මාවනැල්ල ප්‍රා : සභාවේ සභාපති ධුරයෙන් ඉවතට : ගැසට් නිවේදනයක් එයි

Share post:

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කාර්යය ඉටුකිරීම සඳහා උප සභාපතිවරයා වන කෝරලේ ගෙරද පියතිස්ස එම තනතුරට පත්කර තිබේ.

නොයෙල් සභාපතිවරයා එම ධූරයේ රාජකාරි කරමින් සිටියදී වැරදි කිසිවක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂණයක් සිදු කිරීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර පත්කර ඇති බවද අදාල ගැසට් නිවේදනයේ සඳහන් වේ.

සම්පූර්ණ ගැසට් නිවේදනය

Related articles

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...

ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන කතා කල හැකි, කතා කල යුතු මාතෘකා බොහොමයි

මේ දවස්වල අනෙක් වැඩ අතෑරලා ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන හදාරනවා. ඒ අපේ සංවිධානය, කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය,...

ඉරාන යුද්ධය සහ ලංකාවේ අභියෝගය !

පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකළ මිලිටරි ප්‍රහාරය සමග මැද පෙරදිග ඇතිව තිබෙන...

ලේ සහ සලේ !

පාක්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් 4’ නාලිකාවේ විකාශය වූ වීඩියෝවෙන් පසු ව කළ ⁣පැමිණිල්ලට අදාලව කරුණු වාර්තා කරමින් පවරන...