ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් – මීළඟ තරගය තීරණාත්මකයි

Share post:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අයි.සි.සී ලෝක කුසලාන කාන්තා පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ(17) පැවති තරගයෙන් දරුණු පරාජයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවිය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය සමග පැවති තරග ජයගැනීම සමග ඉතා හොඳ මානසික තත්වයක සිටියද ප්‍රබල ඕස්ට්‍රේලියාව සමග තරගයේදී ලද පරාජය නිසා මීළග තරගය ඉතාම තීරණාත්මක එකක්වී තිබේ.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මුලින් පන්දු යැවීම තෝරාගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මුල් කඩුලු කීපය සඳහා ඉතා හොඳ සබඳතා ගොඩනැගීමට සමත්වූහ. එහෙත් මැදපෙල සහ පසුපෙල පිතිකාරිණියන් අසාර්ථක වීම සහ අඩු ලකුණු වේගය හේතුවෙන් ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේදී ලබාගැනීමට හැකිවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 112ක් පමණි.

මෙම තරගයේදීත් නැවතත් ලකුණු අතරට පැමිණි ආරමභයක පිතිකාරිණිය හර්ෂිතා සමරවික්‍රම ලකුණු 34ක් සහ යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න ලබාගත් ලකුණු 24 හැරෙන්නට අනෙකුත් පිතිකාරිණියන්ට සැලකියයුතු දායකත්වයක් ලබාදීමට නොහැකිවිය.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මද වේග පන්දු යවන ක්‍රීඩිකා මේගන් ස්කට් ලකුණු 24ට කඩුලු 4ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පළමු පන්දුවාරයේ සිටම ඉතාම ආක්‍රමණකාරීම ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට එරෙහිව පිත්ත හැසිරවූ අතර, 16 වැනි පන්දු වාරයේදී කිසිඳු කඩුල්ලක් බිඳ නොවැටී ජයග්‍රාහී ඉලක්කය කරා යාමට ඔවුන් සමත්විය.

එහිදී ඇලීසා හීලි නොදැවී ලකුණු 54ක් සහ බෙත් මූනි නොදැවී ලකුණු 56ක් ලබාගැනීමට සමත්කම් දැක්වූහ. මෙම පරාජය සමග ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයේ ලකුණු පුවරුවේ දෙවැනි තැන දක්වා පහත වැටුණි.

මෙම ජයග්‍රහණය සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් 19 වැනිදා නවසීලන්තය සමග පැවැත්වෙන තරගය ජයගැනීම අනිවාර්ය වනු ඇත.

සබැඳි පුවත්

තරගාවලියේ ප්‍රථම ශතකය පකිස්තානයෙන්, ඉන්දියාවත් ඉදිරියට

නව ශ්‍රී ලංකා වාර්තා සමගින් බංගලාදේශය පරාජය කරයි, හර්ෂිතාගෙන් නොදැවී ලකුණු 69 ක්

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...