පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගැසට් නිවේදනයක්

Share post:

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 4(1) වන වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

කෙසේ වෙතත් පළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා ලබාගැනීමෙන් පසු ඡන්දය කල් දැමීමට රජය උත්සාහ දරමින් සිටින බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල චෝදනා කරයි.

අරමුදල් නොමැති බව හෝ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව හෝ පෙන්වමින් මෙසේ මැතිවරණය කල් දැමීමට අර අඳින බවට ආණ්ඩුව තුළින්ම තොරතුරු ලැබී ඇතැයිද මන්ත්‍රිවරයා පවසා සිටියේය.

පළාත් පාලන ඡන්දය කල් දැමීමට නීතිමය ඉඩක් නැති බැවින් ඡන්දය ප්‍රකාශයට පත්කොට නාමයෝජනා කැඳවීමෙන් පසු මෙසේ ඡන්දය කල් දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේ නීතියෙන් බේරී ඡන්දයද නොපවත්වා සිටීම සඳහා යැයිද ඔහු සඳහන් කළේය.

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් සභිකයන්තෝ රාපත්කරගනු ලැබූ පළාත් පාලන ආයතන සියල්ලෙහිම ධූර කාලය ලබන වසරේ මාර්තු 19 අවසන් වීමට නියමිතය. ඒ අනුව ධූර කාලය දීර්ඝ කරනු ලැබූ පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වීම ලබන වසරේ මුල් කාර්තුවේ සිදුකිරීමට අපේක්ෂා කරන බව මින් පෙර මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කරනු ලැබීය.

ඒ අනුව හෙට(23) දින දිවයිනේ සියළුම දිස්ත්‍රක්ක නියෝජනය කරමින් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ වනවිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර ඇති අතර එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයින් මෙන්ම අගමැති දිනේෂ් ගුණවර්ධන ද නම්කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහළින්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...