පාස්කු සැකකරුවකුගෙන් සීඅයිඩීය බලෙන් ප්‍රකාශයක් අරන් !

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකුගේ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බලහත්කාරයෙන් ලබාගත් එකක් බවට සැක මතු වී තිබේ.

මේ හේතුව නිසා නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද අදාළ ප්‍රකාශය පිළිනොගැනීමට පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝස් වත්ත ප්‍රදේශයෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන්නේ ආදම් ලෙබ්බේ ෂරීෆ් හෙවත් ගෆූර් මාමා නමැත්තා ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 16 වගන්තිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයකු ඉදිරියේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත. කෙසේ වෙතත් එය බලහත්කාරයෙන් ලබාගත්තාද යන සැකය මත එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණය තීන්දු කර තිබේ.

Related articles

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...

ස්ත්‍රී පැවැත්මකින් ‘ශ්‍රාවය වූ කතා’

මේ වසරේ ගොඩගැසුණු පොත් කන්ද ටිකින් කියව ගන්න උත්සහ කරද්දී ඒ පොත් කන්ද බරක් සේ නොව ආස්වාදයක් සේ...