Home Blog Page 210

thetime.lk පුවත තහවුරුයි : ලංකා මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට ඉඩ : ඔව්. ඒක ඇත්ත – ධීවර ඇමති

0

ඉන්දීය ධීවරයන්ට පෝක් සමුද්‍ර සන්දියේ ලංකා සිමාවේ මසුන් ඇල්ලීමට ඉඩදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතින බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා තහවුරු කළේය.

‘ලංකා මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට ඉඩ : කඩිනම් විසඳුමක් ලැබෙයි – ඉන්දීය ධීවර ඇමති’ යනුවෙන් මෙවැනි සාකච්ඡාවක් පවතින බව thetime.lk පෙරේදා (17) හෙළි කළේය.

තමිල්නාඩුව මූලික කරගෙන ධීවර වෘත්තියේ යෙදෙන පිරිසකට, ඔවුන් භාවිත කරන බෝට්ටුවල එන්ජින් ධාරිතාව මත අවසරපත් නිකුත් කෙරෙනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් මීළඟ ඉන්දු – ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ (Indo-Lanka Joint Working Group – JWG) රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.

පෝක් සමුද්‍ර සන්දියේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට අර්බුදයක් මතු වී තිබේ. මෙම තීරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවේ තමන්ගේ මූලික අරමුණ උතුරු පළාතේ ජනතාවගේ වෘත්තීය සුරක්ෂිතතාව බවයි.

මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් වී තිබුණේ ඉන්දියාව පාර්ශ්වයෙනි. ඉන්පසු මෙරටින් ද ඊට යහපත් ප්‍රතිචාරයක් ලබාදී තිබිණි.

මෙසේ උතුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ඉන්දීය ධීවරයන්ට නීත්‍යනුකූල අවසරයක් ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පිළිබඳ දැඩි විරෝධය පළකරන බව යාපනය එක්සත් ධීවර සංගමය අවධාරණය කරයි. ඉදිරියේදී සිදුකිරීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී මීට අදාළ අවසාන තීරණයක් ගැනීමට නියමිත බව ද එම සංගමය වෙනුවෙන් අදහස් පළකරමින් එහි සභාපති එස්. ජේසුරාසා අවධාරණය කර සිටී.

ලැරී ලට වගේම නොයෙක් හේතු නිසා තමන් උපන් රටෙන් යන්න වුණු හැම කෙනෙකුටම දැනෙනවා ඇත්තේ එහෙමයි

0

කොළඹින් පිටත් වෙලා කෙලින්ම ආවෙ මෙල්බන් වලට. පැය නවයක් විතර ගත වුණා ගමනට. මේ වැඩේ සංවිධානය කරපු අයගෙන් චින්තන සහ රොෂාන්ත ගුවන් තොටුපළට ඇවිල්ල හිටිය මාව හම්බ වෙන්න. ඩාවින් බලා යන ගුවන් ගමනට තව පැය පහක් විතර තිබුණ නිසා ඒ දෙන්නා මාව එක්කගෙන ගියා ගුවන් තොටුපළේ ඉඳලා විනාඩි 15ක විතර දුරින් ජීවත් වෙන ලැරී සහ සින්තියාගේ ගෙදරට.

ලැරී සහ සින්තියා මම කලක් තිස්සේ දන්නවා. කෝවිඩ් එන්න කලින් ඒ දෙන්නා හැම අවුරුද්දකම ලංකාවට ආවා. ලංකාවේ ඉන්නකං හැම සෙනසුරාදම උදේ අටේ ඉඳලා නවය හමාර විතර වෙනකම් අපි එකට කාලය ගත කරන්න පුරුදු වෙලා හිටියා.

ලැරී මර්වින් මාර්ෂල් ලාංකික බර්ගර්. ලැරීට වයස දහ තුනේදී තමයි එයාගෙ දෙමාපියෝ ලංකාවේ පදිංචිය අතහැරලා ඕස්ට්‍රේලියාවට යන්නේ. ඒ හැටේ දශකයේ. රාජ්‍ය සේවයේ ඉහලට යන්න නම් සිංහල භාෂා සුදුසුකම් සපුරාගත යුතුයි කියලා තීරණය වුණාම ලැරීගෙ දෙමාපියෝ බය වෙනවා තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන. ඒගොල්ලො හිතනවා ලංකාවෙන් පිටත්ව යන එක හොඳයි කියලා. ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආවට පස්සෙයි ඒ අය තේරුම් ගන්නේ ඒ අයගේ රට වෙන කොහෙවත් නෙවෙයි ලංකාවමයි කියලා. නුවර අම්පිටියේ උපන් මර්වින් මාර්ෂල්, ලැරීගෙ තාත්තා, කවි ලියනවා ලංකාව ගැන, නුවර කඳුවැටි, මහවැලි ගඟ ගැන, ඕස්ට්‍රේලියාවෙ ඉඳගෙන.

ලැරීගෙ අම්මා, රීටා රොබට්සන්, එයාගේ අවසන් කැමති පත්තරේ ලියනවා.. කවදහරි එයා මියගියාම එයාගෙ අළු මොර‍ටුව වෙරලෙන් මුහුදට එකතු කරන්න කියල. මොර‍ටුව වෙරලෙදි තමයි ලැරීගේ තාත්තයි අම්මයි පළමු වරට ආදරය ප්‍රකාෂ කරන්නේ. රීටා රොබට්සන් 2007 මිය ගියහම තාත්තා රීටාගේ අළු අරගෙන ලංකාවට එනවා මොර‍ටුව වෙරලෙ ඒවා පා කරන්න. ඔහොම ගිහිල්ලා ලැරීගෙ තාත්තත් මිය යනවා 2018 දී. එයාගෙ අන්තිම කැමැත්තත් අම්මගෙ අන්තිම කැමැත්තමයි. තාත්තගෙ අළු අරගෙන ලැරී, එයාගෙ අක්කලා ඇතුළු දරු මුණුබුරන් විසි හතරක් එක්ක ලංකාවට එනවා තාත්තගේ අළු මොර‍ටුව වෙරළේ පා කරන්න. මේ දාල තියෙන පොටෝ තාත්තගේ අළු පා කරපු වෙලාවේ ගත්ත ඒවා.

අපි ලැරී සහ සින්තියාගෙ ගෙදරට යනකොට ලැරී සහ සින්තියාට අමතරව ලැරීගෙ අක්ක, ඩෙනිස් මාර්ෂලුත් හිටියා අපි එනකම් බලාගෙන. පළමු වතාවටයි ලැරීගෙ අක්කා ව හමුවුනේ. ඇය හරිම ලස්සන මෘදු හඬින් කතා කරන කාන්තාවක්. ලැරී ඇඳගෙන හිටියේ ‘Sri Lanka’ කියලා ලියපු ටී ෂර්ට් එකක්. (See the photo 1)

ඒ ගේ හැම තැනක ම ලංකාවේ දේවල් දකින්න තිබුණා. සිංහ කොඩි කීපයක්ම තිබුණා. තව බුදු පිලිමත් තිබුණා. අවුරුදු දහතුනේ දී ලංකාවෙන් ගියපු ලැරීට ශ්‍රී ලංකා අනන්‍යතාව කොයි තරම් වැදගත් ද කියන එක එයාලගෙ ගේ හැමතැනක ම තිබුණා. ලැරීගෙ අක්ක ගෙන් මම ඇහුවා ලංකාවෙන් යනකොට එයාට වයස කීයද කියලා. වයස 15යි කියලා ඈ කිව්වා.
හැම මනුස්සයෙකුටම තමන් අයිතියි කියල දැනෙන තැනක් තියෙනවා. එතනයි එයාට සතුට, සැනසීම, ආරක්ෂාව තියෙන්නේ. එතනටයි තමන් අයිති කියලා හැඟෙන්නේ. එතැනින් ඉවත් වෙලා කොයි තරම් සැප සම්පත් තියන තැනකට ගියත් එයා ඉන්න සතුටින් නෙවෙයි.

බුදුන් අයිති ශාක්‍ය වංශයට. කොසොල් රජුට ඕන කරනවා බුදුන්ගෙ ඥාතියෙක් වෙන්න. ඒ නිසා ශාක්‍ය කුමරියක් විවාහ කරගන්න උත්සාහ කරනවා. නමුත් ආඩම්බර ශාක්‍ය වංශිකයන් කොසොල් රජුට ශාක්‍ය කුමරියක් විවාහ කරල දෙන්න කැමති වෙන්නෙ නෑ. ඒ වෙනුවට ශාක්‍ය වංශිකයන්ගේ සේවිකාවකගේ දියණියක් විවාහ කරලා දෙනවා. කොසොල් එක දන්නෙ නෑ. මේ විවාහයෙන් ලැබෙන පුතා විඩූඩභ.

විඩූඩභ තරුණ වියට පත්වුණා ම තමන්ගේ අම්මගේ ගම බලන්න යනවා. එතැන දි විඩූඩභ දැනගන්නවා එයා සේවිකාවකගේ පුතෙක් කියලා. මේක දැනගත්තට පස්සේ විඩූඩභ ලැජ්ජාවට පත් වෙනවා, ශාක්‍යයන්ට වෛර කරනවා. හමුදාව අරගෙන පිටත් වෙනවා ශාක්‍යයන් සමූල ඝාතනය කරන්න. මේක දැනගන්න බුදුහාමුදුරුවෝ විඩූඩභ යන මාර්ගයේ ශාක්‍ය ජනපදය පැත්තට වෙන්න තිබුණා වැඩි හෙවනක් නැති ගහක් යට වාඩිවෙලා ඉන්නවා ගිනි අව්වේ. හමුදාව අරන් ඉස්සරහට යන විඩූඩභ බුදුන් දැකල කලබලයට පත් වෙනවා. බුදුන් වෙත එළඹෙන විඩූඩභ අහනව “ඇයි, මේ ගිනි අව්වේ මේ පුංචි පැලයක් යටට වෙලා ඉන්නේ..? අර කොසොල් ජනපදය පැත්තේ කොයි තරම් නම් විශාල ගස් තියෙනවද හොඳට හෙවන තියෙන. ඒ ගහක් යටට යන්න.”

