පාස්කු සැකකරුවකුගෙන් සීඅයිඩීය බලෙන් ප්‍රකාශයක් අරන් !

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකුගේ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බලහත්කාරයෙන් ලබාගත් එකක් බවට සැක මතු වී තිබේ.

මේ හේතුව නිසා නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද අදාළ ප්‍රකාශය පිළිනොගැනීමට පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝස් වත්ත ප්‍රදේශයෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන්නේ ආදම් ලෙබ්බේ ෂරීෆ් හෙවත් ගෆූර් මාමා නමැත්තා ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 16 වගන්තිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයකු ඉදිරියේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත. කෙසේ වෙතත් එය බලහත්කාරයෙන් ලබාගත්තාද යන සැකය මත එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණය තීන්දු කර තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...