ජීවිතාන්ත සිර දඬුවම් ලද ඝාතකයා ජාතිවාදී සංහාරය පිළිබඳ සමාව ඉල්ලයි !

Share post:

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ බෆලෝහිදී කළු ජාතිකයන් 10 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ සුදු ජාතික තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබාදී තිබේ.
19 හැවිරිදි පේටන් ජෙන්ඩ්‍රොන් 2022 මැයි 14දා මෙම ඝාතනය සිදු කර තිබූ අතර, ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, ත්‍රස්ත ක්‍රියා ඇතුළු චෝදනා 15ක් ගොනුකර තිබිණි.
පසුගිය නොවැම්බර් මාසයේදී ඔහු ඒ සියලු චෝදනාවලට වරද පිළිගත්තේය.
නඩු වාර කිහිපයක විභාගයකින් අනතුරුව ඊයේ (15) විනිසුරු සුසාන් ඒගන් විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත්කරන ලදි.
දඬුවම ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරිය පවසා සිටියේ ශිෂ්ඨ සමාජයක ඔබට හෝ ඔබේ අන්තවාදී නූගත්, ද්වේෂ සහගත මතවාදයන්ට තැනක් නැති බවයි.
‘ඔබ විසින් සිදුකරන ලද හානිය ඉතා විශාලයි. ඔබ නැවත කිසිදිනෙක නිදහස් මිනිසෙකු ලෙස ආලෝකය නොදකිනු ඇත. එමෙන්ම ඔබට අනුකම්පාවක් හෝ දෙවන අවස්ථාවක් හෝ තිබිය නොහැක.’
විනිසුරුවරිය වැඩිදුරටත් එසේ ද පවසා තිබිණි.
ඔහුට එරෙහිව දඬුවම ලබාදෙන අවස්ථාවේ අධිකරණය තුළ සිටි ඝාතනයට ලක්වූ අයගේ ඥාතීන් කිහිප දෙනෙකු ඔහුට පහරදීමට උත්සාහ කර තිබිණි.
එහිදී මිය ගිය පිරිස අතර සිටි කැට් නමැති තරුණියකගේ සහෝදරියක වූ මැසි මැප්ස් චූදිත පේටන් ජෙන්ඩ්‍රොන් අමතා මෙසේ පැවසුවාය.
‘කැට් ඕනෑම වේලාවක ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරයි. ඔයා මගේ පවුලේ අයව රිද්දුවා. ඔයා නිසා මගේ පවුලේ අය හැමදාමත් අඬාවි.’
වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ විවිධ ප්‍රකාශ අතරතුර, ජෙන්ඩ්‍රොන් ඉකිගසමින් හැඬු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
අවසානයේ ජෙන්ඩ්‍රොන් පවසා සිටියේ ජාතිවාදී සංහාරය සිදුකිරීම සම්බන්ධයෙන් වින්දිතයන්ගේ පවුල්වලින් සමාව අයැද සිටින බවයි.

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...