එතැනදි බුදු හාමුදුරුවෝ කියනවා “මගේ ඥාතීන් ජීවත්වෙන පැත්තෙ ඉඳලා හමා එන සුළග මට සිසිලය කියලා”.
හුණුවටය නාට්‍යයේ පූර්විකාවේ එන කොටස මතක තියෙන විදියට මෙහෙමයි. රෝසා ලක්සෙම්බර්ග් නගරයේ අයිතිය ගැන දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවෙනවා. ඒ නඩුව අහන්න රජයේ නිලධාරියෙක් ගමට යනවා. නිලධාරියා දැන් ගමේ ඉන්න අයගෙන් අහනවා ඔබට මොකක්ද මේ ගමට තියෙන අයිතිය කියලා. ඔවුන් කියනවා, යුද්ධය කාලේ මේ ගමේ හිටි මුල් වැසියෝ මේ ගම අතහැරලා යන්න ගියා කියලා. ඊට පස්සේ අපි මේ ගමට ආවා. අපි මේ ගම දියුණු කළා. යුද්ද වදින අතරේ අපි ගම දියුණු කරන සැලසුම් හැදුවා කියලා. යුද්ධය ඉවර වුණාට පස්සේ මුල් වැසියෝ ඇවිදින් දැන් ගමට අයිතිවාසිකම් කියන්න එනවා කියලා.

නිලධාරියා මුල් වැසියන්ගෙන් අහනවා, ඔබලාට දැන් අලුත් ගමක් තියෙනවා නේද? එහෙම තියෙද්දි ඇයි මේ ගමම ඉල්ලන්නේ කියලා.

ඒකට මුල් ගම්වැසියෝ දෙන උත්තරය.. ‘මේ අපි උපන් ගම.. මේ අපි හැදුණු වැඩුණු ගම.. මේ ගමේ අහස අපිට හරි උසයි.. මේ ගමේ හමන සුළඟ අපට සුවඳයි’ කියලා.

ලැරී ගෙ අම්මට, ලැරී ගෙ තාත්තට, ලැරී ට සහ ලැරී ගෙ අක්කටත් ලංකාව දැනෙනවා ඇත්තේ ඒ විදියටමයි. ලැරී ලට විතරක් නෙවෙයි, නොයෙක් හේතු නිසා තමන් උපන් රටෙන් යන්න වුණු හැම කෙනෙකුටම දැනෙනවා ඇත්තේ එහෙමයි. කොයිතරම් දියුණු රටවලට ගිහින් හිටියත් ඔවුන් හීනෙන් ජීවත් වෙනවා ඇත්තේ තල් වැටවල් අතර, පොල් රුප්පාවල, වෙල් යායවල, දියකඩිති අසල.

සුප් බොමින් කරගෙන ගිය උණුසුම් කතාබහ අතර කාලය ගොඩක් ගෙවුණු බව අමතක වුණා. ඊළඟ ගුවන් යානය ගන්න පැය එකහමාරකට කලින් ගුවන් තොටුපලට යායුතුව තිබුණත් ඉතිරි වෙලා තිබුනේ එක පැයයි. රොෂාන්ත වේගයෙන් රිය පදවගෙන ගිහිල්ලා මාව ගුවන්තොටුපළට බැස්සුවා. චින්තක පුළුවන් ඉක්මනින් බෝර්ඩිං පාස් හදා දීලා අදාළ පර්යන්තය වෙත මාව එක්කගෙන ගියා. මම ගුවන් යානයට ගොඩවෙනකම් ම එහි ‍රැඳී හිටියා.

(Rajith yasodha, Can you translate this into English? Larry or Cynthia cannot read Sinhala. If I translate, I ll lose the essence of the writing).

ගල්කන්දේ ධම්මානන්ද හිමිගේ facebook පිටුවෙන්

පළාත් පාලන ඡන්දය : ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ලැයිස්තුව සහ නීතිය මෙන්න !

0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට අදාළ වාචික – අනීතික නියෝග ලබාදුන් සහ එම වාචික – අනීතික නියෝගවලට අනුව කටයුතු කළ රජයේ නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ අවධාරණය කරති.

මේ, ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම පළකළ අදහස් ය.

මූලික අයිතිවාසිකම් !

‘මැතිවරණයක් කියන්නෙ මේ රටේ ඡන්ද බලය හිමි පුරවැසියෙකුට තමන් විශ්වාස කරන අදහසක් හා ඒ අදහස ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීම. යම් දේශපාලන පක්ෂයක් පිළිබඳ සිතීමේ අයිතියක් වගේම ඒ පිළිබඳ අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා.

මේක වැටෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ලෙස දැක්වෙන පරිච්ඡේදයට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාව, 14.1 (ආ) ව්‍යවස්ථාව යන ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර තිබෙන අයිතිවාසිකමක් විදිහට සිතීමේ නිදහස හා භාෂණයේ ප්‍රකාශනයේ නිදහස තමයි ඡන්ද පත්‍රිකාවකට කතිරයක් ගැසීම. ඒ මගින් අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතිය බලාපොරොත්තු වනවා. ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව සතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තියේ සඳහන් වෙලා තියෙනවා. හතරවැනි වගන්තියේ එය ක්‍රියාත්මක වන ආකාරය දැක්වෙනවා.’

ජනතා පරමාධිපත්‍යය !

‘ඡන්දය වැලැක්වීමට කටයුතු කරන ඊනියා බුද්ධිමතුන්, දේශපාලකයන් තර්කයක් ගේනවා, ජනතා පරමාධිපත්‍යය තුළට පළාත් පාලන මැතිවරණය වැටෙන්නෙ නැහැ කියලා. ඒක බොරුවක්. 2003දී පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අදාළ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රකාශ වුණා. ඒ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ලබාදීපු නඩු තීන්දුවේ පැහැදිලිව ම දක්වා තිබෙනවා, ජනතා පරමාධිපත්‍යය ඇතුළට පළාත් පාලන මැතිවරණය කියන එකත් ඇතුළත් වන බව. ඒ අනුව මේ මැතිවරණය ජනතා පරමාධිපත්‍යය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාව සමග ඍජුවම බද්ධ වී තිබෙන කරුණක්.’

ස්වාධීන මැතිවරණ කොමිසම !

‘මේ මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පස්සෙ මුලින්ම කැබිනට් ලේකම්වරයා විසින් තේරීම් බාර නිලධාරීන්ට කැබිනට් තීරණයක් ලෙස යවනවා ඇප මුදල් එකතු කිරීම නවත්වන ලෙස. පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කිරීමකදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශයක් කරනවා, එහෙම තීරණයක් කැබිනට් එක තුළ නොගත් බවට. ඊට පස්සෙ මැතිවරණය පැවැත්වීම නැවැත්වීමට රටට මුදල් නැති බව පවසමින් නඩුවක් පවරනවා.

ඊට පස්සෙ කැබිනට් තීරණයක් ප්‍රකාර ව චක්‍රලේඛයක් නිකුත් කරනවා රජයේ ආයතනවලට අත්පිට මුදලට හැරෙන්නට කිසිම සේවාවක් සපයන්න එපා යනුවෙන්. මේ චක්‍රලේඛය නිකුත් කිරීමේ පරමාර්ථය වූයේ ම මැතිවරණය වැලැක්වීම. ඒ චක්‍රලේඛය පදනම් කරගෙන මුද්‍රණාලයාධිපතිනිය ඡන්ද පත්‍රිකා අච්චු ගැසීම නවත්වනවා. මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක්. ස්වාධීන ආයතනයකට රජයේ ආයතන විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛයක් වලංගු වෙනවාද?’

19 වැනි සංශෝධනය !

‘මැතිවරණ කොමිසම දිගින්-දිගටම මුදල් ඉල්ලා සිටියා. කොමිසමට මුදල් දෙන එක මගහරිමින් සිටියා. අවසානයේ මිලියන 40ක මුදලක් ලබාදුන්නා. මේක විධායකය විසින් ස්වාධීන කොමිසමක මූල්‍ය පාලනය අතට ගැනීමක්. ඒක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයා සතු බලතල පැහැදිලි කර තිබෙනවා.

33 (සී) ව්‍යවස්ථාවේ 33.1.ඩී. අනු ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ බලතල කාර්යය සහ කර්තව්‍ය
එහි පැහැදිලිව මෙසේ සඳහන් වෙනවා, මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම තහවුරු කිරීම. මේ අනුව 19 වැනි සංශෝධනය විසින් ජනාධිපතිවරයාට වගකීමක් පවරා තිබෙනවා, මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් හෝ ජනමත විචාරණ පැවැත්වීමට උචිත වාතාවරණය නිර්මාණය කිරීම තහවුරු කළ යුතු බවට.’

රජයේ සේවකයන්ගේ වගකීම !

‘ඒ වගේම මේ ව්‍යවස්ථා සංශෝධනයේ ම 104.උ.ඌ. වගන්තියේ තිබෙනවා, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව යම් ඡන්ද විමසීමක් පැවැත්වීමට හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට අදාළ යම් නීතියක් බලාත්මක කිරීම සහතික කිරීම පිණිස කොමිෂන් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන හෝ යම් රජයේ නිලධාරියෙකු රාජ්‍ය සංස්ථාව හෝ වෙනත් යම් කිසිදු නීතියක් යටතේ පවරනු ලැබූ ව්‍යාපාරයක ඒ අයට නඩුවක් පවරලා, රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකුත් අවුරුදු තුනක් නොඉක්මවන සිරදඬුවමකුත් නියම කරන්න බලය තිබෙන බව.’

පොලිසිය !

