Home Blog Page 211

වෙඩි නොවදින ළමයි (Bulletproof Children), ප්‍රේක්ෂකයා සිනමාගාරය වෙත අද්දවන ජීවගුණයෙන් යුතු සිනමා කෘතියක්…

0

ඊයේ සවස ඉන්දික ෆර්ඩිනැන්ඩෝ ගේ ‘වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටයේ විශේෂ ආරාධිත දර්ශනය නැරඹුවේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී.

ලංකාවේ සමාජයේ විවිධ ස්ථර බස් එකක් ඇතුළට ගෙනත්, යථාර්තයත්, මායාවත් අතර ගමන් කරමින් ලාංකීය ජන මනසේ විශාල හරස්කඩක් ආදරය, වේදනාව, ඊර්ශියාව, වියෝගය, මරණය ආදී මානව හැඟීම් ගොන්නක් සමඟ විකාශනය වන රෝඩ් මූවි හැඩයේ චිත්‍රපටයක් ‘වෙඩි නොවදින ළමයි.’

ඉන්දික ෆර්ඩිනැන්ඩෝ

චින්තන ධර්මදාසගේ ‘ඇවිලෙන සුළුයි’ වලින් පස්සෙ මෑතක ලංකාවේ නිශ්පාදනය වුණු රෝඩ් මූවි එක මේක වෙන්න ඕන. (සිංහල නවකතාවක් තුළ මේ රෝඩ් මූවි හැඩය තියන එකක් ලියැවුණානම් ඒ ශමෙල් ජයකොඩිගේ ‘කුමර කොබෙයි’.)
මුළු චිත්‍රපටය තුළම මාව වඩාත් ඇඳ බැඳගත් ප්‍රධාන දේ නම් චිත්‍රපටයේ හැම ෆ්‍රේම් එකක් පුරාම තිබුණු නාටකීය හා ජීවය පිරුණු බව. ඒක චිත්‍රපටයේ හතරෙන් තුනක් පුරාම අති නාටකීය ලෙස වර්ධනය කරමින් ප්‍රේක්ෂකයා කෘතිය වෙත ඇද බැඳගත් අගය කළයුතු සිනමාමය තත්ත්වයක්. මේ අති නාටකීය හැඩය ඉන්දිකගේ පළමු සිනමා කෘතිය වූ ‘හෝ ගාන පොකු⁣ණ’ තුළත් තිබුණා. (Storyline එකට බර දාලා කෘතිය නිමැවීම.)

1996 විල්ස් ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාව දිනාගත් දිනයේ ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පකිස්ථානයේ ගඩාපි ක්‍රීඩාංගනයේදී තරඟය ආරම්භයෙන් ඇරඹෙන චිත්‍රපටය අවසන් වන්නේ ඒ තරඟයේ ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වීම සමරමින්.

මුළු චිත්‍රපටය පුරාම වන සියළු සිදුවීම්, හැල හැප්පිම් මැදින් ක්‍රිකට් තරඟයත් ගලා යනවා.(ප්‍රසන්න විතානගේ ගේ ‘ඉර මැදියම’ හීදී වගේ.) එක අන්තයක ජයග්‍රාහක කණ්ඩායමක් සිටියදී, අනෙක් අන්තයේ අන්තර් පාඨශාලීය ජාතික සංගීත තරඟයේ ජයග්‍රහණය අහිමි වුණු, අනු ශූරතාව හිමිවුණු, පාසල් ශිෂ්‍ය කණ්ඩායමක සිට තමන්ගේ මියගිය කුළුඳුල් දරුවා අනුරාධපුරයට හර්ස් එකකින් රැඟෙන යාමට මුදල් නොමැතිකම නිසා කාඩ්බෝඩ් පෙට්ටියක දමාගෙන, තම දරුවාට ගෞරවණීය අවසානයක් ලබා දීමට (ලැස්ලො නෙමේස්ගෙ Son of Saul වලදි වගේ) රැගෙන යන තරුණ යුවළක් වගේම, ජීවිතය අලුතෙන් ඇරඹීමට නිවසින් පැන යන පෙම්වතුන් යුවළක් ඇතුළුව සමාජයේ විවිධ කණ්ඩායම් මේ බසය තුළ කොළඹ සිට අනුරාධපුරයට ගමන් කරනවා. (ඒ අතරේ ඒ මරණයම විකුණලා, හැඟීම් උත්කර්ෂයට නංවලා, බස් එකේ පිරිසගෙන්ම ගාණක් කඩාගෙන බසයෙන් බැසයන සුදු ඇඳගත්, NGO ටයිප් නීට් පොරකුත් ඉන්නවා.)

