LPL තරගාවලිය අදින් ඇරඹේ

Share post:

එල්.පී.එල්. තරගාවලියේ තුන්වැන්න අද (6 වැනිදා) කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන් හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

වනිදු හසරංග පසුගිය අදියර දෙකෙහිදිම ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අර ඔහු මෙවර මහනුවර ෆැල්කන්ස් නායකත්වය දරන අතර භානුක රාජපක්ෂ වෙනුවට මෙවර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇත. එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස්(කලම්බු ස්ටාර්ස්), තිසර පෙරේරා(යාපනය කිංග්ස්), දසුන් ශානක(දඹුල්ල අවුරා) කණ්ඩායම් වල නායකත්වය දරනු ඇත.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 42ක් සහ විදේශීය ක්‍රීඩකයන් 30 දෙනෙක් සහභාගිවන අතර ඒ අතර රවී බොපාරා, බෙනී හොවෙල්, කරීම් ජානට්, නවීන් උල් හක්, රොමාරියෝ ෂෙෆර්ඩ්, හයිදර් අලී, නූර් අහමඩ්, සිකන්දර් රාසා, අන්වර් අලී, අසාද් ෂාෆික්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, ටොම් කොලකැඩ්මෝ, ජේම්ස් නීෂම්, රමනුල්ලා ගුර්බාස්, ෂොයිබ් මලික්, ෆේබියන් ඇලන්, කාලෝස් බ්‍රේත්වයිට්, නජිබුල්ලා සාර්දාන් ඉදිරියෙන්ම සිටිති.

ආබාධවලට ලක්වීම නිසා දිගු කාලයක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව ප්‍රතිකාර ලබමින් සිටි ආරම්භක පිතිකරුවන් වන අවිශ්ක ප්‍රනාන්ද සහ කුසල් ජනිත් පෙරේරා මෙවර එල්.පී.එල්. තරගාවලියත් සමගින් නැවතත් පිටියට පිවිසෙති.

තෙවැනි අදියරේ සමාරම්භය සනිටුහන් කරමින් අද පස්වරු පස්වරු 3.00 ට යාපනය කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් තරග වැදීමට නියමිතව ඇති අතර සමාරම්භක දිනයේ දෙවැනි තරගය කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර තරගය රාත්‍රී තරගයක් විදිහට පැවැත්වීමට නියමිතය.

මෙවර කණ්ඩායම් වල පුහුණුකරුවන් ලෙසින් රුවන් කල්පගේ(කලම්බු ස්ටාර්ස්), තිලිණ කණ්ඩම්බි(යාපනය කිංග්ස්), මොයින් ඛාන්(ගෝල් ග්ලැඩියේටර්ස්), මිකී ආතර්(දඹුල්ල අවුරා) සහ පියල් විජේතුංග(මහනුවර ෆැල්කන්ස්) කටයුතු කරති.

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...