‘මේ මැතිවරණ අවස්ථාවක වැදගත් වන ආයතන තුනක් තිබෙනවා. මැතිවරණ කොමිසම සහ මැතිවරණ මහලේකම් කාර්යාලය, ඡන්ද පත්‍රිකා සහ ඊට අදාළ ලේඛන මුද්‍රණය කරණ රජයේ මුද්‍රණාලය, නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිසිය. මේ ඡන්ද කාර්යයන් සිදුකරන මේ අවස්ථාවේ 104.උ.ඌ. වගන්තිය යටතේ පොලිස්පතිවරයා ක්‍රියාත්මක වුණාද? නැද්ද? යන ප්‍රශ්න පැනනගිනවා. එහෙම ක්‍රියාත්මක වීමක් සිදුවී නැහැ. මුද්‍රණාලයාධිපතිනිය කියනවා, මට ආරක්ෂාවක් නැහැ. ඒක නිසා මේ ක්‍රියාව සිදුකරන්න විදිහක් නැහැ කියලා. ඒකට පිළිතුරක් ලෙස ඇයගේ වාහනයට ඉදිරියටත් පිටුපසටත් ආරක්ෂාව යොදවන්නම් යනුවෙන් පවසනවා. ඇය බලාපොරොත්තු වෙන්නෙ එය නෙමෙයි. ඒ අනුව පොලිස්පතිවරයා ව්‍යවස්ථාවේ 104.උ.ඌ. වගන්තියට අනුව ක්‍රියාත්මක වෙලා තියෙනවාද? නැද්ද? යන ප්‍රශ්නය දැන් ජනතාව ඉස්සරහට ඇවිත් තියෙනවා.’

කොමිසමේ වගකීම සහ කාර්යයන් !

‘ඒ වගේම ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමේ උපදෙස් මත ක්‍රියාත්මක වුණාද? මැතිවරණ කොමිසම මැතිවරණය සඳහා දින නියම කොට තිබෙනවා. තැපැල් ඡන්ද සඳහා දිනයක් නියම කළා. දැන් ජනාධිපතිවරයා ඒකට අවශ්‍ය මුදල් සම්පාදනය කරන්න ඕනෙ. ඒ වගකීම 33.සී. වගන්තිය යටතේ ජනාධිපතිවරයාට තියෙනවා.

මහා භාණ්ඩාගාරයේ ලේකම් කියනවා රටේ මුදල් නැති බව. එහෙත් අපි දැක්කා මුදල් නැති වුණාට රාජ්‍ය අමාත්‍යවරු 37ක් පත්කළා. නිදහස් උත්සව පැවැත්වූවා. අවශ්‍ය ප්‍රතිපාදන සියල්ල ලබාදුන්නා. මැතිවරණ කොමිසම මුල් අවස්ථාවේ ඉල්ලන්නෙ මිලියන 2.3ක මුදලක්. මේ මැතිවරණයට ප්‍රතිපාදන වෙන් කළේ 2023 වසරේ අයවැයෙන්. එහෙම වෙන්කළාම භාණ්ඩාගාරයට වගකීමක් තියෙනවා ඒ මුදල තියාගන්න.

රජය මුදල් වියදම් කරමින් සිටින ආකාරය දෙස බලන විට, කලින් වෙන්කරපු මුදලක් මේ අවස්ථාවේ දෙන්න බැහැයි කීම පිළිගත නොහැක්කක්. මහා භාණ්ඩාගාර ලේකම්ගේ හැසිරීම අසත්‍ය නම්, ඔහුත් 104 උ.ඌ. මේ මැතිවරණය ක්‍රියාත්මක කිරීමට සහයෝගය නොදීමේ වරදට චෝදනාවට ලක්වෙනවා.

ඉහළ රාජ්‍ය නිලධාරීන් විධායකයේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවා. එසේ කටයුතු කරන විට ඉතා පරෙස්සම් විය යුතුයි. ඉතිහාසයේ එවන් අවස්ථා අප දැක තියෙනවා. ඒ කටයුතු කිරීම්වල ප්‍රතිඵල විදිහට ජනාධිපති කොමිෂන් සභා හමුවට යන්න සිදුවෙන්න පුළුවන්. ඉන්ක්වයරිවලට යන්න, මහාධිකරණයේ නඩු පැවරෙන්න පුළුවන්. රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දී තිබෙන දිව්රුමයි ඔවුන් කඩකර තිබෙන්නෙ. ඔවුන්ගේ සිවිල් අයිතිවාසිකම්වලට, අනාගත සියලුම කාර්යයන්වලට මේවා බලපාන්න පුළුවන්.’

අනාගතය හදාගන්න ලබන වසරේ ඡන්දයක් : මම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

0

ලබන වසරේදී තම ඡන්දය භාවිත කර, රටේ සිදු කළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට පසුබිම සකස් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (18) කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත් වන දිස්ත්‍රික් 3220 විසින් සංවිධානය කරන ලද 32 වැනි රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමින් ය.

රජය ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත්වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා, මේ වසර අවසන්වීමට පෙර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මක වන සමාජයක් ගොඩනඟන බවට ද සහතික වී තිබේ. එසේ ම රටේ ආර්ථික ගැටළු විසඳා ගැනීමත් සමග තවදුරටත් ජනතාවට පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රජය සියලු තීන්දු තීරණ ගන්නේ ඒ වෙනුවෙන් බව ද කියා සිටියේය.

තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නමුත් රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය බවත්, ඒ සඳහා නීතිය හා සාමය පවත්වාගැනීම අවශ්‍ය බවත් සඳහන් කළේය.

රටක නීතිය හා සාමය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකි අතර, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙවනුව ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. නීතිය, සාමය සහ ආර්ථික ප්‍රකෘතිය නොමැති රටක ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අරාජිකත්වය බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රට අරාජිකත්වයේ මාවතේ පහළට ගෙනයෑමට තමන් කිසිවිටක ඉඩ නොතබන බවත්, රටේ නීතිය හා සාමය සහතික කිරීමට කැපවන බවත් අවධාරණය කළේය.

පෝලියෝ මර්දන ව්‍යාපාරය, සුනාමිය සහ ඖෂධ හිඟය ඇතුළුව පසුගිය කාලය තුළ ඇතිවූ අර්බුදකාරී අවස්ථාවන්හිදී මෙන්ම වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ද රොටරි සමාජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

‘අරගලයක සැඟවුනු කතා’ – තිස්ස කොරතොට

0

කවර ඉතිහාසයක් වුව අරගල වලින් නොතොරය. අරගල, කුමන්ත්‍රණ, ජයග්‍රහණ, පරාජයන්, පාවාදීම් ආදී විවිධ හැල හැප්පිලි මැද සමාජය ගාට ගාටා වුව ඉදිරියට ඇදෙයි. ලංකා ඉතිහාසයෙහි මෑත භාගයේ සමස්ත රටම කම්පනය කළ අරගල දෙකක් තිබෙන අතර අවාසනාවට ඒ අරගල දෙකම පාලකයන්ට එරෙහිව අරගල කරන අතරේ එකිනෙක බද්ධ වීමේ විභවයන්ද නසාලමින් ගමන් කර අවසන දෙකෙහිම ඇද වැටීම සනිටුහන් කළේය. එසේම උතුරේ අරගලය මෙන්ම දකුණේ අරගලය යන මේ දෙකම ලෝක දේශපාලනයේ ගරිල්ලා සටන් යන භාවිතාව පිලිබඳ තීරණාත්මක සංධිස්ථානයක් ලකුණු කරමින් පොදු ජන අරගලය යන්නට වැඩි ඉඩක් වෙන් කරන මාවතක් වෙත යොමුවීමේ අවශ්‍යතාව දෙපාර්ශවයටම පෙන්වා දුන්නේය.

ප්‍රකට මාධ්‍යවේදියෙකු වන තිස්ස කොරතොට මේ අරගල දෙකින් දකුණේ අරගලයට නායකත්වය දුන් රෝහණ විජේවීර පිලිබඳව තමන් විසින් පුවත් පතට ලියූ ලිපි එකතුවක් අරගලයක සැඟවුනු කතා මැයෙන් එලි දක්වා තිබේ. රෝහණ විජේවීරගේ ජීවිතයේ විවිධ අවධිවලදී ඔහු සමග දේශපාලන සගයන් ලෙස කටයුතු කළ විවිධ මැදිහත්වීම් හී පංගුකාරයන් වූ අයගේ අත්දැකීම් ඇසුරින් ඔහු මෙහිදී රෝහණ විජේවීර චරිතය ගැන කියවීමකට අවස්ථාව සලසයි. එය බෙහෙවින් හෘදයාංගම සහ සහෝදරාත්මක ආලෝචනාවන් සමූහයක එකතුවකි.

රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ දෙවන අරගලයේ නායකයන් අතරින් අතිශය බහුතරය දිවි ගමන නිමා කළ ආකාරය යනු අප ඉතිහාසයේ නොමැකෙන කලු පැල්ලමකි. මේ කිසිවකුගේ මරණ පිලිබඳව ආණ්ඩු පාර්ශවයෙන් දෙන ලද අර්ථකතනයන් සහ නිවේදනයන්ද, ඒ මත පිහිටා පල කෙරුණු ලිපිද එක් පසෙකය. ඒ අතර විවිධ අසම්පූර්ණ ගවේෂණ සහ උපකල්පන මෙන්ම විවිධ තොරතුරු මතද පදනම්ව ඉදිරිපත් වෙන විස්තර තවත් පසෙකය. නමුදු තවමත් මේ මරණයන් නැතිනම් ඝාතනයන් යනු තිමිරයකින් වැසුණු කලාපයකි. ඒ තිමිර පටලය කවදා පහව යාදැයි කිව නොහැකි තරමටම සමාජයද තවමත් නිදිබර ය.

ජවිපෙ දෙවන අරගලය යනු පක්ෂය තහනම් කරන ලද පසුව රහසිගත දේශපාලන භාවිතාවකට සහ ගරිල්ලා අරගලයකට යොමුවුන ගමනකි. එහෙයින්ම එහි බොහෝ තොරතුරු අදටත් ඇත්තේ වැසුණු ගමන්මය. එකල සිදුවූ සන්නද්ධ ක්‍රියාකාරකම් මෙන්ම සිර ගෙවල්, කඳවුරු බිඳ පලා යෑම්, උමං සාරා පලා යෑම් වැනි උද්වේගය මෙන්ම ත්‍රාසය දනවන සිද්ධි බහුල මේ අවදිය ගැන ලංකාවේ තවමත් ප්‍රමාණවත් අයුරින් නිර්මාණ බිහිවද නැත. මේ සියල්ල අතරේ විජේවීර යන චරිතය එක් පසෙකින් උපරිම වන්දනයට ලක් වෙද්දී අනෙක් පසින් උපරිම ගැරහුමටද ලක් වෙයි. සිය ආස්ථානයන්හී පිහිටා කෙරෙන මේ වන්දනයන් මෙනම ගැරහුම්ද අතරින් විජේවීර චරිතය මතු කර ගැනීම අත්‍යවශ්‍යම කරුණකි. එය ලංකාවේ තීරණාත්මක අරගලයක පරාජයේ පාඩම් වටහා ගැනීමට මෙන්ම තම පුද්ගලික අභිවෘද්ධිය පසෙක ලා පොදු අරමුණක් වෙනුවෙන් කැපවීම පිලිබඳ චරිතාචදර්ශයකටද විජේවීර චරිතය යළි කියවීම අවශ්‍ය වන හෙයිනි.

