ගන්නේ 29යි – වියදම 56යි : විදුලි බිල ගැන කාංචනගෙන් පැහැදිලි කිරීමක් !

Share post:

පාරිභෝගිකයෙකුගෙන් අයකරනු ලබන්නේ සාමාන්‍යයෙන් රුපියල් 29.14ක් වුවත්, විදුලි ඒකකයක් උත්පාදනය සඳහා රුපියල් 56.90ක් වැයවන බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

මේ නිසා සිදු වන පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 423.5ක් බව ඔහු එම පණිවුඩය මගින් පෙන්වා දෙයි.

අමාත්‍යවරයා පළකර තිබූ විදුලි ගාස්තු පිළිබඳ ට්විටර් සටහන් පහතින් දැක්වේ.

විදුලි ගාස්තු යළි ඉහළට

මේ අතර 2023 වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී සිට විදුලිය ගාස්තු පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පසුගියදා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී පැවසීය.

ඒ අනුව විදුලි බිල සියයට 70කින් වැඩි කිරීමට යෝජනා වී ඇති අතර, ඉන් සියයට තිහක් ජනවාරි මාසයේදී ද ,ඉතිරි සියයට 40ජුනි මාසයේදී ද වැඩි කිරීමට යෝජනා වී තිබේ.

ලංවිම කෑලි කරයි

ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව ඇමති කංචන විජේසේකර විසින් ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලට ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

යෝජිත නව සමාගම් 8 යටතේ විදුලිය ජනනය සඳහා සමාගම් දෙකක් ද සම්ප්‍රේෂණය සඳහා සමාගම් දෙකක් සහ බෙදාහැරීම සඳහා සමාගම් හතරක් වශයෙන් පිහිටුවනු ඇත.

එමෙන්ම විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුර වෙනුවට මෙම සමාගම් අට සඳහා නිසි බලධරයකු පත් කිරීමට ද යෝජනා වී තිබේ.

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...