විදුලි ගාස්තු 66%කින් වැඩි කරන්න PUCSL බහුතර කැමැත්ත

Share post:

අද (15) සිට 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමිවී තිබේ.

කැබිනට් මණ්ඩලය අනුමත කළ 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව ජනවාරි 02 වනදා මහජන උපයෝගීතා කොමිසමට යොමු කෙරුණි.

ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය දිගින් දිගටම හිමි නොවු අතර, එහි සාමාජිකයින් කිහිප දෙනෙකුම මතගැටුම් මැද ඉල්ලා අස් විය.

‍මේ අතර 36%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සඳහා මහජන උපයෝගිතා කොමිසම යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එය සභාපතිවරයා විසින් ඊයේ (14) කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය.

සභාපතිවරයා ඊට අනුමැතිය ලබාදුන්න ද, සෙසු සාමාජිකයින් තිදෙනා වන ඩග්ලස් නානායක්කාර, නීතිඥ චතුරිකා විජේසිංහ, සහ එස්. ජී. සේනාරත්න විරෝධය පළ කිරීම නිසා එය ප්‍රතික්ෂේප විය.

පසුව 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව කොමිසමේ බහුතර අනුමැතිව හිමිවිය.

කෙසේවෙතත් මෙම නව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සිය විරෝධය පළ කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජනතාවද විරෝධය පළ කළ යුතු බවයි.

මේ අතර පසුගිය 2022 (අගෝස්තු 10 වැනිදා) 264%ත් 75%ත් අතර වූ අගයකින් විදුලි ගාස්තුව ඉහළ දැමිණි.

Related articles

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...

ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන කතා කල හැකි, කතා කල යුතු මාතෘකා බොහොමයි

මේ දවස්වල අනෙක් වැඩ අතෑරලා ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන හදාරනවා. ඒ අපේ සංවිධානය, කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය,...

ඉරාන යුද්ධය සහ ලංකාවේ අභියෝගය !

පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකළ මිලිටරි ප්‍රහාරය සමග මැද පෙරදිග ඇතිව තිබෙන...

ලේ සහ සලේ !

පාක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් 4’ නාලිකාවේ විකාශය වූ වීඩියෝවෙන් පසු ව කළ ⁣පැමිණිල්ලට අදාලව කරුණු වාර්තා කරමින් පවරන...