දින 160ක් සිරගතව සිටි වසන්ත මුදලිගේ යළිත් අත්අඩංගුවට !

467

දින 160කට අධික කාලයක් සිරගතව සිට නිදහස් වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (23) යළිත් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍යංශය තුළ පැවති විරෝධතාවක් අතරතුරදී ය. හෝමාගම පිහිටි පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ විරෝධතාව සංවිධානය කර තිබිණි. ඊට හේතු වූයේ ඊයේ (22) පැවති විරෝධතාවට පහරදීමට විරෝධය පළකිරීමත්, එම විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන ලෙස බලකිරීමත් ය.

මෙම විරෝධතාවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද එක්ව සිටියේය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ කොළඹ මහාධිකරණය මගින් නිදහස් කෙරුණේ එම පනත් යටතේ චෝදනා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් කරුණු විමර්ශන අංශ විසින් ඉදිරිපත් නොකිරීම නිසයි.

සබැඳි පුවත්