නව ශ්‍රී ලංකා වාර්තා සමගින් බංගලාදේශය පරාජය කරයි, හර්ෂිතාගෙන් නොදැවී ලකුණු 69 ක්

Share post:

නව වාර්තා කිහිපයක් තබමින් බංග්ලාදේශය සමග පැවති ලෝක කුසලාන T 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජය ගනිති. ඒ සමග පළමු කාණ්ඩයේ ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාව යි. ඉතිරි තරග දෙකෙන් එකක් ජයගතහොත්, අවසන් පූර්ව තරගවලට පිවිසීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට විවර වෙයි. බංග්ලාදේශ කණ්ඩායම මුලින් පන්දුවට පහරදී ලකුණු 126 ක් ලබා ගැනීමට සමත්විය. කඩුළු 8 ක් බිඳ වැටිණ. සොබානා මොස්ටරි ලකුණු 29 යි. ඕෂධී රණසිංහ ලකුණු 23 කට කඩුළු 3 ක් බිඳ හෙලීමට සමත්වූවාය. පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුළු 7 කින් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මරූෆා අක්තර් ගේ පන්දු යැවීම ඉදිරියේ ලකුණු 25 කදී චමරි අතපත්තු, විශ්මි ගුණරත්න සහ අනුෂ්කා සංජීවනී දැවී ගියහ. ඉන් විශ්මි හා අනුෂ්කා පිට පිට පන්දු දෙකක දී දවාගැනීමට මරූෆා සමත්වූවාය. ඉන්පසු පිටියේ එක්වූ නිලක්ෂි ද සිල්වා සහ ආරම්භක පිතිකාරිනී හර්ෂිතා මාධවී තරගය ජය වෙත රැගෙන ගියහ. පන්දු 50 කදී නොදැවී ලකුණු 69 ක් හර්ෂිතා රැස් කළාය. හතරේ පහර 8 ක් හා හයේ පහරක් ඇගේ ඉනිමට ඇතුළත් විය. එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් T 20 ලෝක කුසලාන තරගාවලියක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. නිලක්ෂි ලකුණු 41 ක් නොදැවී රැස් කළ අතර වැයවූ පන්දු සංඛ්‍යාව 38 කි. ඔවුන් දෙදෙනා අතර තරගය ජය වෙත රැගෙන ගිය සම්බන්ධතාව ලකුණු 104 කි. පන්දු 79 ක් ඊට වැය කෙරිණ. එය T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ශ්‍රි ලංකා කාන්තාවන් ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා කළ හොඳම සම්බන්ධතාවයි. කාන්තා T 20 ලෝක කුසලාන තරගාවලියක දී වාර්තා වූ පළමු ශතක සම්බන්ධතාව ද එයයි.

ආරම්භක පිතිකාරිනී හර්ෂිතා මාධවී තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කියාසිටියේ කණ්ඩායමට ප්‍රබල පිතිකාරිනියන් හයදෙනෙකු ඇතුළත් බවයි. ඒ නිසා මුල් කඩුළු අඩු ලකුණු සංඛ්‍යාවකදී බිඳවැටීම ගැටලුවක් නොවීය. කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව දස්කම් දක්වන බවද ඇගේ අදහසයි.

T 20 ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව තරග දෙකක් පිට පිට ජයගත් පළමු අවස්ථාවද මෙයයි. ශ්‍රී ලංකාවේ මීලඟ තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිවයි. එය ලබන බ්‍රහස්පතින්දා සවස 6:30 ට ආරම්භ වෙයි.

වජිර කැලුම් පෙරේරා

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...