රග්බි පරිපාලනයට එරෙහි නාමල්ගේ ගැසට් නිවේදනය ඉවතට..!

Share post:

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (03)අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

එම ගැසට් නිවේදනය නීතියට පටහැනි ලෙස නිකුත් කර ඇති බවත් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ එහි සභාපති රිස්ලි ඉලියාස් විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.

අදාල රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා ඇමතිවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දන්වා සිටියේ එම ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට තීරණය කළ බව ක්‍රීඩා ඇමතිවරයා තමාට දැනුම් දුන් බවය.

ඒ සම්බන්ධයෙන් වන දිවුරුම් ප්‍රකාශය අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවා තිබුණි.

එහිදී අදාළ පෙත්සම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම්දීම සඳහා අදාළ පෙත්සම මේ මස 06 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.

එවකට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලනය අත්හිටුවා එහි බලය ක්‍රීඩා අමාත්‍යංශයට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළේ 2022 වසරේ අප්‍රේල් මස 01 වනදාය.

එලෙස පරිපාලනය අත්හිටුවීමට ඇමැතිවරයා විසින් කිසිඳු හේතුවක් සඳහන් කළේද නැත.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රග්බි සංගමය තහනම් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් පියවර පිළිබඳව කරුණු සොයා බැලීමට ආසියානු රග්බි සංගමය නියෝජනය කරමින් රග්බි සංවර්ධන උපදේශකවරයෙක් වන බෙන්ජමින් වෑන් රූයන් 2022 අප්‍රේල් 20 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...