මුලින් කී ලෙස යථාවත්, මායාවත් අතරින් අති නාටකීයව විකාශනය වන ‘වෙඩි නොවදින ළමයි’ ෆ්‍රේම් ටු ෆ්‍රේම් ඉහළ සිනමාමය නිමාවක් සහිත, ලංකාවේ කලාතුරකින්ම දකින්නට ලැබෙන චිත්‍රපටයකි.

චිත්‍රපටයේ කැමරාකරණය හා සංස්කරණය මෙවැනි අති නාටකීය සිනමා කෘතියකට ගැලපෙන ඉහළම මට්ටමේ එකක් වනවා සේම, ඒවා විසින් ප්‍රේක්ශකයා වෙත කරන බලපෑමද, චිත්‍රපටයේ තේමාව ඉහළ තළයකට ගෙන ඒමටද දක්වන දායකත්වය ඉතා ඉහළය. (මුල් ෆ්‍රේම් එකේදි කැමරාව පාත්‍ර වර්ගයා වෙත ගමන් කිරීම වෙනුවට ඔවුන් ඒ වෙත පැමිණීම මට සිහි කළේ තර්කොව්ස්කිගේ Stalker හී බොහෝ දර්ශන.)

එළෙසින්ම චිත්‍රපටය පුරාම වන ඉතාම කුඩා සිදුවීමකට, චරිතයකට වගේම දෙයකට පවා භූමිකාවක් හා සංඛේතීය වටිනාකමක් ඇත. (ප්‍රේක්ශකයා අමතක කරන්න එපා අර්ජුන රණතුංග ශූරතා කුසලානය ලබද්දී, බස් එක ඇතුළේ ඇති කුසලානය ශූරතා කුසලානයක් නොව අනු ශූරතා කුසලානයක් බව. අවසානයේ දරුවා අරන් දුවන්නේ තමන්ට තම ජීවිතයේදී අහිමි වූ කුසලානය: තම මිය ගිය සහෝදරයා. ඒ මානුෂිකත්වයට තබන වෙඩි උණ්ඩ තමයි රෝසමල් වෙන්නෙ. අපි බදා වැළඳගත යුත්තේ ඒ අහිමි මිනිසත්බව නම් කුසලානය මිස අනෙකෙක් පරදවා ලබන ශූරතා කුසලානය නොවන බවයි ඉන්දික අපට කියන්නේ. )

මුළු චිත්‍රපටය පුරාම බස් එක තුළ ගමන් කරන, චිත්‍රපටය ජීවයෙන් පුරවන පාසල් සංගීත කණ්ඩායම හඳගමගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ හී සංගීත කණ්ඩායම එකී කෘතියට දැක්වූ දායකත්වය වගේම එකක් නිර්මාණයට ලබා දෙනවා.
කොහොම වුණත් කියන්න තියෙන්නෙ ‘වෙඩි නොවදින ළමයි’ එක පාරක් නෙමෙයි කිහිප සැරයක්ම බලන්න හිතෙන, ප්‍රේක්ෂකයා සිනමා ශාලාව වෙත ඇද්දවිය හැකි, ලංකාවේ සිනමා කර්මාන්තය ගැන බලාපොරොත්තු ඉහළ නංවන, ඉහළ ජීව ගුණයෙන් යුතු චිත්‍රපටයක් බවයි.

නොබලා අතාරින්න නම් එපා. මේ වගේ හොඳ ෆිනිෂ් එකක් සහිත සිංහල චිත්‍රපට ලාංකික ප්‍රේක්ෂකාගාරයට නිකුත් වෙන්නේ කලාතුරකින්.

ජනක ඉනිමංකඩ

රනිල්ගේ කැබිනට් පත්‍රිකාව සාර්ථකයි : ඡන්දෙට සල්ලි දෙන්න බෑ – මුදල් අමාත්‍යංශ ලේකම් කොමිසමට දැනුම් දෙයි !

0

පවතින ආර්ථික අර්බුදය නිසා පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමේ ගැටළුවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන අද (17) මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ එහි ඉහළ නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට කැඳවූ අවස්ථාවේ ඔවුන් මෙසේ ප්‍රකාශ කළ බවයි. රජයේ වියදම් සීමාකරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව රටේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන්කිරීමට සිදුව ඇති බව ඔවුන් කොමිසමට දැනුම් දී ඇත.