චරිතයක් කියවීමේදී ඒ චරිතයෙහි ඇසුර ලද පුද්ගලයන්ගේ අත්දැකීම් ඉතා වැදගත් වෙයි. විශේෂයෙන්ම බිහිසුණු මර්ධනයක් මැද එවන් චරිතයක් හා ඇසුරු කරන්නවුන්ට අන් බොහෝ දෙනකුට නොලැබෙන අවස්ථාවන් හිමි වෙයි. තිස්ස කොරතොට මෙහිදී සිය ලිපි පෙලට පාදක කරගන්නේ එසේ විජේවීර සමීපව ඇසුරු කරන්නට විවිධාකාරයේ අවස්ථා ලද පිරිසකගේ අත්දැකීම්ය.

ඉදින් තිස්ස කොරතොට රෝහණ විජේවීර චරිතය ඔහුගේ සමකාලීන සගයන් සමගින් ගෙන අදාල චරිත ගැන මෙන්ම එකී කාලය ගැනද වර්තමාන පාඨකයන්ට කියවන්නට අවස්ථාව සලසයි. ඔහුගේ ලිපි කෙසේවත් න්‍යායාත්මක විග්‍රහයන් නොවේ. අත්දැකීම් මත පිහිටා කරන ලබනා විවරණයන් ය. එහෙත් මෙවන් ලිපි මගින් අප ඉතිහාසයේ අඳුරු කලාපයකට එල්ල කළ හැකි ආලෝක දහරාවන් විශාලය. එසේම එවන් ලිපි මගින් ඇති කළ හැකි උත්තේජනයද විශාලය.

චුලානන්ද සමරනායක

කලාපීය භූ දේශපාලනය සහ නෙදුමාරන් ප්‍රභාකරන්ට පණදීම !

ගෝලීය දෙමළ සංසදයේ නායක පී. නෙදුමාරන් 2023 පෙබරවාරි 13 දා දකුණු ඉන්දියාවේ තන්ජෝර්හිදී මාධ්‍ය හමුවක් පවත්වමින් වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවත්ව සිටින බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුදා ගැනීම සඳහා ඔහු නියමිත වේලාවේදී ඉදිරියට එන බවත් ප්‍රකාශ කළේය. දෙමළ ඊලම කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ප්‍රභාකරන්ට සහයෝගය ලබා දෙන ලෙසත් ඔහු දමිළ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටියේය.

හිටිහැටියේ අහසින් කඩා පාත් වූ ප්‍රභාකරන් පිළිබඳ නෙදුමාරන්ගේ කතාව අන්තවාදී දෙමළ නායකයෙකුගේ ප්‍රලාපයක් ලෙස එකවරම ඉවත දැමිය නොහැකිය. නෙදුමාරන් ලවා හදිසියේ මෙවැනි කතාවක් එළියට දැමූ දේශපාලන ප්‍රවණතාවය කුමක්ද යන්න හඳුනා ගත යුතුය. එය තෝරා බේරා ගැනීම අසීරුවෙන් කළ යුතු සංකීර්ණ කාර්යයකි.

හොරාට පෙර වැට පැන්න කෙහෙල් කැන ?

නෙදුමාරන්ගේ මාධ්‍ය හමුව පවත්වා දින දෙකකට පසු මෙරට මෙරට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුර 2009 මැයි 9 වන දා නන්දිකඩාල් කලපුවේ තිබී හමුවූ බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ ඩී එන් ඒ පරීක්ෂණයෙන් ප්‍රභාකරන් මියගිය බව ශ්‍රී ලංකාව නිශ්චිතව හඳුනා ගත් බවත්ය. නෙදුමාරන්ගේ ප්‍රකාශය විහිළු සැපයීමක් බවත් හෙතෙම කියා තිබිණි.

හොරාට පෙර කෙහෙල් කැන වැට පැන්නා සේ කමල් ගුණරත්න මෙම ප්‍රකාශය කර තිබිණ. ලංකා ආණ්ඩුව නෙදුමාරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් කීවේ නැත. ප්‍රොටකෝලය අනුව නිල ප්‍රකාශයක් කිරීමේ වගකීම ආණ්ඩුවට තිබේ.

නෙදුමාරන් ?

2009 මැයි 24 වනදා එල්ටීටීඊ සංවිධානය විසින් ද ප්‍රභාකරන්ගේ මරණය නිල වශයෙන් තහවුරු කළේය. කොටි සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ ප්‍රධානී සෙල්වරාසා පත්මනාදන් බීබීසී යට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පැවසුවේ තම අසමසම නායකයා දිවිපිදූ බවය.

අපට වැටහෙන අන්දමට නෙදුමාරන්ගේ ප්‍රකාශයේ විහිළුවකට වැඩි ගැඹුරක් තිබේ. The Endian Express පුවත්පත ප්‍රකාශ කළේ 2018 වර්ෂයේදීද ප්‍රභාකරන් ජීවත්ව සිටින බව නෙදුමාරන් ප්‍රකාශ කළ බවය. නෙදුමාරන් වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග හොඳ සම්බන්ධතාවයක් පැවැත්වූ බව සත්‍යයකි. යුද්ධය පැවති අවධියේ ඔහු ප්‍රභාකරන් හමුවීම සඳහා අවස්ථා කීපයකදීම වන්නි ප්‍රදේශයට පැමිණි බවද වාර්තා විය. 1992 දී ඔහු එල්ටීටීඊයට පක්ෂව කතා කිරීම නිසා ඉන්දියාවේ දී ඔහු අත්අඩංගුවට පත්විය. 1992 දී ඔහුට චෝදනා පත්‍රයක් නිකුත් කළ ද නඩුව විභාගයට ගත්තේ නැත. 2002 දී නෙදුමාරන් ප්‍රභාකරන්ට පක්ෂව තවත් කතාව පැවැත්වූ අතර ඉන්දීය රජය ඔහුට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කළේය. ඒ අවස්ථාවේ නෙදුමාරන් මාස 15 වක් සිරභාරයේ පසුවිය. අධිකරණය විසින් ඔහු නිදහස් කරන ලදී.

නිහඬ ඉන්දියාව

එල්ටීටීඊය ඉන්දියාවේ තහනම් සංවිධානයකි. 2019 නොවැම්බර් 7 වනදා එල්ටීටීඊ සංවිධානයේ තහනම වසර 5 කට දීර්ඝ කරන ලද්දේ දිල්ලි මහධිකරණ විනිසුරු සංගිතා සේගාල්ගේ ප්‍රධානත්වයෙන් යුතු විනිශ්ච සභාවක විමර්ශනයකින් පසුවය. දැන් නැවතත් නෙදුමාරන් විසින් එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කෙරෙන ප්‍රකාශයක් සිදු කර තිබේ. එහෙත් විමතියට කරුණ වන්නේ ඉන්දීය මධ්‍යම රජය මේ වන තුරු ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමය.

අතිශය සරල ප්‍රශ්නයකදී වුවද මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන ඉන්දියාවේ ප්‍රවෘත්ති ඇමැති අනුරාග් ඨාකූර්, නෙදුමාරන්ගේ ප්‍රකාශය ගැන කතා කළේ නැත. ඉන්දියාවේ මධ්‍යම රජය නෙදුමාරන්ගේ ගෝලීය දෙමළ සංසදයේ කටයුතු සඳහා කෝටි 5ක මුදක මුදලක් ලබා දුන් බවට ද නිල නොවන ආරංචි තිබේ.

එයින් ගම්‍ය වන ප්‍රධාන කරුණ වන්නේ නෙදුමාරන්ගේ මාධ්‍ය හමුව ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ දේශපාලනික උවමනාව මත සිදුකරන ලද්දක් බවය. එසේ නම් ඒ වුවමනාව කුමක් විය හැකිද. ප්‍රශ්නය තිබෙන්නේ එතැනය.

ලංකාව හිරවෙන තැන

ගෝලීය දේශපාලනය තුළ ඇමරිකාව, ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව සිටින්නේ ආසියා – පැසිෆික් සන්ධානය තුළය. එම කඳවුර චීනයට එරෙහි බරපතළ ගැටුමක නිරතව සිටී.

“එක් තීරයක් එක් මාවතක්” වැඩසටහන ඔස්සේ ආසියානු කලාපයේ බලය තහවුරු කරගැනීම සඳහා චීනය ගෙනයන වැඩපිළිවෙළ පැසිපික් සන්ධානයේ දැඩි විරෝධයට හේතුවී තිබේ.

ණය, ආධාර සහ ආයෝජන තුළින් චීනය ලංකාව තුළ තහවුරු වී සිටීම ඉන්දියාව කොහෙත්ම රුස්සන්නේ නැත. චීනය ශ්‍රී ලංකාවෙන් තල්ලු කර දැමීම සඳහා ඉන්දියාව මේ අවස්ථාවේ උපාය මාර්ගික වැඩසටහනක් දියත් කර තිබේ. ඒ අනුව ලංකා ආණ්ඩුව චීනය සමග බෙදා හදා ගන්නට සිටි ව්‍යාපෘති ගණනාවක් කෙටි කාලයක් තුළ ඉන්දියාව විසින් අත්පත් කර ගන්නා ලදී. කොළඹ වරායේ බටහිර ජැටිය, හා උතුරු පළාතේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අදානි සමාගමට පැවරීම ප්‍රශ්නයේ එක පැත්තකි.

