Home Blog Page 212

ඖෂධ හිඟය උග්‍රයි – ප්‍රමිතියෙන් තොර ඖෂධ රට තුළට : කාටවත් බෙහෙත් නැතුව මැරෙන්න දෙන්නෙ නෑ – සෞඛ්‍ය ඇමති

0

පිළිකා රෝගීන්ට දිනපතා ලබාදිය යුතු ඖෂධ සහ නිශ්චිත කාලසටහනකට අනුව ලබාදිය යුතුව තිබෙන ඖෂධ රැසක් අවසන් වීම සහ හිඟ වීම නිසා පිළිකා රෝගී ජීවිත දහස් ගණනක් දැඩි අවදානමකට පත්වී  ඇති බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර පවසයි.

වාර්තා වන ආකාරයට එවැනි ඖෂධ හිඟයක් තිබේද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කර තිබිණි. ලියුකේමියා රෝගීන්ට දිනපතා ලබාදිය යුතු ඉම්ටිනයිඩ් සහ අනෙකුත් පිළිකා රෝගී අත්‍යවශ්‍ය ඖෂධ වන කාබොප්ලැටීන්, සියප්ලැටීන්, ඔක්සප්ලැටීන්, සයික්ලොපොස්පමයිඩ්, එටපොසයිට්, බිලියෝ මයිසින්, සෙරඩාසිපැක්සිල්, මයිටොමයිසින්, ඩෙකා බාසින්, ප්ලෝරෝ, යුරුඩිල් වැනි ඖෂධ රැසක් මෙරට පිළිකා රෝහල්වල හිඟ ව හෝ අවසන් ව ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී. රට පුරා ප්‍රධාන පෙළේ රෝහල් 15ක මෙම ඖෂධ හිඟය බරපතළ ලෙස පවතින බව ද එම සංගමය පෙන්වා දෙයි.

ඇමතිගේ උපදෙස

පවතින මූල්‍ය අර්බුදය නිසා රජයේ රෝහල්වල සිදුකරන සැත්කම් ද සීමාකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය 12දා සඳහන් කළේය. විශේෂඥ වෛද්‍ය උපදෙස් මත අත්‍යවශ්‍ය සහ හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට කටයුතු කරන ලෙසත්, සෙසු සැත්කම් ප්‍රමාද කිරීමට පියවර ගන්නා ලෙසත් ඇමතිවරයා විසින් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබිණි. මෙම තීරණයට හේතුව පවතින මූල්‍ය අර්බුදය නිසා සැත්කම්වලට අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය ගෙන්වීමේ ප්‍රමාදය බව ඇමතිවරයා පවසයි.

එය තාවකාලික බවත් කඩිනමින් සියලු සැත්කම් ආරම්භ කරන බවත් සඳහන් කරන ඇමතිවරයා, ඖෂධ ලබාගැනීමට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද පෙන්වා දෙයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට

මෙම සාකච්ඡා පිළිබඳව අප කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ ඒවා මෙතෙක් සාර්ථක වී නැති බවයි. කෙසේ වෙතත් මේ හේතුව නිසා ප්‍රමිතියකින් තොර ඖෂධ වෙනත් මාර්ගවලින් රටට ගෙන්වීමේ බරපතළ අවදානමක් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රමිතීන්ට පිටින් හදිසි ඖෂධ මිලදී ගැනීම් කිහිපයක් සිදුකිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වේ. ගැටළු මතුවීම නිසා ඖෂධ නියාමන අධිකාරිය මගින් අසාදු ලේඛනගත කරන ලද සමාගමක් ද ඒ අතර වන බව වාර්තා වේ. පසුගිය දෙසැම්බර් මාසයේදී සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඖෂධ සමාගම් නිරීක්ෂණය සඳහා ඉන්දියාවේ සිදු කළ සංචාරයේදී මෙම සංගම් පරිශ්‍රය ද නිරීක්ෂණය කර ඇත.

මෙම සංචාරය රජයේ මුදලින් ගිය සංචාරයක් නොවන බවට ද ඇමතිවරයා විසින් මාධ්‍යයට මීට පෙර ප්‍රකාශයක් කර තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය විශේෂඥ සංගම් සහ ආයතන රැසක් අමාත්‍යංශය මෙසේ ඖෂධ ගෙන්වීමට සූදානම් වීමට දැඩි විරෝධය පළකර තිබිණි.

රෝගී ජීවිත අවදානමේ

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසන්නේ ඇමතිවරයා පවසන ආකාරයට රෝහල්වල අනවශ්‍ය ශල්‍යකර්ම සිදු නොකරන බවයි. අවශ්‍ය වේලාවට ශල්‍යකර්ම නොකිරීමෙන් රෝගියාගේ ජීවිතය අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව ද වෛද්‍යවරයා සඳහන් කරයි.

ශල්‍යකර්ම වචන හරඹ

අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සහ අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම යනුවෙන් ශල්‍යකර්ම වෙන්කිරීමේ ඇමතිවරයාගේ වචන හරඹය පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය නුවන් තොටවත්ත මෙසේ සඳහන් කරයි.

‘ඇත්තටම අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන කියලා ශල්‍යකර්ම බෙදලා වෙන්කරන්න බෑ. හැම ශල්‍යකර්මයක් ම අත්‍යවශ්‍යයි. හැබැයි හදිසි ශල්‍යකර්ම සහ හදිසි නොවන ශල්‍යකර්ම කියලා වර්ග දෙකක් තියෙනවා. හදිසි ශල්‍යකර්මයක් කියන්නෙ පුළුවන් තරම් ඉක්මනින් නොකළොත් ලෙඩා මැරෙන්න පුළුවන් ශල්‍යකර්ම. හරියට හදිසි අනතුරක් වෙලා එන ලෙඩෙක්ට කරන ශල්‍යකර්ම වගේ.

හදිසි නොවන ශල්‍යකර්ම කියන්නෙ ලෙඩේ අඳුරගන්න වෙලාවෙ ම කරන්න ඕනෙ නැති, ටිකක් පහුවෙලා කරන්න පුළුවන් ඒව. ඔය හර්නියා අමාරු වගේ ඒවට කරන ශල්‍යකර්ම. මේ ශල්‍යකර්මවලට දිනයක් දීලා ඒ දිනේට තමයි කරන්නෙ.

එහෙම දින දෙන්න වෙන්නෙ අපිට අපේ ඉස්පිරිතාලවල ශල්‍යාගාර පහසුකම් සීමිත හින්දා. හැම ඉස්පිරිතාලෙකම දවසකට කරන්න පුළුවන් ශල්‍යකර්ම ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ දවසට කරන්න පුළුවන් ගාණට තමයි දින දෙන්නෙ.

