ප්‍රගීත් ද්‍රෝහියෙක් – මම ද්‍රෝහියෙක් : සන්ධ්‍යා එක්නැලිගොඩ – BBC 100 Women 2022

Share post:

‘ප්‍රගීත් සහ මම කොටියෙක් කිරීමේ බරපතළ උත්සාහයක් ක්‍රියාත්මක වුණා. තවමත් ඒක සීයට සීයක් වෙනස් වෙලා නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයගෙ ආණ්ඩුව තියෙන කාලෙ සෘජුව ම කොටියෙක් කියන කතාව කියලා තිබුණා. ඊට පස්සෙ ආණ්ඩුව තියෙන කාලෙ පරීක්ෂණ යන අතරෙ මේ කොටි කතාවත් දිගටම ගියා. ඒ විතරක් නෙමෙයි විමල් විරවංශ කිව්වා, මට එන්ජීඕවලින් මාසෙට රුපියල් ලක්ෂය ගාණෙ දෙනවා, ඊට අමතරව ඩයස්පෝරා එකෙන් මම කතා කරන හැම වචනයකටම ගෙවනවා කියලා. කිසිම සංවිධානයක් අද වෙනකම් අපි සන්ධ්‍යා එක්නැලිගොඩට ගෙවනවා කියලා නෑ. ඒ වගේ ම විමල් වීරවංශලට ඒ කියපු කතා ඔප්පු කරගන්නත් බෑ. ඒ වුණාට මේ වගේ බරපතළ කතාවක් සමාජගත කරලා තියෙනවා. මොනතරම් අපරාධයක්ද ඒක.

විශේෂම කාරණය තමයි ප්‍රගීත්ව කොටි එක්ක සම්බන්ධ කළා කියන පුද්ගලයො නිරුපද්‍රිතව ඉන්නවා. ඒ අයට කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රගීත් විතරක් නෑ. අපිට කොටි කියලා හංවඩු ගහන අයට මහින්ද රාජපක්ෂත් එක්ක හිටපු, අදටත් එළියෙ වැඩ කරගෙන ඉන්න, මේ ආණ්ඩුවේ කට්ටිය එක්කත් සම්බන්ධකම් තියෙන කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ කට්ටිය ගැන කිසිම කතාවක් නෑ. ඥානසාරලයි – කරුණා අම්මාන්ලයි යාළුවො. ප්‍රගීත් ද්‍රෝහියෙක්. මම ද්‍රෝහියෙක්. ප්‍රගීත් පෑන හැර කිසි ම ආයුධයක් අතට ගත්ත කෙනෙක් නෙමෙයි.’

සන්ධ්‍යා එක්නැලිගොඩ එසේ පවසන්නීය.

‘වසරේ කාන්තාවන් 100’

BBC 100 Women 2022 යන ශීර්ෂයෙන් BBC ආයතනය විසින් නම් කරන ලද ‘වසරේ කාන්තාවන් 100’ අතරට ශ්‍රී ලංකාවේ සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැලිගොඩ ද නම් කර ඇත.

කාණ්ඩ 04ක්

විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ලෝකයට සාධනීය බලපෑමක් සිදු කරන සහ ලෝකයේ ඉදිරි ගමනට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන කාන්තාවන් 100 දෙනෙක් BBC ආයතනය විසින් වාර්ෂිකව නම් කරනු ලබයි. කාණ්ඩ 04ක් යටතේ එක් කාණ්ඩයකින් කාන්තාවන් 25 බැගින් එම 100 දෙනා තෝරාගනු ලබයි.

• Political and Education (දේශපාලනය සහ අධ්‍යාපනය)

• Culture and Sports (සංස්කෘතිය සහ ක්‍රීඩාව)

• Activism and Advocacy (සමාජ ක්‍රියාකාරිත්වය සහ උපදේශනය)

• Health and Science (සෞඛ්‍යය සහ විද්‍යාව)

සන්ධ්‍යා කොතැනද?

මේ අතරින් Activism and Advocacy – සමාජ ක්‍රියාකාරිත්වය සහ උපදේශනය කාණ්ඩයේ කාන්තාවන් 25 දෙනා අතරට සන්ධ්‍යා එක්නැලිගොඩ එක් කර ඇත.

BBC නිල වෙබ් අඩවිය සන්ධ්‍යා එක්නැලිගොඩ වෙනුවෙන් යොදන ලද හැඳින්වීම :

• Sandya Eknaligoda, Sri Lanka

Human Rights Activist

A human rights activist and campaigner, Sandya Eknaligoda is helping thousands of mothers and wives who lost loved ones during Sri Lanka’s civil war. Her husband, Prageeth Eknaligoda, a prominent investigative journalist and cartoonist, went missing in January 2010. He was a strong critic of the government and investigated alleged abuses against Tamil Tiger separatists.

Since his disappearance, the mother of two has been seeking justice. She accuses the supporters of Mahinda Rajapaksa, the former president of Sri Lanka, of being responsible for her husband’s abduction. While suspects have been identified, they have all been acquitted.

(මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී සිය ආදරණියයන් අහිමි වූ දහස් ගණනක් මව්වරුන් සහ භාර්යාවන් වෙනුවෙන් කටයුතු කරමින් සිටී. ඇයගේ ස්වාමිපුරුෂයා වන කැපිපෙනෙන ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සහ කාටුන් ශිල්පියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි මාසයේ සිට අතුරුදන් ය. දැඩි ව ආණ්ඩුව විවේචනය කළ ඔහු, එල්ටීටීඊ සංවිධානයට එරෙහි චෝදනා පිළිබඳව ද ගවේෂණය කළ අයෙකි. ඔහුගේ අතුරුදන්වීමෙන් පසු, සන්ධ්‍යා එක්නැලිගොඩ යුක්තිය සොයායමින් සිටී. සිය ස්වාමිපුරුෂයාගේ අතුරුදන්වීමට වගකිවයුතු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන්ගෙන් ඇයට දැඩි චෝදනා එල්ල වේ. මෙම අතුරුදන් කිරීමට අදාළ සැකකරුවන් හඳුනාගෙන තිබුණද, ඔවුන් සියල්ලන් නිදහස්ව සිටී.)

ඊට අදාළ සන්ධ්‍යා එක්නැලිගොඩගේ ස්වයං හැඳින්වීම් සටහන :

‘I am a woman who fights on behalf of others at every opportunity, engages in creative struggle, and overcomes challenges amidst insults and slander, through dedication and sacrifice’

(මම සෑම අවස්ථාවකදී ම අන්අය වෙනුවෙන් නිර්මාණාත්මක අරගලයක යෙදෙමින් අපහාස සහ අවලාද මධ්‍යයේ කැපවීමෙන් සටන් කරමින් අභියෝග ජයග්‍රහණය කරන කාන්තාවක් වෙමි.)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...