වෙනත් අත්‍යවශ්‍ය නොවන වියදම් සඳහා රටේ මුදල් ඇමතිවරයාගේ අනුමැතිය ලබාගත යුතු යැයි තවත් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මුදල් ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක දැක්වුණේ අත්‍යවශ්‍ය සේවා සඳහා මුදල් වෙන්කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙනි. ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

2002 රනිල් : 2007 ගෝඨාභය : 2017 මෛත්‍රිපාල : 2023 රනිල් :: ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානියා ලංකාවට ඇවිත් ගියේ ඇයි ?

0

ඇමෙරිකාවේ ඉහළ පෙළේ ආරක්ෂක නියෝජිත පිරිසක් සමග ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මේ සතියේ කළ සාකච්ඡා පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ විශේෂ අවධානය යොමුවී තිබේ.

ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්විණි. මේ සඳහා පැමිණ තිබුණේ ඇමෙරිකාවේ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් : ඉන්දු – පැසිෆික් ආරක්ෂක සම්බන්ධතා (Principal Deputy Assistant Secretary of Defence for Indo-Pacific Security Affairs – PDASD) ජේ. පී. රෝයල්ගේ මූලිකත්වයෙන් යුත් නියෝජිත පිරිසකි. ඔවුන් මෙරටට පැමිණ තිබුණේ පසුගිය 14දා රාත්‍රියේ ය. මෙම සාකච්ඡාවලදී කලාපීය ආරක්ෂක ස්ථාවරභාවය සහ දෙරට අතර ආරක්ෂක සම්බන්ධතා ප්‍රවර්ධනය පිළිබඳ දීර්ඝ ව අදහස් හුවමාරු කරගෙන ඇත.

මෙම සාකච්ඡා සඳහා මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් ඇතුළු පිරිසක් ද, මෙරට ආරක්ෂක අමාත්‍යංශය පාර්ශ්වයෙන් එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්ෂක) හර්ෂ විතානාරච්චි ඇතුළු පිරිසක් ද සහභාගි වී ඇත.

ලංකාවට පෙර ඉන්දියාවට

ලංකාවට පැමිණීමට පෙර මෙම පිරිස ඉන්දියාවේ ද විශේෂ සාකච්ඡා කිහිපයක් සඳහා සහභාගි වී තිබේ. ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාල වෙබ්අඩවිය වාර්තා කරන්නේ පසුගිය සඳුදා (13) එම සාකච්ඡා පැවති බවයි.

ඉන්දු – පැසිෆික් කලාපයේ ප්‍රගමනය වෙනුවෙන් නිදහස්, විවෘත සහ එකිනෙකට සම්බන්ධ වන මෙහෙයුම් රැසක් ඉන්දියාව සහ ඇමෙරිකාව අතර සිදු වන බවත්, සයිබර් ආරක්ෂාව සහ දේශගුණ විපර්යාස ඒ අතරට අලුතින් එක්වී තිබෙන බවත් මෙම සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති එලිසබෙත් ජෝන්ස් සඳහන් කර තිබිණි.

තාක්ෂණික මධ්‍යස්ථානය

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමෙරිකාවේ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් (ඉන්දු – පැසිෆික් ආරක්ෂක සම්බන්ධතා) ජේ. පී. රෝයල් පවසා තිබුණේ දෙරට අතර සමීප සම්බන්ධතා සහ තාක්ෂණික හුවමාරු මෙහෙයුම් මගින් ඉන්දියාවේ නව රැකියා අවස්ථා දහස් ගණනක් බිහි වන බවයි. ඉන්දියානු විද්‍යාඥයන්ගේ සහ විශේෂඥයන්ගේ සහායෙන් සිදුකරන ඇමෙරිකානු ආයෝජන මගින් කලාපයේ ඉංජිනේරු සහ තාක්ෂණික මධ්‍යස්ථානය බවට ඉන්දියාව පත්වනු ඇතැයි ද ඔහු සඳහන් කර තිබිණි. ඇමෙරිකානු සහයෝගිතාව මත ඉදිකරන ලද එරෝ-ඉන්දියා (Aero-India) මධ්‍යස්ථානයක් ද මෙම සංචාරයේදී විවෘත කර ඇත.

ලංකාවේදී අරමුණ කුමක්ද?

