Home Blog Page 247

පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණ තහනම් : BMICH සම්මන්ත්‍රණ තහනම් : අපි වැඩ කරන්නෙ නීතියට විතරයි – වෙන්කිරීම් ප්‍රධානී

0

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය හා අවට මාර්ග අවහිර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ ඊයේ (07) තහනම් නියෝගයක් නිකුත් කළේය.

පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත්, අයවැය සම්බන්ධ වාද-විවාද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මෙවැනි අවස්ථාවක අරගලකරුවන් එසේ ක්‍රියාකළහොත් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා ඇතිවිය හැකි බවත් වැලිකඩ පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ සහ පොලිස් කොස්තාපල් හෂාන් යන නිලධාරීන් දෙදෙනා විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීම සම්බන්ධයෙන් සෑහිමකට පත්ව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහය

වැලිකඩ පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන මාර්ගය, සමනල පාලම අසල සිට පොල්දූව හන්දිය හරහා පාර්ලිමේන්තුව දක්වා වූ මාර්ගය අවහිර කරමින් එය භාවිත කරන මහජනතාවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පීඩාවක් ඇති වන ලෙස උද්ඝෝෂණයේ යෙදීම වළක්වාලමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇත. මෙසේ නියෝග නිකුත් කරනු ලැබූවේ කම්කරු අරගල මධ්‍යස්ථානයේ ලේකම් දුමින්ද නාගමුවට සහ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්ට ය.

BMICH තහනම

මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදෙන දෙසැම්බර් 10දා කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ ‘නිදහස සහ යුක්තිය උදෙසා අරගලය නියතයක්’ සම්මන්ත්‍රණය සඳහා එම ශාලාව ලබාදිය නොහැකි බව එහි සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ. සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් කොටසේ පැවැත්වීමට නියමිතව තිබූ එම සම්මන්ත්‍රණය සංවිධානය කරන්නේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මගිනි.

සංවිධායකයන් විසින් මෙම සම්මන්ත්‍රණය සඳහා මුදල් ගෙවා අදාළ ශාලාව වෙන්කරගෙන තිබුණේ පසුගිය 02දා ය. ඉන්පසු අද (08) BMICH කාර්යාලයෙන් සංවිධායකයන් අමතා පවසා ඇත්තේ අදාළ ශාලාව සඳහා ගෙවන ලද සම්පූර්ණ මුදල නැවත ලබාදෙන බවත්, සම්මන්ත්‍රණය සඳහා ඉඩ දිය නොහැකි බවත් ය.

‘පනතට අනුව බෑ’

මේ සම්බන්ධයෙන් thetime.lk බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වෙන්කිරීම් අංශයේ ප්‍රධානී (Head of Event and Reservations) දෙවන්ති ඇඹුල්දෙනියගෙන් කළ විමසීමේදී ඇය සඳහන් කළේ සම්මන්ත්‍රණය සඳහා ඉඩ ලබාදිය නොහැකි නිශ්චිත හේතුව සංවිධායකයන්ට දැනුම් දුන් බවයි. BMICH ආරම්භයේ සිට ම, එහි පනතේ සඳහන් කරුණක් වන්නේ සෘජු දේශපාලන අරමුණු සහ දේශපාලන ඉලක්ක සහිත කටයුතු සඳහා එය ලබාදිය නොහැකි බව යනුවෙන් ද සඳහන් කළ ඇය, එම හේතුව නිසා මෙම අවස්ථාවට ඉඩ දිය නොහැකි බව පැවසීය.

එකමුතුවක් ?

මෙම සම්මන්ත්‍රණය සඳහා මුදල් ගෙවා, ශාලාව වෙන්කරගෙන ඇත්තේ නීතිය හා සමාජ භාරය මගින් වුවද, ඊට අදාළ ප්‍රචාරක කටයුතුවලදී භාවිත කරන්නේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව යන නම බවත්, මෙම නම් දෙකේ පරස්පරතාව මත මෙම තීරණය ගත බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. එහිදී thetime.lk විමසුවේ එවැනි එකමුතුවක් තුළ සංවිධාන රැසක් තිබිය හැකි නිසා ඔවුන් සියල්ලන්ගේ නම්වලින් වෙන්කිරීම් කළ යුතුද යනුවෙනි. එහෙත් ආරම්භයේදී එවැනි එකමුතුවක් පිළිබඳ කිසිදු සඳහනක් නොකළ නිසා මෙය ගැටළු සහගත තත්ත්වයක් බව ඊට පිළිතුරු දෙමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වෙන්කිරීම් අංශයේ ප්‍රධානී දෙවන්ති ඇඹුල්දෙනිය සඳහන් කළාය.

අනවශ්‍ය වාද

මීට පෙර එවැනි වෙන්කිරීම් සඳහා අවස්ථාව ලබාදී නොමැති බවට සහතික විය හැකිදැයි විමසීමේදී ඇය සඳහන් කළේ එසේ ප්‍රතික්ෂේප කරන ලද අවස්ථා රැසක් ඇති බවයි. අප දිගින්-දිගටම ඒ පිළිබඳව විමසීමට සූදානම් වීමේදී ඇය සඳහන් කළේ තමන් පනත අනුව කටයුතු කරන බව පමණක් පැවසිය හැකි බවත්, තමන් ද රාජකාරියක් කරන නිසා ඒ පිළිබඳ අනවශ්‍ය ලෙස වාද කිරීමට නොහැකි බවත් ය.

ව්‍යවස්ථාවේ 14 (1)(අ)



ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත. සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එනම් ව්‍යවස්ථාවට අනුව එය පුරවැසියන්ට ඇති අයිතියකි.



14(1)(අ) ව්‍යවස්ථාවේ සීමාව



කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා ය. එහි 15(2)ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව බව ය.

එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව බව ද සඳහන් ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු


ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනිමින් නඩු තීන්දු රාශියක් ලබාදී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දු ලබාදීමේදී ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව පමණක් හුදෙකලා කොට තීන්දු ලබා දී නැත. එම ව්‍යවස්ථාවෙන් සංස්ථාපනය කොට ඇති අයිතිය සලකා බැලිය යුත්තේ 15(2) සහ 15(7) ව්‍යවස්ථාවල සඳහන් තත්ත්වයන් සමග ය.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දු කිහිපයක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන මෙසේ දක්වා ඇත.

වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87)
දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස තුළට ගැනෙන බව මෙම තීන්දුවේ දක්වා ඇත.

විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93)
රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බව මේ තීන්දුවේ දක්වා ඇත. මේ තීන්දුවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා මෙසේ සඳහන් කොට ඇත.
(Those who begin coercive elimination of dissent soon find themselves exterminating dissenters. Compulsary unfication of opinion achieves only the unanimity of grave yard. It seems trite but necessary to say that the first amendment was designed to avoid these ends by avoid these ends by avoiding these beginings.)

දේශප්‍රිය එදිරිව නගරාධිපති, නුවරඑළිය මහ නගර සභාව (1995(1)SLR/362)

මෙම නඩුවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ දක්වා ඇත.
‘විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිදුවන 14(1)(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වීමකදී එය විවිධාකාරයෙන් සිදුවිය හැකි අතර, සෘජුව හෝ වක්‍රාකාරයෙන් ද සිදුවිය හැකිය. රජය විසින් පාලනය කරනු ලබන ප්‍රවෘත්ති පත්‍රවල රජයට කෙරෙන විවේචනයන් පළනොකිරීම දේශපාලන මතය යන කාරණය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි අතර, රජයෙන් පාලනය නොවන පුවත්පතක් (යුක්තිය) බලහත්කාරයකින් හෝ වෙනත් ආකාරයකින් සැඟවීම හෝ යටපත් කිරීම ද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන අතර, එය පෙර සඳහන් දෙවන වර්ගයට අයත් අතර වඩාත් භයානක වරදක් වේ.’

නුවරඑළිය නගරාධිපතිවරයා විසින් යුක්තිය පුවත්පත් 450ක් බෙදාහරින්නට පෙර, පැහැරගෙන යෑමෙන් තම අයිතිවාසිකම් කඩ වූ බවට පැමිණිලි කරමින් එහි කර්තෘ සුනන්ද දේශප්‍රිය විසින් මෙම නඩුව ගොනු කොට තිබූ අතර, ඔහුගේ අයිතිවාසිකම් කඩ කොට ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නගරාධිපතිවරයාට නියෝග කළේය.

