නාවික හමුදා ක්‍රීඩකයින් – ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පිට පිට මල්ලවපොර ශූරතා දිනති

Share post:

කොළඹ ටොරින්ටන්හි ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පසුගියදා පැවති 74 වැනි ජාතික මල්ලවපොර පිරිමි ශූරතාවය අඛණ්ඩව 20 වන වරටත් දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත්විය.

එහිදී ඔවුන් රන් පදක්කම් 05 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට සමත්විය.

එමෙන්ම රන් පදක්කම් 03, රිදී පදක්කම් 03 සහ ලෝකඩ පදක්කම් 4ක් දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම අනුශූරයන් බවට පත්විය.

එහිදී ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් අඛන්ඩව 6 වැනි වරටත් ශූරියන් බවට පත්විය.

මෙවර ජාතික මල්ලවපොර ශූරතාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළුව දිවයිනේ ප්‍රකට මල්ලවපොර ක්‍රීඩා සමාජ 20 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 ක පමණ පිරිසක් විවිධ බර පංතීන් යටතේ තරග කළේය.

ඡායාරූප ශ්‍රී ලංකා ගුවන් හමුදාව

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...