ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Share post:

Sex Education ඕනෙද ,එපාද ?

ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා නැති නිසා ඒක අතවරයක් නෙමේ කියලා හිතලා අපි පොලීසි ගියෙ නැහැ
( ලංකාවෙ එක්තරා අම්මෙක් )

කොල්ලෙක් නිසා බය නැතුව ඕන තැනක දාලා යනවා ,
කෙල්ලොන්ව වගේ පරිස්සම් කරන්න දෙයක් නෑනෙ
( තවත් එක තාත්තෙක් )මට දරුවා ලැබුණේ අවුරුදු 17 න් , බඩේ අමාරුව හැදිලා බේත් ගන්න ගියාම බබෙක් හම්බෙන්න ඉන්නව කිව්වම ළමයෙක්

හම්බෙන්නෙ මොනවා කළාමද කියල මම දැනගෙන හිටියෙ නැහැ ,
මාමා මම දන්න දවසෙ ඉඳලම ඉස්කෝලෙ ඇරිලා ආවම මට එහෙම කරා .
( දුවෙක් වෙන්න කලින් අම්මෙක් වුනු දරුවෙක් )

මේ තුනම පසුගිය වසරේ ලංකාව ඇතුලෙ සිද්ධවුණු ඇත්තම සිද්ධි ,
මනෝ උපදේශන ජීවිතයේ අත්දැකීම් නිසා
ලියනවනම් මේ වගේ සිද්ධි මට තව සිය ගානක් ලියන්න පුළුවන් ,
ඒ ලිස්ට් එක නොලියා මෙහෙම ලියන්නම්

දැන් මේ ලිංගික අධ්‍යාපනය කියන්නෙ මොකද්ද ?
සමහරු උන්මන්තකයෝ වගේ මේකට විරුද්ධ වුනාට ලිංගික අධ්‍යාපනය කියන්නෙ සෙක්ස් කරන විදිහයි ,ළමයි හදන විදිහයි ප්‍රායෝගිකව උගන්නන එක නෙමෙයි ..

ලිංගික පද්ධතිය ගැන ,ඒ ඇතිවන වෙනස්කම් ගැන , ඒ වෙනස්කම් නිසා සිරුරේ සහ මනසේ ඇතිවන වෙනස් කම් ගැන , ගැබ් ගැනීම ගැන , අපචාර සහ අපරාධ වලින් බේරෙන හැටි සහ ඔවුන් අඳුරගන්න හැටි ගැන , ලිංගික රෝග ගැන ,සමාජ රෝග ගැන ,ලිංගික අවශ්‍යතාවය ,හැසිරීම සහ සීමා මායිම් ගැන ,නීති රීති ගැන , මාස් ශුද්ධිය ,ශ්‍රක්‍රනු මෝචනය ,සහ ලිංගික විපර්යාස ගැන විධිමත් ක්‍රමවත් පැහැදිලි සහ නිවැරදි දැනුමක් ලබාදීම තමයි ලිංගික අධ්‍යාපනය කියල කියන්නෙ .

ජනග්‍රහණයට සාපේක්ෂව අපේ රටේ කාන්තා අපයෝජන , ළමා ගැබ්ගැනීම් වගේම සමාජ රෝග ප්‍රතිශතාත්මකව වැඩියි .
ඒවාට ලොකුම හේතුව මිනිස්සුන්ගේ නොදනුවත්කම .

පත්තරයක් බලලා ,වැලක් බලලා , යාලුවෙක්ගෙන් අහගෙන , කොන්ඩම් එකක් දාන්න සෙක්ස් කරන්න බාගෙට හරි ඉගනගත්තත් ඒ සම්බන්ධ අනිත් වැදගත් කාරනා පිලිවලට නිවැරදිව ඉගනගන්න තැනක් අපේ රටවල නැහැ .

