මාස 2ක අරගලයේ ජයග්‍රහණයක් : ඉරානය සදාචාර පොලිසිය අහෝසි කරයි !

Share post:

මාස 2ක අරගලයකට මුහුණ දීමේ අසාර්ථක උත්සාහයෙන් පසු, ඉරානයේ සදාචාර පොලිසිය (morality police) අහෝසි කිරීමට එරට රජය තීරණය කර තිබේ.

22 හැවිරිදි මාෂා අමිනි (Mahsa Amini) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක් විය. ඊට එරෙහිව පසුගිය සැප්තැම්බර් 16දා සිට ඉරානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක් ඇරඹිණි. මාෂා අමිනි අත්අඩංගුවට ගෙන තිබුණේ එරට සදාචාර පොලිසිය මගිනි. පනවන ලද කාන්තා ඇඳුමට පටහැනි ලෙස ඇඳුම් අඳින ලදැයි ඇයට චෝදනා එල්ල කර තිබිණි. මෙම ඝාතනයට විරෝධය පළකරමින් සහ හිජාබය පැළඳීම වර්ජනය කරමින් දහස් සංඛ්‍යාත කාන්තාවන් මගට බැස්සහ.

ඉරාන රජය මෙම විරෝධතා හඳුන්වන ලද්දේ කැරැල්ලක් යනුවෙනි. මීට සහභාගී වූ විශාල පිරිසක් අත්අඩංගුවට ගැනිණි. කට්යුන් රිආනි සහ හෙන්ගමෙන් ඝසියානි යනු මෙසේ අත්අඩංගුවට ගන්නා ලද එරට ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙකි. හිස් ආවරණ නොමැතිව ජනතාව අතරට යෑම ඔවුන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනාව විය.

ඉරානයේ නීතිපති මොහොමඩ් ජෆාර් මොන්ටසේරි (Mohammad Jafar Montazeri) අද (04) මේ තීරණය සම්බන්ධයෙන් අදහස් පළකරමින් පවසා තිබුණේ සදාචාර පොලිසියට තවදුරටත් යුක්තිය සමග කරන්නට දෙයක් නැති බවයි.

ISNA (Iranian Students’ News Agency) වෙත අදහස් දක්වමින් නීතිපතිවරයා මේ අදහස් පළකර තිබුණේ සදාචාර පොලිසිය වසා දැමීම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම සදාචාර පොලිසිය ආරම්භ කෙරුණේ එරට හිටපු ජනාධිපති මහ්මුද් අහමදිනෙජාඩ්ගේ (Mahmoud Ahmadinejad) කාලයේදී ය. සංස්කෘතිය සහ හිජාබය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ ලෙස සඳහන් කෙරිණි. මෙය මුලදී, 2006 වසරේදී හඳුන්වන ලද්දේ Gasht-e Ershad යනුවෙනි.

හිජාබය සම්බන්ධ නීති වෙනස් විය යුතු බව මීට දින දෙකකට පෙර එරට නීතිපතිවරයා විසින් අවධාරණය කර තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට ජනාධිපති ඊබ්‍රහිම් රයිසි (Ebrahim Raisi) පවසා තිබුණේ ඇතැම් තත්ත්වයන් නම්‍යශීලී විය යුතු බවකි.

Related articles

පහළ අධිකරණවලට පාඩමක් උගන්වමින් වසර 24ක තෑගි ඔප්පු ප්‍රශ්නයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳයි !

නඩුවක තීන්දුවක් ලබාදීමේදී ලේඛනගත වර්තමාන නීතිය පමණක් නොව උඩරට නීතිය වැනි සාම්ප්‍රදායික නීතිමය රාමු ද සූක්ෂ්මව ගලපා ගත...

2009 සැප්. 02 – 2017 පෙබරවාරි 08 : ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයෙන් සහ අයුතු ඇතුළුවීමෙන් මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස් !

ඇත්ත යළිත් දිනුවේය. ඇත්ත ඉදිරියේ, සාධාරණත්වය ඉදිරියේ යළිත් ඔවුහු පරාජයට පත් වූහ. ජනතා සටන් ඉදිරියේ පාලකයන්ට සියල්ල අකුලාගෙන...

පරිවර්තන පහසුකම් හදන්නට පොලිස්පතිට ඇත්තේ තවත් මාසයක් පමණයි !

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයාට කළ නියෝගයක් ලබන මාසයේ 08 වැනිදා වන විට ඉටු කළ යුතු ව තිබේ. එනම් අද...

‘චෙම්මීන්’ – තකලි ශිව ශංකර පිල්ලෙයි

ඉන්දියානු සාහිත්‍යය ඇසුරු කරනා වාරයක් පාසා මා හදවත විශ්මයටත් ආහ්ලාදයටත් පත් කරයි. පෞරාණික ඉතිහාසයක් හිමි ඉන්දියානු සාහිත්‍ය වරින්...