සුසන්තිකා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හා එක්වෙයි : පෙරළියක් කරනවා – චමරි

Share post:

කාන්තා ක්‍රිකට් T20 ලෝක කුසලාන තරගාවලිය එලඹෙන 10 වැනිදා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ” ඒ ” කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර , මෙහි පළමු තරගය මෙම 10 වැනි දින පැවැත්වීමට නියමිතය .

ක්‍රීඩිකාවන් 15 පුහුණුකරුවෝ,නිලධාරීහු 10 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.

ඔවුන් අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපලින් දකුණු අප්‍රිකාව බලා පිටත් ගියේය.

පෙරළියක් කරනවා

ලෝක කුසලාන තරගාවලියට එක් වන කණ්ඩායමට නිල අනුග්‍රාහකත්වය පිරිනැමීම සහ නිල ජර්සිය එළිදැක්වීම සඳහා පෙරේදා (01) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අතර එම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසා සිටියේ තරගාවලියට මුහුණ දීම සඳහා තම කණ්ඩායම හොඳ සූදානමකින් පසු වන බවයි.

එහිදී කණ්ඩායමට පෙරළියක් කිරීමට හැකි වනු ඇය පවසා සිටියාය.

සුසන්තිකාට ක්‍රිකට් තනතුරක්

මේ අතර ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හි සංවර්ධන උපදේශිකාවක ලෙස පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පිටියේ විශිෂ්ටතම දක්ෂතාව පෑ ක්‍රීඩිකාවක වන ඇයගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතයට වැදගත් වනු ඇති බවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් රිදී පදක්කමක් දිනූ පළමු හා එකම ක්‍රීඩිකාව වන්නේ සුසන්තිකා ජයසිංහයි.

තරුණ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමට, අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට සහ තරු බවට පත්වීමට උපකාර කිරීමට තමාට අවස්ථාව ලැබී ඇති බවත් මෙම නව අභියෝගය ගැන අතිශයින්ම සතුටට පත් වන බවද ඇය පැවසූවාය.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...