දැන් ඔය අත්‍යවශ්‍ය නොවන කියලා කල්දානවා නම් කල්දාන්න වෙන්නෙ ඔය හදිසි නොවන ශල්‍යකර්ම.

එතකොට වෙන ප්‍රශ්න කීපයක් තියෙනවා.

අපි හිතමු ඕනෙ කරන බෙහෙත් ඇවිත් අපි ආපහු මේ ශල්‍යකර්ම පටන් ගත්තා කියලා. එතකොට මේ හැම ශල්‍යකර්මයකට ම දීලා තිබ්බ දිනය නවත්තලා තිබුණු කාලෙන් කල් යනවා. ඒ කියන්නෙ මාස තුනක් නැවැත්තුවොත් අපිට ඒ ශල්‍යකර්මය කරන්න වෙන්නෙ දැනට දීලා තියෙන දිනයෙන් තව මාස තුනක් එහාට ගිහින්.

ලොකුම ප්‍රශ්නෙ ඒක නෙවෙයි. ඔය ඕනෙම හදිසි නොවන ශල්‍යකර්මයක් නොකර ඉන්න පුළුවන් කාලයක් තියෙනවා. අද කරන්න ඕනෙ නැති වුණාට අපිට මේක අවුරුදු ගණනක් කල්දාන්න බෑ. එහෙම වුණාම මේ හදිසි නොවන කියන රෝගියා අපි ළඟට එන්නෙ හදිසි ශල්‍යකර්මයක් ඕනෙ වෙලා.’

‘කාලයක් තිස්සෙ කිව්වා’

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චම්ලි විජේසිංහ පවසන්නේ මෙම ඖෂධ හිඟය සම්බන්ධයෙන් වසරක් තිස්සේ වෛද්‍යවරුන් විසින් වරින් වර රජයට පැවසුවද, ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ බවයි.

මේ තත්ත්වය නිසා කොළඹ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා සමස්ත රෝහල් පද්ධතිය ම පවත්වාගෙන යෑම බරපතළ ගැටළුවක් බවට පත්වෙමින් තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් වර්ග, හෘද රෝගීන්ට ලබාදෙන ඇස්ප්‍රීන් වර්ග, කුඩා දරුවන්ට ලබාදෙන සිරප් වර්ග, මූලික ප්‍රතිජීවක ඖෂධ, වේදනා නාශක, නිර්වින්දන ඖෂධ, පිළිකා ඖෂධ වර්ග සහ වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ගවල දැඩි හිඟයක් රට පුරා පවතී.

පහත පළවන්නේ මාස කිහිපයකට පෙර සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සමග මේ සම්බන්ධයෙන් අප කරන ලද සංවාදයක කොටසකි.

එළියෙ තත්ත්වෙ කොහෙත්ම සුන්දර නෑ !
– සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

අනෙක් පෝලිම් වගේම ඖෂධ හිඟය කියන්නෙත් විපක්ෂයෙන් හෝ වෙනත් කණ්ඩායමක් හදපු කතාවක් කියලද ආණ්ඩුව පාර්ශ්වය කියන්නෙ ඇමැතිතුමා…?

මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මුලින්ම පිළිගන්න ඕනෙ. හැබැයි මට විෂය බාර ඇමැතිවරයා විදිහට එක කාරණයක් පැහැදිලිව කියන්න පුළුවන්, කවුරුවත් බෙහෙත් නැතුව මැරෙන්න දෙන්නෙ නෑ. ඒ වගකීම මට ගන්න පුළුවන්.


ඒ කියන්නෙ ඇති තරම් බෙහෙත් තියෙනවා …?

නෑ. ඒකයි මං කිව්වෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි අපි අසීරු තත්ත්වයකට ගන්න වෙනම බෙහෙත් වෙන්කරලා තියෙනවා. හැබැයි ඉස්සර තිබුණු නිදහස මේ වෙනකොට නෑ. ඉස්සර නම් අපිට ගැටළුවක් නැතුව රෝහලකට මාස දෙකකට-තුනකට බෙහෙත් දෙන්න පුළුවන්. දැන් අපිට ඒක කරන්න බෑ. ඇත්ත වශයෙන්ම බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.

මේක කළමනාකරණය කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද…?

අපි දැනට තරමක් මේ තත්ත්වය කළමනාකරණය කරගෙන යනවා. හැබැයි මට ගැරන්ටි එකක් දෙන්න බෑ, මේ විදිහට ගියොත් ලබන මාසෙ අවසානෙ වෙනකොට අපි කොතැනද ඉන්නෙ කියලා. අපි මේ සතියෙ ජනාධිපතිතුමා, මහ බැංකුවෙ නිලධාරීන් එක්ක විශේෂ සාකච්ඡාවකුත් සැලසුම් කරලා තියෙනවා.

ඉන්දියාවට පුළුවන් වෙයිද අපිව මරණයෙන් බේරගන්න, ඉන්දියාව කරයිද ඒක…?

මෙහෙමයි, අපේ බෙහෙත්වලින් සියයට හැත්තෑ පහක් විතර ඉන්දියාවෙන් ගේන ඒවා තියෙන්නෙ. එතකොට ඉන්දියානු ණයෙන් ඊළඟ මාස හයට අපිට එහෙන් ගන්න පුළුවන් බෙහෙත් ටික මම ලිස්ට් කළා. ඒකට ඩොලර් මිලියන අසූවක් විතර ඕනෙ. ඒකෙ ගැටළුවක් නෑ. මම ඉන්දීය මහ කොමසාරිස්තුමා එක්කත් කතා කළා. එතකොට මේකත් එක්ක සීයට හැත්තෑ පහක් විතර බෙහෙත්වල යම් ස්ථාවරභාවයක් තියෙනවා.

ඒ කියන්නෙ බය නැතුව ඔබට ඒ සහතිකය දෙන්න පුළුවන්…?

මට ඒ සහතිකය දෙන්න පුළුවන්. ඒකට විශේෂම හේතුවක් තමයි ඉන්දියාව දෙන ඩොලර් බිලියනයට අදාළව පැහැදිලිවම තියෙන කාරණයක් තමයි, බෙහෙත්වලට ප්‍රමුඛත්වය දෙන එක. මුදල් ඇමැතිතුමත්, ජනාධිපතිතුමත් ඒකට ප්‍රමුඛත්වය දෙන්න කියලා ලිස්ට් එක හැදුවා. එතකොට හිඟයක් එන්න තියෙන්නෙ අර සීයට විසි පහේ. ඒ සීයට විසි පහ මට කළමනාකරණය කරගන්න පුළුවන්.

මොන තර්ක ඉදිරිපත් කළත් ෆාමසිවල බෙහෙත් හිඟයක් තියෙනවා. මිනිස්සු බයවෙලා ඉන්නෙ. ඒවට මේ තර්කවලින් වැඩක් නෑ…?