රාජ්‍ය තාන්ත්‍රික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජේ. පී. රෝයල්ගේ මෙරට සංචාරයේදී කලාපීය තාක්ෂණික මධ්‍යස්ථානයකදී ලංකාවේ වැදගත්කම සහ කාර්යභාරය පිළිබඳව ද අවධානය යොමුකර ඇති බවයි. ඉන්දියාව සහ ලංකාව ඒකාබද්ධ තාක්ෂණික – ආරක්ෂක කලාපයක් නිර්මාණය කිරීම ඇමෙරිකාවේ අරමුණ බව ද පෙන්වා දෙන ඔවුහු, ඒ සම්බන්ධයෙන් කඩිනම් ව්‍යාපෘතියක් හඳුන්වා දීමට නියමිත බව ද සඳහන් කරති.

2017 ගිවිසුම

මේ අතර 2017 වසරේදී ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකානු රජය අතර අත්සන් කරන ලද ACSA – Acquisition and Cross-Services Agreement ගිවිසුම මෙතෙක් නිල වශයෙන් හෙළිදරව් කොට නැත. මෙම ගිවිසුමට මුලින්ම අත්සන් කරන ලද්දේ 2007 වසරේදී මෙරට ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සහ එවකට මෙරට ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් ය. එහි අන්තර්ගතය වූයේ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් සම්බන්ධයෙනි.

පිටු 08 සිට 83 දක්වා

එහෙත් 2017දී අලුත් කරන ලද මෙම ගිවිසුම පිටු 83ක් විය. 2007 ගිවිසුම පිටු 08ක් බව සඳහන් ය. එය තාක්ෂණික සහ ආරක්ෂක ගිවිසුමක් ලෙස හැඳින්විණි. මේ ආකාරයට ම ඉන්දියාව සමග ද තාක්ෂණික සහ ආරක්ෂක ගිවිසුමකට එළඹීමට ඇමෙරිකාව කටයුතු කළේය. රාජ්‍ය තාන්ත්‍රික විශ්ලේෂකයන් මෙම ඇමෙරිකානු ව්‍යාපෘතිය හඳුන්වන ලද්දේ චීනයේ ආර්ථික සහ භූදේශපාලනික ව්‍යාප්තිය වැලැක්වීමේ මෙහෙයුමක් ලෙස ය. චීනය ඉන්දු – පැසිෆික් කලාපය ඉලක්ක කරගත් විශේෂ ආර්ථික මෙහෙයුමක නිරත ව සිටී.

2002 පලාලි

මීට අදාළ මූලික සාකච්ඡා ආරම්භ වූයේ 2002 වසරේදී ය. එවකට පැවති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමග මෙම සාකච්ඡා පැවති බව සඳහන් වන්නේ පලාලි හමුදා කඳවුරේදී ය. මෙරට ආණ්ඩුව පාර්ශ්වයෙන් රනිල් වික්‍රමසිංහ සහ එවකට ආරක්ෂක ඇමති තිලක් මාරපන සමග ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී තිබේ. දකුණු ආසියානු සම්බන්ධතා පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ක්‍රිස්ටිනා රොකා සහ බ්‍රිගේඩියර් ජෙනරාල් ටිමෝති ගෝර්ම්ලි ඇතුළු පිරිසක් ඇමෙරිකාව පාර්ශ්වයෙන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත. එම කාලයේදී ම ඇමෙරිකානු ආරක්ෂක සහ නීති ක්ෂේත්‍රවල විශේෂඥයන් සිව්දෙනෙකු මෙරටට පැමිණ ඇති බවට විදේශ කටයුතු අමාත්‍යංශ ලේඛන සාක්ෂි දරයි. එහෙත් එය ප්‍රසිද්ධ සංචාරයක් නොවීය.

පරණ කතාව අලුත් පාරක ?

ඇමෙරිකාව සමග මීට පෙර අත්සන් කරන ලද Status of Forces Agreement (SOFA) සහ Visiting Forces Agreement (VFA) යන ගිවිසුම්වලට එහා යමින් මෙරට භූමියට ඇමෙරිකානු ආරක්ෂක අංශවලට ඇතුළු වීමේ හැකියාව මෙම ACSA ගිවිසුම් මගින් ලැබුණු බව රාජ්‍ය තාන්ත්‍රික විශ්ලේෂකයන්ගේ මතයයි. ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් නීතියට අනුව මෙම ගිවිසුම්වලට අදාළ කටයුතු සිදු වේ. එහි 2341 සඳහන් වන්නේ වෙනත් රටවල් සමග ආරක්ෂක සහයෝගිතාව පවත්වාගෙන යන ආකාරයත්, එම රටවල හමුදා අභ්‍යාස සහ හමුදා මෙහෙයුම් ඒකාබද්ධව සිදුකිරීම පිළිබඳවත් ය.