තවත් පැත්තකින් ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ඉන්දියාව ඉතා කෙටි කලක් තුළ ඩොලර් බිලියන 4.7 ක් ලංකාවට පරිත්‍යාග කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටි අනුමැතිය මෙතෙක් ලබාදී තිබෙන්නේ ඉන්දියාව පමණි. චීනය තවමත් එම වාර්තාව ලබා නොදී එකෙල මෙකල වෙමින් සිටී. ණය කපා හැරීමට තමන් කිසිසේත් එකඟ නොවන නොවන බව ප්‍රකාශ කළ චීනය දෙවසරක සහන කාලයක් ලබා දීමට පොරොන්දු වී තිබේ.

13 ?

පැරිස් ක්ලබ් කණ්ඩායම ද මෙතෙක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පූර්ණ එකගතාවයක් ලබා දී නැත.

මේ වාතාවරණය මැද අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති රනිල් වික්‍රමසිංහට නියෝග කරන්නේ ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන 13 න් වන ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියාවට නංවන ලෙසය. රනිල් වික්‍රමසිංහ එයට එක පයින් කැමැත්ත පළ කර තිබේ. උපරිම බලය බෙදීමක් සඳහා තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මාස කිහිපය තුළ ලංකාවට පැමිණි ඉන්දීය රාජතාන්ත්‍රික දූතයින්ට නැවත නැවතත් පොරොන්දුවී තිබේ. උපරිම බලය බෙදීමක් සිදු කරන බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය කෙරෙහි ශ්‍රී ලංකාවේ දමිල ප්‍රජාව ද, දෙමළ ඩයස්පෝරාව ද දකුණු ඉන්දියාවේ දෙමළ ජනයාද දැඩි උනන්දුවකින් බලා සිටී.

මෙවැනි දේශපාලන වාතාවරණයක පසුගියදා 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව වීදිබට භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසන්නයේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පුළුස්සා දැමීම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට එල්ල කළ තදබල පහරක් ලෙස ඉන්දියාව සලකයි. භික්ෂූන් වහන්සේලා පාරට ගෙන ඒම පිටුපස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටිනවාද යන්න ගැන ඉන්දියාව පසුවන්නේ සැකයෙනි. එදින පෙළපාලිකරුවන් ගේ හැසිරීම පොලිසියේ කිසියම් සහයෝගයක් මත සිදු වූ බවට නිරීක්ෂණය වී තිබේ. ආණ්ඩුව හා සෘජු සම්බන්ධතා ඇති මැදගොඩ අභයතිස්ස, ඉඳුරාගාරේ ධම්මරතන, ආදී භික්ෂූන් වහන්සේලා යටකී උද්ඝෝෂණයට සම්බන්ධ වීමත්, මඩකලපුව වැනි ඈත දුෂ්කර ප්‍රදේශයක සිට ඇතැම් භික්ෂූන් කොළඹට ගෙන ඒමට රජයේ සහාය ලැබුණු බවට ලැබී ඇති වාර්තාත්, ඉන්දීය රජයේ කනස්සල්ලට හේතු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී භික්ෂූන් වහන්සේලා පෙරටු කරගත් දේශපාලන පක්ෂ ස්වකීය දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා ජාතිවාදී උසිගැන්වීම් කරන බව රහසක් නොවේ. නමුත් ඔවුන් බලයේ සිටි කිසිදු අවස්ථාවක ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් 13 ඉවත් කිරීමට කටයුතු කළේ නැත. මහින්ද රාජපක්ෂලා, විමල් වීරවංශලා, උදය ගම්මන්පිලලා, 13 වන ව්‍යවස්ථා සංශෝධනයට දක්වන විරෝධය ව්‍යාජ එකකි. ඔවුන් බලයේ සිටිය හැමවිටම 13 ආරක්ෂා කළේය. බලය කොල්ලකෑම සඳහා ඉණිමගක් ලෙස 13 සහ බලය බෙදීම පාවිච්චි කළ හැකි බව ඔවුහු දනිති . නමුත් මෙවර ජාතිවාදීන්ට ඔවුන් අපේක්ෂා කළ ජාතිවාදී රැල්ල මතු කර ගැනීමට නොහැකිවී තිබේ.

මෝදිගේ ඉලක්කය

වර්තමාන ගෝලීය දේශපාලන තත්ත්වය තුළ 1987 දී ඉන්දීය කොංග්‍රසයේ නායක රාජිව් ගාන්ධි – ජේ ආර් ජයවර්ධන විසින් අත්සන් තැබූ ඉන්දු ලංකා ගිවිසුම නරේන්ද්‍ර මෝදි සලකන්නේ ඉන්දියාව මැදිහත්වූ ගිවිසුමක් ලෙස මිස කොංග්‍රස් පක්ෂය මැදිහත් වූ ගිවිසුමක් ලෙස නොවේ. 13 ක්‍රියාත්මක කර ගතහොත් 2024 ඉන්දීය ලෝක් සභා මැතිවරණයේ දී තමිල්නාඩු ප්‍රාන්තයේ ලෝක් සභා ආසන 40 න් 10 ක් භාරතීය ජනතා පක්ෂයට දිනා ගත හැකි වේ යැයි නරේන්ද්‍ර මෝදි විශ්වාසයෙන් පසු වේ. ඒ නිසා ලංකාවේ ගෙල තව තවත් සිර කරනවා මිස ලිහිල් කිරීමට ඉන්දියාව කටයුතු කරතියි මේ අවස්ථාවේ අපේක්ෂා කළ නොහැක. නෙදුමාරන් ලවා වේලුපිල්ලේ ප්‍රභාකරන් මතක් කිරීමෙන් ඉන්දියාව ගෝලීය දමිල ප්‍රජාවට අධි ශක්ති එන්නතක් ලබාදී තිබේ.

කළ යුතු දේ !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් තමා කරන්නේ ව්‍යවස්ථානුකූලව ක්‍රියා කිරීමක් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. එක්තරා දුරකට ඔහු කියන්නේ සත්‍යයකි. 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකය. ප්‍රශ්නය කිසිම රජයක් එය ක්‍රියාත්මක නොකිරීමයි. රනිල් කියන්නේ තමා එයට අත ගසන බවය. තමා ප්‍රබල භික්ෂූන්ගේ දැඩි විරෝධය මත ඊට අත ගසා ඇති බව ඉන්දියාවට ප්‍රදර්ශනය කිරීම සඳහා රනිල් ජාතිවාදී භික්ෂුන්ගේ නාටකය කරළියට ගෙනාවා වෙන්නට පුළුවන. ඉන්දියාව එයට පිළිතුරු දී තිබෙන්නේ ප්‍රභාකරන්ට පණ දීමෙනි.

උපරිම බලය බෙදීමකට යාම සදහා කැබිනට් මණ්ඩලය තුළ යම් බාධා පවතී. ඉන්දියාවේ අභිලාෂයන්ට අනුව එම බාධා ඉවත් කරන පුටු මාරුවක් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ. එහිදී

13 ප්ලස් දෙන්නට තමා සූදානම් යයි අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ නැවත කරලියට නැංවීමට බොහෝ දුරට ඉඩ තිබේ. රූකඩ මෙහේ තිබුණාට නූල කෙළවර තිබෙන්නේ නවදිල්ලියේය. ජනතාව නුවණින් සරණවා නම් දඩයක්කාරයින් සියල්ලෝම එක මිටට තබා පැරද විය හැකිය.

  • මාධ්‍යවේදී උදේනි සමන් කුමාර සිය ෆේස්බුක් පිටුවේ පළකරන ලද ලිපියකි.

මැතිවරණ රාජකාරි නවත්වන්න : තේරීම් බාර නිලධාරීන්ට කොමිසම නිල වශයෙන් දැනුම් දෙයි !

0

නැවත දැනුම් දෙන තුරු මැතිවරණ රාජකාරි අත්හිටුවන ලෙස දැනුම්දෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කර තිබේ.

ඒ අනුව, මැතිවරණ රාජකාරි වෙනුවෙන් කළ අතිකාල දීමනා ගෙවීම් අත්හිටුවා ඇති අතර, රාජකාරි වේලාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදාගත් අනියම් සහ විශ්‍රාම සේවකයන්ගේ සේවය තාවකාලික ව අවසන් කර ඇති අතර, සේවයේ යොදවා ගත් වෙනත් දෙපාර්තමේන්තුවල සේවකයන් ද නැවතත් ස්ථීර සේවා ස්ථානවලට මුදාහැර ඇත.

එසේ ම මැතිවරණ ආරවුල් කළමනාකරණයට අදාළ ඒකක විසුරුවා හැර ඇති අතර, අමතර පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ද අවසන් කර ඇත. නැවත දැනුම් දෙන තුරු මැතිවරණයට අදාළ අතිකාල නිවාඩු දින වැඩුප් සහ සුබසාධන ගිණුම් කටයුතු ද අත්හිටුවා ඇති බව එම ලිපියේ දැක්වේ.

ඊයේ (17) නිකුත් කර ඇති මෙම ලිපිය, මැතිවරණ කොමිසමේ ලේකම්වරයාට සහ එම කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්ට පිටපත් කර තිබේ.

ලිපිය උපුටාගැනීම : www.news19.lk

පානම ජනතාවගෙන් පැහැර ගත් ඉඩම් කැබිනට් අනුමැතියෙන් රජයේ නිලධාරීන් බෙදාගනී !

0

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ව සිටි, ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් ඉවත් කළ ගොවි පවුල් 75 කට අයත් වගා බිම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර 50 ක් පමණ රජයේ නිලධාරීන් හා දේශපාලඥයන් විසින් නීති විරෝධී ව බෙදාගෙන තිබේ.