ලංකාවටම බෙහෙත් ගේන සියයට හැටක – හැත්තෑවක මාර්කට් එකක් තියෙන්නෙ හය-හත්දෙනෙක් අතේ. ලෝකයේම ආයුධ සහ ඖෂධනෙ ලොකුම බිස්නස් දෙක. ලංකාවටත් ඒ පරිමාණයෙන්ම ඒක අදාළයි. ඔය හය-හත්දෙනා මං ගාවට ආවා හත්-අට වතාවක්, පාලන මිල ඉවත් කරන්න, බඩු ටික එළියට දෙන්නම් කියලා. මේ ඩොලර් එක වැඩිවීමෙන් විතරක් මේ කීපදෙනාට බිලියන එකයි දශම පහට වඩා ලාබ තියෙනවා. මේගොල්ලො ස්ටොක් බඩු දුන්නෙ නෑ. කලින් මිලට ගෙනාපුව වැඩි මිලට දුන්නා.

ඉතින් ආණ්ඩුවක් පත්කරගන්නෙ ඒකට නේද, ඒවට නීති තියෙනවනෙ, ඇයි ඒවා පාවිච්චි කරන්න බැරි වුණේ…?

අපි සාකච්ඡා කළාම ඒගොල්ලො ඉල්ලුවෙ සීයට පනහක වැඩිවීමක්. අපි වැඩි කළේ සීයට විසි නවයක්. හැබැයි ඒ විසිනවයත් වැඩි කරන්න තිබුණෙ ඉදිරියට ගේන ඒවට. මේගොල්ලො ගෙනාපුවා හංගගෙන ඉඳලා, අපි බෙල්ලට හිරවුණාම එළියට දුන්නා. මේ වගේ තත්ත්වයක් ඇතුළෙ අපිත් හොඳටම හිරවෙලානෙ.

ප්‍රධාන රෝහල් පැත්තක තිබ්බොත්, ප්‍රාදේශීය රෝහල්වල සායනවලට එන රෝගීන් බරපතළ ඖෂධ හිඟයකට මුහුණ දෙනවා. මිනිස්සු මරණයෙන් බේරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවද මේ වාද-විවාදවලින්…?

මං කිව්වනෙ බරපතළ තත්ත්වයක් තියෙන්නෙ. දැනට ඉන්දියානු මූල්‍ය සහාය සම්බන්ධයෙන් මට විශ්වාසයක් තියෙනවා. ඒක කළමනාකරණය කරගන්න පුළුවන්.

එතකොට ඉන්දියාවෙන් හැර, අනෙකුත් රටවලින් ගෙන්වන ඖෂධ…?

ඒක කරගන්න පුළුවන්. ඒ ටිකත් මැනේජ් කරගන්න බැරි නම් අමාත්‍යංශයක් වැඩක් නෑනෙ. මේකෙන් සීයට දහයක් විතර චීන. සීයට පහක් විතර පාකිස්තාන්. මට ඉම්රාන් ඛාන්ට කෙලින්ම කතා කරන්නත් පුළුවන්. අනෙක බංග්ලාදේශ්, මැලේසියා, ඉන්දුනීසියා. අනෙක් පැත්තෙන් ලංකාවෙ හදන බෙහෙත් ටිකත් ඉක්මන් කරන්න සැලසුමක් හදලා තියෙනවා. මං ආපහු කියන්නෙ අපි ඉන්නෙ සුන්දර තැනක නෙමෙයි. හැබැයි දැනට කළමනාකරණය කරගෙන යනවා.

තරගාවලියේ ප්‍රථම ශතකය පකිස්තානයෙන්, ඉන්දියාවත් ඉදිරියට

බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ පන්දුවාර 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල 15 වන අඛණ්ඩ පරාජය ලබති. දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන T 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී කොදෙව්වන් පරාජයට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත්වූහ.

නිව්ලන්ඩ්ස් හි මදක් ශීත සහ මද සුළඟක් සහිත ක්‍රීඩා පිටියේ දඟ පන්දු යවන්නියන් පස්දෙනෙකු යොදා ගනිමින් කොදෙව්වන් ලකුණු 118 කට සීමා කිරීමට ඉන්දියාව සමත්විය. පන්දු 11 ක් ඉතිරිව තිබියදී, කඩුළු 4 ක් පමණක් දැවී තරගය ජය ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත්වූහ. එය ඔවුන් කොදෙව්වන්ට එරෙහිව වාර්තා කළ 8 වන අඛණ්ඩ T 20 ජයයි.

මේ අතර, පාකිස්ථානය අයර්ලන්තයට එරෙහි ජයක් වාර්තා කිරීමට සමත්විය. එහිදී මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට පාකිස්ථාන ආරම්භක පිතිකාරිනී මුනීබා අලි සමත්වූවාය. ඇය රැස්කළ ලකුණු සංඛ්‍යාව 102 කි. පාකිස්ථානය ලබාගත් ලකුණු 165 ට එරෙහිව අයර්ලන්තයට ලබාගත හැකි වූයේ සියලු ක්‍රීඩිකාවන් දැවී ලකුණු 95 ක් පමණි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ලෝක ශූර ඔස්ට්‍රේලියාව අතර තරගය පස්වරු 6:30 ට ඇරඹෙයි. ශ්‍රී ලංකාව තරගය ජයගතහොත්, මුලින්ම අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවෙයි.

වජිර කැලුම් පෙරේරා

උපදින්න සිටින දරුවනුත් මිත්‍යාව වෙනුවෙන් අවදානමේ හෙලීම

0

  • සිරිපාදයේ දී සුරංගනාවියක් උපත ලබයි ( පුවතක්)

ශ්‍රී පාදයේ දී දරු උපතක් වුණාය, ඒක හරිම විරළ සිදුවීමක්ය, එහෙම උපදින දරුවන් වාසනාවන්තය කියන පොස්ට් වගයක් ඊයේ දිනයේ මුහුණු පොතේ සංසරණය වුණා. මේ සිදුවීමේ දි හරියටම ශ්‍රීපාදය නගිද්දි දරු උපත වුණා ද නැත්නම් ශ්‍රී පාදය නගිද්දි ඒ ගැබිණි මවට ප්‍රසූති අමාරුව හැදිලා පහළට රැගෙන ඇවිත් රෝහලක දි ඒ උපත සිදුවුණා ද කියන්න බෑ. මොකද එක තැනක සඳහන් වුණේ ශ්‍රී පාදයේ දී එහෙම විළි රුදාව හැදුණු ගැබිණි මවක් රෝහළකට ඇතුලත් කරලා දරු උපත සිදු වුනා කියන එක. කොහොම වුණත් දරුවෙක් ලැබෙන්න ඉන්න ඕනෑම මට්ටමක ( දරු ගැබට කුමන මාස ගණනක් තිබුණත්) කෙනෙක් මේ වගේ කඳු තරණය කිරීමක් අතිශය අවදානම්.