අමරතුංග එදිරිව සිරිමල් සහ තවත් අය (1993(1)SLR/264) (ජනඝෝෂා නඩුව)

රට පුරා විනාඩි 15ක් විවිධ ශබ්ද ඇති කරමින් එවකට පැවති එජාප රජයට විරෝධතාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් තීරණය කරනු ලැබූ අතර, නඩුවේ පෙත්සම්කරු ඉංගිරියේදී බෙරයක් ගසමින් එසේ විරෝධතාව දක්වන අතරතුර එය නවත්වන්නට දුන් අණ නොතකා බෙරය වැයීම නිසා පොලිස් පහරදීමකට ලක්වූ අතර, බෙරය ද පොලිසිය විනාශ කළේය. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.

මේ පූර්ණ ක්‍රියාවලියට එරෙහිව පැවරූ නඩුවේදී ඒ ආකාරයේ ප්‍රකාශනයක්ද මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රුපියල් 100,000ක වන්දියක් ‌ගෙවන්නැයි නියම කළේය. එසේම එම තීන්දුවේ රජයට එරෙහි සටන් පාඨ නීතිය කඩකිරීමක් නොවන බව ද, එය පොලිස් ආඥා පනත යටතේ ගැනෙන වරද නොවන බව ද සඳහන් කෙරිණි.

ප්‍රගීත් ද්‍රෝහියෙක් – මම ද්‍රෝහියෙක් : සන්ධ්‍යා එක්නැලිගොඩ – BBC 100 Women 2022

0

‘ප්‍රගීත් සහ මම කොටියෙක් කිරීමේ බරපතළ උත්සාහයක් ක්‍රියාත්මක වුණා. තවමත් ඒක සීයට සීයක් වෙනස් වෙලා නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයගෙ ආණ්ඩුව තියෙන කාලෙ සෘජුව ම කොටියෙක් කියන කතාව කියලා තිබුණා. ඊට පස්සෙ ආණ්ඩුව තියෙන කාලෙ පරීක්ෂණ යන අතරෙ මේ කොටි කතාවත් දිගටම ගියා. ඒ විතරක් නෙමෙයි විමල් විරවංශ කිව්වා, මට එන්ජීඕවලින් මාසෙට රුපියල් ලක්ෂය ගාණෙ දෙනවා, ඊට අමතරව ඩයස්පෝරා එකෙන් මම කතා කරන හැම වචනයකටම ගෙවනවා කියලා. කිසිම සංවිධානයක් අද වෙනකම් අපි සන්ධ්‍යා එක්නැලිගොඩට ගෙවනවා කියලා නෑ. ඒ වගේ ම විමල් වීරවංශලට ඒ කියපු කතා ඔප්පු කරගන්නත් බෑ. ඒ වුණාට මේ වගේ බරපතළ කතාවක් සමාජගත කරලා තියෙනවා. මොනතරම් අපරාධයක්ද ඒක.

විශේෂම කාරණය තමයි ප්‍රගීත්ව කොටි එක්ක සම්බන්ධ කළා කියන පුද්ගලයො නිරුපද්‍රිතව ඉන්නවා. ඒ අයට කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රගීත් විතරක් නෑ. අපිට කොටි කියලා හංවඩු ගහන අයට මහින්ද රාජපක්ෂත් එක්ක හිටපු, අදටත් එළියෙ වැඩ කරගෙන ඉන්න, මේ ආණ්ඩුවේ කට්ටිය එක්කත් සම්බන්ධකම් තියෙන කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ කට්ටිය ගැන කිසිම කතාවක් නෑ. ඥානසාරලයි – කරුණා අම්මාන්ලයි යාළුවො. ප්‍රගීත් ද්‍රෝහියෙක්. මම ද්‍රෝහියෙක්. ප්‍රගීත් පෑන හැර කිසි ම ආයුධයක් අතට ගත්ත කෙනෙක් නෙමෙයි.’

සන්ධ්‍යා එක්නැලිගොඩ එසේ පවසන්නීය.

‘වසරේ කාන්තාවන් 100’

BBC 100 Women 2022 යන ශීර්ෂයෙන් BBC ආයතනය විසින් නම් කරන ලද ‘වසරේ කාන්තාවන් 100’ අතරට ශ්‍රී ලංකාවේ සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැලිගොඩ ද නම් කර ඇත.

කාණ්ඩ 04ක්

විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ලෝකයට සාධනීය බලපෑමක් සිදු කරන සහ ලෝකයේ ඉදිරි ගමනට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන කාන්තාවන් 100 දෙනෙක් BBC ආයතනය විසින් වාර්ෂිකව නම් කරනු ලබයි. කාණ්ඩ 04ක් යටතේ එක් කාණ්ඩයකින් කාන්තාවන් 25 බැගින් එම 100 දෙනා තෝරාගනු ලබයි.

• Political and Education (දේශපාලනය සහ අධ්‍යාපනය)

• Culture and Sports (සංස්කෘතිය සහ ක්‍රීඩාව)

• Activism and Advocacy (සමාජ ක්‍රියාකාරිත්වය සහ උපදේශනය)

• Health and Science (සෞඛ්‍යය සහ විද්‍යාව)

සන්ධ්‍යා කොතැනද?

මේ අතරින් Activism and Advocacy – සමාජ ක්‍රියාකාරිත්වය සහ උපදේශනය කාණ්ඩයේ කාන්තාවන් 25 දෙනා අතරට සන්ධ්‍යා එක්නැලිගොඩ එක් කර ඇත.

BBC නිල වෙබ් අඩවිය සන්ධ්‍යා එක්නැලිගොඩ වෙනුවෙන් යොදන ලද හැඳින්වීම :

• Sandya Eknaligoda, Sri Lanka

Human Rights Activist

A human rights activist and campaigner, Sandya Eknaligoda is helping thousands of mothers and wives who lost loved ones during Sri Lanka’s civil war. Her husband, Prageeth Eknaligoda, a prominent investigative journalist and cartoonist, went missing in January 2010. He was a strong critic of the government and investigated alleged abuses against Tamil Tiger separatists.

Since his disappearance, the mother of two has been seeking justice. She accuses the supporters of Mahinda Rajapaksa, the former president of Sri Lanka, of being responsible for her husband’s abduction. While suspects have been identified, they have all been acquitted.

(මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී සිය ආදරණියයන් අහිමි වූ දහස් ගණනක් මව්වරුන් සහ භාර්යාවන් වෙනුවෙන් කටයුතු කරමින් සිටී. ඇයගේ ස්වාමිපුරුෂයා වන කැපිපෙනෙන ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සහ කාටුන් ශිල්පියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි මාසයේ සිට අතුරුදන් ය. දැඩි ව ආණ්ඩුව විවේචනය කළ ඔහු, එල්ටීටීඊ සංවිධානයට එරෙහි චෝදනා පිළිබඳව ද ගවේෂණය කළ අයෙකි. ඔහුගේ අතුරුදන්වීමෙන් පසු, සන්ධ්‍යා එක්නැලිගොඩ යුක්තිය සොයායමින් සිටී. සිය ස්වාමිපුරුෂයාගේ අතුරුදන්වීමට වගකිවයුතු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන්ගෙන් ඇයට දැඩි චෝදනා එල්ල වේ. මෙම අතුරුදන් කිරීමට අදාළ සැකකරුවන් හඳුනාගෙන තිබුණද, ඔවුන් සියල්ලන් නිදහස්ව සිටී.)

ඊට අදාළ සන්ධ්‍යා එක්නැලිගොඩගේ ස්වයං හැඳින්වීම් සටහන :

‘I am a woman who fights on behalf of others at every opportunity, engages in creative struggle, and overcomes challenges amidst insults and slander, through dedication and sacrifice’

(මම සෑම අවස්ථාවකදී ම අන්අය වෙනුවෙන් නිර්මාණාත්මක අරගලයක යෙදෙමින් අපහාස සහ අවලාද මධ්‍යයේ කැපවීමෙන් සටන් කරමින් අභියෝග ජයග්‍රහණය කරන කාන්තාවක් වෙමි.)

ලයිසන් නැති ලිංගික සබඳතා ඉන්දුනීසියාවේ තහනම්..!

