පොලිස් වධහිංසාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් තීරණාත්මක තීන්දුවක් !

Share post:

2019 වර්ෂයේදී තරුණයකුට වධහිංසා පැමිණවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඌරගස්මන්හන්දිය පොලිසියේ හිටපු නිලධාරීන් දෙදෙනකුට රුපියල් මිලියනය බැගින් වන්දි සහ නඩු ගාස්තු ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි වින්දිතයකු අත්අඩංගුවට ගෙන පහරදීමක් සම්බන්ධයෙන් මෙම තීන්දුව ලබා දී තිබේ.
එහිදි ඔහු නීතිඥයකු සමඟ පොලිස් ස්ථානයේ පෙනීසිටියද, පසුව එවකට අපරාධ අංශය බාර නිලධාරියා සහ තවත් නිලධාරියකු විසින් ඔහුට පහර දී ඇත. පෙත්සමේ සඳහන් වන්නේ වින්දිත පුද්ගලයාට මාංචු දමා කාමරයකට ඇදගෙන ගොස් ඔහුගේ ලිංගික අවයව ඉලක්ක කරමින් දරුණු පහරදීමක් සිදුකර ඇති අතර, එම පහරදීමෙන් ඔහුට සිහි නැති වූ බවයි.
එසේම වින්දිතයා ඔහුගේ තුවාල හේතුවෙන් දින 12 ක් රෝහල්ගත කර ඇති බවද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.
ශිරාන් ගුණරත්න, එස්. තුරෙයිරාජා සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ තීන්දුව මගින් පවසා ඇත්තේ පොලිසිය මේ අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට හෝ චෝදනා ප්‍රතික්ෂේප කිරීමට අපොහොසත් වූ බවත් ,වින්දිතයා දැඩි වධහිංසාවලට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වූ බවත් ය.
එවකට අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ හරිත් සහ අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් ලෙස හඳුනාගෙන ඇති අතර, එම නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසමට යවන ලෙස ද අධිකරණය නියෝග කර තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...