උපදින්න සිටින දරුවනුත් මිත්‍යාව වෙනුවෙන් අවදානමේ හෙලීම

Share post:

  • සිරිපාදයේ දී සුරංගනාවියක් උපත ලබයි ( පුවතක්)

ශ්‍රී පාදයේ දී දරු උපතක් වුණාය, ඒක හරිම විරළ සිදුවීමක්ය, එහෙම උපදින දරුවන් වාසනාවන්තය කියන පොස්ට් වගයක් ඊයේ දිනයේ මුහුණු පොතේ සංසරණය වුණා. මේ සිදුවීමේ දි හරියටම ශ්‍රීපාදය නගිද්දි දරු උපත වුණා ද නැත්නම් ශ්‍රී පාදය නගිද්දි ඒ ගැබිණි මවට ප්‍රසූති අමාරුව හැදිලා පහළට රැගෙන ඇවිත් රෝහලක දි ඒ උපත සිදුවුණා ද කියන්න බෑ. මොකද එක තැනක සඳහන් වුණේ ශ්‍රී පාදයේ දී එහෙම විළි රුදාව හැදුණු ගැබිණි මවක් රෝහළකට ඇතුලත් කරලා දරු උපත සිදු වුනා කියන එක. කොහොම වුණත් දරුවෙක් ලැබෙන්න ඉන්න ඕනෑම මට්ටමක ( දරු ගැබට කුමන මාස ගණනක් තිබුණත්) කෙනෙක් මේ වගේ කඳු තරණය කිරීමක් අතිශය අවදානම්.

මේ සටහන ලියන්න උදේම ජ්‍යේෂ්ඨ හෙදියකගෙන් උපදෙස් ගන්න වුණා. මොකද සාමාන්‍ය කෙනෙක් වෙලත් මේ වගේ තැනක දරු උපතක් වෙන එකේ අවදානම ගැන සාමාන්‍ය අවබෝධයක් තිබුණු නිසා සහ ඒ ගැන වැඩි දුර වෛද්‍ය විද්‍යාත්මක කරුණු දැන ගන්න ඕන නිසා.

මේ වගේ තැනක දරු ප්‍රසූතියක දී වෙන්න පුළුවන් ඉතා අවදානම් සහගත දේවල් මේවා. දරු උපත සිදු කරන අම්මාට අධික රුධිර වහනය වුණොත් නවත්වාගන්න විදිහක් නෑ. උපතේ දී බිළිඳෙකුට ඇතිවිය හැකි පිටගැස්ම වැනි තත්වයක් වලක්වගන්න විදිහක් නෑ. ඊ ළඟට පෙකිණි වැල කපන්න උපකරණ නෑ. අධික සීතල නිසා ඇති වන අවදානම තවත් එකක්. බිළිඳා නිසි ලෙස වැඩිලා නැත්නම් ඒ අවදානම සහ බිළිඳාගේ අසාමාන්‍යතා ලක්ෂණ තියෙන්න පුළුවන්, බිළිඳා හඬන්නේ නැති නම් කෘතිම ස්වසනය දෙන්න විදිහක් නෑ. බිළිඳා වැඩියෙන් වැඩිලා නම් සැත්කම් කරන්න වෙනවා බිළිඳා එළියට ගන්න. හදිසි ප්‍රතිකාර තැටියක් නෑ. ඊළඟට ශ්‍රී පාදෙ නගිනකොට මුල, මැද, ඉහළ කවර තැනක වුණත් රෝහලකට අරන් එන්න විශේෂ විදිහක් නෑ. මේ සියල්ල ගත්තම වෛද්‍යවරයෙක් කවදාවත් මේ අවදානම සහගත වැඩේ අනුමත කරන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය දැනුමක් තියෙන කිසිම මනුෂ්‍යයෙක් ශ්‍රී පාදය තබා රෝහලක් නැති තැනක කිසි තැනක දරු ප්‍රසූතියක් වෙන එක අනුමත කරන්නෙ නෑ. නමුත් ලංකාවේ ආගමික භක්තියෙන් ඇලලිලා ඉන්න ජනයා කරන්නෙ කුමක් ද? ඔවුන් කරන්නෙ මේ අවදානම් කිසිවක් ගනන් ගන්නේ නැතිව ගැබිණි මව්වරුන් මේ වගේ තැන්වලට රැගෙන යාමයි. මෙවැනි තැන්වල හාස්කම් ඇතැයි, ලැබෙන දරුවා පිං වන්තයි ආදී ලෙස ඒ සිද්ධිය උත්කර්ශයට නැංවීමයි. ඉවක් බවක් නැතිව මේ සිදුවීමේ හාස්කමක් ඇතැයි කියන පොස්ට් ෂෙයාර කරගන්නවා. ඊට හපන් සිද්ධිය වාර්තා කරනවා වෙනුවට හාස්කම් සහ පිංවත්කම් ගැන විශේෂණ එකතු කරලා සිද්ධිය වාර්තා කරන මාධ්‍ය.

මෙහෙම සමාජගත කිරීම් එක්ක භක්තිය උතුරා යන හෙළ පිංවතුන් තමන්ගේ දරුවාත් ශ්‍රී පාදයේ දී උපත ලබනවා නම් හොඳයි කියලා තමන්ගෙ ගැබිණි බිරිඳ, දියණිය, යෙහෙලිය මේ අවදානමට දාන්න පුළුවන්. ඒක ඒ වගේ වෙන්න ඉඩකඩ වැඩියි මොකද මේ පොස්ට් වලට වැටිලා තියෙන කමෙන්ට්ස් දැක්කම ඒක හිතා ගන්න පුළුවන් බොහෝ දෙනා මේ ක්‍රියාව අනුමත කරනවා. සමහර විට ඔවුන් ඉදිරියට තම තමන්ගේ ගැබිණි මව්වරුන් ශ්‍රී පාදයට වැඩි වැඩියෙන් රැගෙන යන්නත් ඉඩ තියෙනවා.

ආගමික භක්තියෙන්, විවිධ ඇදැහිලි වලින් බුද්ධිය නාශනය කරන ජාතියක් ඉන්න රටක්. ලංකාවේ හැමෝම මෙහෙම නැති වෙන්න පුළුවන්. නමුත් සැළකිය යුතු පිරිසක් මේ වාගේ මිත්‍යාත්මක, විද්‍යාත්මක නොවන අදහස්, ඇදැහිලි විශ්වාස කරනවා. ඉතිං ආයෙත් කියන්නෙ අවුරුදු 75 ක් මේ රට ගොඩ ගන්න බැරි වුණානම් ඒකෙ වැරැද්ද දේශපාළඥයින්ට විතරක් නෙමෙයි මේ රටේ විවිධාකාරයෙන් මිත්‍යාවේ ගිලිලා ඉන්න පුරවැසියන්ටත් එල්ල වෙනවා. මේ එක කතාවක් විතරයි. මොකද මිත්‍යාවෙන් බුද්ධිය පළවාහැර ගන්නා ඔවුන් දේශපාලනික තත්වයන් වලදීත් හැසිරෙන්නෙ අර තරම් අතාර්කික විදිහට. හිතෙනවා ද ලංකාව මාර ඉක්මනින් සිංගප්පූරුවක් කරන්න පුළුවන් කියලා?.

ඡායාරූපය: රොහලක වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහ වෛද්‍ය පහසුකම් ඇතිව සුරක්ෂිතව බිහිකළ දරුවෙක් මව සමග

අතුල දිසානායක (සමාජ කතා)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...