0

ඉන්දුනීසියාවේ සංචාරක කර්මාන්තය Covid-19 බලපෑම්වලින් මිදීමට උත්සාහ කරමින් සිටියදී රටේ පාර්ලිමේන්තුව නව නීති සම්මත කරමින් රට තුළ සිටින ඕනෑ ම පුද්ගලයෙකුට විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම තහනම් කරමින් සහ දේශපාලන නිදහස සීමා කරමින් නව අපරාධ නීති සංග්‍රහයක් සම්මත කර තිබේ.

කෙසේවෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් සංචාරක කර්මාන්ත ප්‍රධානීන් පවසන්නේ බොහෝ සංචාරකයින් නිවාඩු ගත කිරීමට සඳහා පැමිණෙන බවත් ඔවුන් සියල්ලන් විවාහකයින් නොවන බවයි. එවැනි පසුබිමක් තුල කොවිඩ් බිය ඉවත් වුවද මෙවැනි නීති හේතුවෙන් සංචාරකයින් සංචාරයේ යෙදීමට බිය වන අතර එය සංචාරක ව්‍යපාරයට මරු පහරක් වනු ඇති බවද ඔවුන්ගේ අදහසයි.

මෙම නව අපරාධ නීති සංග්‍රහය වසර තුනකින් ක්‍රියාත්මක වීමට නියමිත අතර ඉන්දුනීසියානුවන්ට සහ රට තුළ වෙසෙන විදේශිකයන්ට මෙන්ම අමුත්තන්ටද එය අදාළ වේ.

ඒ් අනුව විවාහයෙන් පරිබාහිර ලිංගික ක්‍රියාවලට වසරක් දක්වා සිර දඬුවමක් නියම කෙරෙනු ඇත.

එමෙන්ම මානව හිමිකම් ක්‍රියාදරයින් මෙම නව නීති මානව හිමිකම් සඳහා “සිදුවන ව්‍යසනයක්” ලෙස නම් කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ ජකර්තා හි විරෝධතා පැවති අතර, එය අධිකරණයේදී අභියෝගයට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මාධ්‍යවේදීන්ගේ භූමිකාව ආගමික පූජකවරුන්ගේ භූමිකාවට වඩා වැදගත් ! – ගල්කන්දේ ධම්මානන්ද හිමි

0

සියලු ආකාරයේ ජාතිවාදී සහ ආගම්වාදී අන්තවාද යළිත් රට අනතුරේ හෙළන්න උත්සාහ කරමින් ඉන්න බව පේනවා. කොයි ආණ්ඩුව ආවත් ඔවුන් මේවා තමන්ගෙ දේශපාලන අනාගතයට පාවිච්චි කරනවා. මෙහෙම ගියොත් රටේ අනාගතයට මොකක් වෙයිද?

දෙමළ ද සිංහල ද කියලා වෙනසක් නැතුව සාමාන්‍ය මිනිස්සුන්ගෙ ප්‍රශ්න බොහෝදුරට සමානයි. කුඹුරු කරන අම්පාර, කුරුණෑගල, පොළොන්නරුව වගේ පළාත්වල සිංහල මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයි, උතුරේ කුඹුරු කරන අයට තියෙන ප්‍රශ්නයි සමානයි. ඒ නිෂ්පාදනවලට හරි මිලක් නෑ. තමන්ගෙ දරුවන් යවාගන්න හොඳ පාසල් නෑ. තියෙන පාසල්වලට හොඳ ගුරුවරු නෑ. තරුණයන්ට රැකියා නෑ. ඔය වගේ ප්‍රශ්න ගණනාවකින් දෙපැත්තෙම මිනිස්සු පීඩිතයි.

ඒ වගේම යුද්ධය නිසා මුහුණ දෙන්න වුණු විශේෂ ප්‍රශ්න ගණනාවක් ඔය කියන උතුරේ දෙමළ මනුස්සය ම අත්විඳලා තියෙනවා. ඒ කියන්නෙ දකුණට වඩා වෙනස් අත්දැකීමකුත් තියෙනවා. ඒ කියන්නෙ ඇත්තටම මිනිස්සුන්ට තියෙන්නෙ ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සුන්ගේ ඇඟට දැනෙන ප්‍රශ්න වෙනස්. මේ සිංහල, දෙමළ කියන එක ඒ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි, උඩින් ඒගොල්ලො මත දාන එකක් කියන එකයි මගේ අදහස. මේ ප්‍රශ්නෙ හරියට තේරුම් ගන්න ඕනෙ. එහෙම නැතුව සරල තැන්වලින් අල්ලගෙන වැඩ කරන්න අමාරුයි.

හාමුදුරුවනේ, යුද්ධයට සෘජු ව සහ වක්‍ර ව මුහුණ දීපු මිනිස්සුන්ගේ ඔළු හදන්න අපේ රටේ පශ්චාත් යුද කාලය තුළ කිසිම විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නෑ. මේ කාරණයත් මිනිස්සු පොළඹවාගන්න ලේසිවෙන්න බලපානවා නේද?

අර මම මුලින් කියපු ප්‍රශ්න එහෙම ම තියෙන අතරෙ යුද්ධය වෙනුවෙන් මේ රටේ වෙනම මතවාද හැදුණනෙ. ඒක උතුරටත් පොදුයි. දකුණටත් පොදුයි. මේ මතවාද ඔස්සේ ගිහින් එක පැත්තක් අනෙක් පැත්ත පරාජයට පත්කරලා අවසාන වුණාට පස්සෙ මේ දෙපැත්තම නැවත ස්වභාවික තත්ත්වයට ගේන්න කිසිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නෑ.

දකුණ මේ ජයග්‍රහණය කියන එක දිගටම පවත්වාගෙන ගියා. යුද්ධයෙන් හානි වූ උතුරෙත්, දකුණෙත් මිනිස්සුන්ගෙ මනස හදන වැඩපිළිවෙළක් හැදුණෙ නෑ. ඒ ගැන ප්‍රමාණවත් සාකච්ඡාවක් තිබුණෙත් නෑ. දකුණ දිගටම ජයග්‍රාහී මානසිකත්වයේ හිටියා. ඒ මානසිකත්වය තියාගන්න විවිධ කණ්ඩායම් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. උතුරේ මනසත් වෙනස් කරන්න අවශ්‍ය දේවල් වෙනුවට ඒ විදියටම තියාගන්නයි බලධාරීන් කටයුතු කළේ.

මේක බරපතළ කාරණයක්. එක ම රටක් ඇතුළෙ ජන කොටස් ජීවත් වෙන්නෙ විවිධ යතාර්ථවල. ඒ නිසා වරින්-වර ඔය ජාතිවාදය කියලා මතුකරන රැලි අලුතින් පටන්ගන්න ඒවා නෙමෙයි. අර සකස් කරපු පාරෙ ම දිගුවක් ඒක.

අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ජාතිවාදය අදාළ නෑ. ඒත් ගැටළුව තියෙන්නෙ පාලකයන් ඒකට පෙළඹවීමේ ප්‍රමාණය. කොහොමද මේකෙන් ජනතාව බේරාගන්නෙ…?

මම දකින දේ තමයි, අහවල් දේශපාලනඥයො මේක කරයි, අරයා මේක කරන්න ඕනෙ වගේ දේවල් බලාගෙන හෝ ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ තේරුමක් නෑ. ආගමික නායකයො වෙන්න පුළුවන්, සමාජ සංවිධාන වෙන්න පුළුවන් ඒ වගේ සක්‍රීය සමාජයක් හරහා තමයි මේක කරන්න පුළුවන්. ඒක තමයි අවශ්‍ය වෙන්නෙ.

අපේ වගේ සමාජයක ආගමික නායකත්වයට මෙතැනදි වැඩි බරක් දාන්න පුළුවන්…?

මගේ අදහසත් ඒක තමයි. ආගමික මූලයන්වලට ගියහම මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දීම ගැන අපිට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. බුදු දහමෙ මෛත්‍රිය ගැන කතා කරනවා. කිතුනු දහමෙ අසල්වැසියාට ප්‍රේම කිරීම ගැන කතා කරනවා. ඒ කියන්නෙ අනෙක් සියලුදෙනා ගැන කතා කරනවා. එතැනින් අපිට හොඳ ආරම්භයක් ගන්න පුළුවන්.