මේ සටහන ලියන්න උදේම ජ්‍යේෂ්ඨ හෙදියකගෙන් උපදෙස් ගන්න වුණා. මොකද සාමාන්‍ය කෙනෙක් වෙලත් මේ වගේ තැනක දරු උපතක් වෙන එකේ අවදානම ගැන සාමාන්‍ය අවබෝධයක් තිබුණු නිසා සහ ඒ ගැන වැඩි දුර වෛද්‍ය විද්‍යාත්මක කරුණු දැන ගන්න ඕන නිසා.

මේ වගේ තැනක දරු ප්‍රසූතියක දී වෙන්න පුළුවන් ඉතා අවදානම් සහගත දේවල් මේවා. දරු උපත සිදු කරන අම්මාට අධික රුධිර වහනය වුණොත් නවත්වාගන්න විදිහක් නෑ. උපතේ දී බිළිඳෙකුට ඇතිවිය හැකි පිටගැස්ම වැනි තත්වයක් වලක්වගන්න විදිහක් නෑ. ඊ ළඟට පෙකිණි වැල කපන්න උපකරණ නෑ. අධික සීතල නිසා ඇති වන අවදානම තවත් එකක්. බිළිඳා නිසි ලෙස වැඩිලා නැත්නම් ඒ අවදානම සහ බිළිඳාගේ අසාමාන්‍යතා ලක්ෂණ තියෙන්න පුළුවන්, බිළිඳා හඬන්නේ නැති නම් කෘතිම ස්වසනය දෙන්න විදිහක් නෑ. බිළිඳා වැඩියෙන් වැඩිලා නම් සැත්කම් කරන්න වෙනවා බිළිඳා එළියට ගන්න. හදිසි ප්‍රතිකාර තැටියක් නෑ. ඊළඟට ශ්‍රී පාදෙ නගිනකොට මුල, මැද, ඉහළ කවර තැනක වුණත් රෝහලකට අරන් එන්න විශේෂ විදිහක් නෑ. මේ සියල්ල ගත්තම වෛද්‍යවරයෙක් කවදාවත් මේ අවදානම සහගත වැඩේ අනුමත කරන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය දැනුමක් තියෙන කිසිම මනුෂ්‍යයෙක් ශ්‍රී පාදය තබා රෝහලක් නැති තැනක කිසි තැනක දරු ප්‍රසූතියක් වෙන එක අනුමත කරන්නෙ නෑ. නමුත් ලංකාවේ ආගමික භක්තියෙන් ඇලලිලා ඉන්න ජනයා කරන්නෙ කුමක් ද? ඔවුන් කරන්නෙ මේ අවදානම් කිසිවක් ගනන් ගන්නේ නැතිව ගැබිණි මව්වරුන් මේ වගේ තැන්වලට රැගෙන යාමයි. මෙවැනි තැන්වල හාස්කම් ඇතැයි, ලැබෙන දරුවා පිං වන්තයි ආදී ලෙස ඒ සිද්ධිය උත්කර්ශයට නැංවීමයි. ඉවක් බවක් නැතිව මේ සිදුවීමේ හාස්කමක් ඇතැයි කියන පොස්ට් ෂෙයාර කරගන්නවා. ඊට හපන් සිද්ධිය වාර්තා කරනවා වෙනුවට හාස්කම් සහ පිංවත්කම් ගැන විශේෂණ එකතු කරලා සිද්ධිය වාර්තා කරන මාධ්‍ය.

මෙහෙම සමාජගත කිරීම් එක්ක භක්තිය උතුරා යන හෙළ පිංවතුන් තමන්ගේ දරුවාත් ශ්‍රී පාදයේ දී උපත ලබනවා නම් හොඳයි කියලා තමන්ගෙ ගැබිණි බිරිඳ, දියණිය, යෙහෙලිය මේ අවදානමට දාන්න පුළුවන්. ඒක ඒ වගේ වෙන්න ඉඩකඩ වැඩියි මොකද මේ පොස්ට් වලට වැටිලා තියෙන කමෙන්ට්ස් දැක්කම ඒක හිතා ගන්න පුළුවන් බොහෝ දෙනා මේ ක්‍රියාව අනුමත කරනවා. සමහර විට ඔවුන් ඉදිරියට තම තමන්ගේ ගැබිණි මව්වරුන් ශ්‍රී පාදයට වැඩි වැඩියෙන් රැගෙන යන්නත් ඉඩ තියෙනවා.

ආගමික භක්තියෙන්, විවිධ ඇදැහිලි වලින් බුද්ධිය නාශනය කරන ජාතියක් ඉන්න රටක්. ලංකාවේ හැමෝම මෙහෙම නැති වෙන්න පුළුවන්. නමුත් සැළකිය යුතු පිරිසක් මේ වාගේ මිත්‍යාත්මක, විද්‍යාත්මක නොවන අදහස්, ඇදැහිලි විශ්වාස කරනවා. ඉතිං ආයෙත් කියන්නෙ අවුරුදු 75 ක් මේ රට ගොඩ ගන්න බැරි වුණානම් ඒකෙ වැරැද්ද දේශපාළඥයින්ට විතරක් නෙමෙයි මේ රටේ විවිධාකාරයෙන් මිත්‍යාවේ ගිලිලා ඉන්න පුරවැසියන්ටත් එල්ල වෙනවා. මේ එක කතාවක් විතරයි. මොකද මිත්‍යාවෙන් බුද්ධිය පළවාහැර ගන්නා ඔවුන් දේශපාලනික තත්වයන් වලදීත් හැසිරෙන්නෙ අර තරම් අතාර්කික විදිහට. හිතෙනවා ද ලංකාව මාර ඉක්මනින් සිංගප්පූරුවක් කරන්න පුළුවන් කියලා?.

ඡායාරූපය: රොහලක වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහ වෛද්‍ය පහසුකම් ඇතිව සුරක්ෂිතව බිහිකළ දරුවෙක් මව සමග

අතුල දිසානායක (සමාජ කතා)

ලක්ෂිකා රත්නායකගේ ‘සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත’

0

ගැහැණියකගෙ ලස්සන හිනාවක කොයිතරම් කඳුළු තැවරිලා තියෙනවද කියලා ඒ හිනාව දකින අය දන්නෙ නෑ.

