මාස 2ක අරගලයේ ජයග්‍රහණයක් : ඉරානය සදාචාර පොලිසිය අහෝසි කරයි !

Share post:

මාස 2ක අරගලයකට මුහුණ දීමේ අසාර්ථක උත්සාහයෙන් පසු, ඉරානයේ සදාචාර පොලිසිය (morality police) අහෝසි කිරීමට එරට රජය තීරණය කර තිබේ.

22 හැවිරිදි මාෂා අමිනි (Mahsa Amini) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක් විය. ඊට එරෙහිව පසුගිය සැප්තැම්බර් 16දා සිට ඉරානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක් ඇරඹිණි. මාෂා අමිනි අත්අඩංගුවට ගෙන තිබුණේ එරට සදාචාර පොලිසිය මගිනි. පනවන ලද කාන්තා ඇඳුමට පටහැනි ලෙස ඇඳුම් අඳින ලදැයි ඇයට චෝදනා එල්ල කර තිබිණි. මෙම ඝාතනයට විරෝධය පළකරමින් සහ හිජාබය පැළඳීම වර්ජනය කරමින් දහස් සංඛ්‍යාත කාන්තාවන් මගට බැස්සහ.

ඉරාන රජය මෙම විරෝධතා හඳුන්වන ලද්දේ කැරැල්ලක් යනුවෙනි. මීට සහභාගී වූ විශාල පිරිසක් අත්අඩංගුවට ගැනිණි. කට්යුන් රිආනි සහ හෙන්ගමෙන් ඝසියානි යනු මෙසේ අත්අඩංගුවට ගන්නා ලද එරට ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙකි. හිස් ආවරණ නොමැතිව ජනතාව අතරට යෑම ඔවුන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනාව විය.

ඉරානයේ නීතිපති මොහොමඩ් ජෆාර් මොන්ටසේරි (Mohammad Jafar Montazeri) අද (04) මේ තීරණය සම්බන්ධයෙන් අදහස් පළකරමින් පවසා තිබුණේ සදාචාර පොලිසියට තවදුරටත් යුක්තිය සමග කරන්නට දෙයක් නැති බවයි.

ISNA (Iranian Students’ News Agency) වෙත අදහස් දක්වමින් නීතිපතිවරයා මේ අදහස් පළකර තිබුණේ සදාචාර පොලිසිය වසා දැමීම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම සදාචාර පොලිසිය ආරම්භ කෙරුණේ එරට හිටපු ජනාධිපති මහ්මුද් අහමදිනෙජාඩ්ගේ (Mahmoud Ahmadinejad) කාලයේදී ය. සංස්කෘතිය සහ හිජාබය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ ලෙස සඳහන් කෙරිණි. මෙය මුලදී, 2006 වසරේදී හඳුන්වන ලද්දේ Gasht-e Ershad යනුවෙනි.

හිජාබය සම්බන්ධ නීති වෙනස් විය යුතු බව මීට දින දෙකකට පෙර එරට නීතිපතිවරයා විසින් අවධාරණය කර තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට ජනාධිපති ඊබ්‍රහිම් රයිසි (Ebrahim Raisi) පවසා තිබුණේ ඇතැම් තත්ත්වයන් නම්‍යශීලී විය යුතු බවකි.

Related articles

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...

ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

(නුවරඑලිය නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔස්ට්‍රේලියානු සංචාරක කතක්) සුනාමිය වෙලාවෙ අනිත් පලාත්වල අය අපිට පිහිට වුන හැටි මතකයි....

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...