ජීවිතාන්ත සිර දඬුවම් ලද ඝාතකයා ජාතිවාදී සංහාරය පිළිබඳ සමාව ඉල්ලයි !

Share post:

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ බෆලෝහිදී කළු ජාතිකයන් 10 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ සුදු ජාතික තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබාදී තිබේ.
19 හැවිරිදි පේටන් ජෙන්ඩ්‍රොන් 2022 මැයි 14දා මෙම ඝාතනය සිදු කර තිබූ අතර, ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, ත්‍රස්ත ක්‍රියා ඇතුළු චෝදනා 15ක් ගොනුකර තිබිණි.
පසුගිය නොවැම්බර් මාසයේදී ඔහු ඒ සියලු චෝදනාවලට වරද පිළිගත්තේය.
නඩු වාර කිහිපයක විභාගයකින් අනතුරුව ඊයේ (15) විනිසුරු සුසාන් ඒගන් විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත්කරන ලදි.
දඬුවම ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරිය පවසා සිටියේ ශිෂ්ඨ සමාජයක ඔබට හෝ ඔබේ අන්තවාදී නූගත්, ද්වේෂ සහගත මතවාදයන්ට තැනක් නැති බවයි.
‘ඔබ විසින් සිදුකරන ලද හානිය ඉතා විශාලයි. ඔබ නැවත කිසිදිනෙක නිදහස් මිනිසෙකු ලෙස ආලෝකය නොදකිනු ඇත. එමෙන්ම ඔබට අනුකම්පාවක් හෝ දෙවන අවස්ථාවක් හෝ තිබිය නොහැක.’
විනිසුරුවරිය වැඩිදුරටත් එසේ ද පවසා තිබිණි.
ඔහුට එරෙහිව දඬුවම ලබාදෙන අවස්ථාවේ අධිකරණය තුළ සිටි ඝාතනයට ලක්වූ අයගේ ඥාතීන් කිහිප දෙනෙකු ඔහුට පහරදීමට උත්සාහ කර තිබිණි.
එහිදී මිය ගිය පිරිස අතර සිටි කැට් නමැති තරුණියකගේ සහෝදරියක වූ මැසි මැප්ස් චූදිත පේටන් ජෙන්ඩ්‍රොන් අමතා මෙසේ පැවසුවාය.
‘කැට් ඕනෑම වේලාවක ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරයි. ඔයා මගේ පවුලේ අයව රිද්දුවා. ඔයා නිසා මගේ පවුලේ අය හැමදාමත් අඬාවි.’
වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ විවිධ ප්‍රකාශ අතරතුර, ජෙන්ඩ්‍රොන් ඉකිගසමින් හැඬු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
අවසානයේ ජෙන්ඩ්‍රොන් පවසා සිටියේ ජාතිවාදී සංහාරය සිදුකිරීම සම්බන්ධයෙන් වින්දිතයන්ගේ පවුල්වලින් සමාව අයැද සිටින බවයි.

Related articles

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...