පූර්ව දැනුම්දීමකින් තොරව මානව හිමිකම් කොමිසම වසන්ත මුදලිගේ පරීක්ෂා කරයි – බන්ධනාගාර නිලධාරීන් කොමිසමට කැඳවයි !

Share post:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රඳවා සිටින කොළඹ රක්ෂිත බන්ධනාගාරයට ගිය මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝජිතයන් ඔහුගේ රැඳවුම් තත්ත්වය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ නිරීක්ෂණය කර තිබේ.

ඊයේ (11) මෙසේ පූර්ව දැනුම්දීමකින් තොරව බන්ධනාගාරයට ගොස් ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි, කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අධීක්ෂණ සහ ඇගයුම්) නිහාල් චන්ද්‍රසිරි සහ කොමිෂන් සභාවේ තවත් නිලධාරීන් දෙදෙනෙකි. මෙසේ පූර්ව දැනුම්දීමකින් තොරව සිරකරුවන් නිරීක්ෂණය කිරීමට යා හැකිදැයි thetime.lk කළ විමසීමකදී කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයෙකු පැවසුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 11(ඈ) සහ 28(2) වගන්ති ප්‍රකාර ව හිමිවී ඇති බලතල අනුව මෙවැනි හදිසි පරික්ෂා කිරීම් කළ හැකි බවයි.

මෙහිදී වසන්ත මුදලිගේ රඳවා සිටින ස්ථානය වෙත ම ගොස් ඔහුගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කළ බවත්, රැඳවුම් තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා කළ යුත්තේ මොනවාද යන්න පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කළ බවත් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මෙය සිදු කර ඇත්තේ කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන වධහිංසා වැලැක්වීමේ ජාතික යන්ත්‍රණයේ (National Preventive Mechanism – NPM) කොටසක් ලෙස ය.

මෙහිදී රැඳවියන්ගේ ආහාර සහ එම ආහාර පිළියෙළ කරන ආකාරය ද කොමිසමේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වී තිබේ. එහිදී හඳුනාගත් කරුණු පිළිබඳ වැඩිදුර විමසීම සඳහා බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේදී කොමිසම වෙත කැඳවීමට නියමිත බව ද එහි මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මේ අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව, සිරකරුවන් සම්බන්ධයෙන් පර්යේෂණ සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව වැඩසටහන් සිදුකරා සෞඛ්‍ය අංශ සහ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ මානව හිමිකම් කොමිසමේ මෙවැනි හදිසි පරීක්ෂා කිරීම් අතිශය වැදගත් බවයි. එය සියලුම බන්ධනාගාරවල සිදුකරන්නේ නම් වඩා වැදගත් බවත්, එමගින් සිරකරුවන්ගේ රැඳවුම් තත්ත්වය ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇති බවත් ඔවුහු අවධාරණය කරති.

මේ අතර හෙට (13) වසන්ත මුදලිගේ යළිත් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. ඒ, පසුගිය මැයි මාසයේ සිදුවූ පහරදීමකට අදාළ නඩුවක් සඳහා ය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...