වසන්ත සිර කර දින 150යි : මානව හිමිකම් සංවිධාන 7ක් බලපෑම් කරද්දී ආණ්ඩුවට අදත් බර වියදම් !

Share post:

දින 150ක් තිස්සේ සිරකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසත්, ජීවන වියදම ඉහළ යෑමට ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමටත් එරෙහිව අද (16) කොළඹදී පැවති විරෝධතාවක් මර්දනය කිරීම සඳහා පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර රැසක් එල්ල කළේය.

මෙහිදී කම්කරු අරගල මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදි.

තුම්මුල්ල මංසන්ධියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අසලින් මෙම විරෝධතා පාගමන ආරම්භ විය. ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග දැවැන්ත ජනතාවක් එක්ව සිටියහ. මෙම පිරිස පාගමනින් ගෝල්ෆේස් දක්වා යෑමට උත්සාහ කිරීමේදී, එය වැලැක්වීමට පොලිසිය උත්සාහ කරන ලදි.

එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ඉන්පසු එක දිගට විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළේය.

මේ අතර වසන්ත මුදලිගේ අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම ශ්‍රී ලංකා රජය වහාම අවසන් කළ යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් අද (16) අවධාරණය කළේය.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM – ASIA), පෙරටුගාමී ආරක්ෂකයන් (Frontline Defenders), හියුමන් රයිට්ස් වොච්, සාමය සහ යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ව්‍යාපාරය සහ CIVICUS එම සංවිධාන වේ.

සබැඳි පුවත්

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...