ලියාපදිංචි නොකළ සමාගම් 02කින් ඖෂධ ගෙන්වීම : ජනාධිපති ඇතුළු වගඋත්තරකරුවන් 47කට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

Share post:

කැබිනට් මණ්ඩලය, සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉන්දියානු පෞද්ගලික සමාගම් 02කින් වෛද්‍ය සැපයුම් ලබාගැනීමට ගෙන ඇති තීරණයට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SC/FR/65/2023) ගොනුකළේය.

මෙම සමාගම් 02, මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා විධිමත් ක්‍රමවේදයට අනුව ලියාපදිංචි වූ සැපයුම්කරුවන් නොවේ. එවැනි සූදානමක් පවතින බව thetime.lk ද මීට පෙර හෙළිකළේය.

ඒ, ‘ඖෂධ හිඟය උග්‍රයි – ප්‍රමිතියෙන් තොර ඖෂධ රට තුළට : කාටවත් බෙහෙත් නැතුව මැරෙන්න දෙන්නෙ නෑ – සෞඛ්‍ය ඇමති’ යන ලිපිය තුළ ය.

මෙසේ ලියාපදිංචි නොකළ පෞද්ගලික සැපයුම්කරුවන් හරහා වෛද්‍ය සැපයුම් ලබාගැනීමේදී කැබිනට් මණ්ඩලයේ කාර්යභාරය, ලියාපදිංචි නොකළ සැපයුම්කරුවන්ගෙන් වෛද්‍ය සැපයුම් ලබාගැනීම සඳහා ලියාපදිංචිය අත්හැරීමේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාරය, ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල නොවීම සහ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යන කරුණු මෙම පෙත්සම මගින් අභියෝගයට ලක්කර ඇත.

ජනතාවගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ යහපැවැත්ම බරපතළ ලෙස නොසලකා හැරීම සහ මහජන විශ්වාසය සහ මහජන මුදල් අපහරණය කිරීමත් සමග සමානාත්මතාව සඳහා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කර ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් එම පෙත්සම මගින් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම ප්‍රසම්පාදනයට එරෙහිව අතුරු නියෝග නිකුත් කිරීම, ඖෂධ 38ක් ලියාපදිංචිය අත්හැරීම සඳහා අනුමැතිය, එම ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ එම ඖෂධ සඳහා මුදල් ගෙවීමට එරෙහිව අතුරු නියෝග නිකුත් කිරීම යන කරුණුවලට අදාළ නියෝග නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, නීතිපති, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යංශ සැපයුම් අංශය, ඉන්දියාවේ ගුජරාට්හි  Savorite Pharmaceuticals (Pvt) Limited සහ ඉන්දියාවේ චෙන්නායිහි Kausikh Therapeutics (Pvt) Limited ඇතුළු පාර්ශ්ව 47කි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...