ලියාපදිංචි නොකළ සමාගම් 02කින් ඖෂධ ගෙන්වීම : ජනාධිපති ඇතුළු වගඋත්තරකරුවන් 47කට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

0

කැබිනට් මණ්ඩලය, සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉන්දියානු පෞද්ගලික සමාගම් 02කින් වෛද්‍ය සැපයුම් ලබාගැනීමට ගෙන ඇති තීරණයට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SC/FR/65/2023) ගොනුකළේය.

මෙම සමාගම් 02, මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා විධිමත් ක්‍රමවේදයට අනුව ලියාපදිංචි වූ සැපයුම්කරුවන් නොවේ. එවැනි සූදානමක් පවතින බව thetime.lk ද මීට පෙර හෙළිකළේය.

ඒ, ‘ඖෂධ හිඟය උග්‍රයි – ප්‍රමිතියෙන් තොර ඖෂධ රට තුළට : කාටවත් බෙහෙත් නැතුව මැරෙන්න දෙන්නෙ නෑ – සෞඛ්‍ය ඇමති’ යන ලිපිය තුළ ය.

මෙසේ ලියාපදිංචි නොකළ පෞද්ගලික සැපයුම්කරුවන් හරහා වෛද්‍ය සැපයුම් ලබාගැනීමේදී කැබිනට් මණ්ඩලයේ කාර්යභාරය, ලියාපදිංචි නොකළ සැපයුම්කරුවන්ගෙන් වෛද්‍ය සැපයුම් ලබාගැනීම සඳහා ලියාපදිංචිය අත්හැරීමේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාරය, ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල නොවීම සහ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යන කරුණු මෙම පෙත්සම මගින් අභියෝගයට ලක්කර ඇත.

ජනතාවගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ යහපැවැත්ම බරපතළ ලෙස නොසලකා හැරීම සහ මහජන විශ්වාසය සහ මහජන මුදල් අපහරණය කිරීමත් සමග සමානාත්මතාව සඳහා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කර ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් එම පෙත්සම මගින් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම ප්‍රසම්පාදනයට එරෙහිව අතුරු නියෝග නිකුත් කිරීම, ඖෂධ 38ක් ලියාපදිංචිය අත්හැරීම සඳහා අනුමැතිය, එම ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ එම ඖෂධ සඳහා මුදල් ගෙවීමට එරෙහිව අතුරු නියෝග නිකුත් කිරීම යන කරුණුවලට අදාළ නියෝග නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, නීතිපති, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යංශ සැපයුම් අංශය, ඉන්දියාවේ ගුජරාට්හි  Savorite Pharmaceuticals (Pvt) Limited සහ ඉන්දියාවේ චෙන්නායිහි Kausikh Therapeutics (Pvt) Limited ඇතුළු පාර්ශ්ව 47කි.

හේතුව ආරක්ෂක ප්‍රශ්නයක් – රජයේ මුද්‍රණාලයාධිපති : තැපැල් ඡන්ද දින පසුව කියන්නම් – මැතිවරණ කොමිසම

0

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් යනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පෙබරවාරි 22, 23, 24 සහ 28 දිනවලදී ලබන මාර්තු 09දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් කර තිබිණි. ඊට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා පෙරේදා (15) මධ්‍යස්ථාන 1,116කදී බෙදාහැරීමට නියමිත ව තිබිණි.

එහෙත් පසුගිය 13දා රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ කොමිසමට නිල වශයෙන් දැනුම් දී තිබුණේ මුදල් නොලැබීම නිසා නියමිත පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමේ දින පසුව දැනුම් දෙන බවයි.

මේ අතර තමන් නිල වශයෙන් කොමිසමට කළ දැනුම් දීම මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මුද්‍රණාලයාධිපතිනිය සිය විරෝධය පළ කර තිබිණි.

අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුද්‍රණාලයාධිපතිනිය පවසා තිබුණේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වීමට හේතු වූ බවයි. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් 60 දෙනෙකුගේ ආරක්ෂාවක් පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලුවද, මෙතෙක් ලැබී ඇත්තේ නිලධාරීන් තිදෙනෙකුගේ ආරක්ෂාව පමණක් බව ද ඇය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරන්නේ මැතිවරණයට අදාළ ගෙවීම්වලින් සියයට 60කට වඩා ගෙවනු ලබන්නේ මැතිවරණයෙන් පසුව වන බවයි.

