වසන්ත සිර කර දින 126ක් : පපුවේ වේදනාවක් නිසා රෝහල්ගත කළා – බන්ධනාගාර කොමසාරිස්

Share post:

රුධිර පීඩනය වැඩි වීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (22) රාත්‍රියේ ඔහු මෙසේ රෝහල්ගත කර ඇත. මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ පපුවේ වේදනාවක් ඇති බව වසන්ත මුදලිගේ විසින් දැනුම්දීමෙන් පසු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෛද්‍යවරයා විසින් ඔහු පරීක්ෂා කර ඇති බවත්, රුධිර පීඩනය වැඩි නිසා ඔහු රෝහල්ගත කිරීම සුදුසු බවට වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවත් ය.

පසුගිය අගෝස්තු 18දා අත්අඩංගුවට ගත වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ ප්‍රතිපාදන යොදාගනිමින් දින 89ක් රඳවා ගැනිණි. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයක් මත ඔහු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. මේ වන විට ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහුව ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ නීතිපතිවරයා විසින් තවදුරටත් විමර්ශන කළ යුතු බව දැනුම් දීම නිසා ය.

කෙසේ වෙතත් වසන්ත මුදලිගේ හිරකිරීම සඳහා, අත්තනෝමතික ලෙස මුදල් එකතු කිරීමේ චෝදනාව මත ගෝල්ෆේස් අරගල භූමියෙන් පලවාහරින ලද අයෙකු යොදාගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇතැයි ඉන්පසු නීතිවේදීන් අනාවරණය කරන ලදි.

පසුගිය 13දා මීට අදාළ නඩුව අවසන් වීමෙන් පසු වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනීසිටින නීතිඥ නුවන් බෝපගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රකට ව සිටින මෝටිවේෂන් අප්පච්චි නොහොත් පියුමාල් සමරසිංහ විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ලබාදී ඇති ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් වසන්ත මුදලිගේ තවදුරටත් රඳවා තබාගෙන සිටින බවයි.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...