ඒ කඳුළු දුන් මතකයන්ගෙන් කවි උපදින්නට නම් තිබූ බැඳීමෙන් උපන් පීඩාවෙන් නැගෙන වෛරී හැඟුමන් සිඳීගිය හිස්බවක නවතාලන්නට ඕනි. ඒ කියන්නෙ හදවත කැතාසිස්මික වෙන්න ඕනි. ආයෙ කවදාවත්ම ඕනිත් නැති ඒත් අතහරිනකොට ලෝබත් හිතෙන, විරහව ජීවිතයට හුරු කරගෙන කැතාසිස්මික වූ හදවතින් ලියූ කවි කියවාගන්නට ඕනි වෙන්නෙ එතැනින්.

ඇයට අපූරු කවි අනුභූතින් තියෙනවා. ඒවා ඔබේත් මගේත් ජීවිත වල ඇමිණිලා පැටලිලා සීරුණානම් මේ කවිවලට ඔබටත් අයිතියක් තියෙනවා.

කිවිඳියට තියෙනවා කාටත් බය නොවී කියන්න තියෙන දේ දඩාස් ගාලා කීමේ ගුණයක්. ඒකයි පිදුමෙ අවසන

හයිමනය කැඩී තිබියදිත්
මා ගැහැණියක් කළ ඔහුට !!!

කියලා පිදුම තියන්නෙ. කසාද බැඳලා යුගදිවියක් ගෙනියන පමණින් සෑම කාන්තාවක්ම ගැහැණියකවීමේ තෘප්තකරබව නොදන්නා වග ඇය මතක්කරනවා.

පපුව උඩ ඔබ තබා ගිය දුක
ඇවිදිනවා බර අඩි තියාගෙන
ඇඬුවානං කෑගහලා මං අද
තුරන් වේ යැයි බයයි ඒ දුක

අඬන්නත් මට ඕන නෑ අද
තියා ගන්නවා මං ළඟින් දුක
රණ්ඩුවක්වත් වෙන්න මට හෙට
හීනෙකින්වත් ඇවිත් යනවද ?????

(08 පිටුව)

වේදනාත්මක සමුගැනීමකින් පසුවවත් ඒ වේදනාව අතහැර ගන්න බැරි තැනක නවතින ආදරණීය හිත කැතාසිස්මිකයි.

පොද වැස්ස
තනිකම
කැරමල් සුවඳ
ඔබ
නැතිවත්
මං
විඳිනවා
මං
කැමති දේ
හිත පුරාවට

ඇයගේ මේ වචන මැවුම්කාරයි. පොද වැස්සෙ තනියම කැරමල් සුවඳ එක්ක ඉන්න දසුනක් මවමින් ඇය කියන්නෙ අතීතයේ කැමැත්තෙන් විඳි රසය ඇය තනිව විඳිනා බවයි. වෙන කෙනෙකු ආ වගක් නොවෙයි. එය කැතාසිස්මිකයි.

හීනියට දුම්දාන
කැරමල් සුවඳ එක්ක
කිරි පොඩ්ඩක් මුහු වුනාම
මට දැනෙන්නෙම ඔබෙ සුවඳ

හීනියට දුම් නගින
මාරි බිස්කට් සුවඳ එක්ක
සිගරට් දුමක් දැණුනාම
මට දැනෙන්නෙම ඔබෙ සුවඳ

හීනියට පෙණ නගින
මහ ජරා ගඳක් එක්ක
වැට් 69 වීදුරුවක් දැකකාම
මට දැනෙන්නෙම ඔබෙ සුවඳ

හීනියට තඩිස්සි වෙච්ච
පුංචි ලේ රහක් එක්ක
තොල්පට පැලුනාම
මට දැනෙන්නෙම ඔබෙ සුවඳ

(15 පිටුව)

මේ ලිවීමෙන් මැවෙන අවසාන රූපය පීඩිතයි. එය කියන්කට ඇය එඩිතරයි. ඒත් ඒ මතකයත් එක්ක ජීවත් වෙන්නට කැතාසිස්මිකයි.

ඔව් මං
යශෝධරා
ඔබ දුන් දුක් දරාගත්
ඔව් මං
කුවේණිය
ඔබේ පිටුපෑම දරාගත්
ඔව් මං
ප්‍රජාපතී
ඔබට දෙවැනි බිරින්දෑ වූ
ඔව් මං
උන්මාද චිත්‍රා
එක්ටැම්ගෙයි සම්මතය බිඳලූ
….
ඔව් මං
ඒ ගැහැණිය
ඔබව
ඉතිහාසයෙන්
මකා දමනා
(18 පිටුව)

ඇය ඇගේ ඉතිහාසයෙන් මකන්නට උත්සහා ගන්නේ ඇගේ මතකයි. ඔව් එය කැතාසිස්මිකයි.
මගේ හිත ළඟ
නතර වූ ඔබ
ඇගේ හිත ළඟ
කුමක් සොයන්නද???
මං දුන්න එක දෙයක් හමු වුනොත්
පණිවිඩයක් එවනවද ???

තාමත් අතැරගන්න බැරි වුන මේ ඉරිසියාව කැතාසිස්මිකයි.
චටාස් ගා කම්මුලට
දඩාස් ගා ඔළු ගෙඩියට
හුටස් ගා නලළතට
දඩොන් ගා කොන්දටද
ඉඟුරු රහ ප්ලේන්ටියක
උණු උණු වඩයක
මිස් වෙච්ච කෝච්චියක
කාක් බෙටි බංකුවක
(28 පිටුව)

මතක මතක් වෙන විදිහ ඇය ලියන්නෙ එහෙමයි. වචන දෙක තුනකින් සිනමා රූප මවනවා. මතක එක්ක ජීවත්වෙන හිත කැතාසිස්මිකයි.

හෙණයක්
සාපයක්
වදයක්
ඔබ මට
සුන්දර!!!
(34 පිටුව)

හෙණයකට සාපයකට වදයකට කරන්න පුළුවන් විනාශය කොයි තරම්ද ? අවසානයේ සුන්දර!!! කියලා ඒකට එකතු කලාම ඒක කැතාසිස්මික වෙනවා.

එන්න කියලාවත් කියන්න
බැරි කෙනෙක් එක්ක මම
කොහි ගිහින් නවතීද
දුක කීවා හඳට මම!!!
(42 පිටුව)

ඒ හිත හදාගැනීම කැතාසිස්මිකයි.

නම
පෑනකින්
කොහේවත්
කුරුටු ගා
හැඩ බැලිය
නොහැකි හින්දම
පැන්සලකින් ලියා
හැඩද වැඩද බලා
මකනයකින් මකා
පිහලාම දැම්මා
(44 පිටුව)

කාටවත් කියන්නවතු බැරි කෙනෙකුට ආදරය කරන්න හදාගත්ත හිත කැතාසිස්මිකයි.

ඔව්
මිසිස් වෙලාත්
මිස් වෙච්ච
ෆැන්ටසිය
මම
(50 පිටුව)

එයාට මිස් වෙච්ච ෆැනටසිය මම කියලා මතක් කරලා හිත හදාගන්න හදන හිත කැතාසිස්මිකයි.

