අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික වෙනවත් එක්කම සමාජය තුළත් , සමාජයේ මූලිකම ඒකකය වූ පවුල තුළත් ඉබේම පුරුෂාධිපත්‍යයක් ගොඩ නැගුණා. සමාජය කෙතරම් නවීන වුනත් එහි ශේෂයන් අදටත් ඉතිරි වෙලා තියෙනවා. පුරුෂාධිපත්‍යය එක්ක පවුල තුල කාන්තාවගේ භූමිකාව හීන වෙනවා. ඇය හඬක් අහිමි , නිදහස සීමාවුන හෝ අහිමිවුන දෙවන පෙළ සාමාජිකයෙක් බවට පත්වෙනවා..
ඉහත ඡේදයේ පුරුෂාධිපත්‍යය ගැන කතාව කිව්වෙ ජනප්‍රිය ලේඛිකා හා පරිවර්තිකා චාරුණ්‍යා දෙහිගම මහත්මියගේ නවතම ස්වත්‍රන්ත නවකතාව වූ මල් නොරඳන තුරු නවකතාව ගැන කතා කරන්න ප්‍රවේශයක් ගැනීමේ අරමුණින්..
කතාවේ චරිත අතර පුරුෂාධිපත්‍යය දරන්නෙ හා එකී පුරුෂාධිපත්‍යයට යටවෙන්නෙ එක් අයෙක් පමණයි. ඇය ඇනා. හැබැයි ඇය තමයි කතාවේ කේන්ද්‍රීය චරිතය. (Key Character ). ඒ නිසයි පුරුෂාධිපත්‍යය ගැන කියන්න ඕනි වුනේ..
කතුවරිය පාඨකයා වෙත ගෙනඑන්නෙ යුග තුනක කතාවක්. ඒ යුග තුන නම් වර්තමානය , අතීතය හා අතීතය හා වර්තමානය අතර අතරමැදි කාලයයි..
මේ යුග තුනේ කතාවට කතාවේ පදනම බවට පත්වෙලා තියෙන්නෙ සෙනරත් ඇනා සම්බන්ධය. ඒ කුටුම්බය තමයි කතාවේ හරය. සෙනරත්ගෙයි – ඇනාගෙයි කතාව ආදරයක් ලෙස නොකියා සම්බන්ධයක් කියල කිව්වෙ ඇයිද කියල පොත කියවපු ඔබට වැටහේවි..
හැබැයි මුල මැද අග යා කරපු අප්‍රසිද්ධ ආදර කතාවකුත් මෙහි තිබෙනවා. ඒ ආදරය කතාවට දුක ශෝකය විරහව නොඅඩුව එකතු කරල තිබෙනවා..
කතුවරිය මේ යුග තුනේ කතාව පාඨකයා වෙත ගෙනඑන්නෙ අලුත් ආකෘතියකින්. නව්‍ය ඉදිරිපත් කිරීමකින්. පාඨකයා කියවන මල් නොරදන තුරු නවකථාව තුළ තියෙන්නෙ තවත් පොතක්. පොතකින් කියන්නෙ තවත් පොතක්..
කතුවරිය වරෙක ඒ පොතේ වර්තමාන සන්තකය දරන ආදරවන්තයන්ගේ ප්‍රකාශනයක් ලෙස කතාව ඉදිරිපත් කරනවා. තවත් වරෙක මෙහි අන්තර්ගත පොත ලියු සාරාගේ කියාපෑමක් ලෙස ඉදිරිපත් කරනවා. තවත් වරෙක එය ඇනාගේම වචනවලින් හා ස්මරණයන් ලෙස පාඨකයා වෙත ගෙන එනවා.
පොත ලියා ඇත්තේ සරල පාඨකයා බැද තබාගන්නා ආකර්ශනීය බසකින්. ඒ බස ඉක්මන් කියවීමකට පාඨකයට උදව් කරනවා භාෂාව සරල උනා හෝ කියවීම ඉක්මන් වුනා කියල කතා සාරයට , එහි ගැඹුරට හා සංවේදි බවට කිසිදු හානියක් වෙලා නෑ. සරල භාෂාවෙන් කතාව ඉදිරිපත් කරන අතරේම අතීතයේ උඩරට උගත් ප්‍රජාව හා අධ්‍යාපනයෙන් අඩු ගැමියන් අතර වු භාෂා වෙනස උලුප්පා පෙන්වන්නට සමත් වී තිබෙනවා..
උදාහරණ – උපුටා ගැනීම පිටුව 23
” උඹලට කීයක් හරි හොයාගන්න තියෙන පැණි හකුරු ටික මෙහාට ගෙනත් හරි යනවද බන් ? ඕකට උඹ කාසි ගන්නවනම් ඕං කමක් නෑ. උඹ එහෙම ගන්ට මනාපත් නෑ නොවැ..”
