විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධ වූ PUCSL සභාපතිගේ කාර්යාලයට පොලිසිය සීල් තබයි : ඇමෙරිකාවෙන් ආ පසු විවෘත කරයි !

Share post:

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලයට පොලිසිය විසින් මුද්‍රා තබා ඇත.

මෙම කාර්යාලය කොල්ලුපිටිය, මයිකල් පාරේ පිහිටා තිබේ. කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව මෙම කාර්යාලයට මුද්‍රා තැබූ බව පොලිසිය පවසයි.

මෙම කාර්යාලයේ තිබෙන වැදගත් ලියකියවිලි විනාශ කිරීමට පිරිසක් උත්සාහ කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කළ බවත්, එහිදී අධිකරණයෙන් මුද්‍රා තැබීමේ නියෝගයක් නිකුත් කෙරුණු බවත් පොලිසිය පාර්ශ්වයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

කොමිසමේ සභාපතිවරයා පසුගිය සඳුදා සිට විදේශගතව සිටී. ඔහු පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් ව ගොස් ඇති බව වාර්තා වේ. ඔහු ලංකාවට පැමිණීමෙන් පසු නැවත කාර්යාලය විවෘත කිරීමට නියමිත ය.

මේ අතර විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලිබල ඇමති කාංචන විජේසේකර සහ ආණ්ඩුව සමග කොමිසමේ සභාපතිවරයා දැඩි මත ගැටුමක යෙදී සිටියේය. ඊයේ (15) සිට වැඩි කළ ආකාරයට විදුලි බිල ඉහළ දැමුවහොත් තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද සභාපතිවරයා විසින් මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවති කොමිෂන් සභා රැස්වීමේදී ද කොමිසමේ අනෙක් සාමාජිකයන් සහ සභාපතිවරයා දෙපාර්ශවයකට බෙදී ඇත. එහිදී කොමිසමේ අනෙකුත් සාමාජිකයන් විදුලි ගාස්තු සියයට 200කට අධික ප්‍රතිශතයකින් ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීරණයට එකඟ වී ඇති අතර, සභාපතිවරයා ඊට විරෝධය පළකර තිබේ.

මුද්‍රා තැබීමේ නියෝගය

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...