“මේ වගේ ගොරහැඩි සමාජයකට මෙච්චර සියුම් කවි මොකටද කියා අපට හිතෙනවා”

Share post:

ලක්ශාන්ත මේ පොතෙන් සමකාලීන සිංහල කවිය පුදුමාකාර තැනකට ඔසවනවා. තමනුත් පූර්ණ ප්‍රවීණත්වයක් කරා එසවී ගන්නවා.

භාෂාව යානයක් කරගෙන මනුෂ්‍ය පැවැත්මේ පෙර නොගිය තැන් කරා අප රැගෙන යනවා. ඒ අඩවිවලට අපි ආවෙ භාෂාවෙන් බව අපට අමතක වෙන තරම් සියුම් සංවේදනා අපට දැනෙනවා. මේ වගේ ගොරහැඩි සමාජයකට මෙච්චර සියුම් කවි මොකටද කියා අපට හිතෙනවා.

දෛනිකත්වයේ ඒකාකාරය හා රාමුගත දෘඪභාවයට එරෙහිව කවියා නගන ඒ කැරැල්ල එවන් සියුම් සංවේදනා දැනෙන අලුත් දෛනිකත්වයක් ලබා දිය හැකි ලෝකයක් ගැන අප තුළ ආසා ඇති කරනවා.

අපේ සංවේදනා කලාපයේ හා භාවමය ධාරිතාවේ සිදුවන ඒ ප්‍රසාරණය ‘දේශපාලනය’ යැයි අපි සාමාන්‍යයෙන් දන්නා දේශපාලනයට වඩා විප්ලවීයයි. එවන් විප්ලවීය භාවයක් දකින්න ඉඩ නොදෙන ‘හදිසි අවශ්‍යතා’ දේශපාලනයකට අපි තල්ලු කරනු ලැබ සිටිනවා. හරියට කෑම වේලක් නැතුව පාසල් එන දරුවන් දහස් ගණනක් සිටින රටක මනුෂ්‍ය සංවාදයට ලක්ශාන්ත ලියන වැනි කවියකුත් එකතු කරන්නේ කොහොමද කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒත් එක තනි මිනිහෙක් හරි ඒ වැඩේ නොකරන රටක් කන්න හොඳ හැටි තිබුණත් දුප්පත් රටක්.

ලක්ශාන්ත අතුකෝරල! මේ කවි බොහොමයක් කවිකාර විස්කම්, වදන් පපඩම් නෙමෙයි. මගේ හදවතේ ඇතැම් සියුම් නාලිකා පළමු වරට නලියවා හොල්ලන්න මේ සමහර කවි, යෙදුම්, වචන හේතු වුණා.

ලියනගේ අමරකීර්ති

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...