තරගාවලියේ ප්‍රථම ශතකය පකිස්තානයෙන්, ඉන්දියාවත් ඉදිරියට

Share post:

බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ පන්දුවාර 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල 15 වන අඛණ්ඩ පරාජය ලබති. දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන T 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී කොදෙව්වන් පරාජයට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත්වූහ.

නිව්ලන්ඩ්ස් හි මදක් ශීත සහ මද සුළඟක් සහිත ක්‍රීඩා පිටියේ දඟ පන්දු යවන්නියන් පස්දෙනෙකු යොදා ගනිමින් කොදෙව්වන් ලකුණු 118 කට සීමා කිරීමට ඉන්දියාව සමත්විය. පන්දු 11 ක් ඉතිරිව තිබියදී, කඩුළු 4 ක් පමණක් දැවී තරගය ජය ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත්වූහ. එය ඔවුන් කොදෙව්වන්ට එරෙහිව වාර්තා කළ 8 වන අඛණ්ඩ T 20 ජයයි.

මේ අතර, පාකිස්ථානය අයර්ලන්තයට එරෙහි ජයක් වාර්තා කිරීමට සමත්විය. එහිදී මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට පාකිස්ථාන ආරම්භක පිතිකාරිනී මුනීබා අලි සමත්වූවාය. ඇය රැස්කළ ලකුණු සංඛ්‍යාව 102 කි. පාකිස්ථානය ලබාගත් ලකුණු 165 ට එරෙහිව අයර්ලන්තයට ලබාගත හැකි වූයේ සියලු ක්‍රීඩිකාවන් දැවී ලකුණු 95 ක් පමණි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ලෝක ශූර ඔස්ට්‍රේලියාව අතර තරගය පස්වරු 6:30 ට ඇරඹෙයි. ශ්‍රී ලංකාව තරගය ජයගතහොත්, මුලින්ම අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවෙයි.

වජිර කැලුම් පෙරේරා

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...