විදුලි ගාස්තු 66%කින් වැඩි කරන්න PUCSL බහුතර කැමැත්ත

Share post:

අද (15) සිට 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමිවී තිබේ.

කැබිනට් මණ්ඩලය අනුමත කළ 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව ජනවාරි 02 වනදා මහජන උපයෝගීතා කොමිසමට යොමු කෙරුණි.

ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය දිගින් දිගටම හිමි නොවු අතර, එහි සාමාජිකයින් කිහිප දෙනෙකුම මතගැටුම් මැද ඉල්ලා අස් විය.

‍මේ අතර 36%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සඳහා මහජන උපයෝගිතා කොමිසම යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එය සභාපතිවරයා විසින් ඊයේ (14) කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය.

සභාපතිවරයා ඊට අනුමැතිය ලබාදුන්න ද, සෙසු සාමාජිකයින් තිදෙනා වන ඩග්ලස් නානායක්කාර, නීතිඥ චතුරිකා විජේසිංහ, සහ එස්. ජී. සේනාරත්න විරෝධය පළ කිරීම නිසා එය ප්‍රතික්ෂේප විය.

පසුව 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව කොමිසමේ බහුතර අනුමැතිව හිමිවිය.

කෙසේවෙතත් මෙම නව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සිය විරෝධය පළ කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජනතාවද විරෝධය පළ කළ යුතු බවයි.

මේ අතර පසුගිය 2022 (අගෝස්තු 10 වැනිදා) 264%ත් 75%ත් අතර වූ අගයකින් විදුලි ගාස්තුව ඉහළ දැමිණි.

Related articles

කාන්තා ඇඳුමේ රණ්ඩු සරුවල්

මේ ඈත අතීතයට අයිති බොහොම ලස්සන පිංතූරයක්.වර්ශය 1890-1900 අතර කාලයකටයි අයිති.ලන්ඩනයේ ප්‍රසිද්ධ වීදියක දර්ශණයක් විදිහට අපිට හඳුනා ගන්න...

​පාවුලෝ කොයියෝ: තමාගේ “පෞද්ගලික පුරාවෘත්තය” හඹා ගිය මිනිසාගේ කතාව

ඔහු නීතිඥයෙකු වීමට අකමැති වීම නිසා ඔහුගේ දෙමාපියන් ඔහුව මානසික රෝහලක සිර කර විදුලි සැර ප්‍රතිකාර ලබා දුන්හ....

අප තවමත් පොත් කියවනවාද? සාහිත්‍ය උළෙලවල් පොත්පත් ජීවමානව තබා ගන්නේ කෙසේද?

සාහිත්‍ය උළෙලක් නිර්වචනය වන්නේ එහි ප්‍රේක්ෂකාගාරයෙනි. සංවිධායකයින්, කථිකයින් හෝ සංග්‍රහ කරන්නන් ඕනෑම අයෙකු ආදේශ කළ හැකි වුවද, පාඨකයින්...

විදේශ සංචාර, නාට්‍ය කලාව සහ රාජ්‍ය අනුග්‍රහය

බුද්ධික දමයන්ත සහ චාමික හත්ලහාවත්ත නාට්‍යකරුවන් දෙදෙනාගේ නාට්‍ය දෙකක් ඉන්දියාවේ දිලි නුවර ජාත්‍යන්තර නාට්‍ය උලේලකට තේරී තිබෙන අතර...