LPL තරගාවලිය අදින් ඇරඹේ

Share post:

එල්.පී.එල්. තරගාවලියේ තුන්වැන්න අද (6 වැනිදා) කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන් හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

වනිදු හසරංග පසුගිය අදියර දෙකෙහිදිම ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අර ඔහු මෙවර මහනුවර ෆැල්කන්ස් නායකත්වය දරන අතර භානුක රාජපක්ෂ වෙනුවට මෙවර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇත. එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස්(කලම්බු ස්ටාර්ස්), තිසර පෙරේරා(යාපනය කිංග්ස්), දසුන් ශානක(දඹුල්ල අවුරා) කණ්ඩායම් වල නායකත්වය දරනු ඇත.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 42ක් සහ විදේශීය ක්‍රීඩකයන් 30 දෙනෙක් සහභාගිවන අතර ඒ අතර රවී බොපාරා, බෙනී හොවෙල්, කරීම් ජානට්, නවීන් උල් හක්, රොමාරියෝ ෂෙෆර්ඩ්, හයිදර් අලී, නූර් අහමඩ්, සිකන්දර් රාසා, අන්වර් අලී, අසාද් ෂාෆික්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, ටොම් කොලකැඩ්මෝ, ජේම්ස් නීෂම්, රමනුල්ලා ගුර්බාස්, ෂොයිබ් මලික්, ෆේබියන් ඇලන්, කාලෝස් බ්‍රේත්වයිට්, නජිබුල්ලා සාර්දාන් ඉදිරියෙන්ම සිටිති.

ආබාධවලට ලක්වීම නිසා දිගු කාලයක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව ප්‍රතිකාර ලබමින් සිටි ආරම්භක පිතිකරුවන් වන අවිශ්ක ප්‍රනාන්ද සහ කුසල් ජනිත් පෙරේරා මෙවර එල්.පී.එල්. තරගාවලියත් සමගින් නැවතත් පිටියට පිවිසෙති.

තෙවැනි අදියරේ සමාරම්භය සනිටුහන් කරමින් අද පස්වරු පස්වරු 3.00 ට යාපනය කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් තරග වැදීමට නියමිතව ඇති අතර සමාරම්භක දිනයේ දෙවැනි තරගය කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර තරගය රාත්‍රී තරගයක් විදිහට පැවැත්වීමට නියමිතය.

මෙවර කණ්ඩායම් වල පුහුණුකරුවන් ලෙසින් රුවන් කල්පගේ(කලම්බු ස්ටාර්ස්), තිලිණ කණ්ඩම්බි(යාපනය කිංග්ස්), මොයින් ඛාන්(ගෝල් ග්ලැඩියේටර්ස්), මිකී ආතර්(දඹුල්ල අවුරා) සහ පියල් විජේතුංග(මහනුවර ෆැල්කන්ස්) කටයුතු කරති.

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...