විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධ වූ PUCSL සභාපතිගේ කාර්යාලයට පොලිසිය සීල් තබයි : ඇමෙරිකාවෙන් ආ පසු විවෘත කරයි !

Share post:

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලයට පොලිසිය විසින් මුද්‍රා තබා ඇත.

මෙම කාර්යාලය කොල්ලුපිටිය, මයිකල් පාරේ පිහිටා තිබේ. කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව මෙම කාර්යාලයට මුද්‍රා තැබූ බව පොලිසිය පවසයි.

මෙම කාර්යාලයේ තිබෙන වැදගත් ලියකියවිලි විනාශ කිරීමට පිරිසක් උත්සාහ කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කළ බවත්, එහිදී අධිකරණයෙන් මුද්‍රා තැබීමේ නියෝගයක් නිකුත් කෙරුණු බවත් පොලිසිය පාර්ශ්වයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

කොමිසමේ සභාපතිවරයා පසුගිය සඳුදා සිට විදේශගතව සිටී. ඔහු පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් ව ගොස් ඇති බව වාර්තා වේ. ඔහු ලංකාවට පැමිණීමෙන් පසු නැවත කාර්යාලය විවෘත කිරීමට නියමිත ය.

මේ අතර විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලිබල ඇමති කාංචන විජේසේකර සහ ආණ්ඩුව සමග කොමිසමේ සභාපතිවරයා දැඩි මත ගැටුමක යෙදී සිටියේය. ඊයේ (15) සිට වැඩි කළ ආකාරයට විදුලි බිල ඉහළ දැමුවහොත් තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද සභාපතිවරයා විසින් මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවති කොමිෂන් සභා රැස්වීමේදී ද කොමිසමේ අනෙක් සාමාජිකයන් සහ සභාපතිවරයා දෙපාර්ශවයකට බෙදී ඇත. එහිදී කොමිසමේ අනෙකුත් සාමාජිකයන් විදුලි ගාස්තු සියයට 200කට අධික ප්‍රතිශතයකින් ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීරණයට එකඟ වී ඇති අතර, සභාපතිවරයා ඊට විරෝධය පළකර තිබේ.

මුද්‍රා තැබීමේ නියෝගය

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...