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් – මීළඟ තරගය තීරණාත්මකයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අයි.සි.සී ලෝක කුසලාන කාන්තා පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ(17) පැවති තරගයෙන් දරුණු පරාජයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවිය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය සමග පැවති තරග ජයගැනීම සමග ඉතා හොඳ මානසික තත්වයක සිටියද ප්‍රබල ඕස්ට්‍රේලියාව සමග තරගයේදී ලද පරාජය නිසා මීළග තරගය ඉතාම තීරණාත්මක එකක්වී තිබේ.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මුලින් පන්දු යැවීම තෝරාගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මුල් කඩුලු කීපය සඳහා ඉතා හොඳ සබඳතා ගොඩනැගීමට සමත්වූහ. එහෙත් මැදපෙල සහ පසුපෙල පිතිකාරිණියන් අසාර්ථක වීම සහ අඩු ලකුණු වේගය හේතුවෙන් ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේදී ලබාගැනීමට හැකිවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 112ක් පමණි.

මෙම තරගයේදීත් නැවතත් ලකුණු අතරට පැමිණි ආරමභයක පිතිකාරිණිය හර්ෂිතා සමරවික්‍රම ලකුණු 34ක් සහ යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න ලබාගත් ලකුණු 24 හැරෙන්නට අනෙකුත් පිතිකාරිණියන්ට සැලකියයුතු දායකත්වයක් ලබාදීමට නොහැකිවිය.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මද වේග පන්දු යවන ක්‍රීඩිකා මේගන් ස්කට් ලකුණු 24ට කඩුලු 4ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පළමු පන්දුවාරයේ සිටම ඉතාම ආක්‍රමණකාරීම ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට එරෙහිව පිත්ත හැසිරවූ අතර, 16 වැනි පන්දු වාරයේදී කිසිඳු කඩුල්ලක් බිඳ නොවැටී ජයග්‍රාහී ඉලක්කය කරා යාමට ඔවුන් සමත්විය.

එහිදී ඇලීසා හීලි නොදැවී ලකුණු 54ක් සහ බෙත් මූනි නොදැවී ලකුණු 56ක් ලබාගැනීමට සමත්කම් දැක්වූහ. මෙම පරාජය සමග ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයේ ලකුණු පුවරුවේ දෙවැනි තැන දක්වා පහත වැටුණි.

මෙම ජයග්‍රහණය සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් 19 වැනිදා නවසීලන්තය සමග පැවැත්වෙන තරගය ජයගැනීම අනිවාර්ය වනු ඇත.

සබැඳි පුවත්

තරගාවලියේ ප්‍රථම ශතකය පකිස්තානයෙන්, ඉන්දියාවත් ඉදිරියට

නව ශ්‍රී ලංකා වාර්තා සමගින් බංගලාදේශය පරාජය කරයි, හර්ෂිතාගෙන් නොදැවී ලකුණු 69 ක්

දුරකතන සහ සන්නිවේදන ගාස්තු නැවතත් වැඩිවෙයි ද?

0

රජය විසින් සිදුකරනු ලැබූ විදුලි ගාස්තු ඉහළ දැමීම  හේතුවෙන් දුරකතන සහ සන්නිවේදන සේවා ගාස්තු නැවතත් වැඩිවිය හැකි බවට වාර්තා වේ.

විදුලි ගාස්තුව 66% ක් වැනි ඉතා ඉහළ ප්‍රතිශතයකින් ඉහළයාම සමග දුරකතන සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සේවා සම්පාදනය කරන ආයතනවල පිරිවැය ඉතා ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ගාස්තු වැඩිකිරීමක අවදානමක් මතුව තිබේ.

මේ වනවිටත් දිවයින පුරා සන්නිවේදන සේවා සපයන ආයතන මුද්‍රණ සහ වෙනත් සේවා ගාස්තු වැඩිකිරීමක් සිදුකළ යුතු බවට තීරණය කර තිබේ. ඒ අනුව ඡායාපිටපත් සහ මුද්‍රණ පිටපත් සඳහා පිටුවක ගාස්තුව රුපියල් 5කින් වැඩිකිරීමට තීරණය කර ඇත.

