වසන්ත සිර කර දින 150යි : මානව හිමිකම් සංවිධාන 7ක් බලපෑම් කරද්දී ආණ්ඩුවට අදත් බර වියදම් !

Share post:

දින 150ක් තිස්සේ සිරකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසත්, ජීවන වියදම ඉහළ යෑමට ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමටත් එරෙහිව අද (16) කොළඹදී පැවති විරෝධතාවක් මර්දනය කිරීම සඳහා පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර රැසක් එල්ල කළේය.

මෙහිදී කම්කරු අරගල මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදි.

තුම්මුල්ල මංසන්ධියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අසලින් මෙම විරෝධතා පාගමන ආරම්භ විය. ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග දැවැන්ත ජනතාවක් එක්ව සිටියහ. මෙම පිරිස පාගමනින් ගෝල්ෆේස් දක්වා යෑමට උත්සාහ කිරීමේදී, එය වැලැක්වීමට පොලිසිය උත්සාහ කරන ලදි.

එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ඉන්පසු එක දිගට විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළේය.

මේ අතර වසන්ත මුදලිගේ අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම ශ්‍රී ලංකා රජය වහාම අවසන් කළ යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් අද (16) අවධාරණය කළේය.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM – ASIA), පෙරටුගාමී ආරක්ෂකයන් (Frontline Defenders), හියුමන් රයිට්ස් වොච්, සාමය සහ යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ව්‍යාපාරය සහ CIVICUS එම සංවිධාන වේ.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...