ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් – මීළඟ තරගය තීරණාත්මකයි

Share post:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අයි.සි.සී ලෝක කුසලාන කාන්තා පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ(17) පැවති තරගයෙන් දරුණු පරාජයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවිය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය සමග පැවති තරග ජයගැනීම සමග ඉතා හොඳ මානසික තත්වයක සිටියද ප්‍රබල ඕස්ට්‍රේලියාව සමග තරගයේදී ලද පරාජය නිසා මීළග තරගය ඉතාම තීරණාත්මක එකක්වී තිබේ.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මුලින් පන්දු යැවීම තෝරාගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මුල් කඩුලු කීපය සඳහා ඉතා හොඳ සබඳතා ගොඩනැගීමට සමත්වූහ. එහෙත් මැදපෙල සහ පසුපෙල පිතිකාරිණියන් අසාර්ථක වීම සහ අඩු ලකුණු වේගය හේතුවෙන් ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේදී ලබාගැනීමට හැකිවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 112ක් පමණි.

මෙම තරගයේදීත් නැවතත් ලකුණු අතරට පැමිණි ආරමභයක පිතිකාරිණිය හර්ෂිතා සමරවික්‍රම ලකුණු 34ක් සහ යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න ලබාගත් ලකුණු 24 හැරෙන්නට අනෙකුත් පිතිකාරිණියන්ට සැලකියයුතු දායකත්වයක් ලබාදීමට නොහැකිවිය.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මද වේග පන්දු යවන ක්‍රීඩිකා මේගන් ස්කට් ලකුණු 24ට කඩුලු 4ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පළමු පන්දුවාරයේ සිටම ඉතාම ආක්‍රමණකාරීම ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට එරෙහිව පිත්ත හැසිරවූ අතර, 16 වැනි පන්දු වාරයේදී කිසිඳු කඩුල්ලක් බිඳ නොවැටී ජයග්‍රාහී ඉලක්කය කරා යාමට ඔවුන් සමත්විය.

එහිදී ඇලීසා හීලි නොදැවී ලකුණු 54ක් සහ බෙත් මූනි නොදැවී ලකුණු 56ක් ලබාගැනීමට සමත්කම් දැක්වූහ. මෙම පරාජය සමග ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයේ ලකුණු පුවරුවේ දෙවැනි තැන දක්වා පහත වැටුණි.

මෙම ජයග්‍රහණය සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් 19 වැනිදා නවසීලන්තය සමග පැවැත්වෙන තරගය ජයගැනීම අනිවාර්ය වනු ඇත.

සබැඳි පුවත්

තරගාවලියේ ප්‍රථම ශතකය පකිස්තානයෙන්, ඉන්දියාවත් ඉදිරියට

නව ශ්‍රී ලංකා වාර්තා සමගින් බංගලාදේශය පරාජය කරයි, හර්ෂිතාගෙන් නොදැවී ලකුණු 69 ක්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...