එසේම වෙනත් මුද්‍රණ සහ සන්නිවේදන සේවා ගාස්තුද සැලකිය යුතු මුදලකින් ඉහළ දැමීමට සිදුවන බව සන්නිවේදන සේවා සපයන ආයතන හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පවසයි.

මින් පෙරද අවස්ථා කිහිපයකදිම දුරකතන, අන්තර්ජාල සහ අනෙකුත් සන්නිවේදන සේවා ගාස්තු 50%කට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ දැමීම සිදුකර තිබේ. නැවත වරක් එම ගාස්තු ඉහළ දැමීම නිසා එක් පැත්තකින් පාරිභෝගියන් තවත් පීඩනයකට ලක්වීම මෙන්ම අදාල කර්මාන්ත ක්ෂේත්‍රයට ඇති ඉල්ලුම පහත වැටීම නිසා එම ක්ෂේත්‍රයේ ආයතන කඩාවැටීමේ අවදානමක්ද මතුව තිබේ.

ලංකා මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට ඉඩ ? : කඩිනම් විසඳුමක් ලැබෙයි – ඉන්දීය ධීවර ඇමති

0

උතුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ඉන්දීය ධීවරයන්ට නීත්‍යනුකූල අවසරයක් ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පිළිබඳ දැඩි විරෝධය පළකරන බව යාපනය එක්සත් ධීවර සංගමය අවධාරණය කරයි.

මුල් වටයේදී තෝරාගත් පිරිසකට මෙම අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ වී ඇතැයි වාර්තා වන බව එම සංගමය පවසයි. දැනටත් ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලන බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් එම සංගමය පෙන්වා දෙයි. වරින්-වර එවැනි ධීවරයන් අත්අඩංගුවට ගැනීම් සිදුකළද, එය කිසිසේත්ම ඔවුන්ට බලපෑමක් නොවන බවත්, එසේ අත්අඩංගුවට ගන්නේද යාපනයේ ධීවරයන් නාවික හමුදාවට දැඩි විරෝධය දක්වන අවස්ථාවලදී පමණක් බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දීය ධීවර ඇමති එල්. මුරුගන් විසින් මීට අදාළ කටයුතු සිදුකරන බව ද ඔවුහු පවසති.

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී මීට අදාළ අවසාන තීරණයක් ගැනීමට නියමිත බව ද එම සංගමය වෙනුවෙන් අදහස් පළකරමින් එහි සභාපති එස්. ජේසුරාසා අවධාරණය කර සිටී.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් අප කළ සොයාබැලීමකදී වාර්තා වූයේ එවැනි යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව සත්‍යයක් වුවද, එම අවස්ථාව ඉන්දීය ධීවරයන්ට ලබාදීම පිළිබඳ අවසාන තීරණයක් ගෙන නැති බවයි.

මේ අතර The Times of India වෙබ්අඩවිය එරට ධීවර ඇමතිවරයා උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ තමිල්නාඩුව සහ යාපනය අතර සමීප සම්බන්ධතා ආරම්භ කිරීම සඳහා වන සාකච්ඡා සාර්ථකව පැවැත්වෙන බවයි. පසුගිය සෙනසුරාදා (11) යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා ලංකාවට පැමිණි ඇමතිවරයා, සඳුදා (13) නැවත ඉන්දියාවට යෑමෙන් පසු මාධ්‍ය අමතා සිය සංචාරය පිළිබඳ අදහස් දක්වා තිබිණි. ඉන්දීය – ශ්‍රී ලංකා ධීවර ගැටළුවට ද කඩිනම් විසඳුමක් ලැබෙනු ඇතැයි ඔහු එහිදී විශ්වාසය පළකර තිබිණි.

ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශන්කර්ගේ මෙරට සංචාරයේදී ද මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර තිබිණි.

විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධ වූ PUCSL සභාපතිගේ කාර්යාලයට පොලිසිය සීල් තබයි : ඇමෙරිකාවෙන් ආ පසු විවෘත කරයි !

0

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලයට පොලිසිය විසින් මුද්‍රා තබා ඇත.

මෙම කාර්යාලය කොල්ලුපිටිය, මයිකල් පාරේ පිහිටා තිබේ. කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව මෙම කාර්යාලයට මුද්‍රා තැබූ බව පොලිසිය පවසයි.

