හේතුව ආරක්ෂක ප්‍රශ්නයක් – රජයේ මුද්‍රණාලයාධිපති : තැපැල් ඡන්ද දින පසුව කියන්නම් – මැතිවරණ කොමිසම

Share post:

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් යනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පෙබරවාරි 22, 23, 24 සහ 28 දිනවලදී ලබන මාර්තු 09දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් කර තිබිණි. ඊට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා පෙරේදා (15) මධ්‍යස්ථාන 1,116කදී බෙදාහැරීමට නියමිත ව තිබිණි.

එහෙත් පසුගිය 13දා රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ කොමිසමට නිල වශයෙන් දැනුම් දී තිබුණේ මුදල් නොලැබීම නිසා නියමිත පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමේ දින පසුව දැනුම් දෙන බවයි.

මේ අතර තමන් නිල වශයෙන් කොමිසමට කළ දැනුම් දීම මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මුද්‍රණාලයාධිපතිනිය සිය විරෝධය පළ කර තිබිණි.

අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුද්‍රණාලයාධිපතිනිය පවසා තිබුණේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වීමට හේතු වූ බවයි. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් 60 දෙනෙකුගේ ආරක්ෂාවක් පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලුවද, මෙතෙක් ලැබී ඇත්තේ නිලධාරීන් තිදෙනෙකුගේ ආරක්ෂාව පමණක් බව ද ඇය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරන්නේ මැතිවරණයට අදාළ ගෙවීම්වලින් සියයට 60කට වඩා ගෙවනු ලබන්නේ මැතිවරණයෙන් පසුව වන බවයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...