සිරිධම්ම හිමිට ඇප : මාධ්‍යයට අදහස් දැක්වීම වලක්වන්නැයි නීතිපති ඉල්ලයි !

Share post:

ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප ලබාදීමේ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලද්දේ විමර්ශනවලට බාධාවන අයුරින් මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් උන්වහන්සේ වලක්වන ලෙසයි.

අධිකරණයේ මතය

මෙහිදී අධිකරණය පාර්ශ්වයෙන් අවධාරණය කර ඇත්තේ අදහස් පළකිරීමේ නිදහස සීමා කළ නොහැකි බවයි. කෙසේ වෙතත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත විසින් මාධ්‍යයට අදහස් දැක්වීම පිළිබඳ සිරිධම්ම හිමියන්ට ඇප කොන්දේසියක් පනවා ඇත.
ඊට අදාළ ව මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් නොකළ බව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහොමඩ් ෆසීර් thetime.lk වෙත සඳහන් කළේය.

ඇප දීමට විරුද්ධ නෑ

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ලබාගත් රැඳවුම් නියෝගයක් මත වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් දින 89ක් රඳවා ගැනිණි. පසුගිය 17දා වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. කෙසේ වෙතත් ඔවුන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා දිගටම පවත්වාගෙන යන බව එදින ත්‍රස්තවාදී අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අද (23) අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කළේ සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් විරුද්ධ නොවන බවයි.

නීතිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි?

මාධ්‍යයට අදහස් පළකිරීම සම්බන්ධයෙන් වූ නීතිපති දෙපාර්තමේන්තු ඉල්ලීම පිළිබඳව අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කර ඇති අදහස් ප්‍රකාශනයේ නිදහස සීමාකරන ලෙස එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීම අනුමත කළ නොහැකි බවයි.

සිරිධම්ම හිමි කඩුවෙලට ?

මේ අතර අධිකරණයෙන් ඇප ලබාදීමෙන් පසු සිරිධම්ම හිමියන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. ඒ උන් වහන්සේට පවරා ඇති වෙනත් නඩුවක් සඳහා ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...