කැට්ට කට්ට
ඔබ මට
නුහුරට
වැදිච්ච
ඇරිච්ච
හැට්ටයේ
පිටුපසට වී
ගොබය
රිද්දවන
(52 පිටුව)

විළිවසා ගන්න නොදී රිද්දමින් තවමත් ඇණෙන කට්ට තවම නොගලවන හිත කැතාසිස්මිකයි.
මට ඕනෙ මම වෙන්න
නුඹ නොදන්න මම වෙලත්
නුඹටම ආදරේ කරන්න !!!
(60 පිටුව)

ආදරයෙන් රිදිලත් ආයෙත් ආදරය කරන්න හිතෙන හිත කැතාසිස්මිකයි.
KBOOKS ප්‍රකාශනයක්.

නදීකා සෙනෙවිරත්න

“කැලණි ගඟබඩ පුරාවෘත්ත” දොරට වැඩුම පෙබ 27

0

ප්‍රවීණ සියනෑ ලේඛක කුසුම්සිරි විජයවර්ධනගේ නවතම කෘතිය “කැලණි ගඟබඩ පුරාවෘත්ත” දොරට වැඩුම නිමිත්තෙන්
සියනෑ නෑසියන්ගේ පිළිසඳර පෙබ 27 උදේ 09.30ට දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි…

විද්වත් කතිකාව :
ආචාර්ය සිරිනිමල් ලක්දූසිංහ ( ජාතික කෞතුකාගාරයේ සහ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ)
ප්‍රවීණ ලේඛක ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම
ප්‍රවීණ ලේඛක හා මාධ්‍යවේදී මහානාම දුණුමාල

ඇතුළු කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්….

සංකථනය :
ගීපද රචක ප්‍රියන්ත ධර්මවංශ

සංවිධානය :
සේකර පරපුර සහෘද කලා එකමුතුව.
දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

කැලණි ගගබඩ පුරාවෘත්ත’ කැළණි මිටියාවතේ රසාලිප්ත ඓතිහාසික වෘතාන්තයන් අරුත්ගන්වන අපුරු ග්‍රන්ථයක්

ප්‍රවීන ගත්කතුවර හා පුවත්පත් කලාවේදී කුසුම්සිරි විජේවර්ධනයන් විසින් විරචිත නවතම ග්‍රන්ථයවන ‘කැලණි ගගබඩ පුරාවෘත්ත’ කිසිඳු විඩාවකින් තොරව එක හුස්මට කියව අවසන් කළ හැකි මනරම් කෘතියකි.

සල්පිටි කෝරළය,හේවාගම් කෝරළය,සියනෑ කෝරළය ඇතුළු පුරාණ ගම්මානවලට යාවූ කැළණි මිටියාවත අයත් ගම්මාන ආශ්‍රිත ඉතිහාසය, ජනශ්‍රැති,

මෙන්ම යටත්විජිත යුගයේ කැළණි මිටියාවතේ ගම්මානයන් හරහා සිදු වූ සමාජ පරිවර්තනයන් මෙහි ඉතා රසවත්ව රූපණය කර තිබේ.

මේ ඇති ඉතා අගය කළ යුතු කරුණ වන්නේ කැලණි ගඟ අශ්‍රිතව පිහිටි පෞරාණික ස්ථාන සහ පූජනීය ස්මාරක වෙත ගොස් න් ඒවායේ අතීතය හා වර්තමාන තත්ත්වය මැනවින් විග්‍රහ කිරීමයි.

කැළණි විහාරය. කිත්සිරිමෙවන් විහාරය කැලණිය. කඩුවෙල පෞරාණික විහාරස්ථාන, හංවැල්ල බලකොටුව හා මල්වාන බලකොටුව ආදී ස්ථානයන් පිළිබඳව කෙරෙන අරුත්බර සටහන් ඉතිහාසය විෂයයක් ලෙස හදාරන ගුරු භවතුන්ට මෙන්ම දරැවන්ට අවශ්‍ය දැනුම් සම්භාරයක් කබා ගැනීමට උපකාරී වනු ඇතැයි මගේ හැගීමයි.

මා වඩාත්ම ඇලුම් කරන්නේ කැළණි ගං ඉවුරේ තම ළමා කාලය පිළිබඳව මනරම් සටහන් ලියු වී.ඩී. ද ලැනරෝල් සූරීන්ගේ ළමා කාලය පිළිබඳ සටහන් හා පෘතුගීසි බලකොටුව හා ඔවුන්ගේ ආණ්ඩුකාරයා වාසය කළ මල්වාන බලකොටුවේ වටපිටාව පිළිබඳව ඇති විවරණයන්ය.

කැලණි ගගබඩ පුරාවෘත්ත ග්‍රන්ථය කුසුම්සිරි විජේවර්ධනයන් ගේ අනෙකුත් ග්‍රන්ථයන් සේම පාඨක ආකර්ෂණයට ලක්වන කෘතියක් වනු ඇතැයි මට හැගේ.

නිමල් බණ්ඩාර
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති

A Hero අති හෘද සංවේදී සිනමා කෘතියකි

0

අබ්බාස් කියොරොත්සාමිට පසුව මා කැමති ඉරාන සිනමාකරුවන් අතර ඉදිරියෙන් සිටින Asghar Farhadi ගේ නවතම සිනමාපටය වන A Hero මා හ⁣ට ගෙනදුන්නේ රස ‘සිනමාත්මක’ අත්දැකීමකට වඩා සිනමාරූපී ‘සාහිත්‍ය’ රසයක්ය.

Asghar Farhadi

අස්ගාර් ෆරාඩිගේ සිනමා කෘති අතර මම වැඩියෙන්ම කැමති නිර්මාණ වන A Seperation හා About Elly තුළ වූ සිනමාත්මක පොහොසත් බව හා තේමාත්මක ගැඹුර A Hero හී නොතිබුනද මෙහි Amir Jadidi ගේ රංගනයෙහි විශිෂ්ටත්වය කෘතිය වෙත මා බැඳ තැබීමට සමත් විය.

ෆර්හාඩිගේ බහුතර සිනමා කෘතීන්හී තේමාවන්ට පාදක වන පවුල, අන්‍යෝන්‍ය බැඳීම, ආර්ථිකමය කාරණා මධ්‍යම පාන්තික ජීවිතය හා කුටුම්භය අර්බුධයට පත් කරවන අයුරු මෙන්ම ඒ ව්‍යසන මැද හෘද සාක්ෂියේ හඬ ගෑමට මුහුණ දෙන අයුරු මෙම නව සිනමා කෘතියටද පාදක වේ.