දේශපාලකයා කියන්නෙ බලය ඉලක්ක කරගෙන කටයුතු කරන පිරිසක්. මේ බෙදීම් රේඛා ඇති කරන්නෙත් ඒ වෙනුවෙන්. ඔවුන්ට ඡන්ද ගොඩක් ලැබෙන්නේ මේ ජාතිවාදී මතවාද පෝෂණය කිරීමෙන් සහ ඒවා එකිනෙකට ඇවිළවීමෙන්.

ඒත් අපි කොයි තරම් කතා කළත් ආගමික නායකයන් විසින් ම තමයි, මේ මතවාද දරුණු විදිහට පෝෂණය කරන්නෙ, ඒක හැම ආගමකට ම පොදුයි…?

ඒක තමයි තියෙන බරපතළ ම ගැටළුව. බුදු දහම ගන්න. බුදු දහමේ තියෙන ඉගැන්වීම් මේ ජාතිවාදී බලවේගවලට මුහුණට-මුහුණ මුණගැස්සුවොත් ඔවුන්ට උත්තර නැතිවෙනවා. ඔවුන්ට මුහුණදෙන්න බෑ. උපත මත කිසිම කෙනෙක් උසස් පහත් වෙන්නෙ නෑ, පැවිදි සංස්ථාව ගොඩනැංවීමේ මූලික කාරණය බෙදීම් නෑ කියන එක. ඒවා මේ ඇතැම් කණ්ඩායම් පෙන්වන ආගමික කාරණාවලට වඩා සම්පූර්ණ වෙනස්. හැබැයි මේක අභියෝගයට ලක්කරන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේ කළ යුතු ම දේ. ආගම් නියෝජනය කරන තරුණ පිරිස් ඉන්නවා, සාධනීය අදහස්වල. මේකට අපි දිගටම උත්සාහ කරන්න ඕනෙ, එතකොට තමයි කොයි වෙලාවෙ හරි මේක දැල්වෙන්නෙ.

අනෙක් කාරණය තමයි, මේ කියන හාමුදුරුවරු කියන්නෙත් පහුගිය යුද්ධ කාලෙ පුරා ම ඒ අත්දැකීම් විඳපු අය. ඒගොල්ලොන්ගෙ දායකයන්ගෙ දරුවො මැරෙනවා. ඒ අයට පාංශුකූලෙ දෙන්න යනවා. බුද්ධ පූජා තියනවා. මායිම් ගම්මානවල හිටියා නම් ඒ හාමුදුරුවරු ඉබේ ම එක පාර්ශ්වයකට යනවා. ඒගොල්ලොත් එක ඉලක්කයක්. ඒ මානසිකත්වයෙන් හාමුදුරුවරු වගේ ම පූජකතුමන්ලත් මුදවාගන්න ඕනෙ.

සංහිඳියාව කියන වචනය මේ වැඩේදි පාවිච්චි කරන්න මම එච්චර කැමති නෑ. මම කැමති සුවපත් වීම කියන වචනය පාවිච්චි කරන්න. ඒක තමයි අපිට ආගන්තුක නැති වචනය. කෙනෙක් හාමුදුරු කෙනෙක්ට වැන්දහම කියන්නෙ සුවපත් වේවා කියලා. ඒ කියන්නෙ ශරීරය ලෙඩකින් සුවපත් වෙන්න කියලා නෙමෙයිනෙ. ඒ කතා කරන්නෙ මානසික සුවය ගැන. තමන් සුවපත් වෙලා අනුන්ව සුවපත් කිරීම ගැනයි බුදු දහමෙ කතා කරන්නෙ. කරණීයමෙත්ත සූත්‍රයෙ යන්තං සන්තං පදං කියන්නෙ ශාන්ත පදය කියන එක. මෙතැන තියෙන්නෙ සුවපත් වීමේ ප්‍රමාණය මත ප්‍රශ්නයක්. එක-එක්කෙනාගෙ තුවාලවල ප්‍රමාණය වෙනස්. ඒ වගේම සුවපත් වීමේ ප්‍රමාණයත් වෙනස්. මෙතැනදි තවත් කාරණයක් කියන්න ඕනෙ, වෛද්‍යවරයා කොයිතරම් බරපතළ ලෙඩකින් පීඩාවින්දත්, එයා දෙන බෙහෙතෙන් ලෙඩ්ඩු සනීප වෙනවා. ඒ වගේ තමයි ආගමික නායකයනුත්. ඒගොල්ලොත් තුවාල සහිත තමයි. ඒත් යමක් කරන්න පුළුවන් නම් වඩා වැදගත් වෙනවා.

හැබැයි හාමුදුරුවනේ, මේ තුවාලවල ප්‍රමාණය අඩු තරුණ පරම්පරාවක් අද ඉන්නවා…?

ඔව්. ඒ පිරිසට ප්‍රමාණාත්මක ව ගත්තහම තියෙන තුවාල පමාණය අඩුවෙන්න පුළුවන්. ඒ අයගෙන් වඩා වැඩි යමක් ගන්න පුළුවන්. ඔවුන් ව එතැන්ට යොමු කරන්න ඕනෙ. ඒ අවශ්‍යතාව හදන්න ඕනෙ.

ඔබ වහන්සේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරයක් දරනවා. ඇත්තටම මෙතැනදි විද්වත් ප්‍රජාව ප්‍රමණවත් පරිදි මැදිහත් වෙන්නෙ නෑ. ඒ බහුතරයේ නිහඬතාවත් ඉතාම බරපතළ කාරණයක්, ඒ වගේම ඔවුන් ජාතිවාදය පෝෂණය කරනවා…?

ඇත්තටම අසූ තුනේ සිද්ධිය වෙනකොට විද්වත් ලෝකයට ඒ තරම් දැනුමක් නොතිබුණා කියලා හිතමු. ඒත් ඊට පස්සෙ අවස්ථා ගණනාවකදි ඒක ම වෙන්න යනකොට විද්වත් සමාජය පෙන්නුම් කරපු නිහඬ බව හරි ම භයානකයි. ඒවා මමත් හරි ම කම්පනයකට පත් වුණු අවස්ථා. සමාජයේ මත හැඩගස්වන්නන් නිහඬයි.

ඒ අය තමන්ට කරන්න පුළුවන් කාර්යභාරය නොකළා කියලා චෝදනා කරන්න පුළුවන්. ඒත් අපි තේරුම් ගන්න ඕනෙ, ඒගොල්ලොත් මුලින් කියපු රෝගීන් ගොඩේමයි ඉන්නෙ. ඒ අයටත් යුද්ධයෙන් ප්‍රමාණාත්මක ව වෙනස් තුවාල සිදුවෙලා තියෙනවා. ඒ අයත් ප්‍රතිචාර දක්වන්නෙ ඒ අනුව. ඒ නිසා ඒ අයට චෝදනා නොකර ඒ අයගෙ වගකීම පිළිබඳ හැඟීමක් ඇතිකරවන්න පුළුවන් නම් වඩා වැදගත්.

මෙතැනදි ඇත්තටම අපි කරන්න ඕනෙ කාටවත් චෝදනා කරන එක නෙමෙයි. අපේ සමාජය බරපතළ විදිහට මිලිටරීකරණය වෙච්ච සමාජයක්. අසූව දසකයේ ඉඳලා වෙච්ච දේවල් බලන්න. විකල්ප මත දරන එක භයානකයි කියන එක සමාජගත වුණා. විශ්වවිද්‍යාලවල ඉස්සර විවිධ මත දරන අය ගෙනැත් සංවාද කළා. දැන් ඒවා තිබුණත්ල ප්‍රමාණාත්මකව කරන බලපෑම මදිග ඒ සංවාදවලට හැමදාම සහභාගි වෙන්නෙ එක ම පිරිසක්ග සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරු කියනවා, හාමුදුරුවනේ අපිත් ඉන්නෙ ඔය මතයෙ, ඒත් කියන්න බයයි කියලා. ඒ වගේ මිනිස්සු භීතියට පත්කරලා තියෙන්නෙ. ඒ මානසිකත්වය තවම හරියට වෙනස් වෙලා නෑ. ඒකයි මම කියන්නෙ හැමකෙනාම තුවාල වෙලා ඉන්නෙ කියලා. ඒ තුවාල සුවපත් කිරීමයි කළ යුත්තේ. ඇත්තටම එතැනදි තරුණ පරම්පරාවට වැදගත් කාර්යභාරයක් තියෙනවා.

