ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ‘බෝනස්’ – තරඟ මුදලත් වැඩිකරයි!

Share post:

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ගෙවනු ලබන තරග මුදල තුන් ගුණයකින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව වාර්තා වේ. ලෝක කුසලාන කාන්තා පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ, මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටින වාතාවරණයකදී මෙම තීරණය ගැනීමද විශේෂ සිදුවීමකි.

මේ දක්වා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට එක්දින හෝ පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්ත තරගයක් සඳහා ගෙවනු ලද මුදල වූයේ ඇමරිකානු ඩොලර් 250කි (රු. 92,000), ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තීරණයත් සමග එම තරග මුදල ඇමරිකානු ඩොලර් 750ක් දක්වා (රු.276,000) වැඩිවනු ඇත.

එසේම තරග ජයග්‍රහණ වෙනුවෙන් ‘ජයග්‍රහණ ප්‍රසාද දීමනාවක්’ ද ගෙවීමට තීරණය කර ඇත. එම මුදල ඇමරිකානු ඩොලර් 250ක් වේ. එපමණක් නොව තරගයට සහභාගී නොවන එහෙත් සංචිතය නියෝජනය කරන ක්‍රීඩිකාවන්ට තරග මුදලෙන් 25% ක පමණ ගෙවීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා බව එම ආයතනය සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවටම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට කුඩම්මාගේ සැලකිලි දක්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි චෝදනා එල්ලවිය. එයට හේතුව කෝවිඩ් වසංගත සමය ඇතුළුව 2020 වසරේ සිට 2022 ජනවාරි වන තෙක් කිසිඳු කාන්තා ක්‍රිකට් තරගයක් පැවැත්වීමට අපොහොසත්වීම හේතුවෙන් ය.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ලොවපුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින යුගයක මෙකී තීරණය නිසා යම්කිසි වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට හිමිවූවද, ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට සාපේක්ෂව ක්‍රීඩිකාවන්ට හිමිවන්නේ ඉතා අඩු තරග මුදලකි.

ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් සඳහා ඇ.ඩො 3,000ක් (රු 1,095,000) සහ එක්දින තරගයක් සඳහා ඇ.ඩො 4,000 (රු. 1,460,000) මේ වනවිට ගෙවනු ලබන බව ESPN Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙකී මුදලට අමතරව තරඟ ජයග්‍රහණ, ශතක වාර්තා කිරීම් සහ විශේෂ කඩුලු ලබාගැනීම් සඳහා වෙනත් ප්‍රසාද දීමනාද ක්‍රීඩකයන්ට හිමි වේ.

පසුගිය සමයේ දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අතර, මේ වනවිට පසුගිය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය අවස්ථාවේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද සිදුකරමින් තිබේ.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...