වසන්ත මුදලිගේ නිදොස් කොට නිදහස් : විරෝධතා වැලැක්වීමේ ඉල්ලීමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි !

Share post:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එල්ල කර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය.

මේ අතර අධිකරණය අසල එම ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් සහ සිවිල් ක්‍රියාකාරීන් සිදු කළ නිහඬ විරෝධතාවක් වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීමක් ද අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. එම විරෝධතාවේදී ජනතාවට පීඩාවක් සිදුවන්නේ නම්, එය වැලැක්වීමට අවශ්‍ය බලතල පොලිසිය සතු බව ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (31) පෙරවරුවේ අවධාරණය කර තිබිණි.

සකස් කරන ලද බවට සැක කළ හැකි සාක්ෂි 2ක් මත වසන්ත මුදලිගේ දින 160කට අධික කාලයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්තනෝමතික ලෙස රඳවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළේය. නීතිපති දෙපාර්තමේන්තුව දිගින් – දිගටම අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශන සිදුකරන නිසා තවදුරටත් ඔහු ව රඳවා ගත යුතු බවයි.

ඉන්පසු කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළේ විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එම නියෝගයෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව අත්තනෝමතික ලෙස මහේස්ත්‍රාත්වරියට බලපෑම් කරමින් නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලා සිටින ලදි.

(මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් thetime.lk ඔස්සේ බලාපොරොත්තු වන්න.)

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...