හාමුදුරුවනේ, අපි පාසැල පැත්තට හැරෙමු. ඔළුව පොහොසත් නැති ගුරුවරු පාසැලේදි බරපතළ විදිහට ශිෂ්‍යයාගෙ ඔළුවට ජාතිවාදී-ආගම්වාදී අදහස් දානවා. ඒ ශිෂ්‍යයාට යුද්ධයේ අත්දැකීම් නැති වුණත් එළියට එන්නෙ තරමක් අන්තවාදී අදහස් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්…?

අධ්‍යාපන ක්‍රමය වෙනස් කළත් ආපහු ඒ අධ්‍යාපනය දෙන්නෙ හිටපු ගුරුවරුමනෙ. ඒක නිසා මේක අමාරු කාර්යයක්. බෞද්ධ ආදර්ශයක් විදිහට ගත්තොත් ඒක මෙහෙම කියන්න පුළුවන්. බොර වෙච්ච, අවර්ණ වෙච්ච ජල බඳුනක් තියෙනවා. ඒකට නොනවත්වාම පිරිසිදු ජලය එකතු කරන්න. එතකොට ටිකින් ටික අපිරිසිදු ජලය ඉවත් වෙලා පිරිසිදු ජල බඳුනක් බවට පත්වෙනවා. ඒක ලේසි වැඩක් නෙමෙයි.

අත්නොහැර මේකට පිරිසිදු ජලය එකතු කළ යුතුයි. නිදහස ලබනකොට ආසියාකරයේ දියුණුතම රාජ්‍යය බවට පත්වීමේ විභවය තිබුණු රට මෙතැන්ට ආවෙ ඇයි කියන කාරණය ගත්තහම ඒකට අරයට මෙයාට ඇඟිල්ල දික්කරලා තේරුමක් නෑ. අපි ඔක්කොම එකතු වෙලා මේක විසඳගන්න ඕනෙ. පිටතින් එන කවුරුත් මේක විසඳන්නෙ නෑ. විශේෂයෙන්ම මෙතැනදි මාධ්‍යවේදීන්ගේ භූමිකාව ආගමික පූජකවරුන්ගේ භූමිකාවට වඩා වැදගත්. අවුලක් ඇතිකරන්න ම වැඩ කරන සමහර චැනල් තියෙනවා. හැබැයි ඒ අයත් අර විදියට ම තුවාල ලත් අය. ඒකත් මතක තබා ගත යුතුයි.

(ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමග මීට පෙර සිදුකරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව, මෙසේ අද දිනයේ අප පළකරනු ලබන්නේ එහි ඇති සර්වකාලීන වැදගත්කම නිසා ය.)  

මර්දනය : සිරිධම්ම හිමි නිදහස් – මුදලිගේට ඇප ලැබුණත් රිමාන්ඩ් !

0

පොදු දේපොළවලට හානි කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ එම භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් වන වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඇප මත මුදා හැරිණි.

ඒ, රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප දෙකක් මත ය.

මෙම නියෝගයත් සමග අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත නිදහස් වේ. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ද චෝදනා එල්ල කර ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට තවදුරටත් එම චෝදනාවට අදාළ ව රක්ෂිත බන්ධනාගාරගත ව සිටීමට සිදු වේ.

සබැඳි පුවත්

“මුදලිගේ සහ සිරිධම්ම හිමියන්ට බලපාපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කරුණා, පිල්ලෙයාන්, කේ.පී. ට තිබුනද?”

වසන්ත – සිරිධම්ම හිමි රිමාන්ඩ් : නීතිපති උපදෙස් තවම නෑ !

රැඳවුම් නියෝග දීර්ඝ නොකරයි : මුදලිගේ – සිරිධම්ම හිමි ත්‍රස්තවාදී චෝදනා දිගටම ?

සිරිධම්ම හිමිට ඇප : මාධ්‍යයට අදහස් දැක්වීම වලක්වන්නැයි නීතිපති ඉල්ලයි !

ආණ්ඩුව පොලිසිය යොදවා සීමාවක් නැතුව අධිකරණයට අපහාස කරයි !

‘ඕක අතහැරලා දාන්න’ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උපදෙස් දෙයි : පොලිසියේ කාන්තා පහසුකම් කමිටුව ලත් තැන ලොප් !

අදානිගෙන් ගලවා ගත් නැගෙනහිර පර්යන්තය ජපානයට : ඉන්දියාවෙන් තීරණාත්මක මෙහෙයුමක් !

0

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා විදේශ රටකට ලබාදීම අනිවාර්යෙන් ම කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඊයේ (05) කොළඹදී පැවති ආර්ථික සමුළුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ‘අපිට ඇත්තටම ඒක කරන්න අවශ්‍ය නම්, නැගෙනහිර පර්යන්තය දිය යුතුයි’ යනුවෙනි. එය ජපානයට ලබාදීමට කටයුතු කරන බවත්, ජපානය එය ලබාගැනීම ප්‍රතික්ෂේප කළහොත් පමණක්, අනෙක් පාර්ශ්ව සඳහා එය විවෘත කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජපන් රජය මෙම යෝජනාවට එකඟ වනු ඇති බවයි. මීට පෙර මේ සම්බන්ධයෙන් ජපාන ආයෝජකයන් කණ්ඩායමක් සමග සාකච්ඡා කර ඇතැයි ද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

පර්යන්ත පහක්

කොළඹ වරායේ ක්‍රියාත්මක පර්යන්ත පහක් තිබේ. ජායා පර්යන්තය (Jaya Container Terminal), සමගි පර්යන්තය (Unity Container Terminal), SAGT (South Asia Gateway Terminal) පර්යන්තය, CICT (Colombo International Container Terminal) පර්යන්තය සහ නැගෙනහිර පර්යන්තය (EAST Container Terminal – ECT) ඒවා වේ. තවමත් ඉදිකර නොමැති යෝජිත පර්යන්තය වන්නේ WCT (Western Container Terminal) හෙවත් බටහිර පර්යන්තයයි. මේ අතරින් දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරායට අයිති පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක වන්නේ ජායා පර්යන්තය (JCT) පමණි.

ගෝඨාභය පැරදවූ මහින්ද

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඒ සම්බන්ධ සියලුම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් හදිසියේ නිකුත් කළේය. ඊට හේතු වූයේ කොළඹ වරායේ මෙම නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමේ තීරණයට වරාය වෘත්තීය සමිති ඇතුළු බහුතර වෘත්තිකයන්ගෙන් එල්ල වූ බරපතළ විරෝධයයි. ඊට එරෙහිව දැවැන්ත විරෝධතා රැසක් කොළඹ දී පැවැත්විණි. ඒ අතර වරාය සේවකයෝ වැඩ වර්ජන සහ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් ද ක්‍රියාත්මක කළහ.

විරෝධය උත්සන්න වීමත් සමග, එවකට අගමැති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නැගෙනහිර වරාය විකුණන්නේ නැති බවයි. එය වරාය අධිකාරිය සන්තකයේ ම තබාගන්නා බව ද ඔහු එහි දී අවධාරණය කළේය.

දැඩි තීරණ දිය වූ හැටි

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එවකට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක ද පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සීයක් රජයේ පාලනය යටතේ පවතිනු ඇති බවයි. එහෙත් අගමැතිවරයාගේ නිවේදනයට පෙර සභාපතිවරයා දැඩි ව අවධාරණය කර සිටියේ නැගෙනහිර පර්යන්තය සඳහා ආයෝජන කැඳවීමක් අනිවාර්යෙන්ම සිදුකරන බවත්, වෘත්තීය සමිති පවසන ආකාරයට එම තීරණ ගැනීමට ආණ්ඩුව කිසිසේත්ම සූදානම් නැති බවත් ය.

සභාපතිවරයා එසේ පැවසීමට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද අවධාරණය කළේ නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට පැවරීමේ තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයත් සමග නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරන ආකාරය සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ද ඉදිරිපත් කෙරිණි. එහෙත් එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන නොගියේ බහුතරයෙන් එල්ල වූ විරෝධය නිසා ය. මේ පර්යන්තය විදෙස් රටකට පැවරීමට විරුද්ධ බව එවකට ආණ්ඩු පක්ෂයේ පක්ෂ 10ක නියෝජිතයෝ ද පැවසූහ.