ලබාගත් ණය මුදලක් ගෙවීමට නොහැකි වීම තුළ සිරගතවන මිනිසෙක් තාවකාලික නිවාඩුවක⁣ට සිරෙන් නිදහස්ව පැමිණ සිටින කෙටි කාලය තුළ තම අර්බුධයෙන් එගොඩ වී නිදහස් ජීවිතයට පැමිණ, පවුල නම් ඒකකය යළි බිහි කරගැනීමට දරණ උත්සාහය සිනමා කෘතිය තුළ කියවේ.

කාන් සම්මාන උ⁣ළෙල ඇතුළු මුල් පෙ⁣ළේ සිනමා සම්මාන උළෙලවල ප්‍රධාන සම්මාන වලට පාත්‍රවූ අස්ගාර් ෆර්හාඩිගේ සිනමාව ගැන මට ඇති ප්‍රධාන ගැටළුව වන්නේ ඔහුගේ සිනමාවේ තේමාත්මක මානයන් බහුවිධ නොවී මෙතරම්ම ඒක රේඛීය වන්නේ මන්ද යන්නයි. ඉරාන සිනමාවේ අනන්‍ය ගුණයක් වන සරළත්වය හා තියුණු ප්‍රබන්ධමය ගුණය ෆර්හාඩිගේ සිනමාවේද නොඅඩුව තිබුණද The Past, Everybody Knows වැනි චිත්‍රපටවලදී යුරෝපීය පසුබිම් හා පෙනිලොප් කෲස් වැනි නිළියන්, José Luis Alcaine වැනි අති සුප්‍රකට කැමරා ශිල්පීන් යොදාගෙන සිනමාව නිමැවුවද තේමාත්මකව ඉතා කුඩා වපසරියක ෆර්හාඩි සැරිසරයි.

කෙසේ වෙතත් A Hero අති හෘද සංවේදී සිනමා කෘතියකි. නැරඹිය යුතුම එකකි.
විශේෂයෙන් එහි අවසන් දර්ශනය මා බලා සිටියේ අතිශය අපහසුවෙනි. මන්දයත්, ෆර්හාඩි තමන්ගේ සිනමාව තුළ නිතර මතු කරන, මා ද අදහන, කාරණාව ඒ අවසන් දර්ශනය තුළ හෘද සංවේදීව විවරණය වන බැවිණි :
‘පවුල; ඒ තමයි ලොව උණුසුම්ම, සංවේදීම, දයාර්දම තැන.’

ජනක ඉනිමංකඩ (fb)

විදුලි ගාස්තු 66%කින් වැඩි කරන්න PUCSL බහුතර කැමැත්ත

0

අද (15) සිට 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමිවී තිබේ.

කැබිනට් මණ්ඩලය අනුමත කළ 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව ජනවාරි 02 වනදා මහජන උපයෝගීතා කොමිසමට යොමු කෙරුණි.

ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය දිගින් දිගටම හිමි නොවු අතර, එහි සාමාජිකයින් කිහිප දෙනෙකුම මතගැටුම් මැද ඉල්ලා අස් විය.

‍මේ අතර 36%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සඳහා මහජන උපයෝගිතා කොමිසම යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එය සභාපතිවරයා විසින් ඊයේ (14) කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය.

සභාපතිවරයා ඊට අනුමැතිය ලබාදුන්න ද, සෙසු සාමාජිකයින් තිදෙනා වන ඩග්ලස් නානායක්කාර, නීතිඥ චතුරිකා විජේසිංහ, සහ එස්. ජී. සේනාරත්න විරෝධය පළ කිරීම නිසා එය ප්‍රතික්ෂේප විය.

පසුව 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව කොමිසමේ බහුතර අනුමැතිව හිමිවිය.

කෙසේවෙතත් මෙම නව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සිය විරෝධය පළ කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජනතාවද විරෝධය පළ කළ යුතු බවයි.

මේ අතර පසුගිය 2022 (අගෝස්තු 10 වැනිදා) 264%ත් 75%ත් අතර වූ අගයකින් විදුලි ගාස්තුව ඉහළ දැමිණි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ‘බෝනස්’ – තරඟ මුදලත් වැඩිකරයි!

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ගෙවනු ලබන තරග මුදල තුන් ගුණයකින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව වාර්තා වේ. ලෝක කුසලාන කාන්තා පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ, මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටින වාතාවරණයකදී මෙම තීරණය ගැනීමද විශේෂ සිදුවීමකි.

මේ දක්වා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට එක්දින හෝ පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්ත තරගයක් සඳහා ගෙවනු ලද මුදල වූයේ ඇමරිකානු ඩොලර් 250කි (රු. 92,000), ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තීරණයත් සමග එම තරග මුදල ඇමරිකානු ඩොලර් 750ක් දක්වා (රු.276,000) වැඩිවනු ඇත.

එසේම තරග ජයග්‍රහණ වෙනුවෙන් ‘ජයග්‍රහණ ප්‍රසාද දීමනාවක්’ ද ගෙවීමට තීරණය කර ඇත. එම මුදල ඇමරිකානු ඩොලර් 250ක් වේ. එපමණක් නොව තරගයට සහභාගී නොවන එහෙත් සංචිතය නියෝජනය කරන ක්‍රීඩිකාවන්ට තරග මුදලෙන් 25% ක පමණ ගෙවීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා බව එම ආයතනය සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවටම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට කුඩම්මාගේ සැලකිලි දක්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි චෝදනා එල්ලවිය. එයට හේතුව කෝවිඩ් වසංගත සමය ඇතුළුව 2020 වසරේ සිට 2022 ජනවාරි වන තෙක් කිසිඳු කාන්තා ක්‍රිකට් තරගයක් පැවැත්වීමට අපොහොසත්වීම හේතුවෙන් ය.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ලොවපුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින යුගයක මෙකී තීරණය නිසා යම්කිසි වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට හිමිවූවද, ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට සාපේක්ෂව ක්‍රීඩිකාවන්ට හිමිවන්නේ ඉතා අඩු තරග මුදලකි.

ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් සඳහා ඇ.ඩො 3,000ක් (රු 1,095,000) සහ එක්දින තරගයක් සඳහා ඇ.ඩො 4,000 (රු. 1,460,000) මේ වනවිට ගෙවනු ලබන බව ESPN Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙකී මුදලට අමතරව තරඟ ජයග්‍රහණ, ශතක වාර්තා කිරීම් සහ විශේෂ කඩුලු ලබාගැනීම් සඳහා වෙනත් ප්‍රසාද දීමනාද ක්‍රීඩකයන්ට හිමි වේ.

පසුගිය සමයේ දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අතර, මේ වනවිට පසුගිය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය අවස්ථාවේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද සිදුකරමින් තිබේ.

