ලයිසන් නැති ලිංගික සබඳතා ඉන්දුනීසියාවේ තහනම්..!

Share post:

ඉන්දුනීසියාවේ සංචාරක කර්මාන්තය Covid-19 බලපෑම්වලින් මිදීමට උත්සාහ කරමින් සිටියදී රටේ පාර්ලිමේන්තුව නව නීති සම්මත කරමින් රට තුළ සිටින ඕනෑ ම පුද්ගලයෙකුට විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම තහනම් කරමින් සහ දේශපාලන නිදහස සීමා කරමින් නව අපරාධ නීති සංග්‍රහයක් සම්මත කර තිබේ.

කෙසේවෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් සංචාරක කර්මාන්ත ප්‍රධානීන් පවසන්නේ බොහෝ සංචාරකයින් නිවාඩු ගත කිරීමට සඳහා පැමිණෙන බවත් ඔවුන් සියල්ලන් විවාහකයින් නොවන බවයි. එවැනි පසුබිමක් තුල කොවිඩ් බිය ඉවත් වුවද මෙවැනි නීති හේතුවෙන් සංචාරකයින් සංචාරයේ යෙදීමට බිය වන අතර එය සංචාරක ව්‍යපාරයට මරු පහරක් වනු ඇති බවද ඔවුන්ගේ අදහසයි.

මෙම නව අපරාධ නීති සංග්‍රහය වසර තුනකින් ක්‍රියාත්මක වීමට නියමිත අතර ඉන්දුනීසියානුවන්ට සහ රට තුළ වෙසෙන විදේශිකයන්ට මෙන්ම අමුත්තන්ටද එය අදාළ වේ.

ඒ් අනුව විවාහයෙන් පරිබාහිර ලිංගික ක්‍රියාවලට වසරක් දක්වා සිර දඬුවමක් නියම කෙරෙනු ඇත.

එමෙන්ම මානව හිමිකම් ක්‍රියාදරයින් මෙම නව නීති මානව හිමිකම් සඳහා “සිදුවන ව්‍යසනයක්” ලෙස නම් කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ ජකර්තා හි විරෝධතා පැවති අතර, එය අධිකරණයේදී අභියෝගයට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...