නැගෙනහිර සිට බටහිර දක්වා

ඉන්පසු එවකට ආණ්ඩුව පාර්ශවයෙන් වරායේ බටහිර පර්යන්තය ආයෝජන සඳහා විවෘත කිරීමට අදාළ යෝජනාවක් වෘත්තීය සමිති වෙත ඉදිරිපත් කළේය. ඊට වෘත්තීය සමිතිවලින් ද බරපතළ විරෝධයක් එල්ල වූයේ නැත. ඉන්පසු ඉන්දියාවේ අදානි සමාගමට එම පර්යන්තය පැවරීමට අදාළ ගිවිසුම් අත්සන් කෙරිණි. එය අලුතින් ම ඉදිකරන පර්යන්තයකි.

වෘත්තීය ක්‍රියාකාරිත්වය

මේ අතර නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුව ලිඛිත ප්‍රකාශයක් ලබාදෙන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ග අත්නොහරින බව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ එකමුතුව එහිදී සඳහන් කළේය. එහි සම කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මේ සම්බන්ධයෙන් එවකට පැවසුවේ මෙසේ ය.


‘ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය සියයට සියයක් මෙහෙයවිය යුතුයි කියන යෝජනාවලිය කැබිනට් අනුකාරක සභාව වෙත අපි බාරදීලා තියෙනවා. මේ අවස්ථාව වන විට නැගෙනහිර පර්යන්තය සියයට 51ක් සහ සියයට 49ක් ලෙස ආයෝජනය කිරීමක් යැයි පවසමින් රජය මුසාවක් පවසන බව පැහැදිලියි. ඒ නිසා තමයි අපි අකුරට වැඩකිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළේ. ආණ්ඩුව පවසන ආකාරයට  නැගෙනහිර පර්යන්තයේ සියයට 51ක් සහ සියයට 49ක් ලෙස ආයෝජනය කරනවා කියන යෝජනාව අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. මොකද අපි සොයාගත් කරුණු අනුව එහෙම දෙයක් නැහැ. මේ ආයෝජනයත්, කොටස් වෙළෙඳපොළේ ආයෝජනයත් නිසා ශ්‍රී ලංකාවට ලැබෙන්නෙ සියයට 15යි කියලා තියෙනවා. මේ ක්‍රියාවලියට අපි විරුද්ධයි.’

ටෙන්ඩර් දූෂණය

එහිදී ආණ්ඩුව අනුගමනය කිරීමට සූදානම් වූ ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන් ද වෘත්තීය සමිති ජනතාව දැනුවත් කළේය.


‘නැගෙනහිර ජැටිය සම්බන්ධ කැබිනට් පත්‍රිකාවට ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අදානි කියන නාමය ඇතුළත් වුණේ කොහොමද කියන එක ගැන විශාල ගැටළුවක් තියෙනවා. මේ තුළ දූෂණයක් සිදුවෙලා තියෙනවා කියලා අපි කියන්නෙ ඒ නිසයි. අදානි සමූහ ව්‍යාපාරය ඉන්දියාව තුළ වරායන් 11ක් මෙහෙයවනවා. ඉන්දියාවට අයිති එකම වරායත් ඔවුන්ට ලබාදෙන්න කියලා ඉන්දීය ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අදානි සමාගමට ඉන්දියාවෙ විශාල විරෝධයක් තියෙනවා. ඒ සමගම ඉන්දියාවෙ රජයේ වරාය වන ජවහර්ලාල් නේරු වරාය පාඩු ලබන තත්ත්වයට පත්කරන්න ඉන්දියාවෙ අගමැතිවරයා කටයුතු කරලා තියෙනවා. ඉන්දියාවෙ සම්පත් අදානි සමාගමට පැවරීමට එරෙහිව එරට වැසියෝ කරන අරගලය නිසා මේ වන විට ජීවිත 150ක් පමණ අහිමිවෙලා තියෙනවා. මෙහෙම තියෙද්දි ඉන්දියාවෙ කොලනියක් නැගෙනහිර පර්යන්තයේ හදන්න යනවාද කියන බරපතළ ගැටළුව අපිට තියෙනවා. රටේ ජාතික සම්පත් විනාශ කරන මෙම අදානි සමාගම අපිට ලොකු හිසරදයක් වෙයි කියලා අපි හිතනවා.’

කෙසේ වෙතත් බටහිර පර්යන්තය අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලින් දැඩි විරෝධයක් එල්ල වූයේ නැත.

2029දි මොකද වෙන්නෙ?


ඉන්දියානු මහාද්වීපය තුළ ඇති විශාලතම සහ කාර්යක්ෂම වරාය අතරින් කොළඹ වරායට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
එස්ඒඑජීටී (SAGT) සමාගම ශ්‍රී වරාය අධිකාරිය සමග අත්සන් කර ඇති ගිවිසුම 2029දී අහෝසි වේ. ඉන්පසු එස්ඒජීටී (SAGT) ජැටිය වරාය අධිකාරියට හිමිවීමට නියමිත ය. එසේම වරාය අධිකාරියේ ඉංජිනේරුවන් පෙන්වාදෙන්නේ මීටර් 18ක් ගැඹුරු පර්යන්තයක් ඉන්දියාවේ ද නොමැති බවයි. එම නිසා එක ම මොහොතේ විශාල ප්‍රමාණයේ නැව් 06ක සහ සාමාන්‍ය නැව් 04ක මෙහෙයුම් කිරීමේ හැකියාව කොළඹ වරාය සතු බව ද ඔවුහු පෙන්වා දෙති. ඔවුන් අවධාරණය කරන්නේ පවතින ආර්ථික අස්ථාවරත්වය මත ඇතැම් තත්ත්වයන් වෙනස් වුවද, නැගෙනහිර පර්යන්තය සියයට සීයක් වරාය අධිකාරියේ පාලනය යටතේ තබාගැනීම මගින් විශාල ලෙස ඩොලර් උත්පාදනය කළ හැකි බවයි.

නැගෙනහිර ප්‍රමාදය දිගටම

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2020 ඔක්තෝබර් 27දා ය. මෙම පර්යන්තයට දොඹකර 04ක් සහ ජංගම දොඹකර මිලදීගැනීම සඳහා 2020 / 2021 කාලයේදී මුදල් වෙන්කෙරුණද, දිගින්-දිගටම එම උපකරණ ප්‍රමාණවත් පරිදි මිලදී ගැනීම ද ප්‍රමාද කෙරිණි.

කඩිනම් සාකච්ඡාවක්

කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ මෙම පර්යන්තය ජපානයට පැවරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟ බව වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහසයි. එය අවසාන අදහස නොවන බවත්, වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මේ සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡාවක් පවත්වන බවත් ඔවුහු පවසති.

ඇමති සද්ද නෑ !

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නිල තීරණය සම්බන්ධයෙන් දැනගැනීමට වරාය, නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා සම්බන්ධ කර ගැනීමට thetime.lk අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද, එය ව්‍යර්ථ වූයේ ඔහු දිගටම දුරකතනයට ප්‍රතිචාර නොදැක්වූ නිසා ය.

ත්‍රයිපාර්ශ්වික භූදේශපාලනික ගිවිසුමක්

මේ අතර 2019 වසරේ සිට සාකච්ඡා වෙමින් පැවති ත්‍රයිපාර්ශ්වික භූදේශපාලනික ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද අලුත් කතාබහක් ආරම්භ වී තිබේ. එම ගිවිසුම් සාකච්ඡාවලට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ සමාගමක් පිහිටුවීමට නියමිත ය. 2021 පෙබරවාරි මාසයේදී මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ NDTV නාලිකාවට අදහස් දක්වමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ කොළඹ වරාය සංවර්ධනය පිළිබඳව ජාත්‍යන්තර දායකත්වය ලබාදීමේ සාකච්ඡා ශ්‍රී ලංකා රජය සමග අඛණ්ඩව පවත්වන බවයි.