විවාහ වෙලා දරුවොත් හදල ඒත් තවමත් ඔර්ගසම් ගැන නොදන්න ගැහැණු සහ පිරිමි අපේ රටේ ඉන්නවා කියල ඔබ විශ්වාස කරනවද ?
ඒ විතරක් නෙමෙයි තමන්ට අතවරයක් කරදරයක් වුනාම ඒක ගෙදර ඇවිත් අම්මට තාත්තට කියන්න බය දරුවොත් ඕනතරම් අපි අතර ඉන්නවා ,

ඒ වගේම තමන්ට සිද්ධවුණේ අතවරයක් කියල නොදන්න දරුවො විතරක් නෙමේ වැඩිහිටියොත් ඕන තරම් ඉන්නවා ,
අපේ ළමයින්ට නම් ඔහොම ප්‍රශ්න නැහැ කියල හුඟක් වැඩිහිටියෝ හිතන් හිටියට තමන්ගේ දරුවන්ට මේ විෂය ගැන දාහක් ප්‍රශ්න තියනවා කියල දන්නෙ ඒ දරුවෝ සහ ටිකයි අයගෙ partners ලයි ,දොස්තරලා හෝ කවුන්සර්ස් ලයි විතරයි .

අපේ රටේ මේ තියන ලිංගික ඇරියස් එකට ප්‍රධාන හේතුවත් මේ ලිංගික නොදනුවත්භාවයම තමයි .
හැමදාම ලිංගික අධ්‍යාපනය කියන වචනෙ කියනකොටම කවුරුහරි විරුද්ධ වෙනවා ,මේ සැරෙත් එහෙමයි.
දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබදෙනවට විරුද්ධ වෙන මේ කිසි කෙනෙක් ,ළමා අපචාර වලට ,බලහත්කාරකම් වලට , ළමා ගැබ්ගැනීම් වලට ,ලිංගික රෝග ව්‍යාප්තිය දැක දැක හ්ම් නොකියා කට වහගෙන උඩ ඉඳල ලිංගික අධ්‍යාපනය දෙන්න හදනකොටම රෙදි කඩාගෙන කෑ ගහන එක මොන තරම් කනගාටුදායකද ?

මේ වැඩේ කරන්නෙ කවුද මොන ආණ්ඩුවෙන්ද කියල වැඩක් නැහැ ,
දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම අගයකලයුතු ඉතාම හොඳ වැඩක් !
අනිවාර්යයෙන් කලයුතු කාලෝචිත වැඩ පිළිවෙලක් ,

Sex කියන්නෙ මූලික මිනිස් අවශ්‍යතාවයක් මිසක් බිල්ලෝ පෙන්නලා බය කරලා හංගලා තියන්න පුළුවන් දෙයක් නෙමෙයි ,
කවුරු හරි කෙනෙක් ,අපෝ ඕවා ජරා වැඩ ,ඕවා කැත වැඩ ,ඕවා උගන්නන එක නොහොඹිනා වැඩක් කියල කියනවා කියන්නෙම ඒ කෙනාට නිවැරදි ලිංගික දැනුමක් අවබෝධයක් නැහැ කියන එකම තමයි .
දෙයියනේකියල මේ සැරේවත් අපේ රටේ

දරුවන්ට ඒ වයසට අදාලව නිවැරදි ලිංගික දැනුමක් ,ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න පටන් ගන්න ඕනෙ ,
ඊට අමතරව පුලුවන්නම් ,sex education කියන්නෙ පුරුෂ ලිංගයක් ස්ත්‍රී ලිංගයට දාන එකම නෙමෙයි කියල හය හතර නොතේරෙන වැඩිහිටියන්ටයි ,ආගම් වල සෙට් එකටයිත් උගන්නන්න පුලුවන්නම් සෑහෙන්න වටිනවා !
දරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා කරුණාකර මේ ප්‍රශ්නෙ දේශපාලනීකරණය නොකර ගමු !

(දැන් මේක කියවල මට උඩ දාගෙන බැන්නට වැඩක් නැහැ සරළවම කිව්වොත් ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම දශමයක් හරි හරියට තේරුම්ගත්ත කිසිකෙනෙක් මේ වැඩපිළිවෙලට අකුල් හෙලන්නෙ නැහැ .එච්චරයි !)

අනිශා ජයකොඩි (fb)


(Psychological Counsellor )

Related articles

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...

ස්ත්‍රී පැවැත්මකින් ‘ශ්‍රාවය වූ කතා’

මේ වසරේ ගොඩගැසුණු පොත් කන්ද ටිකින් කියව ගන්න උත්සහ කරද්දී ඒ පොත් කන්ද බරක් සේ නොව ආස්වාදයක් සේ...