ව්‍යවස්ථාදායක සභාවෙන් නව විනිසුරුවරු : ස්වාධීන කොමිෂන් සභාවලට අයදුම්පත් කැඳවයි !

Share post:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (30) කතානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී ඉහළ අධිකරණවල පුරප්පාඩු වී ඇති විනිසුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන් අවසාන තීරණ කිහිපයක් ගෙන ඇති අතර, ඉදිරියේදී ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් පත්කිරීම සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ විනිසුරු ධුරයට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එම්.කේ.පී. ප්‍රනාන්දු පත්කිරීමට සභාවේ අනුමැතිය ලැබී ඇත. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවූ බව වාර්තා වේ.

එම පත්කිරීම නිසා පුරප්පාඩු වන අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස එන්.බී.පී.ඩී.එස්. කරුණාරත්න පත්කිරීමටත්, මහාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවී ඇත.

මේ අතර ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ පුවත්පත් නිවේදන පෙබරවාරි 01දා පළකිරීමටත්, ඒ සඳහා වන අවසාන දිනය පෙබරවාරි 15 ලෙසත් මෙම රැස්වීමේදී තීරණය කර තිබේ. මීට අදාළ අයදුම්පත් ආකෘතිය පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ පළකිරීමට නියමිත ය.

මෙම රැස්වීමට අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇමති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මෙන්ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයන් වන ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න සහභාගි වී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...