ගෝඨාභය අසමත් තැනින් ඉදිරියට

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, එරට විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර් සහ ඇමෙරිකාවේ එවකට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද මෙම වරාය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කළ බව NDTV නාලිකාව අවස්ථා කිහිපයකදී වාර්තා කර තිබේ. කෙසේ වෙතත් රට තුළින් ආ විරෝධයට මුහුණ දෙන්නට ගෝඨාභය රාජපක්ෂට නොහැකි වූ බව ද ඒ සමයේදී විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රනිල්ගේ අලුත් ආරම්භය

රාජ්‍ය තාන්ත්‍රික විශ්ලේෂකයන් අවධාරණය කරන්නේ මේ තත්ත්වය යටතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊයේ (05) ආර්ථික සමුළුවේදී කළ ප්‍රකාශය භූ දේශපාලනික වශයෙන් තීරණාත්මක මෙහෙයුමක ආරම්භයක් වනු ඇති බවයි.

LPL තරගාවලිය අදින් ඇරඹේ

එල්.පී.එල්. තරගාවලියේ තුන්වැන්න අද (6 වැනිදා) කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන් හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

වනිදු හසරංග පසුගිය අදියර දෙකෙහිදිම ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අර ඔහු මෙවර මහනුවර ෆැල්කන්ස් නායකත්වය දරන අතර භානුක රාජපක්ෂ වෙනුවට මෙවර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇත. එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස්(කලම්බු ස්ටාර්ස්), තිසර පෙරේරා(යාපනය කිංග්ස්), දසුන් ශානක(දඹුල්ල අවුරා) කණ්ඩායම් වල නායකත්වය දරනු ඇත.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 42ක් සහ විදේශීය ක්‍රීඩකයන් 30 දෙනෙක් සහභාගිවන අතර ඒ අතර රවී බොපාරා, බෙනී හොවෙල්, කරීම් ජානට්, නවීන් උල් හක්, රොමාරියෝ ෂෙෆර්ඩ්, හයිදර් අලී, නූර් අහමඩ්, සිකන්දර් රාසා, අන්වර් අලී, අසාද් ෂාෆික්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, ටොම් කොලකැඩ්මෝ, ජේම්ස් නීෂම්, රමනුල්ලා ගුර්බාස්, ෂොයිබ් මලික්, ෆේබියන් ඇලන්, කාලෝස් බ්‍රේත්වයිට්, නජිබුල්ලා සාර්දාන් ඉදිරියෙන්ම සිටිති.

ආබාධවලට ලක්වීම නිසා දිගු කාලයක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව ප්‍රතිකාර ලබමින් සිටි ආරම්භක පිතිකරුවන් වන අවිශ්ක ප්‍රනාන්ද සහ කුසල් ජනිත් පෙරේරා මෙවර එල්.පී.එල්. තරගාවලියත් සමගින් නැවතත් පිටියට පිවිසෙති.

තෙවැනි අදියරේ සමාරම්භය සනිටුහන් කරමින් අද පස්වරු පස්වරු 3.00 ට යාපනය කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් තරග වැදීමට නියමිතව ඇති අතර සමාරම්භක දිනයේ දෙවැනි තරගය කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර තරගය රාත්‍රී තරගයක් විදිහට පැවැත්වීමට නියමිතය.

මෙවර කණ්ඩායම් වල පුහුණුකරුවන් ලෙසින් රුවන් කල්පගේ(කලම්බු ස්ටාර්ස්), තිලිණ කණ්ඩම්බි(යාපනය කිංග්ස්), මොයින් ඛාන්(ගෝල් ග්ලැඩියේටර්ස්), මිකී ආතර්(දඹුල්ල අවුරා) සහ පියල් විජේතුංග(මහනුවර ෆැල්කන්ස්) කටයුතු කරති.

ගන්නේ 29යි – වියදම 56යි : විදුලි බිල ගැන කාංචනගෙන් පැහැදිලි කිරීමක් !

0

පාරිභෝගිකයෙකුගෙන් අයකරනු ලබන්නේ සාමාන්‍යයෙන් රුපියල් 29.14ක් වුවත්, විදුලි ඒකකයක් උත්පාදනය සඳහා රුපියල් 56.90ක් වැයවන බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

මේ නිසා සිදු වන පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 423.5ක් බව ඔහු එම පණිවුඩය මගින් පෙන්වා දෙයි.

අමාත්‍යවරයා පළකර තිබූ විදුලි ගාස්තු පිළිබඳ ට්විටර් සටහන් පහතින් දැක්වේ.

විදුලි ගාස්තු යළි ඉහළට

මේ අතර 2023 වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී සිට විදුලිය ගාස්තු පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පසුගියදා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී පැවසීය.

ඒ අනුව විදුලි බිල සියයට 70කින් වැඩි කිරීමට යෝජනා වී ඇති අතර, ඉන් සියයට තිහක් ජනවාරි මාසයේදී ද ,ඉතිරි සියයට 40ජුනි මාසයේදී ද වැඩි කිරීමට යෝජනා වී තිබේ.

ලංවිම කෑලි කරයි

ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව ඇමති කංචන විජේසේකර විසින් ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලට ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

යෝජිත නව සමාගම් 8 යටතේ විදුලිය ජනනය සඳහා සමාගම් දෙකක් ද සම්ප්‍රේෂණය සඳහා සමාගම් දෙකක් සහ බෙදාහැරීම සඳහා සමාගම් හතරක් වශයෙන් පිහිටුවනු ඇත.

එමෙන්ම විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුර වෙනුවට මෙම සමාගම් අට සඳහා නිසි බලධරයකු පත් කිරීමට ද යෝජනා වී තිබේ.

විදුලි පුටුවේ සිට රනිල්ගේ කම්බි වැට දක්වා : ෆේක් නිව්ස් දේශපාලනයෙන් ගලවන්න පුළුවන් ද?

0

වෛරී ප්‍රකාශ පළකිරීම සහ ඒ සඳහා අසත්‍ය පුවත් යොදාගැනීම සමාජ මාධ්‍ය ජාලවල බරපතළ තත්ත්වයකි. සමාජ මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ බරපතළ ගැටළු ඇති ලංකාව වැනි රටක, මේ තත්ත්වය පාලනය කිරීම අතිශය අසීරු කටයුත්තකි. මේ අසත්‍ය පුවත් Dis-information (අසත්‍ය තොරතුරු), Mis-information (වැරදි තොරතුරු), Mal-information (යම් තොරතුරක් සත්‍ය වුවත්, එය පළකිරීමෙන් සමාජයට, පුද්ගලයන්ට හානියක් වන තොරතුරු) ලෙස හඳුනාගත හැකිය.

එවැනි තත්ත්වයක් තුළ මේ අසත්‍ය පුවත් අභියෝගය ජයගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් අවශ්‍ය වේ.

අභියෝගය

ලංකාවේ සමාජ මාධ්‍ය භාවිත කරන අතිශය බහුතරයක් අසත්‍ය පුවත්, එහෙමත් නැත්නම් ෆේක් නිව්ස් පිළිගනී. එසේම ඔවුහු තර්කයකින් තොරව තමන්ගේ මතවාද සමග ඒවා ඉදිරියට ගෙන යෑමට ද කටයුතු කරති. එවැනි තත්ත්වයක් තුළ සත්‍ය පුවත් සමාජගත කිරීම බරපතළ අභියෝගයකි.

එහෙත් එය ජයගත හැකි අභියෝගයකි. ඒ සඳහා ව්‍යාජ පුවත් යනු මොනවාද යන්න නිවැරදිව හඳුනාගත යුතු වේ. සමාජ මාධ්‍ය තුළ පමණක් නොව, පුවත්පත් – ගුවන්විදුලි – රූපවාහිනී ඇතුළු සාම්ප්‍රදායික මාධ්‍ය තුළත් ඒ වෙනුවෙන් නිවැරදි අර්ථනිරූපණයක් තිබිය යුතුය. අනෙක් අතට ඒ වෙනුවෙන් වන දැනුම් පද්ධතියක්, නැතහොත් සාක්ෂරතාවක් තිබිය යුතුය.