” අපේ අප්පච්චියෝ ලොකු නිලමේ , මොන කාසිද ? අපේ දරුවන්ගේ විතරක්ද , අපිත් ඇස් පාදන්ට ලොකු ඉස්කෝලෙ මහත්තයා ගන්න වීරිය අපිට පෙනි පෙනී මේ පැණි ඇබින්දකට කාසි ගන්ට ඇහැක එහෙම ? “
කතුවරිය ඉතාමත් පුළුල් පරාසයක් තුළ ඇනාගේ චරිතය ගොඩ නගා තිබෙනවා. අයිවි හා ෂේන් යන චරිත දෙක හැර සෙසු චරිත ගොඩ නගා තිබෙන්නේ ඇනාගේ චරිතයට ආධාරකයක් ලෙස. ඒ අනුව තුන්කල් කියවෙන චරිතයක් ඉතා හොදින් ගොඩනගා ඇති බව කියන්න ඕනි..
ආසියාතික වුවත් බටහිර වුවත් දුප්පත් වුවත් , පොහොසත් වුවත් රජ මැදුරක සිටියද පැල්පතක සිටියද ගැහැණියක් ලෙසින් ඉපදීම නිසා සමාජය විසින් උරුම කල සමාජ ප්‍රශ්නවල නිමාවක් නෑ. ඒ ප්‍රශ්න ගණනාවක් ඇතුළත් සිදුවීම් මාලාවක වින්දිතයන් වෙන්න මෙහි කාන්තා චරිතයන්ට සිදුවුණා. ඇනා , ඉන්දිරා , සාරා වැනි ස්ත්‍රීන්ගේ ජීවිතය වෙනස් කර කණපිට හරවන සිදුවීම් මාලාවකට ජීවය දෙන්නට කතුවරිය සමත්ව තිබෙනවා..
චාරුණ්‍යා මහත්මිය චරිත ගොඩනැගීම හා සමානවම සිතුවිලි විවරණය කිරීමේදී ප්‍රමුඛස්ථානය ලබාදී තිබෙන්නෙත් ඇනාට. සමහරවිට අපි ඇනාගේ මනෝභාවයන් වටහාගත යුත්තේ සිදුවීම් හා ප්‍රකාශිත දෙබස්වලින්. නමුත් සිදුවීම් හා දෙබස්වලින් මනෝභාවයන් අවබෝධ කර ගැනීමට ඔබ්බට ගොස් ඇගේ සිතුවිලි වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න තිබ්බා. ඒ වගෙම කතාවේ තීරණාත්මක චරිතයක් වන ඉන්දිරාගේ මනෝභාවයන් ගෙනහැර දක්වා නෑ. එය ඌනතාවයක්..
මල් නොරඳන තුරු මුල මැද අග සමාන්තර ගලායෑමක් සහිත නවකතාවක්. බිඳ වැටීම් නැහැ. ඒ නිසා කතාවේ විශ්වාසනීයත්වය ආරක්ෂා වී තිබෙනවා..
කතුවරිය කතාවේ අන්තර්ගතයට 100% ක් ගැළපෙන නමක් පොතට දාල තියෙන්නෙ.මල් නොදරන තුරු කියන්නෙ මල් හටගන්නෙ නැති ගස්. මල් නොරදන තුරු කියන්නෙ මල් හට ගන්නවා. නමුත් ඒ මල් රැඳෙන්නෙ නෑ. ගැලවිලා ඉවත යනවා..
සාධනීය ලක්ෂණ අතර මට නිරීක්ෂණය වුන අඩුපාඩු කිහිපයකුත් තිබෙනවා. එකක් තමයි සිරිමල් කියන චරිතය සමහර ස්ථානවල සිරිමල් ලෙසත් තවත් සමහර ස්ථානවල ” සුනිමල් ” ලෙසත් සඳහන් කර තිබීම..
මෙය පිටු 159 ක නවකතාවක්. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මල් නොරදන තුරු නවකතාව තවත් පිටු 100 ක්වත් දීර්ඝ වුනානම් හොඳයි කියල. එහෙම දීර්ඝ වුනානම් නාගරික බටහිර ක්‍රිස්තියානි පන්නයට හැදුණු ඇනා සිංහල බෞද්ධ සංස්කෘතික පරිසරයට ක්‍රමානුකූලව හැඩ ගැසුණේ කොහොමද ? ගැමි කෑම බීම හදන්න ඉගෙන ගත්තෙ කොහොමද ? දරුවෙකු ලැබෙන්න ඉන්න ඉන්දිරා කන්‍යාරාමයට ගියේ කොහොමද ? දරුවා ලැබුනෙ කොහොමද ? ඉන්දිරාගේ මනෝභාවයන් කෙසේද ? සාරා ඉපදීමේ සිට යෞවනියක් දක්වා වැඩුණේ කොහොමද ? ඇලෙක්ගෙ ජීවිතය කෙසේද ? වගෙ කාරණා ඔවුන්ගේ සංවේදනාවන් සහිතව දැනගන්න පුලුවන් වෙනවා..
මල් නොරඳන තුරු නවකතාව ග්‍රන්ථ ප්‍රකාශනයක්.

