් එම පෙත්සම අද (03) කැඳවන ලෙස ඉල්ලා සිටි බව දන්වා සිටියේය. මේ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බව ත්‍රස්ත මර්දන කාර්යාංශය වෙනුවෙන් අභියාචනයක් ගොනුකරමින් නීතිපතිවරයා පෙන්වා දී තිබේ.

සකස් කරන ලද බවට සැක කළ හැකි සාක්ෂි 2ක් මත වසන්ත මුදලිගේ දින 160කට අධික කාලයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්තනෝමතික ලෙස රඳවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළේය. නීතිපති දෙපාර්තමේන්තුව දිගින් – දිගටම අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශන සිදුකරන නිසා තවදුරටත් ඔහු ව රඳවා ගත යුතු බවයි.

ඉන්පසු කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළේ විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එම නියෝගයෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව අත්තනෝමතික ලෙස මහේස්ත්‍රාත්වරියට බලපෑම් කරමින් නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ද ඉල්ලා සිටින ලදි.

සබැඳි පුවත්

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...