හඳුනාගැනීම

ලෝකය පුරා ම මේ මොහොතේ අප අත්දකිමින් සිටින්නේ ව්‍යාජ පුවත්, වෛරී ප්‍රකාශ හඳුනාගැනීමේ ගැටළුවයි. විශේෂයෙන් ම කොවිඩ් 19 වසංගතයත් සමග මෙය වඩාත් වේගවත් විය. දේශපාලන ඉලක්ක වෙත ව්‍යජ පුවත් මගින් ජනතාව මෙහෙයවන ආකාරය, නිශ්චිත ප්‍රජාවක් පීඩාවට පත්කිරීම සඳහා ව්‍යාජ පුවත් භාවිත කරන ආකාරය අපි අත්දුටුවෙමු.

සමාජ මාධ්‍යවල අසත්‍ය පුවත් පළකිරීම සම්බන්ධයෙන් තෝරා-බේරාගෙන අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් රැසක් ද පසුගිය කාලයේ අපි දුටුවෙමු. එහිදී ඇතැම් පාර්ශ්ව පළකළ අදහසක් වූයේ ආණ්ඩුව පාර්ශ්වයෙන් අසත්‍ය පුවත් අභියෝගය ජයගැනීමට කටයුතු කරමින් සිටින බවයි. එය වාසිය සඳහා කළ මෙහෙයුමක් පමණක් බව ඉතා ඉක්මනින් පැහැදිලි විය.

විසඳුම්

එසේම අසත්‍ය පුවත් පළකරන්නෙකු අත්අඩංගුවට ගැනීම මගින් මේ තත්ත්වය පාලනය කළ හැකි යැයි කිසිවෙකු විශ්වාස කරන්නේ නම්, එය බරපතළ මුලාවකි. සමාජ මාධ්‍ය වැනි පුළුල් අවකාශයකදී එය තාවකාලික තත්ත්වයකි. ලංකාව, ඉන්දියාව, නේපාලය වැනි රටවල් මේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමය සිදුකරමින් සිටී.

නිර්ණායක

අනෙක් අතට මේ අත්අඩංගුවට ගැනීම්වලදී මතු වන තවත් වැදගත් ප්‍රශ්නයක් වන්නේ පුවතක් අසත්‍ය ද යන්න තීරණය කරන්නේ කවුද, කුමන නිර්ණායක මත ද යන්න ය. පොලිසියට එය සිදු කළ නොහැකිය. නීතිපති දෙපාර්තමේන්තුවට හෝ අධිකරණයට ද එය කළ නොහැකිය. ඊට හේතුව වඩාත් පැහැදිලිව පෙනෙන අසත්‍ය පුවත්වලදී හැර, අනෙකුත් තැන්වලදී එය හඳුනාගැනීම සම්බන්ධයෙන් වන විධිමත් – පිළිගත් නිර්ණායක නොමැති වීම ය.

මුල් ම ෆේක් නිවුස් එක

වෛද්‍ය සාෆි සම්බන්ධ සිදුවීම අසත්‍ය පුවත් සම්බන්ධ බරපතළ හා තීරණාත්මක උදාහරණයකි. එය නිවැරදි කිරීමක් සිදු වූයේ නැත. ඒ පිළිබඳ වගකීම කිසිවෙකු ගත්තේ නැත. පෞද්ගලික ව කෙසේ වෙතත්, පොදුවේ සමස්ත සමාජයට සිදු වූ හානිය එසේ ම ය. තවත් උදාහරණයකි, විදුලි පුටුව. එය මෙරට මුල් ම දේශපාලනික ෆේක් නිවුස් එක යනුවෙන් ද හැඳින්විය හැකිය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යුද අධිකරණයට ගෙන යන බවත්, එහි විදුලි පුටුවක් ඇති බවත්, ඔහුට දඬුවම් දීම සඳහා එහි වාඩිකරවන බවත් පැවසිණි. එය ප්‍රධාන මාධ්‍ය මගින් පුන-පුනා අවධාරණය කෙරිණි.

සත්‍යය

සත්‍ය කතාව නම් ජාත්‍යන්තර යුද අධිකරණයේ කිසිදු ජීවිත හානිකිරීමක් නොකරයි. ඔවුන්ට එසේ කරන්නට නොහැක. එනම්, මේ සමස්ත විදුලි පුටු කතාව ම අසත්‍යයකි. එහෙත් එය මාධ්‍යයෙන් නිවැරදි ව, ප්‍රමාණවත් තරම් ප්‍රශ්න කෙරුණේ නැත. එම නිසා තවමත් එම පුවත පිළිගන්නා පුද්ගලයෝ සිටිති. එනම්, මේ අසත්‍ය පුවත් සෘජු ව ම දේශපාලනය හා බැඳී පවතී.

කළ යුත්තේ කුමක්ද?

ඩිජිටල් යුගයේ ජනමාධ්‍යකරණය යනු වෙන ම වැඩකි. එය සාක්ෂරතාව මත රැඳී පවතිනවා සේම, සාක්ෂරතාව තිබූ පමණින් ඒ සමග හැප්පීමට ද නොහැකිය. ඒ නිසා අන්තර්ජාලයේ ඇති මාධ්‍ය හරස්කඩ පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබිය යුතු අතර, ෆේක් නිවුස් සංස්කෘතිය සමග සටන් කිරීමට තරම් දැනුමින් සහ තොරතුරුවලින් සන්නද්ධ වීම ද අත්‍යවශ්‍ය ය.

මාස 2ක අරගලයේ ජයග්‍රහණයක් : ඉරානය සදාචාර පොලිසිය අහෝසි කරයි !

0

මාස 2ක අරගලයකට මුහුණ දීමේ අසාර්ථක උත්සාහයෙන් පසු, ඉරානයේ සදාචාර පොලිසිය (morality police) අහෝසි කිරීමට එරට රජය තීරණය කර තිබේ.

22 හැවිරිදි මාෂා අමිනි (Mahsa Amini) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක් විය. ඊට එරෙහිව පසුගිය සැප්තැම්බර් 16දා සිට ඉරානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක් ඇරඹිණි. මාෂා අමිනි අත්අඩංගුවට ගෙන තිබුණේ එරට සදාචාර පොලිසිය මගිනි. පනවන ලද කාන්තා ඇඳුමට පටහැනි ලෙස ඇඳුම් අඳින ලදැයි ඇයට චෝදනා එල්ල කර තිබිණි. මෙම ඝාතනයට විරෝධය පළකරමින් සහ හිජාබය පැළඳීම වර්ජනය කරමින් දහස් සංඛ්‍යාත කාන්තාවන් මගට බැස්සහ.

ඉරාන රජය මෙම විරෝධතා හඳුන්වන ලද්දේ කැරැල්ලක් යනුවෙනි. මීට සහභාගී වූ විශාල පිරිසක් අත්අඩංගුවට ගැනිණි. කට්යුන් රිආනි සහ හෙන්ගමෙන් ඝසියානි යනු මෙසේ අත්අඩංගුවට ගන්නා ලද එරට ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙකි. හිස් ආවරණ නොමැතිව ජනතාව අතරට යෑම ඔවුන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනාව විය.

ඉරානයේ නීතිපති මොහොමඩ් ජෆාර් මොන්ටසේරි (Mohammad Jafar Montazeri) අද (04) මේ තීරණය සම්බන්ධයෙන් අදහස් පළකරමින් පවසා තිබුණේ සදාචාර පොලිසියට තවදුරටත් යුක්තිය සමග කරන්නට දෙයක් නැති බවයි.

ISNA (Iranian Students’ News Agency) වෙත අදහස් දක්වමින් නීතිපතිවරයා මේ අදහස් පළකර තිබුණේ සදාචාර පොලිසිය වසා දැමීම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම සදාචාර පොලිසිය ආරම්භ කෙරුණේ එරට හිටපු ජනාධිපති මහ්මුද් අහමදිනෙජාඩ්ගේ (Mahmoud Ahmadinejad) කාලයේදී ය. සංස්කෘතිය සහ හිජාබය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ ලෙස සඳහන් කෙරිණි. මෙය මුලදී, 2006 වසරේදී හඳුන්වන ලද්දේ Gasht-e Ershad යනුවෙනි.

හිජාබය සම්බන්ධ නීති වෙනස් විය යුතු බව මීට දින දෙකකට පෙර එරට නීතිපතිවරයා විසින් අවධාරණය කර තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට ජනාධිපති ඊබ්‍රහිම් රයිසි (Ebrahim Raisi) පවසා තිබුණේ ඇතැම් තත්ත්වයන් නම්‍යශීලී විය යුතු බවකි.