මෙම කාර්යාලයේ තිබෙන වැදගත් ලියකියවිලි විනාශ කිරීමට පිරිසක් උත්සාහ කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කළ බවත්, එහිදී අධිකරණයෙන් මුද්‍රා තැබීමේ නියෝගයක් නිකුත් කෙරුණු බවත් පොලිසිය පාර්ශ්වයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

කොමිසමේ සභාපතිවරයා පසුගිය සඳුදා සිට විදේශගතව සිටී. ඔහු පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් ව ගොස් ඇති බව වාර්තා වේ. ඔහු ලංකාවට පැමිණීමෙන් පසු නැවත කාර්යාලය විවෘත කිරීමට නියමිත ය.

මේ අතර විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලිබල ඇමති කාංචන විජේසේකර සහ ආණ්ඩුව සමග කොමිසමේ සභාපතිවරයා දැඩි මත ගැටුමක යෙදී සිටියේය. ඊයේ (15) සිට වැඩි කළ ආකාරයට විදුලි බිල ඉහළ දැමුවහොත් තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද සභාපතිවරයා විසින් මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවති කොමිෂන් සභා රැස්වීමේදී ද කොමිසමේ අනෙක් සාමාජිකයන් සහ සභාපතිවරයා දෙපාර්ශවයකට බෙදී ඇත. එහිදී කොමිසමේ අනෙකුත් සාමාජිකයන් විදුලි ගාස්තු සියයට 200කට අධික ප්‍රතිශතයකින් ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීරණයට එකඟ වී ඇති අතර, සභාපතිවරයා ඊට විරෝධය පළකර තිබේ.

මුද්‍රා තැබීමේ නියෝගය

ජීවිතාන්ත සිර දඬුවම් ලද ඝාතකයා ජාතිවාදී සංහාරය පිළිබඳ සමාව ඉල්ලයි !

0

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ බෆලෝහිදී කළු ජාතිකයන් 10 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ සුදු ජාතික තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබාදී තිබේ.
19 හැවිරිදි පේටන් ජෙන්ඩ්‍රොන් 2022 මැයි 14දා මෙම ඝාතනය සිදු කර තිබූ අතර, ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, ත්‍රස්ත ක්‍රියා ඇතුළු චෝදනා 15ක් ගොනුකර තිබිණි.
පසුගිය නොවැම්බර් මාසයේදී ඔහු ඒ සියලු චෝදනාවලට වරද පිළිගත්තේය.
නඩු වාර කිහිපයක විභාගයකින් අනතුරුව ඊයේ (15) විනිසුරු සුසාන් ඒගන් විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත්කරන ලදි.
දඬුවම ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරිය පවසා සිටියේ ශිෂ්ඨ සමාජයක ඔබට හෝ ඔබේ අන්තවාදී නූගත්, ද්වේෂ සහගත මතවාදයන්ට තැනක් නැති බවයි.
‘ඔබ විසින් සිදුකරන ලද හානිය ඉතා විශාලයි. ඔබ නැවත කිසිදිනෙක නිදහස් මිනිසෙකු ලෙස ආලෝකය නොදකිනු ඇත. එමෙන්ම ඔබට අනුකම්පාවක් හෝ දෙවන අවස්ථාවක් හෝ තිබිය නොහැක.’
විනිසුරුවරිය වැඩිදුරටත් එසේ ද පවසා තිබිණි.
ඔහුට එරෙහිව දඬුවම ලබාදෙන අවස්ථාවේ අධිකරණය තුළ සිටි ඝාතනයට ලක්වූ අයගේ ඥාතීන් කිහිප දෙනෙකු ඔහුට පහරදීමට උත්සාහ කර තිබිණි.
එහිදී මිය ගිය පිරිස අතර සිටි කැට් නමැති තරුණියකගේ සහෝදරියක වූ මැසි මැප්ස් චූදිත පේටන් ජෙන්ඩ්‍රොන් අමතා මෙසේ පැවසුවාය.
‘කැට් ඕනෑම වේලාවක ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරයි. ඔයා මගේ පවුලේ අයව රිද්දුවා. ඔයා නිසා මගේ පවුලේ අය හැමදාමත් අඬාවි.’
වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ විවිධ ප්‍රකාශ අතරතුර, ජෙන්ඩ්‍රොන් ඉකිගසමින් හැඬු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
අවසානයේ ජෙන්ඩ්‍රොන් පවසා සිටියේ ජාතිවාදී සංහාරය සිදුකිරීම සම්බන්ධයෙන් වින්දිතයන්ගේ පවුල්වලින් සමාව අයැද සිටින බවයි.