ලංසා – රෝහිත – මහින්දානන්ද ප්‍රමුඛ නව කෝප් කමිටුව පත්කරයි !

Share post:

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව (Committee on Public Enterprises – COPE) සඳහා නව සාමාජිකයන් පත් කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා මෙම කමිටුව අහෝසි වූ නිසයි. පසුගිය ජනවාරි 27දා පාර්ලිමේන්තුව වාර අවසාන කෙරුණු අතර, පෙබරවාරි 08දා නව සැසිවාරය ආරම්භ කෙරිණි.  

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 114 යටතේ තේරීම් කාරක සභාවක් පත් කෙරේ. ඒ අනුව විශේෂ කාර්යයන් සඳහා පත්කරනු ලබන කාරක සභා, වාර අවසාන කිරීමත් සමග අක්‍රීය වේ. නව සැසිවාරයක් ආරම්භ කිරිමත් සමග උසස් නිලතල පිළිබඳ කාරක සභා, අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර සෙසු කමිටු නැවත පත්කළ යුතු වේ.

  • පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
  • ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
  • ගෘහ්‍ය කාරක සභාව
  • ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
  • ව්‍යවස්ථාදායක කාරක සභාව
  • අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව
  • රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
  • පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
  • රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව
  • මහජන පෙත්සම් කාරක සභාව
  • පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් එකඟ වූ යෝජනාවට අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා අදාළ මන්ත්‍රීවරුන් පත්කළ බව කතානායකවරයා නිවේදනය කර සිටී.

නව කාරක සභාව පහත දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර

පා.ම. ජානක වක්කුඹුර

පා.ම. ලොහාන් රත්වත්තේ

පා.ම. ඉන්දික අනුරුද්ධ හේරත්

පා.ම. ඩී.වී චානක

පා.ම. ශාන්ත බණ්ඩාර

පා.ම. අනුර දිසානායක

පා.ම. නීතිඥ රවුෆ් හකීම්

පා.ම. නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා

පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ

පා.ම. දයාසිරි ජයසේකර

පා.ම. රෝහිත අබේගුණවර්ධන

පා.ම. එරාන් වික්‍රමරත්න

පා.ම. නිමල් ලාන්සා

පා.ම. ජයන්ත සමරවීර

පා.ම. එස්.එම්. එම්. මුෂාරෆ්

පා.ම. නලින් බණ්ඩාර ජයමහ

පා.ම. එස්.එම් මරික්කාර්

පා.ම. රෝහිණී කුමාරි විජේරත්න

පා.ම. චමින්ද විජේසිරි

පා.ම. සංජීව එදිරිමාන්න

පා.ම. ජගත් කුමාර සුමිත්‍රආරච්චි

පා.ම. සුදර්ශන දෙනිපිටිය

පා.ම. නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත

පා.ම. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ

පා.ම. එම් රාමේෂ්වරන්

පා.ම. ශානක්‍යන් රාසමානික්කම්

පා.ම. රාජිකා වික්‍රමසිංහ

පා.ම. මධුර විතානගේ

පා.ම. රංජිත් බණ්ඩාර

පා.ම. චරිත හේරත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...