සිව්වැනි CISM වෙරළ වොලිබෝල් තරගාවලිය මීගමු වෙරළ තීරයේදී 13 දා ඇරඹේ

Share post:

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය (CISM) මගින් සිව්වන වරට සංවිධානය කරනු ලබන වෙරළ වොලිබෝල් තරගාවලිය 2023, පෙබරවාරි මස 13 වැනි දින සිට 17 වැනිදා දක්වා මීගමුව වෙරළ තීරයේ පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලිය සඳහා ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය,ඕමානය, සෞදි අරාබියාව,වෙනිසියුලාව, කොලොම්බියාව, සහ ශ්‍රී ලංකාව යන රටවල් 08ක් සභාභාගීවන අතර ඊට පිරිමි ක්‍රීඩා කණ්ඩායම් 16 ක් සහ කාන්තා කණ්ඩායම් 09ක් සහභාගි වනු ඇත.  

එහි අවසන් පූර්ව තරග 16 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය 17 වැනිදා පැවැත්වේ.

මෙම තරගාවලියේ පළමු, දෙවැනි සහ තෙවැනි තරගාවලි පිළිවෙළින් ජර්මනිය, බ්‍රසීලය, සහ චීනයේ වුහාන් හිදී පැවත්විණි.

මෙවර එහි සත්කාරකත්වය ප්‍රථමවරට ශ්‍රී ලංකාවට හිමිව ඇත.

මෙහි පූර්ණ සංවිධානය ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්තමාන සභාපති මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් දර්ශන පතිරණ  යටතේ සිදු කරනු ලබන අතර  යුද හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරාල් විකුම්  ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහයෝගය ඇතිව ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය විසින් සිදුකරනු ලබයි.

මීගමුව goldi sands හෝටලය අසල වෙරළ තීරයේදී පැවැත්වෙන මෙම තරගාවලිය මහජනතාව සඳහා නොමිලේ නැරඹීමට අවස්ථාව ඇති බව එහි සංවිධායකයින් පවසා සිටියි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...