හැඩ ඔය මෝය ආශ්‍රිත ව වෙරළ සීමාවේ මෙම වනාන්තර ඉඩම් පිහිටා ඇති අතර අලි – ඇතුන් හා කොටින් බහුල ව ජීවත් වන ප්‍රදේශයක වනාන්තර ඉඩම් මේ ආකාරයෙන් බෙදා ගෙන තිබේ. මෙම ඉඩම් ලාහුගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජේ. එස්. ඩී. එම්. රවීන් නිරෝෂන් කුමාර හෙවත් සිල්වා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පානම හිටපු බීට්ටු වන නිලධාරී කපිල බණ්ඩාර ලංසක්කාර, අම්පාර හිටපු අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ. එස්. ඩී. එම්. අසංග අබේවර්ධන, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ඉඩම් නිලධාරී නිශාන්ත සිල්වා, පානම මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී එස්. එම්. රත්නපාල, පානම සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ නිශාන්ත සුසිරිපාල, පානම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් හෙන්දිරික් අප්පු ආරියසේන යන අය විසින් ඔවුන් ගේ ඥාතීන් ගේ නම්වලට මෙම ඉඩම් වෙන් කර ගැනීම සිදු කර තිබේ. මීට අමතර ව පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ගේ පුතනුවන් විසින් ද මෙම ප්‍රදේශයේ පමණක් නොව කුඩුම්බිගල – පානම අභය භූමිය මායිමේ පානකල කලපුව අසල පිහිටි ඉඩම් හෝටල් ඉදි කිරීම සඳහා වෙන් කර ගෙන ඇත. 

මෙසේ වෙන් කර ගත් සමහර ඉඩම් වෙනත් පුද්ගලයන්ට පවරා ඇති අතර මේ වන විට එම ඉඩම්වල විදුලි වැටවල් සකස් කර සංචාරක හෝටල් ඉදි කරමින් පවතී. මීට අමතර ව මෙම ප්‍රදේශයේ වෙරළ කලාපයේ හා ඒ ආශ්‍රිත ව පිහිටි වනාන්තර ඉඩම් සම්පූර්ණයෙන් ම ඩෝසර් යන්ත්‍ර භාවිතයෙන් නීති විරෝධී ව එළිපෙහෙළි කර වැටවල් සකස් කර වෙන් කර ගෙන තිබේ. මේ හේතුව නිසා අලි – අතුන් ගේ සංක්‍රමණික මාර්ග සම්පූර්ණයෙන් ම අවහිර වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය. මේ සියලු ක්‍රියාවන්ට එරෙහි ව ශාස්ත්‍රවෙල පදිංචි ව සිටි කාන්තාවන් විරෝධතාව දැක්වීම සඳහා දින 42 කට වැඩි කාලයක් එම ප්‍රදේශයේ කඳවුරු බැද රැදී සිටී.

අල්ලාගෙන ඇති ජනතාවගේ ඉඩම්

පානම ඉඩම් කොල්ලයේ ඉතිහාසය

උතුරු – නැගෙනහිර පැවති යුද්ධය අවසන් වීමෙන් පසුව 2009 හා 2010 වසර වල නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ මැදිහත් වීම මත මෙම ප්‍රදේශයේ ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර එම ඉඩම් ආරක්ෂක අංශ සතු කර ගැනින. පොදුවේ පානම ලෙස හැදින්වෙන ශාස්ත්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ගම්මාන වල ජීවත් වූ ජනතාව ගේ ජනාවාස, වගා බිම්, විහාරස්ථාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කලපු හා වෙරළ තීරය ඇතුළු ව අක්කර 1220 ක භූමියක් බලහත්කාරයෙන් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනින. ඒ අනුව ශාස්ත්‍රවෙල හා රාගම්වෙල ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාව සහ එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප්‍රදේශයේ ඉඩම් නාවික හමුදාවේ භාරයට පත් විය. මේ ප්‍රදේශවල ජනාවාස හා වගා බිම් අක්කර 480 ක් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 840 ක් මෙලෙස නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් රදවා ගෙන තිබේ. 

2009 වසරේ දී නාවික හමුදාව විසින් එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප්‍රදේශයේ ජනතාව ගේ වගා බිම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර බිම් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්ෂිත ප්‍රදේශ වලට අයත් ඉඩම් රණවිරු ගම්මානයක් ඉදි කිරීමට යැයි සඳහන් කරමින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනි. නමුත් 2010 වසරේ දී මේ ප්‍රදේශය නාවික හමුදා කඳවුරක් ඉදි කරන බවට සඳහන් කරමින් ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඇත. වර්තමානය වන විට මේ ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගොඩනැගිලි මෙන්ම සංචාරක හෝටලයක් ද පානම කලපුවේ ඉදි කර තිබේ. එය “පානම ලැගුන් කබානා” නමින් මේ වන විට සංචාරක කටයුතු වලට නාවික හමුදාව විසින් යොදා ගනු ලැබේ.

2010 වසරේ දී රාගම්වෙල හා ශාස්ත්‍රවෙල ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවගේ නිවාස හා වගා බිම් වලට නාදුනන පිරිසක් විසින් ගිනි තබා බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් අනතුරු ව පොතුවිල් පොලීසියේ පාලනයට එම ප්‍රදේශ පත් විය. ඉන්පසු ජනතාවට එම ප්‍රදේශයට ඇතුළු වීමට වසරක පමණ කාලයක් තහනම් කර තිබූ පොතුවිල් පොලීසිය විසින් එම ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාවේ පාලනයට යටත් කර තිබේ. මේ වන විට ගුවන් හමුදාව විසින් එම ප්‍රදේශයේ ඉදි කිරීම් කටයුතු සිදු කර තිබේ. 

මේ ආකාරයෙන් පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් නිජබිම් වලින් පලවාහැර ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ මෙහෙයවීම මත නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙනි. එසේ අහිමි කළ පානම ජනතාවගේ ඉඩම් අයිතිය පසුව බලයට පත් වූ යහපාලන ආණ්ඩුව පැවති සමයේ ද ඒ ආකාරයෙන් ම වර්ධනය කර පවත්වා ගෙන යාමෙන් ජනතාව ගේ බලාපොරොත්තු සියල්ල අහිමි විය. 

මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ආරම්භ කළ පසුව බලයට පත් වූ ආණ්ඩු අඛණ්ඩ ව පවත්වා ගෙන ගිය මේ අමානුෂික ඉඩම් කොල්ලය හමුවේ පානම ජීවත් වෙමින් වගා කටයුතු වල හා ධීවර කටයුතු වල නිරත පවුල් 350 ක් පමණ වසර 12 ක කාලයක් තිස්සේ අවතැන් ව සිටී. කුඹුරු ගොවිතැන හා හේන් ගොවිතැන මෙන් ම ධීවර කර්මාන්තය මේ ප්‍රදේශයේ ජනතාව ගේ ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ග විය. ඒ සියල්ල මේ වන විට නිසි පරිදි කර ගෙන යාමට නොහැකි වී ඇත. 

ලංකාවට පැමිණෙන විදේශීය නායකයන්ට හා ප්‍රභූවරුන්ට විවේකය ගත කළ හැකි නිවාඩු නිකේතනයක් ගොඩනැගීම මෙම ඉඩම් අත්පත් කර ගැනීමේ අරමුණ විය. නමුත් මේ තත්ත්වය වසං කරමින් ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යැයි පවසමින් පානම ඉඩම් කොල්ලයට නීත්‍යානුකූල මුහුණුවරක් ලබා දීමට ද ක්‍රියා කෙරිනි. ඒ අනුව ලාහුගල හිටපු ප්‍රාදේශීය ලේකම් එල්. ඒ. සෝමරත්න මහතා විසින් 2013.05.14 වන දින රජයේ දෙපාර්තමේන්තු වලට ඉඩම් ලබා දීමේ ලේඛනය භාවිත කර එවකට ජනාධිපති කාර්යාලයේ බලයලත් නිලධාරී ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හර්ෂ විජේවර්ධන මහතාට ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ හෙක්ටයාර 66.1116 ක් නැතහොත් අක්කර 164 ක භූමියක් නීති විරෝධී ව පැවරීම සිදු කෙරින. මීට අමතර ව වෙනත් කිසිදු භූමියක් මෙලෙස පවරාගෙන නොමැත. 

නමුත් ජනාධිපති කාර්යාලයට පැවරූ භූමිය ඇතුළු ව ජනතාව ගේ සියලු ඉඩම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නාවික හා ගුවන් හමුදාව භාරයේ තබා ගෙන ඒ වටා විදුලි වැටවල් ද ඉදි කර වෙන් කර ගෙන තිබේ. මේ නිසා ගොවි ජනතාවට හා ධීවර ජනතාවට පමණක් නොව අලි – ඇතුන්ට ද වාසස්ථාන අහිමි වී ඇත. මේ සියල්ල සිදු කර ඇත්තේ ලංකාවේ ඉඩම් නීති හා පාරිසරික නීති සියල්ල උල්ලංඝනය කරමිනි. 

වෙන්කරගෙන ඇති ජනතාවගේ ඉඩම්

අණපනත් උල්ලංඝනය කිරීම

මේ වන විට රජයට අයත් වනාන්තර ඉඩම් රාජ්‍ය නිලධාරීන් හා ව්‍යාපාරිකයන් විසින් අත්පත් කර ගෙන එළිපෙහෙළි කිරීමට ලක් කරන්නේ 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමිනි. මේ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයේ වනාන්තර බිම් එළි පෙහෙළි කිරීම, ශාක කපා ඉවත් කිරීම, අනවසරින් රජයේ ඉඩම් වෙන් කර ගැනීම, ඉදි කිරීම් කටයුතු කිරීම, ඉඩම්වලට පිවිසීම සඳහා මාර්ග තැනීම, විදුලි වැටවල් ඉදි කිරීම, හෝටල් ඉදි කිරීම හා ඉඩම් මායිම් කිරීම යන ක්‍රියා තහනම් වේ. එම වගන්තියට අනුව මෙම නීති විරෝධී ක්‍රියාවක නිරත වීම සඳහා ආධාර හා අනුබල ලබා දීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එසේ ආධාර හා අනුබල ලබා දෙන පුද්ගලයකු හෝ එම ක්‍රියා වල නිරතවන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට වසර 2ක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් 5000 කට නොඅඩු හා රුපියල් 50,000 කට නොවැඩි දඩයකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කිරීමේ හැකියාව ඇත. එපමණක් නොව අදාළ වනාන්තරයට සිදු කරන ලද හානිය වෙනුවෙන් වන්දියක් ලෙස අධිකරණය නියම කරන දඩයකට පවා යටත් කළ හැකි ය. නමුත් මේ නීති රීති සියල්ල පානම ඉඩම් කොල්ලය හමුවේ අභියෝගයට ලක් වී ඇත.

