සුසන්තිකා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හා එක්වෙයි : පෙරළියක් කරනවා – චමරි

Share post:

කාන්තා ක්‍රිකට් T20 ලෝක කුසලාන තරගාවලිය එලඹෙන 10 වැනිදා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ” ඒ ” කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර , මෙහි පළමු තරගය මෙම 10 වැනි දින පැවැත්වීමට නියමිතය .

ක්‍රීඩිකාවන් 15 පුහුණුකරුවෝ,නිලධාරීහු 10 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.

ඔවුන් අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපලින් දකුණු අප්‍රිකාව බලා පිටත් ගියේය.

පෙරළියක් කරනවා

ලෝක කුසලාන තරගාවලියට එක් වන කණ්ඩායමට නිල අනුග්‍රාහකත්වය පිරිනැමීම සහ නිල ජර්සිය එළිදැක්වීම සඳහා පෙරේදා (01) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අතර එම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසා සිටියේ තරගාවලියට මුහුණ දීම සඳහා තම කණ්ඩායම හොඳ සූදානමකින් පසු වන බවයි.

එහිදී කණ්ඩායමට පෙරළියක් කිරීමට හැකි වනු ඇය පවසා සිටියාය.

සුසන්තිකාට ක්‍රිකට් තනතුරක්

මේ අතර ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හි සංවර්ධන උපදේශිකාවක ලෙස පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පිටියේ විශිෂ්ටතම දක්ෂතාව පෑ ක්‍රීඩිකාවක වන ඇයගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතයට වැදගත් වනු ඇති බවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් රිදී පදක්කමක් දිනූ පළමු හා එකම ක්‍රීඩිකාව වන්නේ සුසන්තිකා ජයසිංහයි.

තරුණ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමට, අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට සහ තරු බවට පත්වීමට උපකාර කිරීමට තමාට අවස්ථාව ලැබී ඇති බවත් මෙම නව අභියෝගය ගැන අතිශයින්ම සතුටට පත් වන බවද ඇය පැවසූවාය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...