“කැලණි ගඟබඩ පුරාවෘත්ත” දොරට වැඩුම පෙබ 27

Share post:

ප්‍රවීණ සියනෑ ලේඛක කුසුම්සිරි විජයවර්ධනගේ නවතම කෘතිය “කැලණි ගඟබඩ පුරාවෘත්ත” දොරට වැඩුම නිමිත්තෙන්
සියනෑ නෑසියන්ගේ පිළිසඳර පෙබ 27 උදේ 09.30ට දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි…

විද්වත් කතිකාව :
ආචාර්ය සිරිනිමල් ලක්දූසිංහ ( ජාතික කෞතුකාගාරයේ සහ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ)
ප්‍රවීණ ලේඛක ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම
ප්‍රවීණ ලේඛක හා මාධ්‍යවේදී මහානාම දුණුමාල

ඇතුළු කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්….

සංකථනය :
ගීපද රචක ප්‍රියන්ත ධර්මවංශ

සංවිධානය :
සේකර පරපුර සහෘද කලා එකමුතුව.
දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

කැලණි ගගබඩ පුරාවෘත්ත’ කැළණි මිටියාවතේ රසාලිප්ත ඓතිහාසික වෘතාන්තයන් අරුත්ගන්වන අපුරු ග්‍රන්ථයක්

ප්‍රවීන ගත්කතුවර හා පුවත්පත් කලාවේදී කුසුම්සිරි විජේවර්ධනයන් විසින් විරචිත නවතම ග්‍රන්ථයවන ‘කැලණි ගගබඩ පුරාවෘත්ත’ කිසිඳු විඩාවකින් තොරව එක හුස්මට කියව අවසන් කළ හැකි මනරම් කෘතියකි.

සල්පිටි කෝරළය,හේවාගම් කෝරළය,සියනෑ කෝරළය ඇතුළු පුරාණ ගම්මානවලට යාවූ කැළණි මිටියාවත අයත් ගම්මාන ආශ්‍රිත ඉතිහාසය, ජනශ්‍රැති,

මෙන්ම යටත්විජිත යුගයේ කැළණි මිටියාවතේ ගම්මානයන් හරහා සිදු වූ සමාජ පරිවර්තනයන් මෙහි ඉතා රසවත්ව රූපණය කර තිබේ.

මේ ඇති ඉතා අගය කළ යුතු කරුණ වන්නේ කැලණි ගඟ අශ්‍රිතව පිහිටි පෞරාණික ස්ථාන සහ පූජනීය ස්මාරක වෙත ගොස් න් ඒවායේ අතීතය හා වර්තමාන තත්ත්වය මැනවින් විග්‍රහ කිරීමයි.

කැළණි විහාරය. කිත්සිරිමෙවන් විහාරය කැලණිය. කඩුවෙල පෞරාණික විහාරස්ථාන, හංවැල්ල බලකොටුව හා මල්වාන බලකොටුව ආදී ස්ථානයන් පිළිබඳව කෙරෙන අරුත්බර සටහන් ඉතිහාසය විෂයයක් ලෙස හදාරන ගුරු භවතුන්ට මෙන්ම දරැවන්ට අවශ්‍ය දැනුම් සම්භාරයක් කබා ගැනීමට උපකාරී වනු ඇතැයි මගේ හැගීමයි.

මා වඩාත්ම ඇලුම් කරන්නේ කැළණි ගං ඉවුරේ තම ළමා කාලය පිළිබඳව මනරම් සටහන් ලියු වී.ඩී. ද ලැනරෝල් සූරීන්ගේ ළමා කාලය පිළිබඳ සටහන් හා පෘතුගීසි බලකොටුව හා ඔවුන්ගේ ආණ්ඩුකාරයා වාසය කළ මල්වාන බලකොටුවේ වටපිටාව පිළිබඳව ඇති විවරණයන්ය.

කැලණි ගගබඩ පුරාවෘත්ත ග්‍රන්ථය කුසුම්සිරි විජේවර්ධනයන් ගේ අනෙකුත් ග්‍රන්ථයන් සේම පාඨක ආකර්ෂණයට ලක්වන කෘතියක් වනු ඇතැයි මට හැගේ.

නිමල් බණ්ඩාර
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...