මැතිවරණ රාජකාරි නවත්වන්න : තේරීම් බාර නිලධාරීන්ට කොමිසම නිල වශයෙන් දැනුම් දෙයි !

Share post:

නැවත දැනුම් දෙන තුරු මැතිවරණ රාජකාරි අත්හිටුවන ලෙස දැනුම්දෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කර තිබේ.

ඒ අනුව, මැතිවරණ රාජකාරි වෙනුවෙන් කළ අතිකාල දීමනා ගෙවීම් අත්හිටුවා ඇති අතර, රාජකාරි වේලාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදාගත් අනියම් සහ විශ්‍රාම සේවකයන්ගේ සේවය තාවකාලික ව අවසන් කර ඇති අතර, සේවයේ යොදවා ගත් වෙනත් දෙපාර්තමේන්තුවල සේවකයන් ද නැවතත් ස්ථීර සේවා ස්ථානවලට මුදාහැර ඇත.

එසේ ම මැතිවරණ ආරවුල් කළමනාකරණයට අදාළ ඒකක විසුරුවා හැර ඇති අතර, අමතර පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ද අවසන් කර ඇත. නැවත දැනුම් දෙන තුරු මැතිවරණයට අදාළ අතිකාල නිවාඩු දින වැඩුප් සහ සුබසාධන ගිණුම් කටයුතු ද අත්හිටුවා ඇති බව එම ලිපියේ දැක්වේ.

ඊයේ (17) නිකුත් කර ඇති මෙම ලිපිය, මැතිවරණ කොමිසමේ ලේකම්වරයාට සහ එම කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්ට පිටපත් කර තිබේ.

ලිපිය උපුටාගැනීම : www.news19.lk

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...