ලංකා මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට ඉඩ ? : කඩිනම් විසඳුමක් ලැබෙයි – ඉන්දීය ධීවර ඇමති

Share post:

උතුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ඉන්දීය ධීවරයන්ට නීත්‍යනුකූල අවසරයක් ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පිළිබඳ දැඩි විරෝධය පළකරන බව යාපනය එක්සත් ධීවර සංගමය අවධාරණය කරයි.

මුල් වටයේදී තෝරාගත් පිරිසකට මෙම අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ වී ඇතැයි වාර්තා වන බව එම සංගමය පවසයි. දැනටත් ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලන බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් එම සංගමය පෙන්වා දෙයි. වරින්-වර එවැනි ධීවරයන් අත්අඩංගුවට ගැනීම් සිදුකළද, එය කිසිසේත්ම ඔවුන්ට බලපෑමක් නොවන බවත්, එසේ අත්අඩංගුවට ගන්නේද යාපනයේ ධීවරයන් නාවික හමුදාවට දැඩි විරෝධය දක්වන අවස්ථාවලදී පමණක් බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දීය ධීවර ඇමති එල්. මුරුගන් විසින් මීට අදාළ කටයුතු සිදුකරන බව ද ඔවුහු පවසති.

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී මීට අදාළ අවසාන තීරණයක් ගැනීමට නියමිත බව ද එම සංගමය වෙනුවෙන් අදහස් පළකරමින් එහි සභාපති එස්. ජේසුරාසා අවධාරණය කර සිටී.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් අප කළ සොයාබැලීමකදී වාර්තා වූයේ එවැනි යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව සත්‍යයක් වුවද, එම අවස්ථාව ඉන්දීය ධීවරයන්ට ලබාදීම පිළිබඳ අවසාන තීරණයක් ගෙන නැති බවයි.

මේ අතර The Times of India වෙබ්අඩවිය එරට ධීවර ඇමතිවරයා උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ තමිල්නාඩුව සහ යාපනය අතර සමීප සම්බන්ධතා ආරම්භ කිරීම සඳහා වන සාකච්ඡා සාර්ථකව පැවැත්වෙන බවයි. පසුගිය සෙනසුරාදා (11) යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා ලංකාවට පැමිණි ඇමතිවරයා, සඳුදා (13) නැවත ඉන්දියාවට යෑමෙන් පසු මාධ්‍ය අමතා සිය සංචාරය පිළිබඳ අදහස් දක්වා තිබිණි. ඉන්දීය – ශ්‍රී ලංකා ධීවර ගැටළුවට ද කඩිනම් විසඳුමක් ලැබෙනු ඇතැයි ඔහු එහිදී විශ්වාසය පළකර තිබිණි.

ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශන්කර්ගේ මෙරට සංචාරයේදී ද මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...