වෙරළ කලාපය තුළ පිහිටි වනාන්තර එළිපෙහෙළි කර ඉඩම් අත්පත් කර ගෙන ඇත්තේ 2011 අංක 49 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතට අනුව වෙරළ කලාපය තුළ යම් සංවර්ධන කාර්යයක් සිදු කිරීමට ප්‍රථමයෙන් පනතේ 14 වන වගන්තියට අනුව ඉල්ලීම් කළ යුතු ය. ඒ අනුව පනතේ 16 වන වගන්තියට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අදාළ ව්‍යාපෘතිය සඳහා 17 වන වගන්තියට අනුව කොන්දේසි සහිත අවසරය ලබා දීම සිදු කරනු ලැබේ. එම කොන්දේසි වලට යටත් ව සංවර්ධන ව්‍යාපෘතිය වෙරළ කළාපය තුළ ක්‍රියාත්මක කළ යුතු ය. නමුත් නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් පානම ප්‍රදේශයේ වෙරළ කලාපය තුළ සිදු කළ හෝටල් ඉදි කිරීම ඇතුළු සියලු සංවර්ධන කටයුතු මෙන් ම අද වන විට සිදු කර ඇති ඉඩම් වෙන් කිරීමේ කටයුතු සියල්ල මෙම වගන්ති උල්ලංඝනය කරමින් සිදු කර තිබේ. 

වෙරළ කලාපයට හෝ එහි සම්පත්වලට අලාභානි සිදු කරමින් සංවර්ධන කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පනතේ 24අ වගන්තියට අනුව කටයුතු කළ හැකි ය. මේ වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එම සංවර්ධන කටයුතු අත්හිටු විය හැකි ය. මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පැහැර හරිමින් දිගින් දිගට ම සංවර්ධන කටයුතු සිදු කරන්නේ නම් එය පැහැර හරින එක් දිනකට රුපියල් 10000 බැගින් වූ දඩයකට හා උසාවියකට අපහස කිරීමට එරෙහිව ද කටයුතු කළ හැකි ය. නමුත් මෙම නීති ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු නිලධාරියකු මැදිහත් වී නොමැත.

පානම ප්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් බලහත්කාරයෙන් ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීම මෙන් ම අද වන විට රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයන් එක් ව එම බලහත්කාරයෙන් වෙන් කර ගැනීම ද දණ්ඩ නීති සංග්‍රහයේ 372 වෙනි වගන්තිය උල්ලංඝනය කරමින් සිදු කර තිබේ. එම වගන්තියට අනුව යම් දේපලක් යම් තැනැත්තෙකුට පාඩු සිදු කරමින් හෝ බියකර ලබා ගැනීම බලෙන් ලබා ගැනීමකි. එවන් ක්‍රියාවක නිරත වූ පුද්ගලයෙකු අවුරුදු 3 ක් දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. 

ඉඩම් අහිමි ජනතාව

මූලික අයිතිවාසිකම් අහිමි කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් යටතේ 11 වන වගන්තිය අනුව කිසිදු තැනැත්තෙකු වද හිංසා වලට ලක් නොකළ යුතු බව සඳහන් වේ. 12 වන වගන්තියට අනුව නීතිය පසිදලීම හා නීතිය ක්‍රියාත්මක කිරීම මෙන් ම නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු බවත් 14 වන වගන්තියට අනුව නිත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක නිරතවීමේ නිදහස හා ශ්‍රී ලංකාව තුළ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස තිබිය යුතු බවත් සඳහන් කර ඇත. පානම ප්‍රදේශයේ ජනතාව ගේ මේ මූලික අයිතිවාසිකම් සියල්ල ම ආරක්ෂක අංශ හා රාජ්‍ය නිලධාරීන් විසින් අහිමි කර ඇත. ඔවුන් නිරත වූ කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ඔවුන්ට අහිමි කර ඇත. ඔවුන් ජීවත් වූ ප්‍රදේශයට යාමේ හෝ එහි ජීවත් වීමේ අයිතිය අහිමි කර ඇත. එපමණක් නොව නිදහසේ ජීවත් වූ ජනතාව වද හිංසනයට ලක් කර තම නිජබිම් වලින් බලහත්කාරයෙන් පලවා හැර නීති විරෝධීව ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇත. ඊට එරෙහිව නීතියේ රැකවරණය සර්ව සාධාරණ ව මේ ජනාවට හිමි වී නොමැත. 

මේ සියලු අයිතිවාසිකම් අහිමි වූ පානම ජනතාව තම අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් පානම පත්තුව සුරැකීමේ සංවිධානය නමින් සංවිධානයක් ගොඩනගාගෙන ඔවුන් මේ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අංක HRC/AM/105/10/B/OT යටතේ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මීට වසර කිහිපයකට පෙර ය. ඒ පිළිබඳ ව පරීක්ෂා කළ මානව හිමිකම් කොමිෂම මේ ජනතාවගේ ඉල්ලීම් සියල්ල සාධාරණ බවත් මේ නිසා ඔවුන්ට අයත් ඉඩම්වල ජීවත් වීමේ අයිතිය තහවුරු කර දියයුතු බවත් නිර්දේශ කෙරින.

නමුත් ආරක්ෂක අංශ හා ලාහුගල ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියලු රාජ්‍ය ආයතන වල නිලධාරීන් මානව හිමිකම් කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර නොගත්තේ මේ ඉඩම් අත්පත් කර ගැනීම කුමන කාර්යයක් සඳහා සිදු කරනු ලැබූවේ ද යන්න ඔවුන් නිවැරදි ව දන්නා නිසා ය. 

පාරිසරික වටිනාකම් අහිමි කිරීම

නාවික හමුදාව හා ගුවන් හමුදාව බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති රාගම්වල හා ශාස්ත්‍රවල එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ප්‍රදේශ තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර හා කඩොලාන වනාන්තර ඒ අවට පිහිටි ආරක්ෂිත වනාන්තර ජාලය හා ඒකාබද්ධ ව තිබේ. ඒවා එකිනෙකට ක්‍රමවත්ව සම්බන්ධ වී ඇත. මේ ප්‍රදේශ ආසන්නයේ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩුම්බිගල – පානම අභය භූමිය පිහිටා ඇත. මෙම දෙපාර්තමේන්තුව යටතේ ම පාලනය වන කුමන ජාතික වනෝද්‍යානය​ ඒ ආසන්නයේ ම පිහිටා තිබේ. කුමන ජාතික වනෝද්‍යානය​, යාල ජාතික වනෝද්‍යානය​ හා සම්බන්ධ වී තිබේ. මීට අමතර ව වන සංර්ක්ෂණ දෙපාර්මේන්තුව යටතේ පාලනය වන කුඹුක්කන වන රක්ෂිතය හා රජයේ වනාන්තර බිම් මේ ප්‍රදේශය ආශ්‍රිත ව පිහිටා තිබේ. එම වනාන්තර ප්‍රදේශ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය​ හා සම්බන්ධ ව පවතී. මේ ආකාරයෙන් පානම ප්‍රදේශයේ වෙරළ කලාපයේ සිට රට තුළට අඛණ්ඩ ව විහිදුනු ආරක්ෂිත වනාන්තර පද්ධතියක් පිහිටා තිබේ. මේ නිසා මේ ප්‍රදේශයේ අලි – ඇතුන් ඇතුළු ව සියලු ජෛව ප්‍රජාවට ඛණ්ඩනය නොවූ වාසස්ථාන පද්ධතියක් හිමි ව තිබේ. ඒ හේතුවෙන් අතීතයේ දී මේ ප්‍රදේශවල ජනාවාස ආශ්‍රිත ප්‍රදේශ වනසතුන් ගේ උවදුරුවලින් ආරක්ෂා වී පැවතුණි. 

බලහත්කාරයෙන් අත්පත් කර ගත් භුමි ප්‍රදේශ ආශ්‍රිත ව පිහිටන කුඩුම්බිගල – පානම අභය භූමිය හා කුමන ජාතික වනෝiානය ඒකාබද්ධ ව තෙත්බිම් පද්ධතියක් ලෙස ලංකාවේ ජාත්‍යන්තර ව වැදගත්වන රැම්සා තෙත්බිම් හය අතුරින් එකක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මේ ප්‍රදේශය ජාත්‍යන්තරව අවධානයට ලක් වීමට ප්‍රධාන හේතුව සංක්‍රමණික පක්ෂීන් ඇතුළු තෙත් බිම් ආශ්‍රිත විශාල ජෛව ප්‍රජාවකට රැකවරණය සලසන තෙත් බිම් පද්ධතියක් ලෙස මෙම ප්‍රදේශය වෙරළ කලාපය තුළ ව්‍යාප්ත ව පැවතීම ය. 

ලෝකයේ ජීවත් වන සාගරවාසී කැස්බෑ විශේෂ අට අතුරින් ලංකාවේ මුහුදු තීරයට බිජුලෑම සඳහා පැමිණෙන කැස්බෑ විශේෂ පහෙන් විශේෂ තුනක් පානම ආශ්‍රිත ප්‍රදේශයට බිජුලෑම සඳහා පැමිණේ. එනම් ගල් කැස්බෑව, බටු කැස්බෑවා හා දාර කැස්බෑවා ය. මේ විශේෂ තුන ම 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති විශේෂ වේ. මේ සතුන් වෙරළ තීරයේ, වෙරළබඩ ශාක ප්‍රජාව හා කඩොලාන ආශ්‍රිත ප්‍රදේශවල බිජුලෑම සිදු කරයි. මේ ඉඩම් කොල්ලය තුළින් මෙම සතුන්ට ජීවත් වීමට ඇති අයිතිය ද අහිමි කර ඇත.