මාවනැල්ල ප්‍රා : සභාවේ සභාපති ධුරයෙන් ඉවතට : ගැසට් නිවේදනයක් එයි

0

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටුකිරීම සඳහා උප සභාපතිවරයා වන කෝරලේ ගෙරද පියතිස්ස එම තනතුරට පත්කර තිබේ.

නොයෙල් සභාපතිවරයා එම ධූරයේ රාජකාරි කරමින් සිටියදී වැරදි කිසිවක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂණයක් සිදු කිරීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර පත්කර ඇති බවද අදාල ගැසට් නිවේදනයේ සඳහන් වේ.

සම්පූර්ණ ගැසට් නිවේදනය

ස්වර රටා අමුණා රචනා කළ සීගිරි ගීයක සෞන්දර්යමලංකාරය

0

පසුගිය 12වෙනි ඉරිදා (2023-02-13) උදේ වරුවේ කොළොඹ කෞතුකාගාර පරිශ්‍රයේ සීගිරි සිතුවම් ප්‍රදර්ශනාගාර මහලේ සාගර සුරේෂ් විජේසිංහ ගේ ” තරණ සීගිරි කැන්ටාටාවේ ” භාවමය ගී මිහිර විඳගන්නට ලැබිණි. මීට සියවස් ගණනාවකට කලින් සීගිරි කැටපත් පවුරේ ලියන ලද භාවාත්මක මිනිස් හැගීම් සංගීතයෙන් රචනා කර, එය කතා පුවතක් ලෙස වර්තමානයේ ජීවත් වන අපගේ හදවත් සංවේදී කරන්නට තරම් සාගර සහ ඔහුගේ ඔපෙරා කණ්ඩායමට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වන අතර, ඔවුනට අප හිස නමා ආදරය කළ යුතුය.

ලාංකීය සමාජය තුළ Cantata, Opera කියන සංගීතමය සංකල්පයන් කණ ඇසුණු විට, අපට නිතැනින්ම සිහියට නැගෙන්නේ ප්‍රේමසිරි කේමදාස නම් ඒ සංගීත පෞරුෂයයි. බුද්ධ පරිනිර්වාණය පදනම් කරගෙන “පිරිනිවන් මංගල්‍යය ” නමින් ලංකාවේ පළමු වරට කැන්ටාටාවක් නිර්මාණය කලේ කේමදාස මාස්ටර් නම් ඒ අපූර්ව සංගීත සංරචකයයි. කැන්ටාටාවක් කියන සංගීතමය සංරචනයක් කියන්නේ යම්කිසි කතා වස්තුවක් සංගීතයෙන් රචනා කර, එම කතා වස්තුව ගායනා විලාසයෙන් ඉදිරිපත් කිරීමයි. එහෙත් එහි පිටුපස ඇති කායික, මානසික සහ බුද්ධිමය ශ්‍රමය අති විශාල දුෂ්කර ක්‍රියාවලියක් කියන එක වචනවලින් කියන්න බැරි තරම් සංකීර්ණයි.

දහහත්වන සියවසට අයත් බැරොක් යුගයේ නිර්මාණය වුන කැන්ටාටාව බොහෝ දුර‍ට නිර්මාණය කෙරුනේ ක්‍රිස්තියානියට අයත් ආගමික සංකල්ප හා කතා මුල්කරගෙනයි. යුරෝපය තුළ කැන්ටාටාව ගැන කතා කිරීමේදී මුලින්ම සිහියට නැගෙන්නේ ජර්මන් ජාතික ජෝන් සෙබස්තියන් බාක් Jhonn Sebastian Bach කියන සංගීත සංරචකයයි. එයින් පසු Luigi Rossi, Pietro Antonio Cesti, Giacomo Carissimi වගේ ඉතාමත් ප්‍රබල කැන්ටාටා සංගීත සංරචකයින් අපට මුණ ගැසෙනවා.

Opera, Cantata, Symphony සහ Concerto වගේ සංගීත ශානරයන් අපේ සමාජයෙන් බොහෝ දුරස් වුවත්, කේමදාස මාස්ටර් උත්සාහ ගත්තා මෙම සංගීත ශානරයන් අප සමාජයට හඳුන්වා දෙන්නට. ඔහුගේ ඇවෑමෙන් පසුව සාගර ඉතාමත් දුෂ්කරව මේ සංගීත චාරිකාවට අවතීර්ණ වී සිටින්නේ වංකගිරියක් තරණය කරනවා වගේ වෙහෙසකර ගමනකටය. ඔහුගේ මේ වෙහෙසකර ගමනින් අපගේ විඩාබර හදවත් සනසාලන්නට සිසිල් දිය දහරක් බඳු භාවාත්මක ස්වර රටා වරුසාවකින් අප සිත් සනසාලීම ගැන අපි ඔහුට සහ ඔහුගේ ඔපෙරා කණ්ඩායමට නැවතත් හිස නමා ආදරය කරමු.

තනපට් වෙළ සරග්මල් සිසිලස් කොට් ලු
දැක මන ම නියැළෑ බෙයන්ද්හි රන්වනක් දිග්නෙත්

327 වෙනි කුරුටු ගීය

සිසිල සඳහා සුවඳ මල් තන පටෙහි වෙළා ගත් රන්වන් දිගැසියක බෙයදෙහි දැක මගේ සිත දොම්නස් විය

සාලිය ඉඳුරුවිතාන

තරණ සීගිරි කැන්ටාටාවේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ඉදිරිපත් කිරීම පසුගිය දා ( 2023.02.12 ) අති සාර්ථවකව නිම වුණා.

ඒ සඳහා නන් අයුරින් අපට දායකත්වය ලබා දුන් සියලු දෙනා සිහිපත් කරන්නේ ඉතාමත් ආදරයෙන්.
ජාතික කෞතුකාගරය බඳු වටිනා කලාත්මක කෘතීන් අන්තර්ගත ස්ථානයක ආදර්ශ සීගිරි චිත්‍ර ඇතුලත් සිතුවම් ශාලාව තුල සීගිරි කුරුටු ගී ගායනාවන් සජීවීව අසන්නට කෞතුකාගාරය නරඹන්නට පැමිණෙන ප්‍රේක්ශකයින්ට අවස්ථාවක් ලැබුණේ මා දන්නා පමණින් ඉතිහාසයේ ප්‍රථම වතාවට විය යුතු ය. එවන් විරල අවස්ථාවක වටිනාකම අවබෝධ කර ගනිමින් එයට අපහට අවකාශය ලබා දෙමින් නීත්‍යානුකූල අවසරයන් ලබා දීමට කටයුතු කල කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මැතිණියටත් , එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මැතිතුමාටත් , කෞතුකාගාර පාලක රංජිත් හේවගේ මැතිතුමාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙමි.

සාගර සුරේෂ් විජේසිංහ