වසන්ත මුදලිගේ තීන්දුව පොලිසියට ගැටළුවක් – නීතිපති නිහඬයි : අපි ඉල්ලීමක් කළා විතරයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share post:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එල්ල කර තිබූ චෝදනාවලින් නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය පිළිබඳ ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කිරීමට හෝ අභියාචනයක් කිරීමට සලකා බලන ලෙස පොලිස් මූලස්ථානය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අවසාන තීරණය නීතිපති අතේ

පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසය මගින් ඊයේ (02) මෙම ඉල්ලීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව thetime.lk වෙත සඳහන් කළේය. පොලිසියට මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් පමණක් කළ හැකි බවත්, එසේ කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් අවසාන තීරණය ගත යුත්තේ නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අධිකරණයට එරෙහිවීමක් නෑ

මෙමගින් අධිකරණ තීන්දුවට එරෙහි වීමක් හෝ එය විවේචනය කිරීමක් සිදුනොවන බවත්, ඕනෑම තීන්දුවක් සම්බන්ධයෙන් නීතියේ ඇති අභියාචන අවස්ථා භාවිතයට ගැනීමක් පමණක් සිදුවන බවත් අප කළ විමසීමේදී ඔහු තවදුරටත් සඳහන් කළේය.

නීතිපති නිහඬයි

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අප කළ සොයාබැලීමේදී හෙළිවූයේ මෙතෙක් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් ගෙන නැති බවයි. එම දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකු පැවසුවේ සාමාන්‍යයෙන් මෙවැනි තීරණයක් නීතිපතිවරයා තනි ව නොගන්නා බවත්, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ නීතිවේදීන් සමග එක්ව ගන්නා බවත් ය.

එහෙත් මෙය මුළුමනින්ම දේශපාලන තීන්දුවක් වීමේ වැඩි ඉඩක් නොපවතින්නේද යනුවෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ එසේ විය හැකි වුවත්, මෙහි අභියාචනයක් කිරීමට පදනමක් තිබේද, එය පවත්වාගෙන යා හැකිද යන කරුණු නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ජ්‍යේෂ්ඨයන් එක්ව අධ්‍යයනය කරන බවයි.

වසන්ත වරදක් කර නෑ !

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් පසුගිය 31දා වසන්ත මුදලිගේ නිදහස් කිරීමට නියෝග කරන ලදි. ඒ, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව කටයුතු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීමත්, එම පනත යටතේ ඔහු වරදක් කර ඇති බව අනාවරණය නොවීමත් නිසා බව අධිකරණ තීන්දුවේ දැක්විණි.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...