මර්දනය : නීතිපති උපදෙස් නෑ – වසන්ත යළි රිමාන්ඩ් !

Share post:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු වසන්ත ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත අද (12) නියෝග කළාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකරන ලද චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ, දින 89ක් රැඳවුම් නියෝග යටතේ සිරකර තැබිණි. මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන දින 114කි.

ගෝල්ෆේස් අරගලයට අදාළ ව වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි ඉකුත් අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගැනුණු අතර, නීතිපති උපදෙස් මත පසුගිය නොවැම්බර් 23දා ගල්වැව සිරිධම්ම හිමි ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...