ඉඩම් අහිමි ජනතාව

ක්‍රියාත්මක නොවූ කැබිනට් තීරණය

පානම පත්තුව සුරැකීමේ සංවිධානය විසින් දිගින් දිගට ම තම අයිතිවාසිකම වෙනුවෙන් කරන ලද අරගලයේ ප්‍රතිඵලයක් ලෙස යහපාලන ආණ්ඩුව පැවති සමයේ දී ජනාධිපතිවරයා ගේ හා අගමැතිවරයා ගේ මැදිහත්වීම මත 2015.02.11 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කෙරුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පාලනය වන ඉඩම් අක්කර 25 ක් හැර ඉතිරි ඉඩම් සියල්ල ජනතාවට ලබා දීමට පියවර ගත යුතු බව ය. නමුත් මෙය සැබෑ තීරණයක් ද? එසේ නැතිනම් ජනතාව මුලා කිරීමක් ද? යන්න පැහැදිලි වන්නේ වර්තමාන ක්‍රියාකාරීත්වයත් සමඟ ය. 

ගුවන් හමුදාව රාගම්වෙල හා ශ්‍රාස්ත්‍රවෙල ප්‍රදේශයේ ඉඩම් අක්කර 365 ක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින අතර ඉන් අක්කර 25 ක් ගුවන් හමුදාවට ලබා දුන් පසුව ඉතිරි ඉඩම් ප්‍රමාණය අක්කර 340 කි. මෙම භූමි ප්‍රමාණයෙන් අක්කර 50 ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ කැලෑ බිම් වේ. එම කැලෑ ප්‍රදේශය රාගම්වෙල වැවේ ජලපෝෂක ප්‍රදේශ වන අතර වැව හා මුහුද අතර පිහිටි වනාන්තර ප්‍රදේශයකින් හා වැලි කඳු වලින් සමන්විත වේ. මෙම භූමිය හැර ඉතිරි බිම් ප්‍රදේශය එහි ජීවත් වූ පවුල් 105 කට ලබා දෙන ලෙස පදිංචි ව සිටි ජනතාව අද වන විට ඉල්ලා සිටී. 

කැබිනට් තීරණය දැනුම් දීමෙන් පසුව වසර අටකට වැඩි කාලයක් ගත වී ඇතත් එය ක්‍රියාත්මක තත්ත්වයට පත් කීරීමට තව ම නොහැකි වී ඇත්තේ මෙම ඉඩම් ජනතාවට ලබා දීමට සැබෑ උවමනාවක් නොමැති නිසා ය. කැබිනට් තීරණයට අනුව කටයුතු කර ජනතාවට අයිති ඉඩම් ඔවුන් වෙත ලබා දීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයා මේ වන තුරුත් ක්‍රියා කර නොමැත්තේ ද ඒ නිසා ය. කැබිනට් තීරණයට අනුව ජනතාවට ඉඩම් ලබා දීමට කටයුතු කළ යුතු වුවත් ජාතික භෞතික සැලැස්මට අනුව පානම ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක මහ පරිමාණ සංචාරක  ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති බැවින් මේ ඉඩම් නැවත ජනතාවට ලබා දීමට පියවර නොගනිමින් සිටී. නිලධාරීන් හා දේශපාලඥයන් ඒ පිළිබඳ ව ඇති දැනුවත් වීම මත ජනතාවට ඉඩම් ලබා දීමට ක්‍රියාමාර්ග නොගෙන වරින්වර ජනතාව මුලා කරමින් එම ඉඩම් ඔවුන් විසින් සූක්ෂම ව අත්පත් කර ගනිමින් සිටී. 

මේ තත්ත්වය තවදුරටත් තහවුරු වූයේ 2015 ජනාධිපතිවරණ හා මහ මැතිවරණ සමයේ දී පානම ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා දේශපාලන මැදිහත්වීම ලබා දීමට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය දයා ගමගේ විසින් යහපාලන ආණ්ඩුව පැවති සමයේ දී ජනතාව ගේ ඉඩම් හා ජීවත් වීමේ අයිතිය උකසට තබා මේ ප්‍රදේශයේ මහ පරිමාණ සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමෙනි. එපමණක් නොව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ගේ පුතණුවන් ද මෙම ඉඩම් සූක්ෂම ව අත්පත් කර ගනිමින් සිටින්නේ මෙම ඉඩම්වල අනාගත වටිනාකම දන්නා නිසා ය.

මේ සියල්ල මත අප අවධාරණය කරන්නේ භූමියේ අයිතිය ඇත්තේ එම භූමිය මත ජීවත් වූ මිනිසුන්ට හා ජෛව ප්‍රජාවට බව ය. එම අයිතිය ඔවුන්ට අහිමි කිරීමට හැකියාවක් කිසිවෙකුට නොමැත. මේ නිසා පානම ජනතාව ගේ පමණක් නොව උතුරු – නැගෙනහිර සියලු ජනතාව ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා අප ගේ මැදිහත්වීම ලබා දිය යුතු ව ඇත්තේ මේ නිසා ය.

  • සජීව චාමිකර

CISM වෙරළ වොලිබෝල් තරගාවලිය : කාන්තා, පිරිමි ශූරතාව ප්‍රංශයට

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය (CISM) මගින් සිව්වන වරට සංවිධානය කරනු ලබන වෙරළ වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග අද (17 වැනිදා) මීගමු වෙරළ තිරයේදී පැවැත්වුණු අතර එහි පිරිමි සහ කාන්තා අංශයේ ශූරතාව ප්‍රංශ කණ්ඩායම් හිමි කර ගත්තේය.

එහිදී පිරිමි අවසන් තරගයේ පළමු වටය 19 – 21 ලෙස ප්‍රංශය ජයගත් අතර දෙවැනි වටය 17 -21 ලෙස ජර්මනිය ජය ගත්තේය. තෙවැනි වටය 15 – 10 ක් ලෙස ජර්මනිය පරාජයට පත් කරමින් ප්‍රංශය ශූරතාවය දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් කාන්තා අංශයේ ජයද ප්‍රංශය හිමි කර ගැනීමට සමත්විය.

පෙරේදා (16) පැවැති අවසන් පුර්ව පිරිමි තරග සඳහා ජර්මනි පළමු සහ දෙවැනි කණ්ඩායම්ද, ප්‍රංශයේ දෙවැනි කණ්ඩායම සහ ඕමානයේ දෙවැනි කණ්ඩායම සහභාගි වූ අතර කාන්තා තරග සඳහා ප්‍රංශයේ පළමු කණ්ඩායමත්, ශ්‍රී ලංකා පළමු, දෙවැනි සහ තෙවැනි කණ්ඩායම් සහභාගි විය.

ඉතා තියුණු තරගයකින් අනතුරුව පිරිමි අංශයෙන් ජර්මනි පළමු කණ්ඩායම සහ ප්‍රංශයේ දෙවැනි කණ්ඩායම පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලැබු අතර ශ්‍රී ලංකා දෙවැනි කණ්ඩායම සහ ප්‍රංශයේ පළමු කාණ්ඩායම කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මෙවර තරගාවලිය සඳහා ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, සෞදි අරාබියාව, වෙනිසියුලාව, කොලොම්බියාව, සහ ශ්‍රී ලංකාව යන රටවල් 08ක් සභාභාගී වූ අතර ඊට පිරිමි ක්‍රීඩා කණ්ඩායම් 16 ක් සහ කාන්තා කණ්ඩායම් 09ක් ඉදිරිපත් විය.

සබැඳි පුවත්

ඡායාරුප – රවීන්ද්‍ර පුෂ්පකුමාර

ප්‍රඥාවේ මන්දස්මිත දල්වන කවි කළඹක්!

0

කලබල කැලඹිලිකාර මද විරාමෙක අව් පූටක මද්දහනක ළහිරුගෙ අලුත් ම කවි පොත ” නොඉම්” අතට ම ලැබුණා. ඒක පොද වැස්සක සනීපයක්. ඉඩෝරෙක වැටෙන පොද වැස්සක් අවුස්සන නැවුම් දූවිලි සුවඳක් එක්ක ළහිරුගෙ කවි බින්දු සීයක් එකවර මා උඩුහුරු මුහුණත පතිත වුණා.

කෙටි කවක් හරියට ග්ලැසියරයක් වගේ කියල අදහසක් අහල තියෙනවා. මතු පිටට පේන්නෙ හතෙන් එකලු.ඉතිරි හය ම සීතල දිය කඳේ මිදී ගිහින්. ළහිරුගෙ හැම කවියක් ම අපව නිම් හිම් නැති ජීවන පදාසයක් වෙත අපව කැඳවනවා. ඒ මත ඇඳෙන ඉසියුම් පැණසර සීරා ඇසින් වසන් විසල් නොඉම් ලොවක තතු පා මන්දස්මිත නන්වනවා.

මේ කෙටි කව් කළඹ තමා පා තබා සිටින සමාජයෙහි විවිධ තලයන්හි අධිනිශ්චය වී පවත්නා දැක්ම ළහිරු ඉසියුම් සෝපහාස සැතකින් විවර කර සංකතනමය කණිකා විවර කර දෙනවා. තම නිසඟ කවිතාව පෙන්වීමට කවියෙකුට අවැසි වන්නේ කොතරම් කුඩා ඉඩක් දැයි “නොඉම්” අපට පසක් කර දෙනවා.

“ග්‍රහලෝකාගාරයේදී”

අම්මාගේ සෙනසුරු අපලය
මොන තරම් ලස්සන ද?

“අත්ල මඩ ඇති
කෙල්ලක්
දිගු කරයි
සුදු නෙළුමක්”

“මුදු, ලලිත
ඇඟිල්ල මගහැර
සඳ දිහා
බලන්නේ කොහොම ද?”

“ඉටි මල් තනන්නා
රැගෙන යයි පෙම්වතියට
ඇත්ත මල් පොකුරක්”

“ඔරලෝසු හදන තැන
ඉදිරියෙනි
වෙලාව බලන තැන”

“මම කුරුල්ලන් ගැන
කවි ලියමින් සිටින විට
උන් ඇවිත් ගිහින්
මිදුලට”

“ස්ටූඩියෝ බිත්ති”

වෙන වෙන
මඟුල් පින්තූර
එක වගේ
රාමු තුළ”

සුජීව සිරිමෙවන්