වසන්ත සිර කර දින 126ක් : පපුවේ වේදනාවක් නිසා රෝහල්ගත කළා – බන්ධනාගාර කොමසාරිස්

Share post:

රුධිර පීඩනය වැඩි වීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (22) රාත්‍රියේ ඔහු මෙසේ රෝහල්ගත කර ඇත. මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ පපුවේ වේදනාවක් ඇති බව වසන්ත මුදලිගේ විසින් දැනුම්දීමෙන් පසු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෛද්‍යවරයා විසින් ඔහු පරීක්ෂා කර ඇති බවත්, රුධිර පීඩනය වැඩි නිසා ඔහු රෝහල්ගත කිරීම සුදුසු බවට වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවත් ය.

පසුගිය අගෝස්තු 18දා අත්අඩංගුවට ගත වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ ප්‍රතිපාදන යොදාගනිමින් දින 89ක් රඳවා ගැනිණි. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයක් මත ඔහු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. මේ වන විට ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහුව ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ නීතිපතිවරයා විසින් තවදුරටත් විමර්ශන කළ යුතු බව දැනුම් දීම නිසා ය.

කෙසේ වෙතත් වසන්ත මුදලිගේ හිරකිරීම සඳහා, අත්තනෝමතික ලෙස මුදල් එකතු කිරීමේ චෝදනාව මත ගෝල්ෆේස් අරගල භූමියෙන් පලවාහරින ලද අයෙකු යොදාගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇතැයි ඉන්පසු නීතිවේදීන් අනාවරණය කරන ලදි.

පසුගිය 13දා මීට අදාළ නඩුව අවසන් වීමෙන් පසු වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනීසිටින නීතිඥ නුවන් බෝපගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රකට ව සිටින මෝටිවේෂන් අප්පච්චි නොහොත් පියුමාල් සමරසිංහ විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ලබාදී ඇති ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් වසන්ත මුදලිගේ තවදුරටත් රඳවා තබාගෙන සිටින බවයි.

සබැඳි පුවත්

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...