උතුරේ ඉඩම් අක්කර 108ක් නැවත ජනතාවට – දීර්ඝකාලීන අරගලයක ජනතා ජයක්!

Share post:

ආරක්ෂක අංශ යටතේ පැවති උතුරු පළාතේ ඉඩම් අක්කර 108ක බිම් ප්‍රමාණයක් එම පළාතේ පවුල් 197ක් අතරේ බෙදාදීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. යුද සමයේ සහ ඉන් අනතුරුව දිගු කාලයක් මුළුල්ලේ මෙම ඉඩම් ආරක්ෂක අංශ විසින් පාලනය කරනු ලැබීය.

75 වැනි නිදහස් උළෙලට සමගාමීව මින් පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් උතුරේ ජනතාව වෙත ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙසින් මෙම ඉඩම් බෙදාදීම සිදුකරනු බව දැනගන්නට ලැබේ. පසුගිය දිනක ජනාධිපතිවරයා උතුරේ සංචාරය සිදුකළ අවස්ථාවේ ඔහු සඳහන් කරනු ලැබූවේ උතුරේ පුද්ගලික හිමිකම් යටතේ පැවති ඉඩම් අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක අංශ යටතේ පවතින බවය.

ඒ නිසා එකී ඉඩම් නිශ්චිත හිමිකරුවන් පිළිබඳ තොරතුරු සොයාබලා ඔවුන් වෙත නැවත පවරාදීම හෝ එසේ හිමිකරුවන් නොමැති ඉඩම් උතුරේ ඉඩම් අහිමි පවුල්වෙත ලබාදීමට කටයුතු කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන් සමග සාකච්ඡා කරන බව ජනපතිවරයා ප්‍රකාශකර තිබේ.

එහි මූලික පියවරක් ලෙසින් අද(03) ඉඩම් අක්කර 108ක ප්‍රමාණයක් උතුරේ පවුල් අතරේ බෙදාදීමට කටයුතු කරනු ලබයි.

2017 දී කළ ඉල්ලීම්

යහපාලන ආන්ඩුව සමයේ 2017 වර්ෂයේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය අතරතුරදී උතුරේ ඉඩම් ගැටළුව පිළිබඳ කතාබහ නැවත කරළියට පැමිණීම සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ ආර්.සම්පන්දන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් පවත්වනු ලැබීය.

එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පොරොන්දුවූයේ උතුරේ ආරක්ෂක අංශය යටතේ පවතින ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත පැවරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවය. එහෙත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමේදී ආරක්ෂක අංශ ප්‍රකාශ කලේ ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බවය.

ඒ සම්බන්ධයෙන් බරපතල අප්‍රසාදයක් උතුරේ දේශපාලන පක්ෂ සහ ජනතාව අතරේ මතුවීම සිදුවිය. එකවට උතුරේ ඉඩම් ගැටළුවට දෙමළ සන්ධානයේ මැදිහත්වීම පවා ප්‍රමාණවත් නැතිබවට විවේචන මතුවිය.

ආන්ඩුකාරවරයාට විරෝධය

පසුගිය නොවැම්බර් මාසයේ උතුරේ ජනතාව සහ සිවිල් සංවිධාන දැඩි විරෝධතාවක් පවත්වමින් උතුරේ ඉඩම් කොල්ලය නවත්වන ලෙසත් ජනතාවගේ ඉඩම් නැවත ඔවුන්ට ලබාදෙන ලෙසටත් රජයට බලකරනු ලැබීය. මෙහිදී උතුරු පළාත් ආන්ඩුකාර ජීවන් ත්‍යාගරාජාට දැඩි විරෝධයක් එල්ලවිය.

ආන්ඩුකාරවරයා විසින් ඉඩක් නැවත නිදහස් කිරීමේ ක්‍රමවේදය ගැන ආවේගශීලීව අදහස් දැක්වීම හේතුවෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ලවිය.

කෙසේ වෙතත් මෙවැනි සිදුවීම ගණනාවකට පසුව උතුරේ ජනතාවට හිමි ඉඩම් නැවත ඔවුන් අතට පත්වීම ඉතා වැදගත් කරුණකි.

සබැඳි පුවත්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...