සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

Share post:

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ බංගලාදේශයේ තරුණයන් විසින් පවත්වණු ලැබූ විරෝධතාවලට එරෙහිව එල්ලකල අමානුෂික ප්‍රහාරයන් හේතුවෙන් තරුණයන් විශාල පිරිසක ඝාතනයට ලක්වීමට අදාල චෝදනාවටයි.

78 හැවිරිදි වියේ පසුවන ශේක් හසීනා පසුගිය වසරේ බංගලාදේශයේ පැවැත්වුණු විරෝධතාවලදී මුලින්ම අදාල විරෝධතාවලට සහභාගිවූ තරුණය පිරිසට පහරදීමට අණකලා. මෙම පහරදීම්වලින් තරුණ ප්‍රජාව සංවිධානය කළ විරෝධතා විසුරවාහැරීමට උත්සහ කළත් ඔවුන් අදාල විරෝධතා ස්ථානවලින් ඉවත්වුණේ නෑ. ඉන් පසුව ඉතා ප්‍රචණ්ඩ ආකාරයෙන් පොලීසිය සහ හමුදාව යොදාගෙන එල්ලකළ පහරදීම් සහ වෙඩිතැබීම් නිසා තරුණ තරුණියන් ඇතුළු සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

මෙම ඝාතනයන්ට අණදීම සහ සැලසුම් කිරීමේ චෝදනාව මත ශේක් හසීනාට මරණ දඬුවම ලබාදෙන්නට තීරණය කර තිබෙනවා. 2024 දී අගමැති හසීනාට එරෙහිව තරුණ ප්‍රජාව විරෝධතා ආරම්භකලේ වංචා, දූෂණ, අනීතික පැහැරගැනීම් සහ රජය විසින් කරනු ලබන ඝාතනයන්ට එරෙහිවයි. විරෝධතා ඉතා දරුණු තැනකට යද්දි ශේක් හසීනා ඉන්දියාවට පලා ගියා. ඉන් පසුව බංගලාදේශ භාරකාර රජයක් ආචාර්ය යුනූස් මොහොමඩ්ගේ නායකත්වයෙන් පත්කරනු ලැබුවේ 17 වසරක ශේක් හසීනාගේ දරදඬු සහ ඒකාධිපතිවාදී පාලනය අවසන් කරමින් ය.

හිටපු අගමැතිනි හසීනාට ලබාදුන් මරණ දඬුවම තමන් ඉතා සතුටින් යුතුව බාරගන්නා බව බංගලාදේශයේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන බංගලාදේශ ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ලේකම් සල්ලාහුදීන් අහමඩ් ප්‍රකාශ කරනවා. මොනම ආකාරයක ෆැසිස්ට් හෝ ඒකාධිපති පාලකයෙක්ට අවසානයේදී යුක්තියට යටත්වීමට සිදුවන බවට මෙය ලෝකයටම හොඳ ආදර්ශයක් ලබාදෙන බව ඔහු සඳහන් කරනවා.

මේ තීන්දුවෙන් පසු ප්‍රකාශයක් කළ බංගලාදේශ අන්තර්වාර රජයේ නායක ආචාර්ය මොහොමඩ් යුනූස් සඳහන් කරන්නේ මෙය ‘ඉතිහාසගතවන තීන්දුවක්’ බවයි. මේ මොහොතේ මෙම තීරණයට විරුද්ධව කවුරුන් හෝ අනවශ්‍ය කලබලයක්, ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමට උත්සහ කළොත් ඒවාට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් පවසනවා.

1947දී වයඹ දිග බංගලාදේශයේදී (එවකට ඉන්දියාවේ) උපත ලද ශේක් හසීනා 1973දී ඩකා විශ්වවිද්‍යාලයෙන් බෙංගලා සාහිත්‍ය පිළිබඳ උපාධිය සම්පූර්ණ කලා. පසුව යොවුන් වියේදීම දේශපාලනයට පිවිසෙන ඇයගේ පියා නිදහස් බංගලාදේශයේ පළමු ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා. බංගබන්ධු ලෙස ගෞරව නාමයෙන් ඔහු හඳුවන්වනු ලැබුවා.

1975 අගෝස්තු 15 වැනිදා රජයට එරෙහිව බංගලාදේශයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණයකදී හසීනාගේ පියා ශේක් මුජිබර් රහමන් සහ ඔහුගේ බිරිඳ, පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ බොහෝ දෙනෙක් ඔහුගේ නිල නිවසේදීම ඝාතනයට ලක්වුණා. ශේක් හසීනාගේ ජීවිතය ගැලවෙන්නේ එවකට ඇය ජර්මනියේ සංචාරයක නිරත වෙමින් සිටි නිසායි. පසුව ජර්මනියේ බංගලාදේශ තානාපතිවරයා විසින් ආරක්ෂා සහිතව හසීනා සහ ඇගේ සොහොයුරිය ඉන්දියාවේ ආරක්ෂාව පතා පැමිණෙන්නේ එවකට ඉන්දියා අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ මැදිහත්වීමෙන්.

1981 වනතෙක් හමුදා රජය විසින් හසීනාට බංගලාදේශයට ඇතුළුවීම වළක්වා තිබුණා නමුත්. හමුදා පාලනය බිඳවැටීම සහ අවාමි ලීගය විසින් ඇය එහි සභාපතිවරිය බවට තෝරා පත්කරගැනීමෙන් පසුව හසීනා බංගලාදේශයට පැමිණියා. පසුව 1996 දී ප්‍රථම වරට ඇය බංගලාදේශයේ අගමැතිවරිය බවට පත්වුණා.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

Related articles

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...

ස්ත්‍රී පැවැත්මකින් ‘ශ්‍රාවය වූ කතා’

මේ වසරේ ගොඩගැසුණු පොත් කන්ද ටිකින් කියව ගන්න උත්සහ කරද්දී ඒ පොත් කන්ද බරක් සේ නොව ආස්වාදයක් සේ...