පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගැසට් නිවේදනයක්

Share post:

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 4(1) වන වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

කෙසේ වෙතත් පළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා ලබාගැනීමෙන් පසු ඡන්දය කල් දැමීමට රජය උත්සාහ දරමින් සිටින බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල චෝදනා කරයි.

අරමුදල් නොමැති බව හෝ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව හෝ පෙන්වමින් මෙසේ මැතිවරණය කල් දැමීමට අර අඳින බවට ආණ්ඩුව තුළින්ම තොරතුරු ලැබී ඇතැයිද මන්ත්‍රිවරයා පවසා සිටියේය.

පළාත් පාලන ඡන්දය කල් දැමීමට නීතිමය ඉඩක් නැති බැවින් ඡන්දය ප්‍රකාශයට පත්කොට නාමයෝජනා කැඳවීමෙන් පසු මෙසේ ඡන්දය කල් දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේ නීතියෙන් බේරී ඡන්දයද නොපවත්වා සිටීම සඳහා යැයිද ඔහු සඳහන් කළේය.

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් සභිකයන්තෝ රාපත්කරගනු ලැබූ පළාත් පාලන ආයතන සියල්ලෙහිම ධූර කාලය ලබන වසරේ මාර්තු 19 අවසන් වීමට නියමිතය. ඒ අනුව ධූර කාලය දීර්ඝ කරනු ලැබූ පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වීම ලබන වසරේ මුල් කාර්තුවේ සිදුකිරීමට අපේක්ෂා කරන බව මින් පෙර මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කරනු ලැබීය.

ඒ අනුව හෙට(23) දින දිවයිනේ සියළුම දිස්ත්‍රක්ක නියෝජනය කරමින් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ වනවිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර ඇති අතර එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයින් මෙන්ම අගමැති දිනේෂ් ගුණවර්ධන ද නම්කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහළින්

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...