වසන්ත මුදලිගේ තීන්දුව පොලිසියට ගැටළුවක් – නීතිපති නිහඬයි : අපි ඉල්ලීමක් කළා විතරයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share post:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එල්ල කර තිබූ චෝදනාවලින් නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය පිළිබඳ ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කිරීමට හෝ අභියාචනයක් කිරීමට සලකා බලන ලෙස පොලිස් මූලස්ථානය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අවසාන තීරණය නීතිපති අතේ

පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසය මගින් ඊයේ (02) මෙම ඉල්ලීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව thetime.lk වෙත සඳහන් කළේය. පොලිසියට මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් පමණක් කළ හැකි බවත්, එසේ කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් අවසාන තීරණය ගත යුත්තේ නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අධිකරණයට එරෙහිවීමක් නෑ

මෙමගින් අධිකරණ තීන්දුවට එරෙහි වීමක් හෝ එය විවේචනය කිරීමක් සිදුනොවන බවත්, ඕනෑම තීන්දුවක් සම්බන්ධයෙන් නීතියේ ඇති අභියාචන අවස්ථා භාවිතයට ගැනීමක් පමණක් සිදුවන බවත් අප කළ විමසීමේදී ඔහු තවදුරටත් සඳහන් කළේය.

නීතිපති නිහඬයි

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අප කළ සොයාබැලීමේදී හෙළිවූයේ මෙතෙක් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් ගෙන නැති බවයි. එම දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකු පැවසුවේ සාමාන්‍යයෙන් මෙවැනි තීරණයක් නීතිපතිවරයා තනි ව නොගන්නා බවත්, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ නීතිවේදීන් සමග එක්ව ගන්නා බවත් ය.

එහෙත් මෙය මුළුමනින්ම දේශපාලන තීන්දුවක් වීමේ වැඩි ඉඩක් නොපවතින්නේද යනුවෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ එසේ විය හැකි වුවත්, මෙහි අභියාචනයක් කිරීමට පදනමක් තිබේද, එය පවත්වාගෙන යා හැකිද යන කරුණු නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ජ්‍යේෂ්ඨයන් එක්ව අධ්‍යයනය කරන බවයි.

වසන්ත වරදක් කර නෑ !

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් පසුගිය 31දා වසන්ත මුදලිගේ නිදහස් කිරීමට නියෝග කරන ලදි. ඒ, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව කටයුතු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීමත්, එම පනත යටතේ ඔහු වරදක් කර ඇති බව අනාවරණය නොවීමත් නිසා බව අධිකරණ තීන්දුවේ දැක්විණි.

සබැඳි පුවත්

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...