රනිල්ගේ කැබිනට් පත්‍රිකාව සාර්ථකයි : ඡන්දෙට සල්ලි දෙන්න බෑ – මුදල් අමාත්‍යංශ ලේකම් කොමිසමට දැනුම් දෙයි !

Share post:

පවතින ආර්ථික අර්බුදය නිසා පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමේ ගැටළුවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන අද (17) මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ එහි ඉහළ නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට කැඳවූ අවස්ථාවේ ඔවුන් මෙසේ ප්‍රකාශ කළ බවයි. රජයේ වියදම් සීමාකරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව රටේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන්කිරීමට සිදුව ඇති බව ඔවුන් කොමිසමට දැනුම් දී ඇත.

වෙනත් අත්‍යවශ්‍ය නොවන වියදම් සඳහා රටේ මුදල් ඇමතිවරයාගේ අනුමැතිය ලබාගත යුතු යැයි තවත් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මුදල් ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක දැක්වුණේ අත්‍යවශ්‍ය සේවා සඳහා මුදල් වෙන්කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙනි. ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...